ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 2/15 30-31 පි.
  • ඇදහිල්ල අත්හැර යෑම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇදහිල්ල අත්හැර යෑම
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් පැහැදිලිව වෙන් කොට දැක්වීමක් වශයෙන් ඇදහිල්ල අත්හැරයන්නන්ව හඳුනාගනු ලබන්නේ කිනම් ලක්ෂණ මගින්ද?
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 2/15 30-31 පි.

ඇදහිල්ල අත්හැර යෑම

ශුද්ධ ලියවිලි පිළිබඳ තික්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) නමැති පොතෙන් උපුටාගන්නා ලදි.

ග්‍රීක් භාෂාවේ මෙම යෙදුම (අ·පො·ස්ටෙ·සිʹඅ) පැමිණෙන්නේ අ·ෆිʹස්ටෙ·මි යන ක්‍රියාපදයෙන්; එහි වචනාර්ථය “ඈත්ව සිටීම” යන්නයි. එහි නාමපදයට “අත්හැර යෑම, අත්හැරීම හෝ කැරලිගැසීම” යන අර්ථ තිබෙනවා. (ක්‍රියා 21:21, NW, පාද.) පැරණි උසස් ග්‍රීක් භාෂාවෙහි මෙම නාමපදය දේශපාලනමය වශයෙන් අත්හැරීමට යොමු දක්වන අතර, පෙනෙන විදිහට ක්‍රියාපදය ක්‍රියා 5:37හි සඳහන් තමන් වෙතට අනුගාමිකයන් “ඇදගත්” (අ·පʹස්ටෙ·සෙ, අ·ෆිʹස්ටෙ·මි යන්නෙහි ස්වරූපයක්) ගලීලයේ යූදස් ගැන සඳහන් කිරීමේදී එම අර්ථයෙන් යොදාගෙන තිබෙනවා. ග්‍රීක් සෙප්ටූඅජින්ට් එවන් කැරලිගැසීමකට යොමු දක්වමින් උත්පත්ති 14:4හි මෙම යෙදුම යොදාගන්නවා. කෙසේවෙතත්, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල එය මූලිකව යොදාගනු ලබන්නේ, ආගමිකව අත්හැර යෑම හා සම්බන්ධවයි; එනම් සැබෑ හේතුවෙන්, නමස්කාරයෙන් හා දෙවිගේ සේවයෙන් ඉවත් වීම හෝ අත්හැර යෑම වන අතර, ඒ හේතුවෙන් යමෙක් කලින් අයත්ව සිටියා කියා පවසන යමක් අත්හැරීම හා ප්‍රතිපත්ති හෝ ඇදහිල්ල අත්හැර යෑමයි. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට එරෙහිව එවන් ඇදහිල්ල අත්හැර යෑමක් සම්බන්ධයෙන් යෙරුසලමෙහි සිටි ආගමික නායකයන් පාවුල්ට චෝදනා කළා.

සාතන් යන නමින් අඟවන්නාක් මෙන්, මුලින්ම ඇදහිල්ල අත්හැර ගිය තැනැත්තා දෙවිගේ විරුද්ධකාරයා බව යෝග්‍ය ලෙස පැවසිය හැකියි. ඔහු මුල් මිනිස් යුවළව ඇදහිල්ල අත්හැර යන්නන් වීමට සැලැස්සුවා. (උත් 3:1-15; යොහ 8:44) ජලගැල්මෙන් පසුව, නෝවාගේ දෙවිගේ වචනවලට එරෙහිව කැරලිගැසීමක් සිදු වුණා. (උත් 11:1-9) පසු කලෙක යෝබ්ට තමාව සනසන්නන් හැටියට පෙනී සිටි තිදෙනාගෙන් එල්ල වූ ඇදහිල්ල අත්හැරීම හා සම්බන්ධ චෝදනාවලට එරෙහිව තමාගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් කරුණු දැක්වීමට අවශ්‍ය බව පෙනී ගියා. (යෝබ් 8:13; 15:34; 20:5) දෙවි ඇදහිල්ල අත්හරින්නාට සවන් නොදෙන බව තම නිර්දෝෂිභාවය ගැන කරුණු දක්වමින් යෝබ් පැහැදිලි කළ අතර (යෝබ් 13:16, NW), ඇදහිල්ල අත්හැර යෑමෙන් කපාහරිනු ලබන කෙනෙක් අද්දකින බලාපොරොත්තු සුන්භාවයද ඔහු පෙන්වා දුන්නා. (යෝබ් 27:8; එලීහුගේ ප්‍රකාශය ඇතුළත් යෝබ් 34:30; 36:13ද සසඳන්න.) එම අවස්ථාවලදී, “දෙවිගෙන් ඈත් වී සිටින [තැනැත්තා],” එනම් ඇදහිල්ල අත්හැර යන්නා යන අර්ථය ඇති චා·නෙෆ්ʹ යන හෙබ්‍රෙව් නාමපදය භාවිත කරනු ලබනවා. චා·නෙෆ්ʹ යන වචනයේ ක්‍රියාපදයෙන් අදහස් කෙරෙන්නේ “දෙවි සමඟ තිබෙන නිසි සම්බන්ධතාවෙන් ඉවත් වීමට නැඹුරු වෙනවා” හෝ “දූෂ්‍ය කරනවා, ඇදහිල්ල අත්හැර යෑමට මං සලසනවා” යන්නයි.—ලෙක්සිකන් ඉන් වෙටරිස් ටෙස්ටමෙන්ටි ලිබ්රොස්, එල්. කොල’ සහ ඩබ්. බෞව්ම්ගාට්න’, ලෙයිඩන්, 1958, 317වන පිටුව.

ඉශ්‍රායෙලයේ ඇදහිල්ල අත්හැර යෑම. ව්‍යවස්ථාවේ මුල්ම පනත් දෙකෙන් සියලුම ආකාරයේ ඇදහිල්ල අත්හැර යෑම හෙළාදැක්කා. (නික් 20:3-6) එමෙන්ම, ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වීමට කලින්, ඒ දේශයේ සිටි අය සමඟ විවාහ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වන ඇදහිල්ල අත්හැර යෑමේ බරපතළ අන්තරාව ගැන ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. (ද්වී 7:3, 4) ඇදහිල්ල අත්හැර යෑම සඳහා අනිත් අයව පොලඹවන තැනැත්තා කිට්ටු ඥාතියෙකු හෝ විවාහක කලත්‍රයෙකු වුණත්, ඔහු ‘ඔබේ දෙවි වූ යෙහෝවාගෙන් වෙන් වෙන්ටය කියා කතා කළ’ නිසා ඔහුව මරණයට පත් කිරීමට නියමිතව තිබුණා. (ද්වී 13:1-15) රූබෙන්ගේ, ගාද්ගේ හා මනස්සේගේ ගෝත්‍ර, පූජාසනයක් ගොඩනැඟීම නිසා ඇති වූ ඇදහිල්ල අත්හැර යෑමක් සම්බන්ධයෙන් තමන්ට එල්ල වූ චෝදනාවෙන් නිදහස් වීම සඳහා විගස කටයුතු කළා.—යෝෂු 22:21-29.

ඉශ්‍රායෙලයේ හා යූදාහි රජවරුන් බොහෝදෙනෙක් ඇදහිල්ල අත්හැර යෑමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා—උදාහරණ හැටියට, සාවුල් (1සාමු 15:11; 28:6, 7), යෙරොබොවම් (1රාජා 12:28-32), ආහබ් (1රාජා 16:30-33), අහසියා (1රාජා 22:51-53), යෙහෝරාම් (2ලේක 21:6-15), ආහාස් (2ලේක 28:1-4) හා ආමොන් (2ලේක 33:22, 23). ජනයා ඇදහිල්ල අත්හැර ගිය පූජකයන්ගේ හා අනාගතවක්තෘවරුන්ගේ වචනවලට සවන් දුන් නිසා (යෙරෙ 23:11, 15), පසු කාලයේදී ඇදහිල්ල අත්හැර ගිය අයගෙන් සමන්විත ජාතියක් වර්ධනය වූ අතර, ප්‍රිය උපදවන වචන හා බොරු ප්‍රකාශයන් කළ ප්‍රතිපත්ති කඩ කළ වෙනත් මිනිසුන් ඔවුන්ව නින්දිත හැසිරීමට, දුරාචාරයට මෙන්ම “ජීවමාන වතුර උල්පත” වන යෙහෝවාව අත්හැරීමට සැලැස්සුවා. (යෙසා 10:6; 32:6, 7; යෙරෙ 3:1; 17:13) යෙසායා 24:5හි පවසන දෙයට අනුව, මුළු දේශයම “එහි වැසියන් නිසා [කිලුටු විය] [චා·නෙෆහ්ʹ]; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.” පුරෝකථනය කළ විනාශයේදී ඔවුන් දයාව ලැබීමට සිටියේ නැහැ.—යෙසා 9:17; 33:11-14; ශෙප 1:4-6.

සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් පැහැදිලිව වෙන් කොට දැක්වීමක් වශයෙන් ඇදහිල්ල අත්හැරයන්නන්ව හඳුනාගනු ලබන්නේ කිනම් ලක්ෂණ මගින්ද?

ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ අය අතරෙහි ඇදහිල්ල අත්හැර යෑමක් ගැන ප්‍රේරිත පාවුල් 2 තෙසලෝනික 2:3හි පුරෝකථනය කළා. හිමෙනියස්, අලෙක්ෂන්දර් හා පිලේතස් වැනි ඇදහිල්ල අත්හැර ගිය අය ගැන ඔහු විශේෂයෙන් සඳහන් කළා. (1තිමෝ 1:19, 20; 2තිමෝ 2:16-19) ප්‍රේරිතවරුන්ගේ අනතුරු ඇඟවීම්වලදී සඳහන් කළ ඇදහිල්ල අත්හැර යෑමට බලපෑ විවිධ හේතු අතර මේවා තිබුණා: ඇදහිල්ලේ ඌනතාව (හෙබ්‍රෙ 3:12), පීඩාවලදී විඳදරාගැනීමේ ඌනතාව (හෙබ්‍රෙ 10:32-39), නිවැරදි සදාචාරාත්මක ප්‍රමිති අත්හැරීම (2පේතෘ 2:15-22), බොරු ගුරුවරුන්ගේ ‘වංචාකාර වචනවලට’ හා ‘මුළා කරවන ආත්මයන්ගේ ප්‍රකාශවලට’ සවන් දීම (2පේතෘ 2:1-3; 1තිමෝ 4:1-3; 2තිමෝ 2:16-19; සසඳන්න හිතෝ 11:9, NW) සහ “ව්‍යවස්ථාව කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන්ට” වෑයම් කිරීම (ගලා 5:2-4). දෙවිගේ වචනය කෙරෙහි ඇදහිල්ල තිබෙනවා කියා පවසමින් සිටින අතරේදී, ඇදහිල්ල අත්හැරයන්නන් යේසුගේ අනුගාමිකයන්ට ඔහු පැවරූ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩය සැහැල්ලුවෙන් සලකමින් ඔහුගේ සේවය අත්හැර දැමිය හැකියි. (ලූක් 6:46; මතෙ 24:14; 28:19, 20) ඔවුන් දෙවිට සේවය කරනවායයි කියා සිටියත්, ඔහුගේ නියෝජිතයන්ව, ඔහුගේ දෘශ්‍යමාන සංවිධානය ප්‍රතික්ෂේප කර, පසුව තමන්ගේ වැරදි ක්‍රියා වසාගැනීම සඳහා තම පැරණි ආශ්‍රිතයන්ට ‘තළන්න’ ඉඩ තිබෙනවා. (යූද් 8, 11; ගණන් 16:19-21; මතෙ 24:45-51) අනිත් අයව තමන්ගේ අනුගාමිකයන් කරගැනීම සඳහා ඇදහිල්ල අත්හැරයන්නන් නිතරම මාන බලනවා. (ක්‍රියා 20:30; 2පේතෘ 2:1, 3) එවැනි අය හිතාමතාම ක්‍රිස්තියානි සභාව අත්හැර යන අතර, ඒ හේතුවෙන් ‘විරුද්ධ ක්‍රිස්තුස්ගේ’ කොටසක් බවට පත් වෙනවා. (1යොහ 2:18, 19) ඇදහිල්ල අත්හළ ඉශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන් සිදු වූවාක් මෙන්ම, ක්‍රිස්තියානි සභාවේ සිට ඇදහිල්ල අත්හැරයන්නන් සඳහාද විනාශය පුරෝකථනය කර තිබෙනවා.—2පේතෘ 2:1; හෙබ්‍රෙ 6:4-8; ඇසුර බලන්න.

මුල් ක්‍රිස්තියානි සභාව රෝම අධිරාජ්‍යයේ පීඩාවලට ලක් වූ කාලයේදී, ක්‍රිස්තියානීන්යයි කියා සිටි අය ඇතැම් අවස්ථාවලදී තමන්ගේ ක්‍රිස්තියානි ගෝලත්වය ප්‍රතික්ෂේප කිරීම සඳහා කරන ලද පෙලඹීමට යටත් වූ අතර, සමහර මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන් ඉදිරියෙහි සුවඳ පූජා ඔප්පු කිරීමෙන් හෝ ප්‍රසිද්ධියේ ක්‍රිස්තුස්ගේ නාමයට අපහාස කිරීමෙන් තමන් ඇදහිල්ල අත්හැරයන්නන් බව අඟවන්න කියා එසේ කළ අයගෙන් ඉල්ලා සිටියා.

දුර්වලකම හේතුකොටගෙන සිදු වන ‘වැටීමක්’ හා ඇදහිල්ල අත්හැර යෑමක් ලෙස සලකන ‘අත්හැරීම’ අතර වෙනසක් තිබෙන බව පැහැදිලියි. පසුව සඳහන් කළ දෙයින් ධර්මිෂ්ඨ මාර්ගය නිශ්චිත මෙන්ම හිතාමතාම අත්හැරීමක් ඇඟවෙනවා. (1යොහ 3:4-8; 5:16, 17) එහි පෙනෙන්න තිබෙන පදනම කුමක් වුවත්, එනම් බුද්ධිය, සදාචාරය හෝ ආත්මික වේවා, එය දෙවිට විරුද්ධව කැරලිගැසීමක් හා ඔහුගේ සත්‍යතාවේ වචනය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස සැලකෙනවා.—2තෙස 2:3, 4; නොපනත්කම් මනුෂ්‍යයා බලන්න.

it-1 126-127 APOSTASY

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න