ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 9/1 5-7 පි.
  • නිදහස කරා යන පටු පාර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිදහස කරා යන පටු පාර
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පටු මාර්ගය නිදහස් කරන අයුරු
  • දෙවියන්වහන්සේගේ උපකාරය අපට සහතිකය
  • ඔවුහු පළල් පාරේ ගමන් කිරීම නතර කළහ
  • සුළු නිදහසකින් යුත් පළල් පාරක්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලුම ආගම් සැබෑද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිගටම යේසුස්ට “සවන් දෙන්න”
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවි දෙන නිදහස
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 9/1 5-7 පි.

නිදහස කරා යන පටු පාර

විශ්වයේ නීති පාලනය වන්නේ ස්වභාවධර්මයේ නීති මගින් බවට විවාද කරන්නේ බුද්ධිමතුන් අතර අතළොස්සක් පමණි. මෙම නීති ඉතා කුඩා පරමාණුවල සිට තාරකා බිලියන ගණනක් අඩංගු විශාල මන්දාකිනි දක්වා, සෑමදෙයක්ම පාලනය කරයි. එසේ නොතිබුණා නම්, සැලසුම් කිරීම හා තේරුම්ගැනීම නොතිබිය හැක; ජීවිතය පවා පැවතිය නොහැක. ස්වභාවධර්මයේ නීති තේරුම්ගැනීමෙන් හා ඒවාට එකඟව කටයුතු කිරීමෙන්, චන්ද්‍රයා මත ඇවිදීම සහ පොළොවේ මොන යම් තැනකින් හෝ පොළොවේ වායුගෝලයට ඔබ්බෙන් පවා ඇති වර්ණවත් රූප, අපගේ නිවාසවල ඇති රූපවාහිනී තිර මත දර්ශනය කිරීම වැනි පුදුමාකාර වික්‍රමයන් ඉටු කිරීමට මිනිසා සමත්වී තිබේ.

එහෙත් සදාචාර නීති සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? ඒවාට එකඟව ජීවත්වීම ඒ හා සමානව ප්‍රයෝජනදායී හා ඵලදායීද? සදාචාර නීති නැතැයි කියා බොහෝදෙනෙකුට හැඟෙන අතර, තමන්ගේම ආශාවන්ට සරිලන දර්ශනයක් හෝ කැමැත්තට ඉඩ දෙන ආගමක් තෝරාගනිති.

එහෙත්, වෙනත් මඟක් සොයාගන්නාවූ, එනම් බයිබලයේ දක්වා ඇති පරිදි ‘ජීවනයට මඟ පෙන්වන පටු මාර්ගය’ සොයාගන්නාවූ සමහරෙක් සිටිති. මෙය සුළුතරයකගේ පමණක් තේරීම වුවත් අප පුදුම නොවිය යුතුය, මන්ද යේසුස්වහන්සේ පටු මාර්ගය ගැන මෙසේ පැවසූසේක: “ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.” (මතෙව් 7:14) ස්වල්පදෙනෙකු පමණක් මන්ද?

පටු මාර්ගය දෙවියන්වහන්සේගේ නීති හා ප්‍රතිපත්ති මගින් සීමා කර තිබෙන බැවිනි. එය සිත්ගනු ඇත්තේ දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට සිය ජීවිතය එකඟ කිරීමට අවංකවම ආශාවක් දක්වන කෙනෙකුට පමණි. නිදහසේ ව්‍යාජ හැඟීමක් ගෙන දෙන නමුත්, යථාර්ථයේදී වහල් බවට පත්වන පළල් පාරට වඩා ඉතා තියුණු වෙනසක් ඇති පටු පාර, සීමා සහිත බව පෙනෙන්ට තිබුණත්, සෑම වැදගත් පැත්තකින්ම කෙනෙකුට නිදහස පිරිනමයි. එහි සීමා තබා තිබෙන්නේ “නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව” මගිනි.—යාකොබ් 1:25.

පටු මාර්ගය නිදහස් කරන අයුරු

සැමවිටම පටු මාර්ගයෙහි සිටීම පහසු දෙයක් නොවන බව සැබෑවකි. සෑම ජීවමාන මිනිසෙකුම අසම්පූර්ණ වන අතර වැරදි කිරීමට උරුම වූ ප්‍රවණතාවක් ඇත. එබැවින් කෙනෙකු නියම මාර්ගයෙන් සුළු වශයෙන් ඉවත්වීමට පෙලඹිය හැක. කෙසේනමුත්, දෙවියන්වහන්සේ ‘අපටම ප්‍රයෝජනවත් වීමට උගන්වන’ බැවින්, අවශ්‍ය කරන ආත්ම-හික්මවීම හෝ හැඩගැස්සීම් කරමින්, ‘අවහිර පාරේ’ සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන කියා නිම කළ නොහැක.—යෙසායා 48:17; රෝම 3:23.

නිදසුනක් වශයෙන්: ඥානවන්ත දෙමව්පියෝ තම දරුවන් සඳහා ලබා දෙන ආහාර සම්බන්ධයෙන් ‘අවහිර පාරක්’ සැලසුම් කරති. සමහරවිට මින් අදහස් කරන්නේ ආහාර ගන්නා වේලාවලදී තදින් සිටීමය. එහෙත් දරුවන් වයසින් මුහුකුරා යන විට, ඔවුන් තම දෙමව්පියන්ගේ ප්‍රේමනීය හික්මවීම අගය කරනු ඇත. වැඩිහිටියන් වශයෙන්, ඔවුන් සෞඛ්‍යසම්පන්න ආහාර සඳහා රුචියක් උපදවාගෙන තිබෙනු ඇත. තවද විවිධ පෝෂ්‍ය ආහාර බහුලව ලබාගත හැකිව තිබෙන බැවින්, ඔවුන්ට කිසිදා සීමාවී ඇති බවක් හැඟෙන්නේ නැත.

ආත්මික ආකාරයකින්, ජීවනයට මඟ පෙන්වන පටු මාර්ගයේ සිටින අය සඳහාද දෙවියන්වහන්සේ කරන්නේ එම දෙයමය. උන්වහන්සේ මොළොක් අය තුළ සන්තෝෂයට සහ සැබෑ නිදහසට මඟ පෙන්වන හිතකර ආශා පෝෂණය කරනසේක. උන්වහන්සේ මෙය කරන්නේ ස්වකීය වචනය වන බයිබලය සැපයීම මගිනි. ඊට අමතරව, අපට උපකාර කිරීම සඳහා උන්වහන්සේගේ ආත්මය ඉල්ලා යාච්ඤා කරන්නයයි උන්වහන්සේ අපට ආරාධනා කරන අතර, පටු මාර්ගයෙහි ගමන් කරමින් සිටීමට අපට උපකාර කළ හැකි සෙසු ක්‍රිස්තියානීන් සමඟ ආශ්‍රය කරන්නයයි උන්වහන්සේ අපට අණ කරනසේක. (හෙබ්‍රෙව් 10:24, 25) එසේය, දෙවියන්වහන්සේ ප්‍රේමය වන අතර මෙම විශිෂ්ට ගුණාංගය, උන්වහන්සේගේ පරමාර්ථ සහ උන්වහන්සේගේ සියලු ක්‍රමවල පදනම වේ.—1 යොහන් 4:8.

ප්‍රේමය, සාමය, යහපත්කම, ආත්ම-දමනය සහ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ වෙනත් ඵල පවතින විට, පටු පාර සීමාවී ඇති බවක් නොපෙනේ. ශුද්ධ ලියවිලි පාඨය පවසන පරිදි, “මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.” (ගලාති 5:22, 23) “ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය.” (2 කොරින්ති 3:17) දැන් පවා, අව්‍යාජ ක්‍රිස්තියානීහු මෙම නිදහසේ රසය අද්දකිමින් සිටිති. අනාගතය ගැන බිය සහ මරණය ගැන මිථ්‍යා බිය වැනි අදදින ජනයාට පීඩා කරන බොහෝ බියවලින් ඔවුන් නිදහස්ය. “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන” අනාගතය ගැන සිතීම කෙතරම් හද පිනවන්නක්ද! (යෙසායා 11:9) එවිට, අපරාධ ගැන බිය පවා නොතිබෙනු ඇත. අගුළු සහ බාධකපොලු සදහටම පහවී තිබෙනු ඇත. සියලුදෙනාටම නිවසේදීත්, පිටතදීත් දිවා, රෑ දෙකෙහිම නිදහස්බවක් හැඟෙනු ඇත. ඇත්තෙන්ම නිදහස වනු ඇත්තේ එයයි!

දෙවියන්වහන්සේගේ උපකාරය අපට සහතිකය

දෙවියන්වහන්සේගේ ප්‍රමිති අනුව ජීවත්වීමට වෙහෙස දැරිය යුතු බව සැබෑය, එහෙත් අසම්පූර්ණ මිනිසුන්ට පවා “උන්වහන්සේගේ ආඥා බර නැත.” (1 යොහන් 5:3) අප පටු මාර්ගය අනුව සකස්වෙමින්, එහි ගමන් කිරීමේ ප්‍රයෝජන අද්දකින විට, පළල් පාරේ සිටින්නන් විදහා දක්වන ක්‍රියාවලට සහ සිතුවිලිවලට, අපි ක්‍රමක්‍රමයෙන් අකමැත්ත වර්ධනය කරගන්නෙමු. (ගීතාවලිය 97:10) දෙවියන්වහන්සේගේ නීතිවලට කීකරුවීම අප තුළ ඇති වඩා හොඳ ස්වභාවයට සිත්ගන්නා දෙයක් වේ. බොහෝදෙනෙකු විදහා දක්වන “සිතේ වේදනා[ව]” සහ “ආත්මයේ පෙළීම” වෙනුවට, දෙවියන්වහන්සේ මෙසේ පොරොන්දු වනසේක: “මෙන්න, මාගේ මෙහෙකරුවන් සිතේ ප්‍රීතියෙන් ගීකිය[ති].” එසේය, යෙහෝවඃවහන්සේ විසින් පුහුණු කරනු ලබන හෘදයක් ප්‍රීතිමත්ය, එමෙන්ම නිදහස්ය.—යෙසායා 65:14.

යේසුස්වහන්සේ මියගියේ, අපට සැබෑ නිදහස ලබාගත හැකිවන පිණිසය. බයිබලය මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) දැන්, දෙවියන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයේ රජු වශයෙන්, යේසුස්වහන්සේ එම පූජාවේ ප්‍රයෝජන සපයා දෙමින් සිටිනසේක. තව කෙටි කලකින්, “මහත් පීඩා[වට]” පසු, පළල් පාර සහ එහි සිටින අය සිය අවසානය අද්දකින විට, උන්වහන්සේ ඉවසිලිවන්ත ලෙස පටු මාර්ගයේ ඉතිරි කොටසේ අවසානය තෙක්, එනම් කීකරු මිනිස්වර්ගයාව මිනිස් පරිපූර්ණත්වය දක්වා ගෙනයෑමට පටන්ගන්නාසේක. (එළිදරව් 7:14-17; මතෙව් 24:21, 29-31) අවසානයේදී අප මෙම උදාර පොරොන්දුවේ ඉටුවීම අද්දකිනු ඇත: “ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය.” දෙවියන්වහන්සේ විසින් දෙන ලද මෙම නිදහස පරදවා යා නොහැක. මරණය පවා පහවී යනු ඇත.—රෝම 8:20, 21; එළිදරව් 21:3, 4.

පටු පාර දිවෙන්නේ කොතැනකටදැයි පැහැදිලිව දැකීමෙන් සහ තේරුම්ගැනීමෙන්, මෙම මඟ තෝරාගෙන, එහි ගමන් කරමින් සිටීමට කෙනෙකුට වඩාත් හොඳින් හැකිවේ. විශේෂයෙන්ම යෞවන අයට කෙටි දුර පමණක් නොදැකීමට හා දෙවියන්වහන්සේගේ ප්‍රමිති මගින් පනවා ඇති සීමා වශයෙන් ඔවුන් සලකන දේ හිරිහැරයක් මෙන් නොහැඟීමට උපකාර කෙරේ. මේවා දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔප්පු කිරීමක් ලෙසත්, එමෙන්ම පළල් පාරේ දුෂ්ට ක්‍රියාවලට එරෙහිව ආරක්ෂාවක් ලෙසත් සැලකීමට ඔවුහු ඉගෙනගනිති. (හෙබ්‍රෙව් 12:5, 6) සැබවින්ම, හොඳ පලතුරු නිපදවීමට පලතුරු ගසකට කාලයක් ගතවන්නාක් මෙන්ම, දේවගුණාංග සහ ආශා වර්ධනය වීමට කාලය ගතවන බව මතක තබාගනිමින් කෙනෙකු ඉවසීමෙන් සිටිය යුතු වේ. එහෙත් ගස ඵල දරන්නේ එයට පෝර හා වතුර දැම්මොත් පමණි.

එමනිසා දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්න, සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කරන්න, තවද ශුද්ධාත්මය ඉල්ලා “නොකඩව යාච්ඤාකර[න්න].” (1 තෙසලෝනික 5:17) “නුඹේ මාවත් සමතලාකර[ගැනීමට]” දෙවියන්වහන්සේ ඔබට උපකාර කරන බවට උන්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබන්න. (හිතෝපදේශ 3:5, 6) එහෙත් මේ සියල්ල ප්‍රායෝගිකද? එය සැබවින්ම ක්‍රියාත්මක වේද? එසේය, පෙර ලිපියේ සඳහන් කළ ටොම්ටත්, එලෙසම මේරිටත් එය ක්‍රියාත්මක විය.

ඔවුහු පළල් පාරේ ගමන් කිරීම නතර කළහ

ටොම් මෙසේ ලියයි: “හැත්තෑ ගණන්වල මැදභාගයේදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු අපේ නිවසට පැමිණි විට අපට ඔවුන් දැනහඳුනා ගන්න ලැබුණා. සාකච්ඡාව බයිබල් පාඩමකට මඟ පෑදුවා. මා පියවරෙන් පියවර මගේ ජීවිතය පිරිසිදු කරගැනීමට පටන්ගත්තා. මා 1982දී බව්තීස්ම වූ අතර, දැන් ප්‍රදේශයෙහි සභාවේ සේවය කරනවා. අපේ පුතාත් දැන් බව්තීස්ම වෙලා ඉන්නේ. මා සත්‍යය ඉගෙනගැනීමට පෙර ගත කළ සියලු වර්ෂවලදී මා සමඟ ඉවසීමෙන් කටයුතු කිරීම වෙනුවෙන් මගේ භාර්යාවට මා ස්තුතිවන්ත වෙනවා. තවද සියල්ලටමත් වඩා යෙහෝවඃවහන්සෙත්, ස්වකීය පුත්‍ර ක්‍රිස්තුස් යේසුස්වහන්සෙත් අපට දී ඇති සියල්ලටත්, එමෙන්ම අනාගතය සඳහා අපට දැන් තිබෙන බලාපොරොත්තුව වෙනුවෙනුත් මා ස්තුතිවන්ත වෙනවා.”

එමෙන්ම මේරි ගැන කුමක් කිව හැකිද? දෙවියන්වහන්සේ කිසිදා ඇයට සමාව නොදෙයි කියා ඇයට හැඟුණ නමුත්, සිය දරුවන්ගේ යහපත උදෙසා උන්වහන්සේ ගැන ඉගෙනීමට ඇයට වුවමනා විය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඇගේ අසල්වාසියාට උගන්වන බව ඇයට දැනගන්න ලැබුණ විට, ඈද උපකාරය පැතුවාය. කෙසේවුවත්, ඇගේ මුල්බැසගත් නරක පුරුදු ඇයට ප්‍රගතිය ලැබීමට දුෂ්කර කරවිය. පාඩමෙන් ලැබූ දියුණුව අක්‍රමවත් විය. එහෙත්, ඇගේ කුඩා හත්-හැවිරිදි දියණිය ඇයට මෙසේ නොකඩවා උනන්දු කළාය. “අම්මා, නවත්වන්න එපා. අම්මාට ඒක කරන්න පුළුවන්!” යයි ඈ කියයි. එවිට මේරි වඩාත් වෑයම් කරයි.

ඇය මෙන්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි, ඇගේ පොදු නීතියට අනුව සැමියාද යළි නිවසට පැමිණි විට, ඔහුද පාඩමට සහභාගි විය. අවසානයේදී දෙදෙනාම තම නරක පුරුදුවලින් ජයගත්හ. ඉන්පසු, තම විවාහය ලියාපදිංචි කර, බව්තීස්ම වීමෙන් පසු, ඔවුන් ඉමහත් සන්තෝෂයක් අද්දුටු අතර පළමු වතාවට සැබෑ පවුලක් මෙන් හැඟිණ. අවසානයේදී ඒඩ්ස් මගින් මේරිගේ ජීවිතය බිලිගැනීම කනගාටුවට කරුණක් වූ නමුත් ඇය මියගියේ නැවතනැඟිටීමක් පිළිබඳ බයිබල් පොරොන්දුවත්, පළල් පාරේ සෑම දුෂ්ට අදහසක්ම පිරිසිදු කළ පාරාදීස පොළොවක් මත ජීවනයත් ගැන ඇගේ හෘදයේ රඳවාගෙනය.

එසේය, විනාශයට මඟ පෙන්වන පළල් හා බොහෝ ඉඩ ඇති පාරෙන් ඉවත්වීමට හැක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය, එනම් එකම සැබෑ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) එසේනම්, ජීවනයට මඟ පෙන්වන පටු මාර්ගයෙහි ගමන් කිරීමට අධිෂ්ඨාන නොකරන්නේ මන්ද? දෙවියන්වහන්සේගේ වචනයෙන් ඔබ ඉගෙනගන්නා දේ හෘදයට ගැනීමෙන් හා අදාළ කරගැනීමෙන්, බයිබලයේ හද උණුසුම් කරන මෙම පොරොන්දුව ඔබට පෞද්ගලිකව අද්දැකිය හැක: “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.”—යොහන් 8:32.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න