“ඔයා ළඟා වූ හදවත් අතුරෙන් මම එක් අයෙකු පමණයි”
පසුගිය 1996 ජනවාරියේදී, මොළයේ අර්බුදයක් හේතුවෙන් කැරල් අසනීපව හිටියා. ඇය 60ගණන්වල පසු වූ අතර, ඒ වන තෙක්ම ඇය සැමවිටම සන්තෝෂයෙන් ඉන්න හා දුවලා පැනලා වැඩ කරන ස්ත්‍රියක්. එමෙන්ම වෙනත් අය සඳහා දිරිගන්වන වචනයක් ඇය ළඟ සැමවිටම තිබුණා. එහෙත් වෛද්‍යවරු මෙම මාරාන්තික වැඩීම මැඩපැවැත්වීමට දැඩි වෑයමක් දරමින් හිටියා. ඇයගේ මෙම අරගලය අතරතුරේදී, කැරල්ට මෙම ලිපිය ලැබුණා:
“දයාබර කැරල්:
“ඔයාගේ අසාධ්‍ය සෞඛ්‍ය තත්වය ගැන මට කනගාටුයි. වාසනාවකට, අපිට නියම බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව දැනගන්නත් එයට ප්‍රේම කරන්නත් බයිබලය උපකාර කරනවා. යෙහෝවාගේ රාජ්‍යය පොළොව පාලනය කරයි කියන එක තමයි මේ බලාපොරොත්තුව; එතුළින් අපිට පාරාදීස තත්වයක ජීවත් වෙන්න පුළුවන් වෙනවා; ඒක අපි හැමෝම බලාගෙන ඉන්න කාලයක්.
“ඔයාගේ පෞද්ගලික දේශනා කිරීමේ වැඩය, මිනිසුන් හුඟදෙනෙක්ව සදාකාල මරණයෙන් බේරුවා කියන එක ඔයා දැනගන්නවාට මම කැමතියි. මම මේ මිනිසුන්ගෙන් එක්කෙනෙක්. අපි මුල් වතාවට හමු වුණ දවස ඔයාට මතකද කියලා මම දන්නේ නැහැ. එතකොට මගේ වයස අවුරුදු 20යි. මම කොණ්ඩේ දිගට වවලා හිටියා; මත්ද්‍රව්‍ය විකුණුවා; ඒ වගේම ගණන්කාරයෝ කට්ටියක් එක්ක හැම වෙලාවේම ගැවසුණා. අපි හැමෝගෙම අතේ තුවක්කු තිබුණා. ඒ වගේම අපි, අපි ගැනම සැලකිලිමත් වුණා මිසක් අනුන් ගැන ඇත්තටම ප්‍රේමයක් තිබුණේ නැහැ.
“ඔයා වෙන සාක්ෂිකාරයෙක් එක්ක මගේ දොරට තට්ටු කරලා මට මුරටැඹ හා පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළා. මම ඔයාට ඩොලර් එකක් දෙන්න හදලා කිව්වා මට සඟරා ඕනෙ නැහැ කියලා. ඔයා මට කිව්වා ඔයා ඇවිල්ලා ඉන්නේ පරිත්‍යාග ඉල්ලන්න නෙවෙයි කියලා. ඔයා මට කිව්වා ඔයා කරන්නේ මිනිසුන්ට බයිබලය කියවන්න උපකාර කරන වැඩක් කියලා. මම සඟරා ගත්තාද එහෙම නැත්තං ඒවා කියෙව්වාද කියලා මට නං මතක නැහැ. ඒ වුණත්, ඔයා සත්‍යයේ බීජය මගේ ජීවිතය තුළ වැපුරුවා.
“අවුරුදු ගානකට පස්සේ, මම අම්මලගේ ගෙදර ඉන්නකොට එහෙට ගැරි කියන තව සාක්ෂිකාරයෙක් ආවා. අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඔයා මගේ ගෙදරට ආපු එක ගැන මම එයාට කිව්වා. අන්තිමට එක්දහස් නවසිය අසූහතරේ මම බව්තීස්මය ගන්නකං ගැරි මාත් එක්ක පාඩම් කළා. දැන් මම මගේ ළමයින්ට දේවරාජ්‍යයේ සත්‍යය කියලා දෙනවා.
“ඔයාගේ ඇදහිලිවන්ත සේවා කාලය තුළදී ඔයා ළඟා වූ හදවත් අතුරෙන් මම එක් අයෙකු පමණයි. කොහොම වුණත්, මේ ප්‍රේමනීය කරුණාව නිසා, මටයි මගේ පවුලටයි උතුම් දෙවි වූ යෙහෝවාවත්, එයාගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් යේසුස්වත් දැනගන්න ඔයා හැකි කරවා තියෙනවා. ඔයාව නව පිළිවෙළේ බලාගන්න පුළුවන් වෙන දවස එනකං මම බලාගෙන ඉන්නවා. එදාට යෙහෝවා අපේ හැම කඳුළු බිඳක්ම පිහදාන්න යනවා, ඒ වගේම මරණයත් නැති කරන්න යනවා.—එළිදරව් 21:4.
“මමයි මගේ පවුලයි ගැන කියනවා නං, ඔයාව දැනගන්න ලැබුණ එක ගැනත් ඔයාගේ සාක්ෂිදැරීමේ වැඩයේ කොටසක් වෙන්න පුළුවන් වෙච්ච එක ගැනත් අපි සන්තෝෂ වෙනවා. බොහොම ස්තූතියි.
“සහෝදර සෙනෙහසින් පිරි,
පීට’”
මාස හයක් රෝගාතුරව සිටීමෙන් පසු, කැරල් 1996 මාර්තු මාසයේදී මරණයට පත් වුණා. මෙසේ සිදු වුණේ, අවුරුදු 35ක කාලයක් පුරා ජ්වලිත එවැන්ජලිස්තවරියක් ලෙස සත්‍යයේ බීජ වැපිරීමෙන් පසුවයි. අවුරුදු ගණනාවකට පසුව වුණත්, බීජයකින් ඵල හටගන්නේ කවදාද යන්න කෙනෙකුට කිව නොහැකි බව ඇය ඉගෙනගත්තා.—මතෙව් 13:23.