ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/00 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
2000 අපගේ රාජ්‍ය සේවාව
km 1/00 3 පි.

නිවේදන

◼ ජනවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: සභාවේ පොත් පත් තොගයෙහි තිබිය හැකි 1986ට කලින් ප්‍රකාශයට පත් කළ පිටු 192 ඕනෑම පොතක්. එවැනි පොත් පත් නොමැති සභාවන්ට පුළුවන්, ජීවය—මෙහාට පැමිණියේ කොහොමද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (ඉංග්‍රීසියෙන්) හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත් ඉදිරිපත් කරන්න. පෙබරවාරි: පවුලේ සන්තෝෂයට රහස. මාර්තු: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. නිවාස බයිබල් පාඩම් ආරම්භ කිරීමට විශේෂ වෑයමක් දරන්න යනවා. අප්‍රියෙල්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල තනි කලාප. උනන්දුවක් දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව ලබා දී, නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට උත්සාහ කරන්න.

◼ ජනවාරි 10න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීමට පැමිණ සිටින සියලුම බව්තීස්ම ලත් ප්‍රචාරකයන්ට පූර්ව වෛද්‍ය නියෝගය/මුදවා හැරීම නමැති කාඩ්පත හා ඔවුන්ගේ දරුවන්ට හැඳුනුම්පත් ලබාගත හැකියි.

◼ මාර්තු 5වනදා පටන් චාරිකා අවේක්ෂක ඉදිරිපත් කරන්න යන ප්‍රසිද්ධ කථාවේ තේමාව වන්නේ “සැබෑ අර්මගෙදොන්—මන්ද? කවදාද?” යන්නයි.

◼ මේ අවුරුද්දේ අප්‍රියෙල් 19වන බදාදා හිරු බැසයෑමෙන් පසුව සිහි කිරීමේ උත්සවය පැවැත්වීම සඳහා සභාවන් බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි විධිවිධාන යෙදිය යුතුයි. කතාව වේලාසනින් ආරම්භ කළ හැකි වුවත්, සිහි කිරීමේ සංකේත අතිනත යැවීම හිරු බැසයන තෙක් සිදු නොකළ යුතුයි. ඔබේ ප්‍රදේශයේ හිරු බැස යන වේලාව දැනගැනීම සඳහා ඒ පිළිබඳ තොරතුරු සපයන ප්‍රාදේශීය මූලාශ්‍ර සෝදිසි කර බලන්න. සෑම සභාවක්ම සිහි කිරීමේ උත්සවය වෙන වෙනම පැවැත්වීම හොඳ දෙයක් වූවත්, මෙය සැමවිටම කළ නොහැකි දෙයක් විය හැකියි. සභා කිහිපයක් එකම රාජ්‍ය ශාලාව පාවිච්චි කරන විට, සභාවන් එකකට හෝ ඊට වැඩි ගණනකට සිහි කිරීමේ උත්සවය පැවැත්වීම සඳහා සමහරවිට වෙනත් ස්ථානයක් තෝරාගත හැකියි. එකම ශාලාවේ සිහි කිරීමේ උත්සව එකකට වැඩියෙන් පවත්වන විට, හැකිකමක් තිබෙන ස්ථානවල වැඩසටහන් දෙකක් අතර අඩුම තරමින් විනාඩි 40කවත් කාල පරතරයක් තබාගන්නා මෙන් යෝජනා කරන්න කැමැත්තෙමු. සිහි කිරීමට පැමිණෙන අයව ගෙන ඒම හා ආපසු ගෙන යෑම ඇතුළුව රථ වාහන හසුරුවන ආකාරය ගැනද සැලකිල්ල දැක්විය යුතුයි. තමන්ගේ සභාවට යෝග්‍යතම සැලසුම් මොනවාද කියා වැඩිමහල් මණ්ඩලය තීරණය කළ යුතුයි.

◼ වසර 2000 සිහි කිරීම පවත්වන කාලයේදී ඉදිරිපත් කරන විශේෂ ප්‍රසිද්ධ කථාව අප්‍රියෙල් 16වන ඉරිදා දීමට නියමිතයි. මේ කතාවේදී සාකච්ඡාවට ලක් කරන විෂය වන්නේ “මනුෂ්‍යවර්ගයාට මිදීමේ මිලයක් අවශ්‍ය වීමට හේතු” යන්නයි. අදාළ දළ සටහන සපයනු ලබනවා. යම් සභාවකට චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම හෝ චාරිකා එක්රැස්වීමක් හෝ විශේෂ එක්රැස්වීම් දිනයක් හෝ ඒ සතියට යෙදී ඇත්නම්, විශේෂ කතාව ඉදිරිපත් කරන්නේ ඊට පසු සතියේය. කිසිම සභාවක් 2000 අප්‍රියෙල් 16වනදාට කලින් විශේෂ කතාව ඉදිරිපත් නොකළ යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න