ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 10/1 26-27 පි.
  • දිව්‍ය තේරවිලි හා දෙවිගේ අරමුණ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිව්‍ය තේරවිලි හා දෙවිගේ අරමුණ
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ශුද්ධ ලියවිලිමය තේරවිලි රැසක්
  • පරිශුද්ධ රහස් හෙළි කිරීම
  • “අඳුරු කියමන්” මතට ආලෝකය හෙළීම
  • ආලෝකය දෙස බැලීම
  • හික්මවීම පිළිගනිමින් ප්‍රඥාව ලබාගන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘අහෝ දෙවියනි, ඔබේ ආලෝකය සපයන්න’
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා—රහස් එළිදරව් කරන දෙවිකෙනෙක්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානීන් සඟවා නොගත යුතු රහසක්!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 10/1 26-27 පි.

දිව්‍ය තේරවිලි හා දෙවිගේ අරමුණ

එයට විසඳුම නොදන්නවා නම් එය අභියෝගයකි, නමුත් එය කුමක්ද කියා දන්නවා නම් එය අභියෝගයක් නොවේ. එය කුමක්ද? තේරවිල්ලක්!

චිත්තවේගයන්ට තැනක් නොදෙමින් ප්‍රායෝගිකත්වයට දැඩි නැඹුරුවාවක් දක්වන අද සමාජය තේරවිලි සුළු කොට සැලකුවත්, පුරාණ කාලවල තේරවිලි “ප්‍රඥාව පරීක්ෂා කරන ක්‍රමයක් වූවා” යයි බයිබලය පිළිබ අර්ථකථිකයාගේ ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්) කියයි.—හිතෝපදේශ 1:5, 6 සසඳන්න.

යෙහෝවා ඇතැම් අවස්ථාවලදී තම කැමැත්ත හා අරමුණ ඍජුව ප්‍රකාශ නොකර, සැසඳීම් භාවිත කිරීමෙන්ද, ව්‍යාකූල කරවන “අඳුරු කියමන්” හෙවත් සිත අවුල් කරවන තේරවිලි යොදාගැනීම මගින්ද ඔහුගේ අනාවැකිවල තේරුම ඕනෑකමින් සඟවා තැබුවා. (ගීතාවලිය 78:2, කිං ජේම්ස් වර්ෂන්; ගණන් කථාව 12:8, ද එම්ෆසයිස්ඩ් බයිබල්) හෙබ්‍රෙව් භාෂාවේ, තේරවිල්ල සඳහා යොදාගන්නා වචනය බයිබලයේ 17 වතාවක් පමණක් සටහන් වී ඇති නමුත් ශුද්ධ ලියවිල්ල තුළ තේරවිලි හා හිතෝපදේශ සුලභව දක්නට ලැබෙනවා.

ශුද්ධ ලියවිලිමය තේරවිලි රැසක්

තමා වෙතට ගෙනා ඉතාමත්ම ව්‍යාකූල කරවන ප්‍රශ්න හෝ තේරවිලි විසඳීමට පවා සාලමොන් රජ සමත් වූ බව වාර්තා වී තිබෙනවා. (1 රාජාවලිය 10:1, NW පාදසටහන) නිසැකවම, මෙය දෙවිගෙන් ලත් ප්‍රඥාවේ ප්‍රතිඵලයක්. පැරණි ඉතිහාසඥයන් පවසන ආකාරයට, තේරවිලි විසඳීමේ තරඟයකදී සාලමොන් තීර්හි හීරාම් රජුට පරාජය වූ බව සැබෑවක් නම්, එය සිද්ධ වන්න ඇත්තේ ඔහු සැබෑ නමස්කාරය අත්හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දෙවිගේ ආත්මය අහිමි වූවාට පසුවයි කියා සිතන්න පුළුවන්. විනිශ්චයකාර සම්සොන්, තේරවිලි විසඳීමට එවැනිම ආශාවක් දැක්වුවා. එක් අවස්ථාවකදී ශුද්ධාත්මයේ අනුබලය ඇතුව, තේරවිල්ලක් මාර්ගයෙන් දෙවිගේ සතුරන්ගේ සිත්වල භය උපදවීමට ඔහුට ප්‍රස්තාව ලැබුණා.—විනිශ්චයකාරයන් 14:12-19.

නමුත් ශුද්ධ ලියවිලිමය තේරවිලි බොහොමයක්, කෙළින්ම දෙවිගේ අරමුණ හා සම්බන්ධයි. උදාහරණයක් වශයෙන් උත්පත්ති 3:15 සලකා බලන්න. බයිබලයේ තේමාවට පදනම සපයන මෙම අනාවැකිය, යම් විදිහක අභිරහසක් වෙනවා. එය “පරිශුද්ධ රහසකි.” (රෝම 16:25, 26, NW) දෙවිගෙන් ප්‍රේරිත පාවුල්ට නොයෙක් ආශ්චර්යවත් දර්ශන හා එළිදරව් කිරීම් ලැබුණත් දෙවිගේ අරමුණ හා සම්බන්ධ සමහර දේවල් ඔහුට පෙනුණේ අපැහැදිලිව හෝ ‘අඳුරු ලෙසයි.’ ඇත්තවශයෙන්ම ඒවා “අපැහැදිලි කියමන්” ලෙස හැඳින්විය හැකියි. (1 කොරින්ති 13:12; 2 කොරින්ති 12:1-4) තවද එළිදරව් 13:18හි එකපාරටම, පහදා දීමකින් තොරව සඳහන් වන, තේරුම්ගැනීමට අමාරු මෘගයාගේ ගණන, එනම් ‘හයසිය හැටහය’ පිළිබඳව පවතින කෙළවරක් නැති අනුමාන කිරීම් ගැන කුමක් කියන්න පුළුවන්ද? මෙම දිව්‍ය තේරවිලි විසඳන්න පුළුවන් කාටද? ඒවායින් ඉටු වන අරමුණ කුමක්ද?

පරිශුද්ධ රහස් හෙළි කිරීම

බොහෝදෙනෙක්, අපේ ඉන්ද්‍රියන් පහෙන් වැඩි අගයක් දක්වන්නේ පෙනීමේ හැකියාවටයි. එහෙත් ආලෝකය නැත්නම්, මනුෂ්‍යයන් සතු පෙනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම වාගේ අඩපණ වෙනවා. ඇත්තෙන්ම අප මුළුමනින්ම වාගේ අන්ධයන් මෙන් වේවි. මනුෂ්‍ය මොළයත් ඒ වගෙයි. එයට, සංකීර්ණ දේවල් එකට ගැළපීමට, විමර්ශන ශක්තිය යෙදවීමට හා එමගින් ගැටලු විසඳීමට පුදුමාකාර හැකියාවක් තිබෙනවා. ඒ වුණත්, පරිශුද්ධ රහස් හෙළි කිරීමට ඊට වඩා වැඩි යමක් අවශ්‍යයි. අන් අය විසඳුම් ඉදිරිපත් කළත්, බයිබලයේ තිබෙන තේරවිලිවලින් සැබවින්ම අදහස් කරන දේ විස්තර කළ හැක්කේ ඒවායේ කර්තෘ, එනම් ආලෝකයේ දෙවි වන යෙහෝවාට පමණයි.—1 යොහන් 1:5.

අවාසනාවකට මෙන්, බොහෝවිට මනුෂ්‍යයන් නුසුදුසු ආඩම්බරයක් හා ස්වාධීනත්වයක් විදහාපෙන්වන නිසා, පිළිතුරු සෙවීමට යෙහෝවා මත රඳා පවතින්න අකමැතියි. සත්‍යය සොයනවා වෙනුවට මානසික වින්දනයක් ලබාගැනීමට කැමති අය, අභිරහස නිසා කුතුහලයක් හටගත් විට දෙවිගේ වචනයට පිටින් විසඳුම් සොයාගෙන තිබෙනවා. නිදසුනක් වශයෙන්, කබාලා නමැති යුදෙව් ගුප්ත විද්‍යාව, අංකවල හා හෙබ්‍රෙව් හෝඩියේ අකුරුවල විජ්ජාමය වැදගත්කම ගැඹුරින් සලකා බැලුවා. අනෙක් අතට, දෙවන ශතවර්ෂයේ ඥානවාදීන්, හෙබ්‍රෙව් හා ග්‍රීක ශුද්ධ ලියවිලිවලින් රහස්‍ය අදහස් අනාවරණය කිරීමට උත්සාහ කෙරුවා.

මේ සියලුම සොයා බැලීම් නිසා, ඔවුන් මිථ්‍යා දෘෂ්ටික චාරිත්‍ර විධි හා අන්ධ විශ්වාසයන් වෙතටත් දිව්‍ය සත්‍යතාවන්ගෙන් ඉවතටත් යොමු වුණා. ‘ලෝකය නපුරෙන් පිරී ඇත්නම් එහි මැවුම්කරු යාහ්වේ හොඳ දෙවිකෙනෙක් වෙන්න බෑ’ කියා ඥානවාදීන් තර්ක කළා. මෙයද ඔවුන්ට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම නිගමනය? මනුෂ්‍ය තර්කයන් කොතරම් පදනම් විරහිතද! පසු කලෙක ඥානවාදීන් විසින් ප්‍රවර්ධනය කරගත්, ඇදහිල්ල අත්හැර ගිය අයගේ අදහස්වලට එරෙහිව ප්‍රබල සටනක නිරත වෙමින් පාවුල් තම දැඩි විරෝධය පළ කිරීම පුදුමයට කාරණයක් නොවේ. ඔහු මෙලෙස තදින් අවවාද කළා: “ලියා තිබෙන දේ ඉක්මවා [නොයන්න!]”—1 කොරින්ති 4:6.

“අඳුරු කියමන්” මතට ආලෝකය හෙළීම

එනමුත් ආලෝකයේ දෙවිකෙනෙක් මොනම ආකාරයක හෝ “අඳුරු කියමන්” පවසන්නේ ඇයි? තේරවිල්ලක ස්වභාවය ගත් කල, එය කෙනෙකුගේ සිතීමේ හැකියාවට හා විමර්ශන කිරීමේ ශක්තියට අභියෝගයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා, පිසූ රසවත් කෑම වේලකට සිත් ඇදගැනීමට දමන සැරසිලි මෙන් තේරවිලි බයිබලය පුරාම විසුරුවා, පාඨකයා තුළ කුතුහලයක් ඇති කිරීමට හෝ යම් කාරණයක් හොඳින් ඒත්තුගැන්වීමට ඒවා සාමාන්‍යයෙන් භාවිත කළා. මෙවන් අවස්ථාවලදී, බොහෝවිට තේරවිල්ල කිවූ විගසම අර්ථය පැහැදිලි කර තිබෙනවා.—එසකියෙල් 17:1-18; මතෙව් 18:23-35.

යෙහෝවා නිර්ලෝභීව ප්‍රඥාව සැපයුවත් එය නිකම්ම ආවට ගියාට ලබා දෙන්නේ නෑ. (යාකොබ් 1:5-8) තේරවිලි ලෙස සමහරු හඳුන්වන දේවානුභාවය ලත් ව්‍යාකූල කරවන කියමන් රැසක් ඇති හිතෝපදේශ පොත සලකා බලන්න. ඒවා තේරුම්ගැනීමට කාලය හා මෙනෙහි කිරීම අවශ්‍යයි. නමුත් එසේ කිරීමට කැමති වන්නේ කීයෙන් කීදෙනාද? ඒවායේ ගැබ් වී ඇති ප්‍රඥාව ලබන්න පුළුවන් වන්නේ හාරා බලන්න සූදානම් අයට පමණයි.—හිතෝපදේශ 2:1-5.

ඒ වගේම, අසන්නන්ගේ ආකල්පය එළි කිරීමට යේසුස් උපහැරණ භාවිත කළා. යේසු වටා සෙනඟ රොක් වුණා. ඔහුගේ කතාන්තරවලින් ඔවුන් තෘප්තියක් ලැබුවා. ඔහුගේ ප්‍රාතිහාර්යවලට ඔවුන් අතිශයින් කැමැත්තක් දැක්වුවා. එහෙත්, තම ජීවිතවල වෙනස්කම් කර ඔහු අනුව යෑමට කීයෙන් කීදෙනාද කැමති වුණේ? යේසුස්ගේ ඉගැන්වීම් වටහාගැනීමට නැවත නැවතත් උත්සාහ කරමින්, තම පෞද්ගලික ආශාවන් නොතකා සිය කැමැත්තෙන්ම ඔහුගේ අනුගාමිකයන් වූ යේසුස්ගේ ගෝලයන් සමඟ සන්සන්දනය කරද්දී ඔවුන් කොතරම් වෙනස්ද!—මතෙව් 13:10-23, 34, 35; 16:24; යොහන් 16:25, 29.

ආලෝකය දෙස බැලීම

‘මිනිස් බුද්ධියේ විශේෂ පිබිදීම් ඇති වූ වකවානුවලදීම තේරවිලි කෙරෙහිද උනන්දුවක් ඇති වූවා’ යයි එක් තොරතුරු මූලාශ්‍රයක් නිරීක්ෂණය කරයි. දෙවිගේ සෙනඟ වෙනුවෙන් ආත්මික ‘එළිය බබළන’ කාලයක ජීවත් වීමට තරම් අපි අදදින සැබවින්ම වරප්‍රසාද ලබා තිබෙනවා. (ගීතාවලිය 97:11, නව අනුවාදය; දානියෙල් 12:4, 9) ඔහුගේ කාලසටහනට අනුව තම අරමුණු හෙළි කරන තෙක්, අපට ඉවසිලිවන්තව යෙහෝවා මත රඳා පැවතිය හැකිද? වඩා වැදගත් වන්නේ, දෙවිගේ ප්‍රකාශ වූ කැමැත්ත ගැන වැඩි අවබෝධයක් ලැබූ විගසම ඊට අනුකූලව අපගේ ජීවිත හැඩගස්වාගැනීමට අප ක්‍රියා කරනවාද යන්නයි. (ගීතාවලිය 1:1-3; යාකොබ් 1:22-25) අප එසේ කළොත් යෙහෝවා අපේ වෑයම්වලට ආශීර්වාද කරමින්, ඇස් කණ්ණාඩිවලින් අපැහැදිලි දෘෂ්ටියක් හරිගස්වන්නාක් මෙන් අපගේ ආත්මික දෘෂ්ටිය වඩාත් තියුණු කර දෙන්න යනවා. එමෙන්ම, විවිධාකාර මෝස්තරවලින් යුත් ලස්සන පින්තූරයක් වැනි වූ දෙවිගේ අරමුණ වෙතට අපගේ සිත් නමැති ඇස් පැහැදිලිව නාභිගත කරගැනීමට ශුද්ධාත්මය අපට උපකාර කරන්නත් යනවා.—1 කොරින්ති 2:7, 9, 10.

සැබවින්ම, ශුද්ධ ලියවිලිමය තේරවිලි වලින් යෙහෝවාව “රහස් එළිදරව් [කරන්නා]” ලෙස ගෞරවයට පත් කරයි. (දානියෙල් 2:28, 29) තවද ඔහු සිත් විමසන්නෙකි. (1 ලේකම් 28:9) කාලයක් පුරා දිව්‍ය සත්‍යයෙහි ආලෝකය ක්‍රමක්‍රමයෙන් එළිදරව් වන බව වටහාගත් විට, ඒ ගැන අප මවිත වෙන්න අවශ්‍ය නැහැ. (හිතෝපදේශ 4:18; රෝම 16:25, 26) නිෂ්ඵලභාවයට පමණක් මඟ පාදන ගුප්ත වාදයෙන් හෝ නොගැඹුරු මනුෂ්‍ය ප්‍රඥාවෙන් දෙවිගේ ගැඹුරු දේවල් ගැන අවබෝධයක් ලබන්න උත්සාහ නොකර, දෙවි නියමිත කාලයේදී ඔහුගේ “අඳුරු කියමන්” මතට තම ආලෝක ධාරා හෙළා ඒවායේ පුදුමාකාර අරමුණු ඇදහිලිවන්ත සේවකයන්ට පැහැදිලිව දැකීමට සලස්වන තෙක්, අප නිසැකභාවයකින් යුතුව යෙහෝවා දෙවි වෙතට ඕනෑකමින් හැරෙමු.—ආමොස් 3:7; මතෙව් 24:25-27.

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Biblia Hebraica Stuttgartensia, Deutsche Bibelgesellschaft Stuttgart

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න