ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 8/1 26-29 පි.
  • ප්‍රීතිය ගෙන දෙන පවුලේ පාඩම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රීතිය ගෙන දෙන පවුලේ පාඩම
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපි පාඩම් කළ යුත්තේ මොනවාද?
  • වාතාවරණය ශාන්තභාවයකින් තබාගන්න
  • බයිබලයට ජීවයක් දෙන්න
  • සහභාගි වීම සඳහා සෑම කෙනෙකුටම උපකාර කරන්න
  • අදහස් හුවමාරු කරන්න—කුපිත නොකරන්න!
  • දරන වෑයම වටී
  • පවුලක් වශයෙන් නිතිපතා දෙවිගේ වචනය අධ්‍යයනය කරන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඩම් කිරීම විපාකදායක ය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • පවුලේ කාලසටහන—පවුලේ පාඩම
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවියන් වහන්සේගේ නව ලොව තුළට ඔබගේ පවුල සුරැකි ව ගෙන යාමට ක්‍රියා කරන්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 8/1 26-29 පි.

ප්‍රීතිය ගෙන දෙන පවුලේ පාඩම

“දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය” කියා බයිබලය පවසනවා. (හිතෝපදේශ 24:4) මේ අනර්ඝ වූ වස්තුවලට අයත් වන්නේ, සැබෑ ප්‍රේමය, දේවභය සහ ශක්තිමත් ඇදහිල්ල යනාදිය මිස නිකම්ම ද්‍රව්‍යමය වස්තු නොවෙයි. ඇත්තෙන්ම එවන් ගුණාංග සාරවත් පවුල් ජීවිතයක් බිහි කරනවා. (හිතෝපදේශ 15:16, 17; 1 පේතෘස් 1:7) කොහොම වුණත්, ඒ ගුණාංග අත් කරගැනීම සඳහා, අපේ ගෙවැසියන්ට දෙවි පිළිබඳ දැනුම අපි ලබා දිය යුතුයි.

පවුලේ සාමාජිකයන්ගේ සිත්වලට මේ දැනුම කාවැද්දවීමේ වගකීම පවුලේ මූලිකයා සතු වෙනවා. (ද්විතීය කථාව 6:6, 7; එපීස 5:25, 26; 6:4) මෙය කළ හැකි හොඳම මාර්ගවලින් එකක් නම්, නිතිපතා පවත්වන පවුලේ පාඩමයි. මේ පාඩම උපදේශාත්මක මෙන්ම ආස්වාදය ගෙන දෙන ආකාරයෙන් පවත්වන විට, ඊට සහභාගි වන අයට එමගින් මොනතරම් සතුටක් භුක්ති විඳිය හැකිද! එහෙමනම් බලපෑමෙන් යුක්තව පවුලේ පාඩමක් පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය දේවල් සමහරක් අපි සලකා බලමු.a

පවුලේ පාඩම නිතිපතා පවත්වන විට, එය වඩාත් බලපෑමෙන් යුක්ත එකක් වෙනවා. අවස්ථාවක් ලැබුණොත් කරනවා නම් හෝ හදිස්සියෙන් ගත් තීරණයක් අනුව කරනවා නම්, එය නිතිපතා නොකෙරෙන බව පෙනෙනවා. එනිසා පාඩම සඳහා ඔබ ‘කාලය මිල දී ගත’ [NW] යුතුයි. (එපීස 5:15-17) පවුලේ සෑම කෙනෙකුටම පහසු වේලාවක් තීරණය කිරීම අභියෝගයක් විය හැකියි. “අපේ පවුලේ පාඩම දිගටම කරගෙන යන එක අපිට අමාරු දෙයක් වුණා” කියා පවුල් මූලිකයෙක් අවංකවම පිළිගන්නවා. “අපි විවිධ වේලාවන් අත්හදා බැලුවා; අන්තිමේදී අපිට හරියන්නේ සවස් කාලය ටිකක් පහු වුණාම බව අපිට පෙනී ගියා. දැන් අපේ පවුලේ පාඩම නිතිපතා පවත්වනවා.”

ඔබ සුදුසු වේලාවක් තෝරාගත් විට, පාඩමට බාධා කිරීමට කිසිම දේකට ඉඩ නොතැබීමට සැලකිලිමත් වන්න. “අපි පාඩමක් කරමින් ඉන්න කොට, අමුත්තෝ ආවොත්, පාඩම ඉවර වෙනකං ඉන්න කියල තාත්තා ඒ අයට කිව්වා; ඒ වගේම දුර ඇමතුම් එන කොට, පස්සේ කතා කරන්න කියලා අමතන කෙනාට එයා කිව්වා” කියා දැන් 33වන වියේ පසු වන මරියාb මතකයට නඟනවා.

කොහොම වුණත්, මෙයින් අදහස් කරන්නේ නැහැ නම්‍යතාවකට ඉඩක් නැති බව. හදිසි තත්වයන් හෝ අනපේක්ෂිත සිදුවීම් ඇති විය හැකි අතර, පාඩම නතර කර දමන්න හෝ කල් දමන්න සිදු විය හැකියි. (දේශනාකාරයා 9:11) ඒත් මේ කිසිම දෙයකට ඔබේ පිළිවෙතට බාධා කරන්න ඉඩ නොතැබීමට පරෙස්සම් වන්න.—පිලිප්පි 3:16.

පාඩමක් කොපමණ වේලාවක් පැවැත්විය යුතුද? දුවෙක්ව හා පුතෙක්ව හොඳින් හදා වඩාගෙන තිබෙන රොබට් මෙහෙම කියනවා: “සාමාන්‍යයෙන් පැයක් අපේ පාඩම් පැවැත්වූවා. අපේ ළමයි කුඩා කාලයේදී, විවිධාකාර දේවල්, එනම් මුරටැඹ සඟරාවේ පාඩම් ලිපියේ ඡේද කිහිපයක් හෝ බයිබලයෙන් තෝරාගත් කොටස් හෝ වෙනත් ප්‍රකාශනවලින් තෝරාගත් කොටස් යනාදිය සලකා බැලීමෙන් ඔවුන්ගේ උනන්දුව තියාගන්න අපි උත්සාහ කළා.” මරියා සිහිපත් කරමින් මෙසේ කියයි: “මගේ අක්කලා දෙන්නයි මමයි කුඩා කාලයේදී, අපේ පාඩම සතියකට දෙතුන්වතාවක්, වතාවකට විනාඩි 20ක් පමණ පැවැත්වූවා. අපි වැඩි වයසට පත් වෙද්දී, අපේ පාඩම සතිපතා පැයක් වගේ කාලයක් පැවැත්වූවා.”

අපි පාඩම් කළ යුත්තේ මොනවාද?

සෑම කෙනෙක්ම පාඩමට පැමිණ සිටින වේලාවක මේ ප්‍රශ්නය ගැන කල්පනා කිරීම, නිෂ්ඵල දෙයක් මෙන්ම පාඩම සඳහා වෙන් කර තිබෙන වටිනා කාලය අපතේ යැවීමක්ද වෙනවා. තත්වය මෙය නම්, දරුවන්ට විශේෂ යමක් බලාපොරොත්තු විය නොහැකි අතර, ඉක්මනින්ම උනන්දුව නැති වී යාවි. එනිසා පාඩම් කිරීම සඳහා, සමිතියේ ප්‍රකාශනවලින් එකක් කල් වේලා ඇතුව තෝරාගන්න.

“විශ්වාසවූ නුවණ ඇති දාසයා” තෝරාගැනීම සඳහා ප්‍රකාශන බහුල ලෙස සපයා තිබෙනවා. (මතෙව් 24:45-47) සමහරවිට ඔබට පුළුවන් ඔබේ පවුලේ අය තවමත් පාඩම් කර නැති පොතක් භාවිත කරන්න. ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) නමැති කාණ්ඩ දෙකකින් යුත් පොත ඔබේ භාෂාවෙන් තිබෙනවා නම්, එයින් තෝරාගත් යම් කොටස් සලකා බැලීමෙන් භුක්ති විඳිය හැකි සතුට මොනතරම්ද! උදාහරණයක් හැටියට, සිහි කිරීමට පෙර සතිවලදී ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ගැන තිබෙන ලිපිය යළි සලකා බලන්න ඔබට පුළුවන්. සතියට නියමිත මුරටැඹ පාඩම සූදානම් වීමෙන්, බොහෝ පවුල් සතුටක් ලබනවා. ඒ වුණත්, මුරටැඹ සඟරාවේ අමතර ලිපි, පාඩම සඳහා කදිම තොරතුරු සපයනවා. පාඩම් කළ යුත්තේ මොන ප්‍රකාශනයද යන්න තීරණය කිරීමේදී, එය කළ හැකි හොඳම තැනැත්තා, පවුලේ ආත්මික අවශ්‍යතා ගැන දන්නාවූ පවුලේ මූලිකයායි.

“කලින් තෝරාගත් ප්‍රකාශනයක් අපි හැම තිස්සේම පාඩම් කළා” කියා මරියා සිහිපත් කරනවා. “ඒත් ප්‍රශ්නයක් මතු වුණාම හෝ පාසැලේදී යම් තත්වයක් ඉස්මතු වෙද්දී, අපි අදාළ තොරතුරු ගැන සාකච්ඡා කිරීමකට මාරු වුණා.” විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු දේවල්, එනම් යෞවනයන් පාසැලේදී මුහුණ දෙන ගැටලු, හුදෙකලා ඇසුර, බාහිර ක්‍රියාකාරකම් මෙන්ම ඒ හා සමාන වෙනත් දේවල් හා සම්බන්ධ ප්‍රශ්න මතු වෙනවා. මෙය සිදු වන විට, අදාළ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන ලිපි හෝ ප්‍රකාශන තෝරාගන්න. ඔබේ පවුලේ අය සමඟ ඉක්මනින්ම බෙදාගැනීමට ඔබ කැමති මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවක අලුත්ම කලාපයේ තොරතුරු ඔබ දකිනවා නම්, ඒ සඳහා කටයුතු කිරීමට පසුබට නොවන්න. ඒ එක්කම කල් වේලා ඇතුව පවුලේ අයට ඒ වෙනස්කම ගැන දන්වන්න ඔබ කැමති විය හැකියි. නමුත් අවශ්‍යතාව සලකා බැලීමෙන් පසු, සාමාන්‍යයෙන් කරන දෙයට නැවත යන්න වගබලා ගන්න.

වාතාවරණය ශාන්තභාවයකින් තබාගන්න

ඉගෙනගැනීම හොඳින් කළ හැක්කේ සාමකාමී තත්වයන් යටතෙයි. (යාකොබ් 3:18) එනිසා ගෞරවාන්විත වුවත් පහසුබවක් දැනෙන වාතාවරණයක් වර්ධනය කරගන්න. එක්සත් ජනපදයේ සිටින එක් පවුල් මූලිකයෙක් මෙසේ පවසනවා: “අපි සාලයේ හෝ ආලින්දයේ හෝ පාඩම් කළත්, තැන් තැන්වල වාඩි වෙනවාට වඩා එක් එක්කෙනාට තරමක් ළං වී සිටින්න අපි උත්සාහ කරනවා. අපිට ඒක උණුසුම් හැඟීමක් ඇති කරන දෙයක්.” ඒ වගේම මරියා මහත් ආශාවකින් මෙසේ සිහිපත් කරනවා: “අපේ ගෙදර ඒ සතියේ පාඩම පවත්වන තැන තෝරාගන්න මගේ අක්කලාටත් මටත් ඉඩ දුන්නා. මෙයින් අපිට පහසුබවක් හැඟුණා.” ප්‍රමාණවත් ආලෝකය, වාඩි වීම සඳහා පුටු සුදුසු සේ පිළියෙළ කර තිබීම සහ සන්තෝෂය ගෙන දෙන මෙන්ම පිළිවෙළකින් යුත් වාතාවරණය යන මේ සියල්ලම ශාන්තභාවයට දායක වන බව මතක තබාගන්න. පාඩමෙන් පසු යම් රසකැවිල්ලක් භුක්ති විඳීම, එම සන්ධ්‍යාව ආස්වාදජනක එකක් කිරීමට උපකාරවත් වෙනවා.

සමහර පවුල්, විවිධාකාර අදහස් දැක්වීම් මෙන්ම සිත්ගන්නා බවක් පාඩමට එක් කරවීම සඳහා කලින් කලට වෙනත් පවුල්වලටත් තමන්ගේ පාඩමට ආරාධනා කරනවා. මේ සැලැස්මට හවුල් වීමට සත්‍යයේ සිටින නවකයන්ට ආරාධනා කරනවා නම්, අද්දැකීම් ලත් පවුල් මූලිකයෙක් පවුලේ පාඩමක් පවත්වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ට ප්‍රයෝජන ගන්න පුළුවන්.

බයිබලයට ජීවයක් දෙන්න

දරුවන් සමඟ පාඩම් කරන වේලාවන් ප්‍රාණවත්ව තබාගන්න; එතකොට ඔවුන් ඒ වේලාවන් පැමිණෙන තෙක් මහත් ආශාවකින් බලාගෙන සිටීවි. බයිබල් දර්ශනයන් චිත්‍රයට නැඟීමට ඔබේ කුඩා දරුවන්ව දිරිගැන්වීමෙන් ඔබට මෙය කරන්න පුළුවන්. සුදුසු අවස්ථාවලදී, බයිබල් සිද්ධීන් සහ නාට්‍යයන් රඟ දැක්වීමට දරුවන්ව යොදාගන්න. යෞවන දරුවන් සමඟ පාඩම් කරන විට, විධිමත් ප්‍රශ්නෝත්තර ක්‍රමයකට ඇලී සිටින්න අවශ්‍ය නැහැ. බයිබල් චරිත කියවීම මෙන්ම ඒවා හා සම්බන්ධ කතන්දර කීම, දේවප්‍රතිපත්ති සිත්වලට කාවැද්දවීම සඳහා යොදාගත හැකි ආස්වාදය ගෙන දෙන ක්‍රමයක්. මුලින් සඳහන් කළ රොබට් මෙසේ සිහිපත් කරනවා: “සමහර වෙලාවට අපි බයිබල් වගන්ති කියවන කොට, හැම කෙනෙකුටම ‘කතා කරන’ කොටස් වෙන වෙනම කියවන්න පවරනවා.” තම කටහඬින් දැක්වීමට ඔවුන් කැමති චරිතය තෝරාගැනීමට දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්.

සිතියම් හා සටහන් භාවිත කිරීම, අදාළ ප්‍රදේශ සිතින් මවාගන්නත් සාකච්ඡා කරමින් සිටින සිද්ධීන් සිදු වූ ස්ථානයේ කැපීපෙනෙන ලක්ෂණ පැහැදිලිව හඳුනාගන්නත් වැඩිහිටි දරුවන්ට උපකාරවත් වේවි. ටිකක් සිතා බැලීමෙන්, පවුලේ පාඩමක් ප්‍රාණවත් මෙන්ම විවිධත්වයකින් යුත් එකක් බවට පත් කළ හැකි බව පැහැදිලියි. එමෙන්ම දරුවන් දේවවචනය සඳහා දැඩි ආශාවක් ඇති කරගනීවි.—1 පේතෘස් 2: 2, 3.

සහභාගි වීම සඳහා සෑම කෙනෙකුටම උපකාර කරන්න

දරුවන් පාඩමෙන් සතුටක් ලබන්න නම්, තමන්ද ඊට හවුල් වී සිටින බව ඔවුන්ට හැඟී යා යුතුයි. කොහොම වුණත්, විවිධ වයස් මට්ටම්වලට අයත් දරුවන්ව සහභාගි කරවාගැනීම අභියෝගයක් විය හැකියි. ඒ වුණත් බයිබල් ප්‍රතිපත්තියක මෙසේ සඳහන් වෙනවා: “[මූලිකත්වය ගන්නා, NW] උනන්දුකමෙන් . . . එසේ කෙරේවා.” (රෝම 12:8) උද්‍යෝගය බෝවෙනසුලු නිසා, උද්‍යෝගවත්ව උපකාරය සපයන්න.

රොනල්ඩ් තමාගේ පස් හැවිරිදි දියණිය වන ඩයිනාව පාඩමේ උපමාතෘකා කියවීමට යොදාගැනීමෙන්ද, පින්තූර ගැන අදහස් දක්වන්න කියා ඉල්ලා සිටීමෙන්ද ඇයව පාඩමට සහභාගි කරවාගන්නවා. පසුගිය අවුරුද්දේ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම ළඟා වෙමින් තිබූ දවස්වලදී, ඔහු මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාc පොතේ අදාළ සිද්ධීන් හා සම්බන්ධ චිත්‍ර මත මූලික අවධානය යොමු කළා. ඔහු මෙහෙම කියනවා: “අදාළ සිද්ධීන්වල වැදගත්කම තේරුම්ගන්න ඇයට මෙය උපකාරවත් වුණා.”

රොනල්ඩ් තමාගේ දස හැවිරිදි දියණිය වන මීෂා සඳහා තවත් අමතර පියවරක් ගන්නවා. “මීෂා පින්තූරවල තියෙන දේවල් විතරක් නෙමෙයි, ඒත් ඒවායින් කියවෙන අර්ථයත් තේරුම්ගන්න පුළුවන් මට්ටමට දියුණුවක් ලබා තියෙනවා” කියා රොනල්ඩ් කියනවා. “ඉතින් අපි එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය!d කියන පොත සාකච්ඡා කරද්දී, එහි තියෙන පින්තූරුවල අර්ථයට වැඩි අවධානයක් යොමු කළා. මේක ඈට උපකාරවත් වෙලා තියෙනවා.”

දරුවන් නහඹර වියට පා තබද්දී, සලකා බලනු ලබන තොරතුරු ප්‍රායෝගිකව අදාළ කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න. පාඩම පවත්වන අතරතුරේදී, ප්‍රශ්න පැන නැඟුණොත්, ඒ ගැන පර්යේෂණ කිරීම සඳහා පැවරුම් දෙන්න. ඇඳිරි ගෙවල් සහ මකරුන් කියන ක්‍රීඩාව සම්බන්ධ පාසැලේ අලුතින් පිහිටෙවූ ක්‍රීඩා සමාජය ගැන 12 හැවිරිදි පෝල් ඇසූ විට රොබට් එසේ කළා. පෝල් සහ පවුලේ අනිත් අය මුරටැඹ ප්‍රකාශන සූචිය (ඉංග්‍රීසියෙන්) යොදාගනිමින් තොරතුරු සොයා බලා, පවුලේ පාඩමේදී ඔවුන් ඒ තොරතුරු යළි සලකා බැලුවා. “එහි ප්‍රතිඵලයක් හැටියට, ඒ ක්‍රීඩාව ක්‍රිස්තියානීන් සඳහා වැරදි දෙයක් බව පෝල් ඉක්මනින්ම තේරුම්ගත්තා” කියා රොබට් පවසනවා.

රොබට් වෙනත් අවස්ථාවලදීත් පර්යේෂණ කිරීම සඳහා පැවරුම් දුන්නා. ඔහුගේ බිරිඳ නැන්සි මෙසේ සිහිපත් කරනවා: “අපි යේසුගේ ප්‍රේරිතයන් ගැන පර්යේෂණ කරද්දී, සෑම සතියකදීම අපි එක් එක්කෙනාට එක ප්‍රේරිතයෙක් ගැන පර්යේෂණ කරන්න පැවරුවා. දරුවන් මහත් උද්‍යෝගයෙන් ඔවුන් සොයාගත් තොරතුරු පවුලේ පාඩමේදී ඉදිරිපත් කරනවා දැකීම මොනතරම් ප්‍රීතියක් වුණාද!” ඔවුන් පෞද්ගලිකව පර්යේෂණ කර එයින් සොයාගත් තොරතුරු පවුලේ පාඩමේදී බෙදාගැනීම, ‘යෙහෝවා ඉදිරියෙහි වැඩීමට’ දරුවන්ට උපකාර වෙනවා.—1 සාමුවෙල් 2:20, 21.

ප්‍රශ්න ඇසීම—අදහස් විමසන මෙන්ම මඟ පෙන්වන ප්‍රශ්න ඇසීම—දරුවන්ව පාඩමට සහභාගි කරවාගැනීමේ කදිම මාර්ගයක්. “නුඹ හිතන්නේ මොකද?” යනාදි වශයෙන් අදහස් විමසන ප්‍රශ්න අපේ උතුම් ගුරුවරයා වන යේසු ඇසුවා. (මතෙව් 17:25) “අපෙන් ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් තිබුණා නම්, අපේ දෙමාපියන් කවදාවත් ඒකට කෙළින්ම උත්තර දුන්නේ නැහැ” කියා මරියා සිහිපත් කරනවා. “අදාළ කාරණය මත තර්ක කිරීමට අපිට උපකාර කරමින් ඔවුන් නිතරම මඟ පෙන්වන ප්‍රශ්න ඇසුවා.”

අදහස් හුවමාරු කරන්න—කුපිත නොකරන්න!

සමච්චලයට ලක් වෙයිදෝ යන භයෙන් තොරව පවුලේ පාඩමට පැමිණ සිටින සියලුදෙනාටම තමන්ගේ අදහස් සහ හැඟීම් ප්‍රකාශ කිරීමට පුළුවන් නම්, පවුලේ පාඩමේ ප්‍රීතිය වැඩි වෙනවා. ඒ වුණත්, “පවුලේ පාඩමක් පවත්වන අතරතුරේදී හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගන්න පුළුවන් වන්නේ, වෙනත් අවස්ථාවලදී අදහස් හුවමාරු කරගැනීමේ මාර්ග විවෘතව තබාගන්නවා නම් විතරයි” කියා පියෙක් පවසනවා. “පාඩම පවත්වන වේලාවට විතරක් ඒක බොරුවට මවාපාන්න ඔබට බැහැ.” ඒ වගේම මේ වගේ නොසැලකිලිමත්ව අදහස් ප්‍රකාශ කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න; ‘එච්චරද කියන්න තියෙන්නේ? මං හිතුවේ වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලයි’; ‘ඒක නං හරිම මෝඩ අදහසක්’; ‘ඔයාගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න නම් බැහැ; ඔයා තාම පොඩි බබෙක් නේ.’ (හිතෝපදේශ 12:18) ඔබගේ දරුවන්ට අනුකම්පාව හා දයාව පෙන්වන්න. (ගීතාවලිය 103:13; මලාකී 3:17) ඔවුන්ගෙන් සතුටක් ලබන්න; ඔවුන් ඉගෙනගනිමින් සිටින දේවල් අදාළ කරගන්න ඔවුන් උත්සාහ කරන විට, ඔවුන්ට සහාය වන්න.

පාඩමේ වාතාවරණය මොන වගේ විය යුතුද කිව්වොත්, දරුවාට පහසුවෙන් මනසට දේවල් ඇතුල් කරගන්න පුළුවන් විදිහේ වාතාවරණයක් තිබිය යුතුයි. “ඔබ දරුවන්ව හික්මවන්න පටන්ගත්තොත්, දරුවන්ට අමනාපයක් ඇති වේවි” කියා දරුවන් හතරදෙනෙකුව හොඳින් හදා වඩාගෙන තිබෙන පියෙක් පැහැදිලි කරනවා. ඒ වගේ වාතාවරණයක් තුළ, සමහරවිට තොරතුරු හෘදයට කාවදින එකක් නැහැ. එනිසා පාඩම පවත්වන වේලාවන්, හික්මවීම සහ දඬුවම් කරන සැසිවාරයන් බවට පත් කිරීමෙන් වළකින්න. එහෙම කරන්න අවශ්‍ය නම්, වෙනත් වේලාවකදී පෞද්ගලිකව එය කරන්න.

දරන වෑයම වටී

ආත්මිකව ධනවත් පවුලක් ගොඩනැඟීමේදී, ඊට කාලය හා වෑයම අවශ්‍යයි. ඒ වුණත් ගීතිකාකරු මෙසේ ප්‍රකාශ කළා: “බලව, දරුවෝ [යෙහෝවා] දෙන උරුමයක්ය. කුසේ ඵලයද [ඔහුගෙන්] ලැබෙන විපාකයක්ය.” (ගීතාවලිය 127:3) එමෙන්ම ‘යෙහෝවාගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද දරුවන්ව ඇති දැඩි කිරීමේ’ වගකීම දෙමාපියන්ට පවරා තිබෙනවා. (එපීස 6:4, NW) එනිසා බලපෑමෙන් යුත්, සතුට ගෙන දෙන පවුලේ පාඩමක් පැවැත්වීමේ කුසලතා වර්ධනය කරගන්න. ඔබේ දරුවන් “ගැළවීම සඳහා වර්ධනයවන පිණිස,” “ආත්මිකවූ අමිශ්‍රවූ කිරි” සැපයීම සඳහා ඔබේ උපරිමය කරන්න.—1 පේතෘස් 2:3; යොහන් 17:3.

[පාදසටහන්වල]

a මේ ලිපියේ ඉදිරිපත් කර තිබෙන යෝජනා බොහොමයක් පවුලේ පාඩමකට සහභාගි වන දරුවන්ට උපකාර කිරීම හා සම්බන්ධ වුවත්, දරුවන් නොමැති පවුලේ පාඩමකටද මේ අදහස් අදාළ වෙනවා.

b සමහර අයගේ නම් වෙනස් කර තිබෙනවා.

c Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.

d Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න