දෙවි ලෝකය විනාශ කරයිද?
දෙවන ජුවාම් පාවුලු පාප්ට අනුව, මිනිසාට ස්ථිරත්වයකින් යුතුව අනාගතය දෙස බලන්න පුළුවන්. ඉතිහාසය පුරා, “මිනිසුන් පව් කිරීමෙහි දිගටම නියැලිලා තියෙනවා, සමහරක් විට ජලගැල්මට පෙර කළ ඒවාටත් වඩා දරුණු ඒවා” කියා ඔහු අදහස් දැක්වූවා. ඒ වුණත්, පාප් පැහැදිලි කළේ: “දෙවි නෝවා සමඟ ඇති කළ ගිවිසුමේ වචනවලින් අපට වැටහෙන්නේ දෙවි විසින්ම මැව්ව ලෝකය විනාශ කිරීමට දෙවිට සැලැස්විය හැකි මොනම පාපයක්වත් දැන් නැහැ” කියලයි.
දෙවි කෙදිනකවත් ලෝකය විනාශ කරන්නේ නැහැයි කියන දේ ඇත්තක්ද? ජලගැල්මෙන් පසු දෙවි නෝවාට මෙසේ කිවූ බව බයිබලය පවසනවා: “ජලගැලීමෙන් සියලු සත්වයෝ තවත් සිඳ දමනු නොලබන්නෝය; පොළොව නාස්තිකරන පිණිස ජලගැලීමක් තවත් නොවන්නේය.” (උත්පත්ති 9:11) පාප් පවසන්නේ මෙම වචන පැවසීමෙන් දෙවි “[මේ පොළොව] විනාශයෙන් වළක්වාගැනීමට තමාවම බන්ධනයකට යටත් කරගත් බවයි.”
අපගේ ග්‍රහයා විනාශ වීමට මැවුම්කරු ඉඩ නොදෙන බව බයිබලය අපට පැහැදිලි ලෙස දක්වයි. “පොළොව සෑම කල්ම පවතින්නේය” කියා බයිබලය පවසයි. (දේශනාකාරයා 1:4) නමුත් අපිට ජලගැල්මෙන් මීට වඩා දෙයක් ඉගෙනගන්න තියෙනවා—එනම් පාප් විසින් අදහස් නොදැක්වූ යමක්.
තමාගේ අනාගත පැමිණ සිටීමේදී පොළොව මත තිබෙන්න යන්නාවූ තත්වයන්, මනුෂ්‍යයන් විසින් “ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යන තුරු ඔව්හු ගණන් නොගෙන සිටි” කාලය, එනම් “නෝවාගේ දවස් මෙන්” වන්න යන බව යේසු පැවසුවා. (මතෙව් 24:37-39, NW) එයාකාරයෙන්ම, “එකලට තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශවූ බවත්” ඒ අන්දමින්ම “විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස” වර්තමාන ලෝකයට තර්ජනයක් මතු කරමින් පවතින බවත් ප්‍රේරිත පේතෘස් ලිව්වා.—2 පේතෘස් 3:5-7.
යේසුස් හා පේතෘස්ට නෝවා සමඟ දෙවි ඇති කරගත් ගිවිසුම අමතක වී තිබුණාද? කොහෙත්ම නැහැ! ඔහු නෝවා සමඟ වූ ගිවිසුමේ පැවසූ පරිද්දෙන්ම, මෙම දුෂ්ට දේවල පිළිවෙළ එහි අවසානයකට ගෙනෙන්න දෙවි ජලගැල්මක් යොදාගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට, ඔහු “රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ [ස්වාමීන්]” වන යේසුස් ක්‍රිස්තුස්ගේ සවිය යොදාගන්න යනවා. (එළිදරව් [ඇපොකලිප්ස්] 19:11-21) එහෙයින්, බයිබලයට අනුව, පොළොව විනාශ වන්න යන්නේ නැති නමුත්, දුෂ්ට මිනිසුන්ගෙන් යුත් “ලෝකය” නොවැරදීම එහි අවසානයකට එන්න යනවා. (හිතෝපදේශ 2:21, 22; එළිදරව් 11:18) ඉන්පසුව, “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29.