අභක්තික සම්ප්‍රදායන්ට විරුද්ධවන්න!
“සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි,” යේසුස්වහන්සේ පැවසූසේක. (යොහන් 8:32) එසේය, ක්‍රිස්තුධර්මය ජනයාව නිදහස් කරයි—එනම් මිථ්‍යා විශ්වාසයන්ට වහල් වීමෙන් නිදහස් වීම, බොරු ධර්මයන් හා බොරු බලාපොරොත්තු කෙරෙහි විශ්වාසයෙන් නිදහස් වීම, පහත් ක්‍රියාවලට බැඳීමෙන් නිදහස් වීම යනාදියය.
කෙසේවුවත්, පැරණි කාලයේ මෙන්, අදදින ක්‍රිස්තියානීහු බොහෝවිට කලින් පැවැත්වූ සම්ප්රදායන්වලට යළි නැඹුරු වීමේ පීඩනයකට මුහුණදෙති. (ගලාති 4:9, 10) සියලු ජනප්‍රිය සිරිත් විරිත් හානිකරයයි මින් අදහස් කරනවා නොවේ. ඇත්තෙන්ම, හිතකර හා ප්‍රයෝජනවත් දේශීය සිරිත් විරිත් අනුගමනය කිරීමට ක්‍රිස්තියානියෙක් තෝරාගන්නවා විය හැක. එහෙත් එම සිරිත් විරිත් දේවවචනයට පටහැනි වන අවස්ථාවලදී, ක්‍රිස්තියානීහු ඇදහිල්ල පාවා නොදෙති. මෙබැවින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දේවවචනය හා ගැටෙන නත්තල් උත්සව, උපන්දිනයන් සහ වෙනත් සිරිත් විරිත්වලට සහභාගි වීම ප්‍රතික්ෂේප කරන බවට ඉතා-ප්‍රසිද්ධය.
මෙම නිර්භීත ස්ථාවරත්වය බොහෝවිට හිතමිතුරන්ගෙන්, අසල්වාසීන්ගෙන් හා නොඇදහිලිවන්ත නෑදෑයන්ගෙන් සරදම් හා විරුද්ධවාදීකම් බොහොමයක් ලැබීමට සලස්වා ඇත. විශේෂයෙන්ම ඇතැම් අප්‍රිකානු රටවල මෙය සැබෑවක් වී තිබේ, මෙහිදී අවමංගල්යවල, විවාහ මංගල්‍යවල සහ දරු උපත්වලදී සම්ප්‍රදායන් විශාල සමූහයක් පොදුවේ පැවැත්වේ. මේවාට අනුකූල වීම සඳහා තිබෙන පීඩන ඉතා විශාල සේ දිස්විය හැක—බොහෝවිට ප්රචණ්ඩත්වයේ තර්ජන හා ක්‍රියා මීට ඇතුළත්ය. එහි ක්‍රිස්තියානීන්ට ස්ථිරත්වයකින් සිටිය හැකි වන්නේ කෙසේද? ඇදහිල්ල පාවා නොදී විරුද්ධවාදීකම් වැළැක්වීමට හැකියාවක් තිබේද? පිළිතුරු වශයෙන්, ශුද්ධ ලියවිලිමය නොවන සමහර සම්ප්‍රදායන් සමඟ ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් ක්‍රියා කළේ කෙසේදැයි අපි සලකා බලමු.
මිථ්‍යා විශ්වාසයන් සහිත අවමංගල්‍ය සිරිත් විරිත්
දකුණු අප්‍රිකාවෙහි අවමංගල්‍යයන්ට හා භූමදානයන්ට සම්බන්ධිත සම්ප්‍රදායන් විශාල ගණනක් ඇත. සාමාන්‍යයෙන්ම ශෝක වන්නෝ මුළු රාත්‍රියම—නැතහොත් රාත්‍රි කිහිපයක්—නිරතුරුවම ගිනි දැල්වෙමින් තිබෙන වැලපීමේ නිවසෙහි ගත කරති. භූමදානය අවසන් වන තුරු ඉවීම, කොණ්ඩෙ කැපීම හෝ නෑම පවා වියෝ දුකින් පෙළෙන්නන්ට තහනම්ය. ඉන්පසු, ඔවුහු තමන්ව විශේෂ ඖෂධ පැළෑටි මිශ්‍රණයකින් දෝවනය කරගත යුතුව ඇත. ක්‍රිස්තියානීන්ට එවැනි සිරිත් විරිත් පිළිගත හැකිද? නැත. ඒ සියල්ල ආත්මයේ අමරණීයභාවය කෙරෙහි විශ්වාසයක් හා මළවුන් ගැන අනිසි බියක් පිළිබිඹු කරයි.
දේශනාකාරයා 9:5 මෙසේ පවසයි: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති.” මෙම සත්‍යය දැන සිටීමෙන් ‘මළ අයගේ ආත්ම’ සම්බන්ධයෙන් කෙනෙකුට ඇති බියෙන් ඔහුව නිදහස් කරයි. එහෙත් හොඳ චේතනාවකින් පෙලඹෙන නෑදෑයන් විසින් වත් පිළිවෙත්වලට සහභාගි විය යුතුයි කියා ක්‍රිස්තියානියෙකුට පැවසුවහොත්, ඔහු හෝ ඈ කුමක් කළ යුතුද?
පියා මියගිය ජේන් නමැති අප්‍රිකානු සාක්ෂිකාරියකගේ අද්දැකීම සලකා බලන්න. අවමංගල්‍ය නිවසට පැමිණි විට, මළ තැනැත්තාගේ ආත්මය සනසනු වස්, මුළු රැය පුරා මිනිපෙට්ටිය වටේට නටන්නයයි ඇයටත්, ඇගේ පවුලේ ඉතිරි අයටත් වහාම පවසනු ලැබීය. “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වශයෙන් මට එවැනි ක්‍රියාවලට සහභාගි විය නොහැකියයි මා ඔවුන්ට පැවසුවා,” යයි ජේන් විස්තර කරයි. “කෙසේවුවත්, භූමදානයට පසුදා, මළ තැනැත්තාගේ ආත්මයෙන් තවදුරටත් ආරක්ෂා වීමට, වියෝ දුකින් පෙළෙන සාමාජිකයන්ව නාවන බව වයසින් වැඩි නෑදෑයෝ පැවසුවා. නැවතත් මා සහභාගි වීමට ප්‍රතික්ෂේප කළා. ඒ සමඟම, අම්මාව නිවසක වෙන් කර තැබුවා. ඇයව බලන්න වුවමනා වූ ඕනෑම කෙනෙකුට ප්‍රථමයෙන්ම එම අරමුණ වෙනුවෙන් සූදානම් කර තිබූ මත්පැන් පානයක් බොන්ට සිදුවුණා.
“මා මේ එකකටවත් හවුල් වීම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට මා යම් ආහාරයක් පිළියෙළ කරන පිණිස නිවසට ගියා, මා මෙම ආහාර අම්මා සිටි නිවසට ගෙනගියා. මෙය ඇත්තෙන්ම මගේ පවුලේ අයව අධෛර්යයට පත් කළා. මා සිටින්නේ සාමාන්‍ය තත්වයක නොවේයයි මගේ නෑදෑයන් සිතුවා.” ඊටත් වඩා, ඔවුන් ඇයට සරදම් කර, මෙසේ පවසමින් ඇය වෙත නපුර කැඳෙව්වා: “ඔබේ ආගම හේතුවෙන් ඔබ අපේ සම්ප්රදාය ප්‍රතික්ෂේප කර තිබෙන නිසා, ඔබේ පියාගේ ආත්මය ඔබට කරදර කරයි. ඒ විතරක් නෙවේ, ඔබට දරුවන්ව පවා බිහි කරන්ට නොහැකි වෙන්න පුළුවන්.” එහෙත්, ජේන් තර්ජනයට බිය නොවූවාය. ප්‍රතිඵලය? ඈ මෙසේ පවසයි: “ඒ අවස්ථාවේදී මට දරුවන් දෙදෙනෙක් සිටියා. දැන් මට හයදෙනෙක් ඉන්නවා! මා යළි කවදාවත් දරුවන් නොලබනු ඇතැයි පැවසූ අයව මින් ලජ්ජාවට පත් කර තිබෙනවා.”
ලිංගික “පිරිසිදු කිරීම”
යම් කෙනෙකුගේ කලත්‍රයාගේ මරණයෙන් පසු උත්සවාකාරයෙන් පිරිසිදු කිරීම, තවත් සම්ප්රදායක් වේ. බිරිඳක් මියෙයි නම්, ඇගේ පවුලේ අය, බිරිඳගේ සහෝදරියක හෝ මියගිය සිය බිරිඳගේ සමීපම නෑයෙකු වන වෙනත් ස්ත්‍රියක කනවැන්දුම් තැනැත්තා වෙත ගෙනෙනු ඇත. ඇය සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට ඔහු බැඳී සිටියි. ඔහුට තමා කැමති කෙනෙකු විවාහ කරගත හැක්කේ එවිට පමණි. ස්ත්‍රියකගේ සැමියා මියෙන විට සිදුවන්නේත් එම දෙයමය. මෙම ක්‍රියාව මගින් ජීවත් වන කලත්‍රයාව මියගිය සහකරුගේ “ආත්මයෙන්” පවිත්‍ර කරයි කියා කල්පනා කරනු ලැබේ.
එවැනි “පිරිසිදු කිරීමකට” යටත් වීමට ප්‍රතික්ෂේප කරන කවරෙකු හෝ නෑයන්ගේ බලවත් කෝපයට පාත්‍ර වීමේ තර්ජනයට ලක්වේ. ඔහු හෝ ඇය හුදකලා විය හැක, එමෙන්ම සමච්චලයට හා අනතුරට පත් කිරීමේ ප්රකාශයන්ට භාජන වේ. කෙසේනමුත්, ක්‍රිස්තියානීහු මෙම සිරිත අනුගමනය කිරීමට ප්‍රතික්ෂේප කරති. “පිරිසිදු කිරීමේ” ආකාරයකට වඩා, විවාහයෙන් පිටත ලිංගික සබඳතා දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ අපවිත්‍ර දෙයක් බව ඔවුහු දනිති. (1 කොරින්ති 6: 18-20) තවදුරටත්, ක්‍රිස්තියානීන් “ස්වාමීන්වහන්සේ තුළ පමණක්” විවාහ විය යුතුව ඇත.—1 කොරින්ති 7:39.
වයලට් නමැති සැම්බියානු ජාතික ක්‍රිස්තියානි ස්ත්‍රියකට සිය සැමියා අහිමි විය. අනතුරුව, නෑදෑයෝ ඇය වෙත මිනිසෙකු ගෙන අවුත්, ඔහු සමඟ ලිංගික සබඳතා පැවැත්විය යුතුයයි ඇයට බල කර සිටියහ. වයලට් ප්‍රතික්ෂේප කළ අතර, දඬුවමක් ලෙස පොදු ළිඳෙන් ජලය ඇදීමෙන් වළක්වනු ලැබීය. ඇයට අනතුරක් නොවන පිණිස, ප්‍රධාන මාර්ගයෙහි ගමන් නොකරන ලෙසටද ඇයට අනතුරු ඇඟවීය. කෙසේනමුත්, නෑදෑයන්ගේ හෝ සෙසු ගම්වැසියන්ගේ තර්ජන ගර්ජනවලට ඈ බිය නොවූවාය.
පසුව වයලට්ට ප්‍රාදේශීය උසාවියකින් සිතාසි නිකුත් කරනු ලැබීය. එහිදී නීති විරෝධී ලිංගික සබඳතාවල යෙදීමට ප්‍රතික්ෂේප කිරීම සඳහා ඈ නොසැලී තම ශුද්ධ ලියවිලිමය හේතු පැහැදිලි කළාය. ඇගේ විශ්වාසයන්ට පටහැනි වූ දේශීය සිරිත් විරිත් හා සම්ප්‍රදායන් පිළිපැදීමට, ඇයට බල කිරීමට උසාවියට නොහැකි බව පවසමින් ඇයට පක්ෂව අධිකරණය තීන්දුව දිණ. ඇදහිල්ල පාවා දීමට ඇය තරයේ ප්‍රතික්ෂේප කිරීම මගින්, පසුව එම ප්‍රශ්නයටම මුහුණදුන් වෙනත් සාක්ෂිකරුවන් මත ඇති වූ පීඩනය අඩු කිරීමට සැලැස්වීම සිත්ගන්නා කරුණකි.
මොනිකා නම් අප්‍රිකානු සාක්ෂිකාරියක් තම සැමියා මියගිය විට එවැනිම පීඩනයකට යටත් නොවී සිටියාය. එම මිනිසාගේ පවුලේ අය ඇයට වෙනත් සැමියෙකු දීමට බල කර සිටියහ. මොනිකා මෙසේ පවසයි: “මා 1 කොරින්ති 7:39හි අණට කීකරු වීමට අධිෂ්ඨාන කරගනිමින්, එය ප්‍රතික්ෂේප කළා.” එහෙත් බල කිරීම නැවතුණේ නැත. “ඔවුන් මට තර්ජනය කළා,” යයි මොනිකා සිහිකරයි. “ඔවුන් මෙසේ පැවසුවා: ‘ඔබ ප්‍රතික්ෂේප කළොත් ඔබට යළි කවදාවත් විවාහ වෙන්න ලැබෙන්නේ නෑ.’ මගේ සෙසු ක්‍රිස්තියානීන්ගෙන් සමහරෙක් රහසිගතව මෙයාකාරයෙන් චාරිත්‍රානුකූලව පිරිසිදු කරගැනීමක යෙදී ඇතැයි කියාද ඔවුන් පැවසුවා.” කෙසේනමුත්, මොනිකා ස්ථිරව සිටියාය. “මා වසර දෙකක් තනිකඩව සිට පසුව නැවතත් ක්‍රිස්තියානි ආකාරයකින් විවාහ වුණා,” යයි ඈ පවසයි. මොනිකා දැන් ස්ථාවර පුරෝගාමියක වශයෙන් සේවය කරයි.
ගබ්සාවීම් හා මළ දරු උපත්
දකුණු අප්‍රිකාවේ ක්‍රිස්තියානීන් ගබ්සාවීම් හා මළ දරු උපත් වටා සැකසුණු සිරිත් විරිත් සමඟද කටයුතු කළ යුතුය. එවැනි දුක්ඛදායක සිද්ධීන්—දිව්‍යමය දඬුවමක් නොව—මිනිස් අසම්පූර්ණත්වයේ ප්‍රතිඵලය වේ. (රෝම 3:23) එහෙත් ස්ත්‍රියකට ගබ්සාවක් සිදුවුවහොත්, යම් කලකට ඇයව සමාජයෙන් පිටමං කළ තැනැත්තියක ලෙස සැලකිය යුතු බවට ඇතැම් අප්‍රිකානු සම්ප්‍රදායන් මගින් බල කරනු ලැබේ.
මෑතකදී ගබ්සාවක් සිදුවූ ස්ත්‍රියක් තම නිවස වෙතට සාක්ෂිකරුවෙකු එනවා දැකීමෙන් පුදුමයට පත්වූවාය. ඔහු ළඟාවූ විට, ඈ ඔහුට මෙසේ පැවසුවාය: “මෙහෙට එන්න එපා! අපේ සිරිතට අනුව, අලුත ගබ්සාවක් සිදුවුණ ස්ත්‍රියක බැහැදැකීමට පැමිණීම නොකළ යුතුයි.” කෙසේවුවත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියලු ආකාර මිනිසුන් වෙත බයිබල් පණිවුඩය ගෙන යන අතර, ඔවුන් ගබ්සාවීම් සම්බන්ධ දේශීය සම්ප්‍රදායන් පවත්වන්නේ නැති බවත්, සාක්ෂිකරුවා ඇයට පැවසුවේය. එවිට දෙවියන්වහන්සේගේ රාජ්‍යය යටතේදී ගබ්සාවීම් හා මළ දරු උපත්, හට නොගනු ඇති බව පැහැදිලි කරමින් ඔහු ඇයට යෙසායා 65:20, 23 කියෙව්වේය. ප්‍රතිඵලයක් වශයෙන්, ස්ත්‍රිය නිවාස බයිබල් පාඩමකට කැමති වූවාය.
මැරී උපදින දරුවන්ගේ භූමදානය සමඟද මිථ්‍යා සිරිත් විරිත් තිබිය හැක. ජෝසෆ් නමැති සාක්ෂිකරුවෙකු එවැනි භූමදානයකට ගියවිට, පැමිණ සිටින සියල්ලන්ම යම් ඖෂධ පැළෑටි වර්ගයකින් අත් දෝවනය කොට, තම පපු මත ඖෂධය ඇතිල්ලිය යුතුයයි ඔහුට පැවසීය. ළදරුවාගේ “ආත්මය” යළි පැමිණ ඔවුන්ට හානි කිරීමෙන් වළකින බව මෙමගින් පැවසේ. මළ අයට ජීවත්ව සිටින්නන්ට හානි කළ නොහැකිය යන බයිබල් ඉගැන්වීම දන්නා ජෝසෆ් ගෞරවාන්විතව එය ප්‍රතික්ෂේප කළේය. තවදුරටත්, ඖෂධ ගල්වන්නයයි සමහරු ඔහුට බල කිරීමට වෑයම් කළහ. ජෝසෆ් නැවත වරක් ප්‍රතික්ෂේප කළේය. මෙම ක්රිස්තියානිවරයාගේ නිර්භීත ස්ථාවරය දුටු, පැමිණ සිටි වෙනත් අයද එලෙසම එම ඖෂධ පැළෑටි ප්‍රතික්ෂේප කළහ.
ගැටුම්වලින් වැළකී, ස්ථිරව සිටින්න
ජීවත් වන අයට බිය හා සමාජයෙන් පිටමං කරයි යන දැඩි බිය, ඇදහිල්ල පාවා දීමට බලවත් බලවේගයන් විය හැක. හිතෝපදේශ 29:25 මෙසේ පවසයි: “මනුෂ්‍යයාට භයවීම මලපතක්ය.” එම පදයේ අග කොටසේ ඇති සත්‍යතාව ඉහත සඳහන් අද්දැකීම්වලින් විදහාපායි: “එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.”
කෙසේවුවත්, බොහෝවිට ගැටුම්වලින් වැළකිය හැකිය. උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තියානියෙකුට නෑදෑයෙකුගේ අවමංගල්‍යයට ආරාධනා කරනු ලැබුවහොත්, ඔහු තමාගේ ඇදහිල්ල පාවා දිය හැකි තත්වයකට පත්ව සිටින්නේයයි තමාට දැනෙන තුරුම නොසිටිය යුතුය. “නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි; අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.”—හිතෝපදේශ 27:12.
සිදු කෙරෙනු ඇත්තේ කුමන සිරිත් විරිත්දැයි උපායශීලීව අසා දැනගැනීම නුවණට හුරුය. ඒවා නුසුදුසු දේවල් නම්, “මෘදුකමින්ද යටහත්කමින්ද [ගැඹුරු ගෞරවයෙන් යුතුවද, NW]” පැහැදිලි කිරීමට මෙම අවස්ථාව යොදාගැනීමට ක්‍රිස්තියානියෙකුට හැක. (1 පේතෘස් 3:15) ක්‍රිස්තියානියෙකු බයිබලය මත පදනම් තම ස්ථාවරත්වය ගැන කලින්ම ගෞරවාන්විතව පැහැදිලි කළ විට, ඔහුගේ නෑදෑයන් සාමාන්‍යයෙන්ම ඔහුගේ විශ්වාසයන්ට වඩාත් ගරු කිරීමට නැඹුරු වන අතර, තර්ජන කිරීමට හා තර්ජනයෙන් බියගැන්වීමට නැඹුරු වන්නේ අඩුවෙනි.
නෑදෑයන්ගේ ප්‍රතිචාරය කුමක්වුවත්, දෙවියන්වහන්සේට අගෞරවය ගෙනෙන සම්ප්‍රදායන්—එනම් ඔහු මත කුමන තර්ජනයක් හෝ පීඩාවක් පතිත වුවත්, ඒවා—අනුගමනය කිරීමෙන් ක්‍රිස්තියානියෙකුට හුදෙක් සිය ඇදහිල්ල පාවා දිය නොහැක. අපි මිථ්‍යා බියෙන් නිදහස් වී සිටින්නෙමු. ප්‍රේරිත පාවුල් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය: “ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටපල්ලා.”—ගලාති 5:1.
[29වන පිටුවේ පින්තූරය]
මෑතකදී මියගිය පුද්ගලයෙකුට, කලකට පෙර මියගිය නෑදෑයන් වෙත පණිවිඩ ගෙනයමින්, මැදහත්කාරයෙකු වශයෙන් ක්‍රියා කිරීමට හැකියයි බොහෝදෙනෙක් විශ්වාස කරති