ශුභාරංචිය සමඟින් තවත් මිනිසුන් වෙතට ළඟාවීම
මම ජීවත් වන රටේ මිනිසුන් ගැන කල්පනා කරද්දී, මට තේරුම් ගියා වැඩි හරියක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන දන්නේ ජන සන්නිවේදන මාධ්‍යයන් තුළින් පමණයි කියා. ඔවුන්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද යන්නත් ඔවුන් ඇත්තටම විශ්වාස කරන්නේ කුමක්ද යන්නත් දැනගැනීම සඳහා මේ මිනිසුන් හමු වෙන්න අවශ්‍යයි කියල මට සිතුණා. නමුත් මම කොහොමද උපකාර කරන්නේ? මගේ ස්වාමිපුරුෂයා ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වන අතර, ඔහු මට නැණවත් මඟ පෙන්වීම් හා යෝජනා සැපයුවා.
පිබිදෙව්! සඟරාවේ 1995 මැයි 8 කලාපයේ ප්‍රකාශයට පත් වූ “ප්‍රායෝගික සහනය ලබා දෙන සඟරා” යන ලිපියේ අපි හොඳ අදහසක් සොයාගත්තා. එක් සාක්ෂිකාරියකගේ ක්‍රියාකාරකම් ගැන ලිපිය මෙසේ සඳහන් කරනවා: “වෙනත් සාක්ෂිකරුවන් විසින් නිවසේදී රැස්කර තිබෙන ඇතැම් පිබිදෙව්! සඟරාවල පරණ පිටපත් එකතු කිරීම ඇය විසින් ඉලක්කයක් කොට තිබේ. ඉන්පසුව ඇතැම් මාතෘකාවලට විශේෂ උනන්දුවක් දැක්විය හැකි යයි ඇය සිතන නියෝජිත ආයතන වෙතට ඈ යන්නීය.”
මගේ ස්වාමිපුරුෂයාගේ උපකාරය ඇතුව මම සඟරාවල පිටපත් සියයකට වැඩි ප්‍රමාණයක් එකතු කරගත්තා. මේවායින් මට පුළුවන් වුණා, මම හමු වෙන්න උත්සාහ කරන අයට ගැළපෙන විවිධ විෂයන් තෝරාගන්න.
දූරකථන නාමාවලීන් හා මහජන වාර්තා යොදාගනිමින්, ආරෝග්‍ය ශාලා, යෞවන නේවාසිකාගාර හා සාත්තු නිවාස නියෝජනය කරන ලැයිස්තුවක් මම සාදාගත්තා. එමෙන්ම මම අවමංගල කටයුතු කරන්නන්, පාසැල් අධීක්ෂකවරුන් හා උපදේශකයන්, වෛද්‍ය පරීක්ෂකවරුන් හා බන්ධනාගාර හා උසාවිවල බලධාරීන්වත් ලැයිස්තු ගත කළා. මත්පැනට හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා පිහිටුවා ඇති ආයතනවල, පාරිසරික කාරණාවලට මෙන්ම ආබාධිත හා යුද්ධයට ගොදුරුවූවන් හා පෝෂ්යදායිත්වය පිළිබඳ කෙරෙන ගවේෂණ සඳහා පිහිටුවා ඇති සංගම්වල සිටින අධ්‍යක්ෂකවරුන්ද මගේ ලැයිස්තුවේ අන්තර්ගත වුණා. ශුභ සාධනය, සමාජ සේවා හා පවුල් කාරණා සඳහා පිහිටුවා ඇති කාර්යාලවල කළමනාකාරවරුන්වද මම අමතක කළේ නැහැ.
මම කියන්න යන්නේ මොනවාද?
බැහැදැකීමක් කළ විට මම පළමුව කළේ මම කවුද යන්න පැහැදිලිව හැඳින්වීමයි. ඉන් පසුව මම සඳහන් කළා මගේ බැහැදැකීම විනාඩි කීපයකට පමණක් සීමා වන බව.
වැඩ භාර පුද්ගලයා සමඟ මුහුණට මුහුණලා සිටින විට, මම මෙසේ පවසනවා: “මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක්. කොහොම වුණත්, මම මෙතැනට ඇවිල්ලා ඉන්නේ ආගමික සාකච්ඡාවක් කරන්න නෙමෙයි, මොකද ඒක වැඩ වෙලාවට අපහසු වෙන්න පුළුවන්.” සාමාන්‍යයෙන් වාතාවරණය වඩාත් සන්සුන් එකක් වුණා. ඊට පස්සේ, තත්වයේ හැටියට මගේ අදහස් සකස් කරමින්, මම මෙහෙම දිගටම කතා කරනවා: “මගේ බැහැදැකීමට හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි, ඕගොල්ලන්ගේ කාර්යාලය මගින් සංවිධානය වෙන වැඩකටයුතුවලට මම අගය ප්‍රකාශ කරන්න කැමතියි. මොකද පොදු ජනයා වෙනුවෙන් කෙනෙකුගේ කාලයයි ශ්‍රමයයි වැය කරනවා කියන එක සුළුවට තකන්න නරකයි. මේක ඇත්තෙන්ම අගය කරන්න අවශ්‍යයි.” බොහෝ අවස්ථාවලදී මෙසේ එළඹෙන තැනැත්තාව පුදුමයට පත් වුණා.
මේ වන විට පුද්ගලයා කල්පනා කරමින් ඉන්නවා මගේ බැහැදැකීමට දෙවන හේතුව කුමක්ද කියා. මම මෙසේ පවසනවා: “මගේ බැහැදැකීමට දෙවන හේතුව මේකයි: ජාත්‍යන්තරව මුද්‍රණය වෙන අපේ පිබිදෙව්! සඟරාවෙන් ඕගොල්ලන් කරන වැඩේ එක්කත් ඒකට ආවේණික ගැටලු එක්කත් කටයුතු කරන ලිපි කිහිපයක් මම තෝරාගෙන තියෙනවා. ජාත්‍යන්තර පුවත්පතක් මේ ගැටලු දිහා බලන්නේ කොහොමද කියලා දැනගන්න ඕගොල්ලන් කැමති ඇති කියල මට ස්ථිරයි. මම සතුටු වෙනවා මේ පිටපත් ඕගොල්ලන්ට දීල යන්න.” මගේ වෑයම් අගය කරන බව බොහෝදුරට මට පවසා තියෙනවා.
පුදුම කරවන මෙන්ම විපාකදායී ප්‍රතිඵල
මම මේ එළඹීම යොදාගත් විට වැඩිදෙනෙක් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා; මිනිසුන් 17දෙනෙකුගෙන් එක්කෙනයි මාව ප්‍රතික්ෂේප කළේ. පුදුම කරවන වගේම විපාකදායී අද්දැකීම් රාශියක් මට තිබුණා.
උදාහරණයක් හැටියට, වතාවන් හතරක් උත්සාහ කරමින් ඉවසිලිවන්තව බලා සිටීමෙන් පසු, දිස්ත්‍රික් පාසැල් පරීක්ෂකවරයෙක්ව හමුවීමෙහි මම සාර්ථක වුණා. ඔහු ඉතාමත්ම කාර්ය බහුල තැනැත්තෙක්. එහෙත්, ඔහු ඉතාමත්ම මිත්‍රශීලී වුණ අතර මාත් එක්ක ටික වේලාවක් කතා කළා. මම යන්න යද්දී ඔහු කිව්වා: “මම ඇත්තෙන්ම ඔයාගේ වෑයම අගය කරනවා, ඒ වගේම මම ඔයාගේ පොත් පත් පරෙස්සමින් කියවනවාමයි.”
තවත් අවස්ථාවක, දිස්ත්‍රික් උසාවියට ගොස්, මැදිවියේ මිනිසෙකු වන ප්‍රධාන විනිසුරුව හමු වුණා. මම ඔහුගේ කාර්යාලයට ඇතුල් වූ විට, ඔහු තම අතේ ඇති කොළවලට ඉහළින් තම නෙත් විහිදෙව්වේ යම් දුරකට කුපිත වූ ස්වභාවයකිනුයි.
“අඟහරුවාදා උදේට විතරයි වැඩ කරන්නේ, එතකොට ඕනෙම දෙයක් මගෙන් දැනගන්න පුළුවන්” කියා සැරපරුෂ ආකාරයකින් ඔහු පැවසුවා.
“මම වැරදි වෙලාවක ආවට මට සමාවෙන්න” කියා මම ඉක්මනින් පිළිතුරු දී එයට මෙසේ එකතු කළා, “ඒ වුණත් මම හරිම සතුටුයි වෙන වෙලාවක එන්න. හැබැයි මගේ බැහැදැකීම ඇත්තෙන්ම පෞද්ගලික කාරණයක් හා සම්බන්ධයි.”
දැන් විනිසුරු තුළ කුතුහලයක් ඇති වුණා. ඔහු වඩාත් මෘදු ආකාරයකින් ඇසුවා මට කුමක්ද අවශ්‍ය කියා. මම අඟහරුවාදා නැවත එන්නම් කියා පිළිතුරු දුන්නා.
මගේ පුදුමයට “කරුණාකරලා වාඩි වෙන්න” කියා ඔහු බල කරමින් මෙන් කියා සිටියා. “ඔයාට මොනවාද ඕනෙ?”
ප්‍රාණවත් සංවාදයක් ඉන් පසුව හටගත් අතර, ඔහු ඇත්තටම වැඩ අධිකව සිටි නිසා ඔහු එසේ අකරුණාවන්ත වීම ගැන සමාව ඉල්ලා සිටියා.
“ඔයා දන්නවද ඇයි මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කැමති කියලා?” කියා විනිසුරු ටික වෙලාවකින් පසු ඇසුවා. “ඒගොල්ලන්ට හොඳින් පිහිටුවපු ප්‍රතිපත්ති තියෙනවා, ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන් ඒවලින් අයින් වෙන්නෙත් නැහැ. හිට්ලර් එයාට පුළුවන් හැම දෙයක්ම කළා, ඒත් සාක්ෂිකාරයෝ යුද්ධෙට ගියේ නැහැ.”
අපි දෙන්නා එක කාර්යාලයකට ඇතුල් වෙද්දී, එහි සිටි ලේකම්වරියන් අපිව හඳුනාගත්තා. ඉන්පසු විධායක ලේකම්වරිය අපිට අරියාදුවට වගේ හයියෙන් මෙසේ පැවසුවා, “සභාපති කවදාවත් ඔය එක එක වැඩවලට බැඳිලා ඉන්න කණ්ඩායම් හම්බ වෙන්නේ නැහැ.”
“හැබැයි එයා අපිව නං හම්බ වෙයි” කියා මම සන්සුන්ව පිළිතුරු දුන්නා, “මොකද අපි යෙහෝවාගේ සාක්ෂිකාරයෝ. අපි පෙත්සම්කරුවො නෙමෙයි, ඒ වගේම අපේ බැහැදැකීම විනාඩි තුනකට වැඩි වෙන්නේ නැහැ.” මගේ හද තුළ මම භක්තිමත්ව යාච්ඤා කළා “අනේ යෙහෝවා, කරුණාකරලා මේක නං හොඳ අතට හරවන්න!”
ඉන් පසුව ලේකම්වරිය වැඩි හැඟීමක් නැතුව “හා හා ඉතින්, මම උත්සාහ කරල බලන්නම්” කියා ප්‍රතිචාරය දැක්වූවා. ඇය යන්න ගියා. මට කල්පයක් මෙන් දැනුණ විනාඩි දෙකකට විතර පස්සේ, ඇය නැවත පැමිණි අතර, ඇය පසුපසින් සභාපතිද පැමිණියා. කිසිවක් පවසන්නේ නැතුව, ඔහු තවත් කාමර දෙකක් පසු කරමින් ඔහුගේ කාර්යාලය දෙසට ඉදිරියෙන් ගමන් කළා.
අපි සාකච්ඡා කරන්න පටන්ගත් පසු, ඔහු වඩාත් මිත්‍රශීලී වුණා. අපි පිබිදෙව්! සඟරාවේ විශේෂ පිටපත් ඉදිරිපත් කළහම ඔහු ඒවා කැමැත්තෙන් පිළිගත්තා. අපගේ වැඩයේ අරමුණ ගැන හොඳ සාක්ෂියක් දරන්න මේ ප්‍රස්තාව දීම ගැන අපි යෙහෝවාට ස්තුති කළා.
ඉතා මවිතකර අද්දැකීම් දෙස ආපසු හැරී බලද්දී, ප්‍රේරිත පේතෘස් පැවසූ මේ දෙය වඩාත් පූර්ණ ලෙස අගය කරන්න මට හැකි වෙලා තියෙනවා: “සැබවින් [දෙවි] මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ [ඔහු] කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ [ඔහුට] ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.” (ක්‍රියා 10:34, 35) සියලු පසුතලවලින්, භාෂාවලින් හෝ සමාජ තත්වයන්වලින් එන මිනිසුන්ට මනුෂ්‍යවර්ගයා හා පොළොව සඳහා ඇති තම අරමුණ දැනගැනීමට ප්‍රස්තාව ලබා දීම දෙවිගේ කැමැත්තයි.—සපයන ලදි.