ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 3/1 25-28 පි.
  • අනුන්ව විශ්වාස කරන්න ඔබ භයද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනුන්ව විශ්වාස කරන්න ඔබ භයද?
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒ භය තේරුම්ගැනීම
  • බාධකය පෙරළිය යුතු ඇයි?
  • ඔබගේ පවුලේ අය කෙරෙහි විශ්වාසය තැබීම
  • සභාව කෙරෙහි විශ්වාසය තැබීම
  • කොහොමද විශ්වාසවන්ත සම්බන්ධකම් ගොඩනඟා ගන්නේ
  • සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • වැඩිමහල්ලෙනි ඔබේ විශ්වාසය ආරක්ෂා කර ගන්න
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සතුටින් පිරි ජීවිතයකට අත්‍යවශ්‍ය වූ විශ්වාසය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය රකින කෙනෙක් වෙන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 3/1 25-28 පි.

අනුන්ව විශ්වාස කරන්න ඔබ භයද?

‘මට කතා කරන්න කවුරුවත් නැහැ. අනිත් අය මාව තේරුම්ගන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා විසඳගන්න. මගේ එව්වා විසඳන්න ඒගොල්ලන්ට වෙලාවක් නැහැ.’ හුඟදෙනෙක් එහෙම හිතල, දේවල් හිතේ තියාගන්නවා. අනිත් අය ඔවුන්ගෙන් කොහොමද කියල ඇහුවොත්, හුඟක් වෙලාවට ඒගොල්ලන්ට කියන්න ඕනෙ කරන දේවල් තියෙනවා වුණත්, කියන්නේ නැහැ කියලයි. ඔවුන්ට පිට කරගන්න බැහැ.

අනිත් අයගේ උදව්වක් ඕනෙ නැති අය ඉන්න බව ඇත්තයි. එහෙත්, උපකාරය තදින්ම ඕන කරල තිබුණත්, ඔවුන්ගේ අද්දැකීම්, හැඟීම් සහ ඉතාම පෞද්ගලික සිතුවිලි හෙළි කරන්න සමහර අය භයයි. ඔබ ඔවුන්ගෙන් කෙනෙක්ද? ඇත්තටම ඔබට විශ්වාස කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැද්ද?

ඒ භය තේරුම්ගැනීම

අද ලෝකය තුළ, පැතිර පවතින බලපෑම වෙලා තියෙන්නේ, අවිශ්වාසයයි. තරුණ අය ඔවුන්ගේ දෙමාපියන් එක්ක කතා කරන්නේ නැහැ. අවංක කතා බහක යෙදෙන්න දෙමාපියන්ට බැහැ. අධිකාරයේ සිටින අයත් එක්ක කතා කරන්න කැමති වෙන්නේ සුළු සංඛ්‍යාවක්. අනුන් වෙතට විශ්වාසයෙන් හැරෙන්න බැරුව සමහරු මත්පැන්, මත්ද්‍රව්‍ය නැත්නම් අශිෂ්ට ජීවන රටාවකට හැරෙන්නේ, ඔවුන්ගේ ගැටලුවලින් බේරෙන්න උත්සාහ කරන්නයි.—හිතෝපදේශ 23:29-35; යෙසායා 56:12.

වංකකම සහ දුරාචාරය ඉවරයක් නැතුව හෙළි වන හින්දා, අධිකාරය හොබවන පූජකයෝ, වෛද්‍යවරු, චිකිත්සකයෝ සහ ගුරුවරු වැනි අය කෙරෙහි ඇති විශ්වාසය සැලෙමිනුයි තියෙන්නේ. උදාහරණයක් හැටියට, එක් තක්සේරුවක් කියන්නේ, පූජකයන්ගෙන් සියයට 10කට වැඩි ප්‍රමාණයක් ලිංගික අනාචාරයේ යෙදී සිටිනවා කියලයි. මෙම “විශ්වාස කඩකරන්නෝ, මිනිස් සම්බන්ධකම්වල මහා විශාල විවර හදනවා” කියා එක ලේඛකයෙක් සඳහන් කරනවා. ඔවුන්ගේ සභාවලට මේක බලපාන්නේ කොහොමද? ඒක විශ්වාසය විනාශ කරනවා.

පැතිර පවතින සදාචාර බිඳ වැටීම පවුල්වල අර්බුද ඇති කිරීමට පවා මඟ පාදා තියෙන්නේ, එහෙං මෙහෙං නෙමෙයි, නමුත් සෑම පවුලක්ම වගේ අඩාල වන තත්වයට පත් කරමිනුයි. නිවසට තිබුණේ ඇති දැඩි කිරීමට හිතකර වටපිටාවක්. අද පවුල හුඟක් වෙලාවට කන බොන වෙලාවට විතරක් යන නිකං තෙල් පිරවුම් හලකට වඩා වැඩි යමක් නෙමෙයි. ‘ජන්ම ස්නේහය නැති’ පවුලක ළමයෙක් වැඩෙන විට, සාමාන්‍ය ප්‍රතිඵලයක් වන්නේ, වැඩිහිටිභාවයේදී, අනිත් අයව විශ්වාස කරන්න බැරි වෙන එකයි.—2 තිමෝති 3:3.

තවදුරටත්, ලෝක තත්වය එන්න එන්නම නරක් වෙද්දී, සිදු විය හැකි අප්‍රසන්න අද්දැකීම්වලට අපි වැඩි වැඩියෙන් නිරාවරණය වෙනවා. එවැනි තත්වයකදී අනාගතවක්තෘ මීකා ලිව්වේ මෙහෙමයි: “හිතේසි මිත්‍රයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න.” (මීකා 7:5) පුංචි බලාපොරොත්තු කඩවීමක්, විශ්වාසය බිඳීමක් හෝ ජීවිතයට මහත් සේ තර්ජනය කරන සිද්ධියක් නිසා, ඔබටත් ඒ විදිහටම හැඟෙන්න පුළුවන්. ආයෙත් අනිත් අයව විශ්වාස කරන්න අමාරු සහ සිතුම් පැතුම් හීන වූ තත්වයක් වර්ධනය වන අතර, දිනපතා චිත්තවේගීය බාධකයක් පිටුපස ජීවත් වෙනවා. (ගීතාවලිය 102:1-7, සසඳන්න.) එවැනි ආකල්පයක් ඔබට ක්‍රියා කරන්න උපකාර කළත්, ‘සිතේ ශෝකය’ ජීවිතයේ සෑම ආකාරයකම නියම සතුට සොරාගන්නවා. (හිතෝපදේශ 15:13) සැබෑව නම්, ආත්මිකවත්, චිත්තවේගීයවත්, මානසිකවත්, ශාරීරිකවත් සෞඛ්‍යසම්පන්නව සිටීම සඳහා, ඒ බාධකය පෙරළිය යුතුයි. ඒත් එක්කම අනිත් අයව විශ්වාස කරන්නත් ඔබ ඉගෙනගත යුතුයි. ඒක කරන්න පුළුවන්ද? ඔව්, පුළුවන්.

බාධකය පෙරළිය යුතු ඇයි?

අනිත් අය මත විශ්වාසය තැබීම දුකෙන් පෙළෙන හදකට සහනය ගෙනෙනවා. හන්නාට මේ අද්දැකීම තිබුණා. ඇයට හොඳ විවාහයක්, සුරක්ෂිත නිවාසයක් තිබුණා, ඒත් ඇය ගැඹුරු ශෝකයක ගිලිලයි සිටියේ. ඇගේ “[ප්‍රාණය] ශෝකයෙන් පීඩිත” තත්වයක තිබුණත්, ඇය ඥානවන්ත ලෙස “ස්වාමීන්වහන්සේට යාච්ඤා” කරන්න පටන්ගත්තා. ඇය කොපමණ තදබලව එසේ කළාද කිව්වොත්, ඇගේ නිශ්චල තොල් පොපියන්න ගත්තා. ඔව්, ඇය යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබුවා. ඊට පසුව, ඇය දෙවිගේ නියෝජිත ඒලීට ඇගේ හද විවර කළා. මොන ප්‍රතිඵල ඇතුවද? “[හන්නා] පිටත්ව ගොස් කෑම කෑවාය, ඇගේ මුහුණද තවත් මලානිකව නොතිබුණේය.”—1 සාමුවෙල් 1:1-18.

ඉතාමත් පෞද්ගලික කාරණා විශ්වාසයෙන් තවකෙකුට කීමෙහි තියෙන වාසි බොහෝ සංස්කෘතීන් දැනහඳුනා ගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන්, එවැනිම තත්වයේ සිටින අය එක්ක අදහස් සහ අද්දැකීම් බෙදාගැනීම වාසිදායක බව ඔප්පු වෙලා තියෙනවා. “චිත්තවේගීය තනිකම රෝග ඇති කරවනවා—සුවදායි මානසිකත්වයෙන් සිටීම සඳහා, අපි කාරණා හෙළි කරන්න ඕනෙ” කියා පර්යේෂකයන් නිගමනය කරනවා. වැඩි වන්නාවූ විද්‍යාත්මක පර්යේෂණ, දේවානුභාවයෙන් ලත් හිතෝපදේශයේ ඇති සත්‍යතාව සනාථ කරනවා. එතන කියන්නේ මෙහෙමයි: “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.”—හිතෝපදේශ 18:1.

ඔබ අනිත් අයට විවෘත වන්නේ නැත්නම්, ඒ අය ඔබට උදව් කරන්නේ කොහොමද? යෙහෝවා දෙවි හෘදයන් කියවන්නෙක් වන අතරේදී, ඔබ එය ඇරියේ නැත්නම්, ඔබේ අභ්‍යන්තර සිතුවිලි සහ හැඟීම් ඔබේ පවුලේ අයටත් හිතමිතුරන්ටත් වැසුණු පොතක් වගෙයි. (1 ලේකම් 28:9) දේවනීති උල්ලංගනය කිරීම මේ ගැටලුවට හේතු වී තියෙනවා නම්, වරද හෙළි කිරීම මඟහැරීම, කාරණය තවත් නරක් කරනවා විතරයි.—හිතෝපදේශ 28:13.

ස්ථිරවම, පීඩිත තත්වයක් විශ්වාසයෙන් යුතුව අනිත් අයට කීමේ තියෙන ප්‍රයෝජන, වේදනාවට පැමිණීමේ අවදානමට වඩා බොහෝ සෙයින් වැඩියි. ඇත්තෙන්ම, අපේ පෞද්ගලික කාරණා වගවිභාගයක් නැතුව එළිදරව් කරන්න යනවා කියා මෙයින් අදහස් කරන්නේ නැහැ. (සසඳන්න විනිශ්චයකාරයන් 16:18; යෙරෙමියා 9:4; ලූක් 21:16.) “එකිනෙකාව කැබලි කරන්ට නැඹුරු වන මිත්‍රයෝද සිටිති” [NW] කියා හිතෝපදේශ 18:24 අනතුරු අඟවන අතර, ඊළඟට එයට මෙහෙම එකතු කරනවා: “එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.” එවැනි මිතුරෙකු සොයාගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද?

ඔබගේ පවුලේ අය කෙරෙහි විශ්වාසය තැබීම

ඔබට ගැටලුවක් තියෙනවා නම්, ඔබේ විවාහ සහකාරයා හෝ සහකාරිය එක්ක නැත්නම් ඔබේ දෙමාපියන් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරලා තියෙනවාද? “හුඟක් ගැටලුවලදී ඕනෙම කරන දේ වෙන්නේ, සාකච්ඡාව ගැඹුරට කරගෙන යන එකයි” කියා පලපුරුදු උපදේශකයෙක් පිළිගන්නවා. (හිතෝපදේශ 27:9) ‘තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේම කරන’ ක්‍රිස්තියානි පුරුෂයනුත්, ‘තමාගේ පුරුෂයන්ට යටත්ව සිටින’ භාර්යාවනුත්, ‘යෙහෝවාගේ මානසික ශික්ෂණයෙන් දරුවන් ඇති දැඩි කරන්න’ යන දිව්‍ය පැවරුම බරපතළ විදිහට ගන්න දෙමාපියනුත්, දයානුකම්පිත ඇහුම්කන් දෙන්නන් සහ ප්‍රයෝජනවත් උපදේශකයන් ලෙස මහන්සි වී වැඩ කරනවා. (එපීස 5:22, 33; 6:4) මාංසික අර්ථයෙන් තමාට භාර්යාවක්වත් දරුවන්වත් නොසිටියත්, මේ කාරණය සම්බන්ධයෙන් යේසු තැබුවේ මොනතරම් මවිතාකාර ආදර්ශයක්ද!—මාර්ක් 10:13-16; එපීස 5:25-27.

එහෙත්, ගැටලුව පවුලේ සාමාජිකයන්ට හසුරුවාගැනීමට බැරි එකක් නම්, කරන්නේ මොකක්ද? ක්‍රිස්තියානි සභාව තුළ, අපි කිසිදාක තනි වෙන්න ඕනෙ නැහැ. “යමෙක් දුර්වල නම්, මමත් දුර්වල නොවෙම්ද?” කියා ප්‍රේරිත පාවුල් කිව්වා. (2 කොරින්ති 11:29) ඔහු මෙහෙම අනුශාසනා කරනවා: “එකිනෙකාගේ බර උසු-[ලන්න].” (ගලාති 6:2; රෝම 15:1) අපගේ ආත්මික සහෝදර සහෝදරියන් අතරේ, ‘විපත්තියේදී පිහිටවීමට ඉපද සිටින එක සහෝදරයෙකුට’ වඩා සොයාගන්න පුළුවන් බවට කිසිම සැකයක් නැහැ.—හිතෝපදේශ 17:17.

සභාව කෙරෙහි විශ්වාසය තැබීම

ලොව වටා යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ සභාවන් 80,000කට වැඩි ගණනක, එකිනෙකාගේ “ප්‍රීතියට ආධාරකාරයෝව” සිටින නිහතමානි පුරුෂයන් ඉන්නවා. (2 කොරින්ති 1:24) මේ අය තමයි වැඩිමහල්ලෝ. මෙය විස්තර කරමින් යෙසායා මෙහෙම කියනවා: ඒ සෑම කෙනෙක්ම “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.” වැඩිමහල්ලන් මහත් සේ උත්සාහ කරන්නේ ඒ වගේ වෙන්නයි.—යෙසායා 32:2; 50:4; 1 තෙසලෝනික 5:14.

‘ශුද්ධාත්මයෙන් නියම’ කරන්න කලින්, වැඩිමහල්ලන් ශුද්ධ ලියවිලිමය සුදුසුකම් අත් කරගන්නවා. මෙය දැනගැනීම, ඔවුන් කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරන්න යනවා. (ක්‍රියා 20:28; 1 තිමෝති 3:2-7; තීතස් 1:5-9) වැඩිමහල්ලෙක් එක්ක ඔබ සාකච්ඡා කරන දෙයක් මුළුමනින්ම රහසිගතව පවතිනවා. මොකද විශ්වාසවන්තභාවය, ඔහුගේ සුදුසුකම්වලින් එකක් හින්දා.—සසඳන්න නික්මයාම 18:21; නෙහෙමියා 7:2.

සභාවේ ඉන්න වැඩිමහල්ලෝ “ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ [ප්‍රාණ] ගැන රැකබලා සිටිති.” (හෙබ්‍රෙව් 13:17) එම පුරුෂයන් කෙරෙහි විශ්වාසය තබන්න මෙය ඔබව පොලඹවන්නේ නැද්ද? ඔක්කොම වැඩිමහල්ලෝ එකම ගුණාංගය එක වගේ පෙන්වන්නේ නැති බව පිළිගන්න ඕනෙ. සමහර අය අනිත් අයට වඩා, ළඟා විය හැකි, කරුණාවන්ත නැත්නම් තේරුම්ගන්නාසුලු අය මෙන් පෙනෙන්න පුළුවන්. (2 කොරින්ති 12:15; 1 තෙසලෝනික 2:7, 8, 11) පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් වැඩිමහල්ලෙක් කෙරෙහි විශ්වාසය තබා ඔහු එක්ක කතා කරන එක හොඳ අදහසක් නෙවෙයිද?

මේ පුරුෂයන්ට මුදල් ගෙවන්නේ නැහැ. ඒ වෙනුවට, යෙහෝවා “මනුෂ්‍යයන්ට තෑගි” වශයෙන් ඔවුන්ව සපයා දී තියෙන්නේ, ඔබට උපකාර කරන්නයි. (එපීස 4:8, 11-13; ගලාති 6:1) ඒ කොහොමද? බයිබලය නිපුණ විදිහට පාවිච්චි කරලා, ඔවුන් ඔබගේ පෞද්ගලික තත්වයට ඒකෙ තියෙන සුව කිරීමේ බලය අදාළ කරනවා. (ගීතාවලිය 107:20; හිතෝපදේශ 12:18; හෙබ්‍රෙව් 4:12, 13) ඒ අය ඔබ වෙනුවෙනුත් ඔබ සමඟත් යාච්ඤා කරනවා. (පිලිප්පි 1:11; යාකොබ් 5:13-18) හිංසාවට පත් වූ ආත්මයක් සුව කරගෙන සාමකාමී මනසක් යළි පිහිටුවා ගන්න, එවැනි ආදරණීය උපදේශකයන්ගේ උපකාරයට බොහෝ දේ කරන්න පුළුවන්.

කොහොමද විශ්වාසවන්ත සම්බන්ධකම් ගොඩනඟා ගන්නේ

උපකාරය පැතීම, උපදෙස් ලබාගැනීම හෝ අඩුම තරමින් ඇහුම්කන් දීම දුර්වලකමේවත් අසමත් වීමේවත් ලකුණක් නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ, අපි අසම්පූර්ණ බවත් කිසිම කෙනෙකුට හැම දෙයක් සඳහාම උත්තරයක් නැති බවත් ඇති සැටියෙන් පිළිගැනීමයි. නිසැකවම, අපිට සිටින ශ්‍රේෂ්ඨතම උපදේශක සහ විශ්වාසය තබන්න පුළුවන් තැනැත්තා නම්, අපේ ස්වර්ගීය පියා වන යෙහෝවා දෙවියි. ගීතිකාකාරයා මෙහෙම කියද්දී අපි ඒකට එකඟ වෙනවා: “ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි.” (ගීතාවලිය 28:7) යාච්ඤාවෙන්, ඕනෙම වෙලාවක කිසිම දෙයක් හංගන්නේ නැතුව ‘අපේ සිත් වැගිරවීමට’ හැකි අතර, ඔහු අපට ඇහුම්කන් දෙන බවත් අපි ගැන සලකන බවත් විශ්වාස කරන්න පුළුවන්.—ගීතාවලිය 62:7, 8; 1 පේතෘස් 5:7.

එහෙත්, සභාවේ ඉන්න අනිත් අය සහ වැඩිමහල්ලන්ව විශ්වාස කිරීමට ඔබ ඉගෙනගන්නේ කොහොමද? මුලින්ම, ඔබව පරීක්ෂා කර බලන්න. ඔබේ භය සඳහා ස්ථිර පදනමක් තියෙනවාද? ඔබ අනිත් අයගේ චේතනා සම්බන්ධයෙන් සැක කරනවාද? (1 කොරින්ති 13:4, 7) සිත රිදවාගැනීමේ අවදානම අඩු කරගන්න මාර්ගයක් තියෙනවාද? ඔව්; ඒ කොහොමද? ආත්මික තලයක අනුන්ව පෞද්ගලිකව හඳුනාගන්න වෑයම් කරන්න. සභා රැස්වීම්වලදී ඔවුන්ට කතා කරන්න. ගෙයින් ගෙට සේවයේ එකට වැඩ කරන්න. විශ්වාසයත් හරියට ගෞරවය වගේ, උපයාගත යුතුයි. ඒ නිසා ඉවසිලිවන්ත වෙන්න. උදාහරණයක් හැටියට, ආත්මික එඬේරෙක්ව දැනහඳුනා ගනිද්දී, ඔහු කෙරෙහි ඔබේ විශ්වාසය වර්ධනය වෙයි. ඔබේ සැලකිල්ලට යොමු වන දේවල් ක්‍රමක්‍රමයෙන් හෙළි කරන්න. ඔහුගේ ප්‍රතිචාරය සුදුසු, අනුකම්පාසහගත, ඥානවන්ත එකක් නම්, ඔබට පුළුවන් තවත් කරුණු හෙළි කිරීමට උත්සාහ කරන්න.

යෙහෝවාගේ සෙසු නමස්කාරකයන්, විශේෂයෙන්ම ක්‍රිස්තියානි වැඩිමහල්ලන්, එකිනෙකා සමඟ තියෙන ඔවුන්ගේ සම්බන්ධකම්වලදී, දෙවිගේ සිත්ගන්නා ගුණාංග අනුගමනය කිරීමට මහන්සි වී වැඩ කරනවා. (මතෙව් 5:48) මෙය සභාව තුළ විශ්වාසවන්තකමේ වාතාවරණයකට ප්‍රතිඵල වෙනවා. දිගු කාලයක් තිස්සේ වැඩිමහල්ලෙක්ව සිටින කෙනෙක් මෙහෙම කියනවා: “සහෝදරයෝ එකක් දැනගන්න ඕනෙ: කෙනෙක් මොනා කළත්, වැඩිමහල්ලෙකුට එයා කෙරෙහි තියෙන ක්‍රිස්තියානි ප්‍රේමය නැතුව යන්නෙ නැහැ. කරපු වැඩේට වැඩිමහල්ලා කැමති නැති වෙන්න පුළුවන්, ඒත් එයා තවමත් එයාගේ සහෝදරයාට ආදරේ කරනවා; ඒ වගේම ඔහුට ඕනෙ කරනවා, ඒ සහෝදරයාට උදව් කරන්න.”

ඉතිං ගැටලුවකදී, තනි වෙලා කියලා හිතන්න උවමනාවක් නැහැ. ඔබේ බර සඳහා උර දීමට උදව් කරන්න පුළුවන් “ආත්මික සුදුසුකම්” තියෙන කෙනෙක් එක්ක කතා කරන්න. (ගලාති 6:1, NW) මතක තියාගන්න, “මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි;” එහෙත් “ප්‍රිය වචන මීවදයක් මෙන් [ප්‍රාණයට] මිහිරිය, ඇටවලට සැපදායකය.”—හිතෝපදේශ 12:25; 16:24.

[26වන පිටුවේ කොටුව]

නෑදෑයෙකුගේ, මිතුරෙකුගේ හෝ ආත්මික සහෝදරයෙකුගේ පෞද්ගලික ගැටලුවකට සහය වීමට ඕනෙම ක්‍රිස්තියානියෙකුගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. උපකාර කරන්නේ කොහොමද කියල ඔබ දන්නවාද?

බලපෑමෙන් යුත් උපදේශකයෙක්

ළඟා විය හැකි කෙනෙකි: මතෙව් 11:28, 29; 1 පේතෘස් 1:22; 5:2, 3

සුදුසු අවස්ථාව තෝරාගන්නවා: මාර්ක් 9:33-37

ගැටලුව තේරුම්ගැනීමට උත්සාහ කරනවා: ලූක් 8:18; යාකොබ් 1:19

ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ: කොලොස්සි 3:12-14

වේදනාකාරි චිත්තවේග සමඟ පොරබදින්න උදව් කරනවා: 1 තෙසලෝනික 5:14; 1 පේතෘස් 3:8

තමාගේ සීමාවල් දන්නවා: ගලාති 6:3; 1 පේතෘස් 5:5

සුවිශේෂී උපදෙස් දෙනවා: ගීතාවලිය 19:7-9; හිතෝපදේශ 24:26

රහසිගතභාවය රකිනවා: හිතෝපදේශ 10:19; 25:9

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න