ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 8/1 30 පි.
  • පොත්, පොත්, පොත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොත්, පොත්, පොත්
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 8/1 30 පි.

පොත්, පොත්, පොත්!

“බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත” කියා පුරාණයේ ඥානවන්ත සාලමොන් රජ ලිව්වා. (දේශනාකාරයා 12:12) වර්ෂ 1995දී බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් සෑම 580කටම එක පොතක් විතර මුද්‍රණය කළා; එමගින් එම රට අලුත් තේමාවලින් යුක්ත පොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රථම තැනට පැමිණියා. වැඩිම ජනගහනයක් ඉන්න රට වන චීනය, බ්‍රිතාන්‍යයේ පිටපත් 95,015 සමඟ සැසඳූ විට 92,972ක් සහිතව දෙවන තැනට පැමිණියා. ඉන්පසු ජර්මනියද (තේමාවන් 67,206), ඊට පසු එක්සත් ජනපදයද (49,276), ඊටත් පසු ප්‍රංශයද (41,234) පැමිණියා. “බ්‍රිතාන්‍යය, ලෝකයේ ප්‍රථම තැනට එන්න වැඩිහරියක්ම හේතු වුණේ ඉංග්‍රීසි භාෂාව නිසයි” කියා ලන්ඩනයේ ද ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සඳහන් කරයි.

අවුරුදු කීපයක් තුළ පොත්-විකිණීමේ වෙළඳාම පහත වැටී ඇති බව වාර්තාවන් අඟවන අතර, බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන්ගෙන් වසරකට පොතක් හෝ ඊට වැඩි ගණනක් දැන් මිල දී ගන්නේ සියයට 80ක් පමණයි. ඒත් ජනයා මිල දී ගන්නා හැම පොතක්ම ඔවුන් කියවනවාද?

නොකඩවාම පුළුල්ව බෙදාහැරෙන හා කියවෙන පොතක් වන බයිබලය දැන් කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් භාෂා 2,120කට වැඩියෙන් ලබාගත හැකියි. ඔබට තවමත් පෞද්ගලික පිටපතක් නැත්නම්, ළඟම තියෙන වොච් ටවර් සමිතියේ කාර්යාලයෙන් විමසා එකක් ලබාගන්න. ඔබ සතුව බයිබලයක් තිබේ නම්, එය පිටතට ගෙන මේ සඟරාවේ ලිපිවල යොමු දක්වා ඇති බයිබල් පද සෝදිසි කර බලන්න. එසේ කිරීමෙන්, ඔබ බයිබලයේ ජීවන-දායක දැනුම සොයාගනීවි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න