දිව්‍යාණ්ඩු තන්ත්රයක සිටින එඬේරු සහ බැටළුවෝ
“ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගලවනසේක.”—යෙසායා 33:22.
1. පළමු සියවසේ ක්‍රිස්තියානින් සහ වත්මන් ක්‍රිස්තියානින් දිව්‍යාණ්ඩු තන්ත්රයක් බව කිව හැක්කේ කෙසේ ද?
දිව්‍යාණ්ඩු තන්ත්රය යනුවෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ විසින් කෙරෙන පාලනයකි. යෙහෝවඃ වහන්සේගේ අධිකාරිත්වය පිළිගෙන ජීවිතයේ අප ගන්නා ලොකු කුඩා තීරණවල දී උන් වහන්සේගේ මඟ පෙන්වීම් සහ උපදෙස් අනුගමනය කිරීම මීට ඇතුළත් වෙයි. පළමු-සියවසේ සභාව අව්‍යාජ දිව්‍යාණ්ඩු තන්ත්රයක් විණි. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] අපේ රජ්ජුරුවෝය” යයි අවංක ව පැවසීමට එකල ක්‍රිස්තියානින්ට හැකි විය. (යෙසායා 33:22) ආලේප ලත් ඉතිරි කොටස එහි න්‍යෂ්ටිය හැටියට ක්‍රියාකරන, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ වත්මන් සංවිධානය ද, ඒ හා සමාන ව ම සැබෑ දිව්‍යාණ්ඩු තන්ත්රයක් ය.
අද දින අප දිව්‍යාණ්ඩුමය වන්නේ කිනම් ආකාරවලින් ද?
2. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් උන් වහන්සේගේ පාලනයට යටත් වන එක් ආකාරයක් කුමක් ද?
2 යෙහෝවඃ වහන්සේගේ භූමික සංවිධානය දිව්‍යාණ්ඩු තන්ත්රයක් යයි කීමට අපට හැක්කේ කෙසේ ද? කෙසේදයත්, එයට අයත් වන අය, යෙහෝවඃ වහන්සේගේ පාලනයට සැබවින් ම යටත් වන හෙයිනි. තව ද යෙහෝවඃ වහන්සේ විසින් රජු වශයෙන් සිංහාසනාරූඪ කරනු ලැබ සිටින තැනන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මඟ පෙන්වීම ඔවුහු අනුගමනය කරති. නිදසුනක් වශයෙන්, අන්තිම කාලයේ දී, ශ්‍රේෂ්ඨ දිව්යාණ්ඩුකරුවාණන් විසින් යේසුස් වහන්සේ වෙත මෙම ඍජු අණ දෙන ලදි: “ඔබවහන්සේගේ දෑකැත්ත යොමා කැපුවමැනව. මක්නිසාද පොළොවේ ගොයම් පැසී තිබෙන බැවින් කපන කාලය පැමිණ තිබේ.” (එළිදරව් 14:15) යේසුස් වහන්සේ කීකරු වී පොළොවේ අස්වැන්න නෙලීම භාර ගන්නා සේක. ජ්වලිත ව ශුභාරංචිය දේශනා කිරීමෙන් සහ ගෝලයන් සෑදීමෙන් ක්‍රිස්තියානිහු මෙම වැඩයෙහි තම රජුට අනුග්‍රහ දක්වත්. (මතෙව් 28:19; මාර්ක් 13:10; ක්‍රියා 1:8) මෙසේ කිරීමෙන්, ඔවුහු ද ශ්‍රේෂ්ඨතම දිව්යාණ්ඩුකරුවාණන් වන යෙහෝවඃ වහන්සේගේ හවුල් වැඩකරුවන් වෙත්.—1 කොරින්ති 3:9.
3. සදාචාරය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ක්‍රිස්තියානින් දිව්‍යාණ්ඩු තන්ත්රයට යටත් වන්නේ කෙසේ ද?
3 හැසිරීම සම්බන්ධයෙන් ද ක්‍රිස්තියානිහු දෙවියන් වහන්සේගේ පාලනයට යටත් වෙති. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශ වෙන පිණිස ආලෝකයට එන්නේය.” (යොහන් 3:21) අද දින, සදාචාර ප්‍රමිති සම්බන්ධයෙන් නිමක් නැති විවාද තිබේ, නමුත් ක්‍රිස්තියානින් අතර මෙම වාදවිවාදවලට කිසිඳු තැනක් නොමැත. ඔවුන් දුරාචාරය ලෙස දකින්නේ යෙහෝවඃ වහන්සේ දුරාචාරය බවට පවසන දෙයයි, එමෙන් ම, වසංගතයකින් වැළකී සිටින්නාක් මෙන්, ඔවුහු එයින් වැළකී සිටිත්! එමෙන් ම ඔවුහු පවුල් රැකබලා ගනිති, තම දෙමාපියන්ට කීකරු වෙති, එමෙන් ම බලයලත් මුලාදෑනීන්ට යටත් වී සිටිති. (එපීස 5:3-5, 22-33; 6:1-4; 1 තිමෝති 5:8; තීතස් 3:1) මෙසේ, ඔවුහු දෙවියන් වහන්සේට එකඟ ව දිව්‍යාණ්ඩුමය ලෙස ක්‍රියා කරත්.
4. ආදම් සහ ඒව මෙන් ම සාවුල් විසින් විදහා දක්වන ලද වැරදි ආකල්ප මොනවා ද, තව ද ක්‍රිස්තියානින් ඊට වඩා වෙනස් ආකල්පයක් දක්වන්නේ කෙසේ ද?
4 ආදම් සහ ඒවට පාරාදීසය අහිමි වූයේ, හරි දේ කුමක් ද වැරදි දේ කුමක් ද යන්න ගැන තමන්ගේ ම තීරණ ගැනීමට ඔවුන්ට වුවමනා වූ බැවිනි. යේසුස් වහන්සේට වුවමනා වූයේ හරියට ම ඊට විරුද්ධ දෙයයි. උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “මාගේම කැමැත්ත නොව, මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත සොයමි.” ක්‍රිස්තියානින් සොයන්නේ ද එම දෙයමයි. (යොහන් 5:30; ලූක් 22:42; රෝම 12:2; හෙබ්‍රෙව් 10:7) ඊශ්‍රායෙලයේ පළමු රජ වූ සාවුල්, යෙහෝවඃ වහන්සේට කීකරු වූ නමුත්, එසේ කළේ අඩ වශයෙනි. ඔහු ව ප්‍රතික්ෂේප කරන ලද්දේ මේ හේතුව නිසා ය. සාමුවෙල් ඔහුට මෙසේ පැවසී ය: “පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් [අවධානය යොමු කිරීමත්, NW] හොඳය.” (1 සාමුවෙල් 15:22) ඇතැම් විට දේශනා සේවයේ නිති පතා හවුල් වීමෙන් හෝ රැස්වීම්වලට පැමිණීමෙන් යම් තරමකට යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත අනුගමනය කරන මුත්, සදාචාරය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් හෝ යම් වෙනත් ආකාරවලින් ඇදහිල්ලේ ස්ථාවරය අත්හැරීම දිව්‍යාණ්ඩුමය වේ ද? ඇත්තෙන් ම නැත! අපි ‘මුළු ආත්මයෙන් ම දේව කැමැත්ත කිරීමට’ දැඩි පරිශ්‍රමයක් දරමු. (එපීස 6:6; 1 පේතෘස් 4:1, 2) සාවුල් මෙන් නොවී, අපි දෙවියන් වහන්සේගේ පාලනයට මුළුමනින් ම යටත් වෙමු.
නවීන දිව්‍යාණ්ඩු තන්ත්රයක්
5, 6. යෙහෝවඃ වහන්සේ අද දින මිනිස් වර්ගයා සමඟ කටයුතු කරන්නේ කෙසේ ද, තව ද මෙම විධිවිධානය සමඟ සහයෝගය දැක්වීමෙන් ඇති වන ප්‍රතිඵලය කුමක් ද?
5 අතීතයේ දී, යෙහෝවඃ වහන්සේ පාලනය කරමින්, අනාගතවක්තෘවරුන්, රජවරුන් සහ ප්‍රේරිතයන් වැනි පුද්ගලයන් තුළින් සත්‍යතාවයන් එළිදරව් කළ සේක. අද දින, තවදුරටත් තත්ත්වය එසේ නොවේ; ආනුභාවය ලත් ප්‍රොපේතවරු හෝ ප්‍රේරිතයන් අද නැත. ඒ වෙනුවට, යේසුස් වහන්සේ පැවසුවේ, උන් වහන්සේගේ රාජකීය පැමිණ සිටීමේ දී, විශ්වාසවන්ත අනුගාමිකයන් මණ්ඩලයක්, එනම් “විශ්වාසවූ නුවණ ඇති දාසයෙක්” හඳුන්වා දෙනු ඇති බවත්, තමා සන්තක සියලු දේ කෙරෙහි පත් කරනු ඇති බවත් ය. (මතෙව් 24:45-47; යෙසායා 43:10) වර්ෂ 1919 දී, මෙම දාසයා වනාහි ආලේප ලත් ක්‍රිස්තියානින්ගේ ඉතිරි කොටස ලෙස හඳුන්වා දෙන ලදි. එවක් පටන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය මගින් නියෝජනය වන එය, පොළොව මත දිව්‍යාණ්ඩු තන්ත්රයේ කේන්ද්‍රස්ථානය වී තිබේ. ලොව වටා ම ශාඛා කමිටු, සංචාරක අවේක්ෂකයන් සහ සභා වැඩිමහල්ලන් මගින් මෙම පාලක මණ්ඩලය නියෝජනය වේ.
6 දිව්‍යාණ්ඩු සංවිධානය සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම දිව්‍යාණ්ඩු තන්ත්රයට යටත් වීමෙහි ලා අති වැදගත් කොටසක් ය. ලොව වටා සිටින “සහෝදර සමාගමේ” එක්සත්කම හා පිළිවෙළ ඇතිවන්නේ එවන් සහයෝගිතාවයකිනි. (1 පේතෘස් 2:17) ප්‍රතිඵලයක් වශයෙන්, මෙය “වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේ” වන යෙහෝවඃ වහන්සේගේ සතුටට හේතුවක් වෙයි.—1 කොරින්ති 14:33.
දිව්‍යාණ්ඩු තන්ත්රයක සිටින වැඩිමහල්ලෝ
7. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් දිව්‍යාණ්ඩුමය ලෙස පත් කරනු ලැබ තිබෙන බව කිව හැක්කේ මන්ද?
7 තමන් දරන අධිකාරිමය තත්ත්වය කුමක් වුවත්, පත් කරන ලද සියලු වැඩිමහල්ලෝ, අවේක්ෂකයෙකු හෙවත් වැඩිමහල්ලෙකුගේ නිලය සඳහා බයිබලයේ ගෙන හැර දක්වා ඇති සුදුසුකම් සපුරාලති. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9) තව ද, එපීසවරුන්ට දුන් පාවුල්ගේ වදන් සියලු වැඩිමහල්ලන්ට අදාළ වෙයි: “ඔබ කෙරෙහිත්, දෙවියන් වහන්සේගේ සභාව කෙරෙහි එඬේරකම් කිරීමට අවේක්ෂකයන් වශයෙන් ඔබ ව ශුද්ධාත්මය විසින් පත් කොට ඇති රැළ කෙරෙහිත් අවධානය යොමු කරන්න.” (ක්‍රියා 20:28, NW) එසේ ය, වැඩිමහල්ලන් පත් කරනු ලැබ ඇත්තේ යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් පැමිණෙන ශුද්ධාත්මය මගිනි. (යොහන් 14:26) ඔවුන්ගේ පත්වීම දිව්‍යාණ්ඩුමය වෙයි. එපමණක් ද නොව, ඔවුහු දෙවියන් වහන්සේගේ රැළ රැක බලා ගනිති. රැළ අයත් වන්නේ යෙහෝවඃ වහන්සේට ය, වැඩිමහල්ලන්ට නොවේ. එය දිව්‍යාණ්ඩු තන්ත්රයකි.
8. වත්මන් වැඩිමහල්ලන්ගේ සාමාන්‍ය වගකීම් මොනවා ද?
8 එපීසවරුනට ලියන ලද තම ලිපියේ, ප්‍රේරිත පාවුල්, වැඩිමහල්ලන්ගේ මූලික වගකීම් ලැයිස්තු ගත කළේ මෙසේ පවසමිනි: “උන් වහන්සේ, සමහරුන් ප්‍රේරිතයන් ද, සමහරුන් ප්‍රොපේතවරුන් ද, සමහරුන් ශුභාරංචිය දේශනා කරන්නන් ද, සමහරුන් එඬේරුන් සහ ගුරුවරුන් ද වශයෙන් දුන්නේ, දේව සේවාවන්ට එමෙන් ම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම සඳහා ශුද්ධවන්තයන් ව යළි සකස් කරනු ලැබීමේ අදහසින් ය.” (එපීස 4:11, 12, NW) ප්‍රේරිතයෝ සහ ප්‍රොපේතවරු “ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ” ළදරු අවදියත් සමඟ ම පහව ගියහ. (1 කොරින්ති 13:8 සසඳන්න.) එහෙත් වැඩිමහල්ලෝ ශුභාරංචිය දේශනා කිරීමෙහි ලා, රැළ රැක බලා ගැනීමෙහි සහ ඉගැන්වීමෙහි තවමත් ඉතා කාර්ය බහුල ව සිටිත්.—2 තිමෝති 4:2; තීතස් 1:9.
9. සභාව තුළ දී දෙවියන් වහන්සේගේ කැමැත්ත නියෝජනය කිරීමට වැඩිමහල්ලන් තමන් ව සූදානම් කළ යුත්තේ කෙසේ ද?
9 දිව්‍යාණ්ඩු තන්ත්රය දෙවියන් වහන්සේගේ පාලනය වන බැවින්, බලපෑමෙන් යුත් වැඩිමහල්ලෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත සමඟ හොඳින් හුරුපුරුදු ව සිටිත්. ව්‍යවස්ථාව දින පතා කියවීමට යෝෂුවාට අණ කරනු ලැබිණි. ශුද්ධ ලියවිලි නිති පතා අධ්‍යයන කර ඒවායින් උපදෙස් තොරතුරු විමසීමටත් විශ්වාස වූ නුවණ ඇති දාසයා විසින් පළ කොට ඇති බයිබල් පොත් පත්වල ඇති දේ හොඳින් දැන සිටීමටත් වැඩිමහල්ලන්ට අවශ්‍ය ය. (2 තිමෝති 3:14, 15) මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ද, විශේෂ තත්ත්වයනට බයිබල් ප්‍රතිපත්ති අදාළ වන ආකාරය පෙන්වන වෙනත් ප්‍රකාශන ද මීට ඇතුළත් වෙයි.a කෙසේ වුවද, වොච් ටවර් සමිතියේ පොත් පත්වල සඳහන් මාර්ගෝපදේශ දැනගෙන ඒවා අනුගමනය කිරීම වැඩිමහල්ලෙකු හට වැදගත් වන අතරේ දී, ඒවා පිටුපස ඇති ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති ගැන ද ඔහු හොඳින් දැන සිටිය යුතු ය. ශුද්ධ ලියවිලිමය මාර්ගෝපදේශ අවබෝධයෙන් යුතු ව හා දයානුකම්පිත ව අදාළ කිරීමට හැකි තත්ත්වයක ඔහු සිටින්නේ එවිට ය.—මීකා 6:8 සසඳන්න.
ක්‍රිස්තියානි ස්වභාවයකින් යුතු ව සේවය කිරීම
10. වැඩිමහල්ලන් ප්‍රවේසම් විය යුතු නරක ආකල්පය කුමක් ද, තව ද ඒ කෙසේ ද?
10 පොදු යුගයේ 55 වසරේ දී පමණ, ප්‍රේරිත පාවුල් කොරින්ති සභාවට තම පළමු ලිපිය ලීවේ ය. ඔහු විසින් හැසිරවීමට තිබූ එක් ගැටලුවක් සම්බන්ධ වී තිබුණේ සභාවේ ප්‍රධාන තැන් ගැනීමට වුවමනා වූ එක්තරා මිනිසුන් හා සමඟ ය. පාවුල් මෙසේ ලීවේ ය: “දැනටම නුඹලා පූර්ණව සිටින්නහුය, දැනටම නුඹලා ධනවන්තව සිටින්නහුය. අප නැතුව නුඹලා රජකම්කළහුය. එසේය, නුඹලා සමඟ අපත් රජකම්කරන පිණිස නුඹලා රජකම්කරවු නම් කැමැත්තෙමි.” (1 කොරින්ති 4:8) පොදු යුගයේ පළමු සියවසේ දී, සියලු ක්‍රිස්තියානින්ට ස්වර්ගික රජවරුන් සහ පූජකවරුන් වශයෙන් යේසුස් වහන්සේ සමඟ පාලනය කිරීමේ බලාපොරොත්තුව තිබිණි. (එළිදරව් 20:4, 6) එනමුත්, ක්‍රිස්තියානි දිව්‍යාණ්ඩු තන්ත්රය තුළ පොළොව මත රජවරුන් නොමැති බව කොරින්තියේ සිටි ඇතමුන් හට අමතක වී ගිය බවක් පෙනෙන්ට තිබේ. ලෝකයේ රජවරුන් මෙන් ක්‍රියා කරනවා වෙනුවට, ක්‍රිස්තියානි එඬේරු, යෙහෝවඃ වහන්සේට ප්‍රසන්න ගුණාංගයක් වන යටහත් පහත්කම වගා කරති.—ගීතාවලිය 138:6; ලූක් 22:25-27.
11. (අ) යටහත් පහත්කමේ කැපී පෙනෙන ආදර්ශ සමහරක් මොනවා ද? (ආ) වැඩිමහල්ලන් සහ සෙසු සියලු ක්‍රිස්තියානින් තමන් ගැන ම තිබිය යුතු දෘෂ්ටිය කුමක් ද?
11 යටහත් පහත්කම දුර්වලකමක් ද? කොහෙත්ම නැත! යෙහෝවඃ වහන්සේ ම යටහත් පහත් තැනැන් වහන්සේ වශයෙන් විස්තර කොට තිබේ. (ගීතාවලිය 18:35, NW) හමුදාවන් යුද පිටි කරා මෙහෙය වූ ඊශ්‍රායෙල් රජවරු, ජාතිය පාලනය කළේ යෙහෝවඃ වහන්සේ යටතේ ය. එහෙත්, සෑම රජෙක් ම ‘තමාගේ හෘදය තම සහෝදරයන් කෙරෙහි උසස් නොවීමට’ ප්‍රවේසම් විය යුතු විණි. (ද්විතීය කථාව 17:19) නැවත නැගිටුවනු ලැබූ යේසුස් වහන්සේ ස්වර්ගික රජ කෙනෙක් ය. කෙසේ වුවද, පොළොව මත දී උන් වහන්සේ සිය ගෝලයන්ගේ පාද සේදූ සේක. මොනතරම් යටහත් පහත්කමක් ද! තව ද සිය ප්‍රේරිතයන් ද ඒ හා සමාන ව යටහත් පහත් විය යුතු බවට පෙන්වමින්, “ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය” යයි කී සේක. (යොහන් 13:14; පිලිප්පි 2:5-8) සියලු ම ගෞරවයත් ප්‍රශංසාවත් යා යුත්තේ යෙහෝවඃ වහන්සේට මිසක, කිසි මනුෂ්‍යයෙකුට නොවේ. (එළිදරව් 4:11) වැඩිමහල්ලන් වුවත් නැතත්, සියලු ම ක්‍රිස්තියානින් යේසුස් වහන්සේගේ මෙම වදන්වල ආලෝකයෙන් තමන් ගැන ම සිතා බැලිය යුතු ය: “අපි කිසිකමකට නැති දාසයෝ වෙමු. අප කර ඇත්තේ අප විසින් කළ යුතු ව තිබුණු දේ ය.” (ලූක් 17:10, NW) වෙනත් ඕනෑ ම දෘෂ්ටියක් දිව්‍යාණ්ඩුමය නොවේ.
12. ප්‍රේමය, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් වගා කළ යුතු අති වැදගත් ගුණාංගයක් වන්නේ මන්ද?
12 ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ යටහත් පහත්කම සමඟ ප්‍රේමය වගා කරති. ප්‍රේරිත යොහන් මෙසේ පවසන විට ප්‍රේමයේ වැදගත්කම පෙන්වූයේ ය: “ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.” (1 යොහන් 4:8) ප්‍රේමනීය නොවන පුද්ගලයෝ දිව්‍යාණ්ඩුමය අය නොවෙති. ඔවුහු යෙහෝවඃ වහන්සේ ව නොදනිත්. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් සම්බන්ධ ව බයිබලය මෙසේ කියයි: “යේසුස්වහන්සේ . . . ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළසේක.” (යොහන් 13:1) ක්‍රිස්තියානි සභාවේ පාලක මණ්ඩලයේ කොටසක් වීමට සිටි පුරුෂයන් 11 දෙනෙකු අමතමින් යේසුස් වහන්සේ පැවසුවේ මෙසේයි: “මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරපල්ලා.” (යොහන් 15:12) ප්‍රේමය වූකලී සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ හඳුනාගැනීමේ ලකුණයි. බිඳුණු හදවත් ඇති අය, වැළපෙන අය සහ නිදහස දෙස ආශාවෙන් බලා සිටින ආත්මික වහලුන් එමගින් ආකර්ෂණය කෙරේ. (යෙසායා 61:1, 2; යොහන් 13:35) මෙය පෙන්වීමෙහිලා වැඩිමහල්ලන් ආදර්ශවත් විය යුතු ය.
13. වත්මන් ගැටලු දුෂ්කර විය හැකි වුවත්, සියලු තත්ත්වයන්හි දී යහපත සඳහා බලයක් වීමට වැඩිමහල්ලෙකුට හැක්කේ කෙසේ ද?
13 සංකීර්ණ ගැටලු සමඟ කටයුතු කිරීමට අද දින බොහෝ විට වැඩිමහල්ලන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. විවාහ දුෂ්කරතා ගැඹුරින් මුල් බැසගෙන දිගට ම පවතින ඒවා විය හැකි ය. වැඩිහිටියන් විසින් වටහා ගැනීමට අපහසු විය හැකි ගැටලු යෞවනයන්ට තිබේ. චිත්ත වේගීය අසනීප තේරුම් ගැනීම බොහෝ විට අපහසු ය. එවැනි දේවලට මුහුණ දෙන වැඩිමහල්ලෙක්, තමා කළ යුත්තේ කුමක් ද යන්න ගැන ස්ථිරත්වයක් නැතිව සිටිනවා විය හැකි ය. එහෙත්, ඔහු යෙහෝවඃ වහන්සේගේ ප්‍රඥාව කෙරෙහි යාච්ඤා පූර්වක ව රඳා පවතින්නේ නම්, බයිබලය සහ විශ්වාස වූ නුවණ ඇති දාසයා විසින් පළ කරන ලද තොරතුරු පර්යේෂණය කර බලන්නේ නම්, ඔහු බැටළුවන් සමඟ යටහත් පහත් ලෙස හා ප්‍රේමනීය ලෙස කටයුතු කරන්නේ නම්, වඩාත් ම අසීරු තත්ත්වයේ දී පවා යහපත සඳහා බලයක් වීමට ඔහුට හැකි ය.
14, 15. යෙහෝවඃ වහන්සේ, කදිම වැඩිමහල්ලන් බොහොමයක් සමඟින් ස්වකීය සෙනඟට ආශීර්වාද කර ඇති බව දක්වන ඇතැම් ප්‍රකාශන මොනවා ද?
14 යෙහෝවඃ වහන්සේ, ‘මිනිසුන් තුළ දීමනා’ සමඟින් ස්වකීය සංවිධානයට බහුල ලෙස ආශීර්වාද කර ඇත. (එපීස 4:8, NW) දෙවියන් වහන්සේගේ බැටළුවන් දයානුකම්පිත ව රැක බලා ගන්නා වූ යටහත් පහත් වැඩිමහල්ලන් විසින් පෙන්වන ලද ප්‍රේමයට සාක්ෂි දෙන්නා වූ හද උණුසුම් කරවන ලිපි කලින් කලට වොච් ටවර් සමිතියට ලැබේ. නිදසුනක් වශයෙන්, එක් සභා වැඩිමහල්ලෙක් මෙසේ ලියයි: “මා කෙරෙහි බොහෝ සෙයින් බලපෑමක් ඇති කළ, තවමත් සභාවේ අයගේ කථාබහට ලක් ව ඇති මෙවැනි චාරිකා අවේක්ෂකයෙකුගේ පැමිණීමක් ගැන මට මතක නැහැ. සහෝදරයන් සමඟ කටයුතු කරන විට ඒකාන්ත ආකල්පයක් තබා ගැනීමේ වැදගත්කම දැකගැනීමට චාරිකා අවේක්ෂක මට උපකාර කළා. දේවල් පැසසුමට ලක් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරුණා.”
15 ප්‍රතිකාර ලැබීම සඳහා දුර පිහිටි සායනයකට යාමට තිබූ එක් සහෝදරියක් මෙසේ ලියන්නී ය: “නිවසින් එතරම් දුර බැහැර පිහිටා තිබූ රෝහලක දී, කාංසාවන්ගෙන් යුත් එම පළමු රාත්‍රියේ වැඩිමහල්ලෙකු ව හමු වීමට ලැබීම මොනතරම් සැනසිලිදායක වූවා ද! ඔහු සහ අනෙකුත් සහෝදරයන් මා සමඟ බොහෝ වේලාවක් ගත කළා. එම ප්‍රේමනීය කැපවූ සහෝදරයන්ගේ සැනසීම, සැලකිල්ල සහ යාච්ඤා නොමැති ව මට කිසිවිටෙකත් සුවවීමට නොහැකි වූ බව මා අත්දුටු දේවල් ගැන දැන සිටි ලෝකයේ මිනිසුන්ට පවා හැඟී ගියා.” තවත් සහෝදරියක් මෙසේ ලියන්නී ය: “මා අද ජීවත් වන්නේ, කලකිරිම සහිත ව මට කරන්නට තිබූ යුද්ධයේ දී වැඩිමහල්ලන්ගේ මණ්ඩලය ඉතා ඉවසීමෙන් යුතු ව මට මඟ පෙන්වූ නිසායි. . . . එක් සහෝදරයෙක් සහ ඔහුගේ භාර්යාව මා හා කුමක් පවසන්නදැයි දැන සිටියේ නැහැ. . . . මා හට උණුසුම් ව බලපෑ දෙය නම්, මා අද්දකිමින් තිබූ දෙය ඔවුන් මුළුමනින් ම වටහා නොගත්තත්, ඔවුන් ඉතා ආදරයෙන් මා ව රැක බලා ගැනීමයි.”
16. පේතෘස් වැඩිමහල්ලන් හට දෙන අනුශාසනාව කුමක් ද?
16 එසේ ය, වැඩිමහල්ලන් බොහෝ දෙනෙක්, ප්‍රේරිත පේතෘස්ගේ අනුශාසනාව අදාළ කර ගනිමින් සිටිති: “නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලාත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගනිල්ලා.” (1 පේතෘස් 5:1-3) එවන් දිව්‍යාණ්ඩුමය වැඩිමහල්ලන් මොනතරම් ආශීර්වාදයක් ද!
දිව්‍යාණ්ඩු තන්ත්රයේ සිටින බැටළුවෝ
17. සභාවේ සිටින සියලු ම සමාජිකයන් වගා කළ යුතු ගුණාංග සමහරක් නම් කරන්න.
17 කෙසේ වෙතත්, දිව්යාණ්ඩුවක් සෑදෙන්නේ නිකම් ම වැඩිමහල්ලන්ගෙන් ම නොවේ. එඬේරුන් දිව්‍යාණ්ඩුමය විය යුතු නම්, බැටළුවන් ද එසේ ම දිව්‍යාණ්ඩුමය විය යුතු ය. කිනම් ආකාරවලින් ද? හොඳයි, එඬේරුන්ට මඟ පෙන්වන එම ප්‍රතිපත්ති ම බැටළුවන්ටත් මඟ පෙන්විය යුතුයි. යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීම සඳහා වැඩිමහල්ලන් පමණක් නොව, සියලු ක්‍රිස්තියානින් යටහත් පහත් විය යුතු ය. (යාකොබ් 4:6) සියලු දෙනා ම ප්‍රේමය වගා කළ යුතු ය, මන්දයත් එය නැති ව අප යෙහෝවඃ වහන්සේට පුද කරන පූජා උන් වහන්සේට සතුට ගෙන දෙන්නේ නැත. (1 කොරින්ති 13:1-3) තව ද වැඩිමහල්ලන් පමණක් නොව, අප සියලු දෙනා ම, “සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස [යෙහෝවඃ වහන්සේගේ] කැමැත්ත දැනගැනීමෙන් [පිළිබඳ ඒකාන්ත දැනුමෙන්, NW] පූර්ණ” විය යුතු ය.—කොලොස්සි 1:9.
18. (අ) සත්‍යය පිළිබඳ මතුපිට දැනුම පමණක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි? (ආ) ඒකාන්ත දැනුමෙන් පිරී යාමට අප සියල්ලන්ට ම හැක්කේ කෙසේ ද?
18 බාල මහලු දෙපාර්ශ්වය ම සාතන්ගේ ලෝකය මැද ජීවත් වෙද්දී, විශ්වාසවන්ත ව සිටීමට ඔවුන් විසින් යත්න දරනවාත් සමඟ ම, ඔවුහු නිරතුරු ව ම දුෂ්කර තීරණවලට එක හා සමාන ව මුහුණ දෙති. ඇඳුම් පැළඳුම්, සංගීතය, චිත්‍රපට සහ පොත් පත් සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන නැඹුරුවාවන් ඇතැමෙකුගේ ආත්මිකත්වයට අභියෝගයක් වෙයි. සත්‍යය පිළිබඳ මතුපිට දැනුම අපගේ සමබරතාවය තබා ගැනීමට රුකුල් දීමට ප්‍රමාණවත් නැත. ස්ථිර ලෙස ඇදහිලිවන්ත ව සිටීම සඳහා, අප ඒකාන්ත දැනුමෙන් පුරවනු ලැබිය යුතු ය. දේව වචනයට පමණක් දිය හැකි විචාර බුද්ධිය හා ප්‍රඥාව අපට අවශ්‍ය ය. (හිතෝපදේශ 2:1-5) මින් අදහස් කරන්නේ, හොඳ පාඩම් පුරුදු වර්ධනය කර ගෙන, අප ඉගෙන ගන්නා දේ මත මෙනෙහි කරමින්, එය ක්‍රියාවෙහි යෙදවීමයි. (ගීතාවලිය 1:1-3; එළිදරව් 1:3) “දැඩි ආහාර අයත් වන්නේ, හරි දේ සහ වැරදි දේ අතර වෙනස වටහා ගැනීමට තම අවබෝධාත්මක හැකියාවන් ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු කොට ඇති මේරූ අයට ය” යනුවෙන් පාවුල් පැවසූ විට, ඔහු ලියමින් සිටියේ වැඩිමහල්ලන්ට පමණක් නොව, නමුත් සියලු ක්‍රිස්තියානින්ටත් ය.—හෙබ්‍රෙව් 5:14, NW.
එඬේරු සහ බැටළුවෝ එක් ව කටයුතු කරති
19, 20. වැඩිමහල්ලන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන ලෙසට සියල්ලන්ට ම දී ඇති අනුශාසනාව කුමක් ද? තව ද ඒ මන්ද?
19 වැඩිමහල්ලන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අය සැබෑ දිව්‍යාණ්ඩුමය ස්වභාවයක් දක්වන බව අවසන් වශයෙන් කිව යුතු ය. පාවුල් තිමෝති හට මෙසේ ලීවේ ය: “යහපත්ලෙස ප්‍රධානකම්කරන [පෙරමුණ ගන්නා, NW] වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.” (1 තිමෝති 5:17; 1 පේතෘස් 5:5, 6) වැඩිමහල්කම පුදුමාකාර වරප්රසාදයකි, නමුත් වැඩිමහල්ලන්ගෙන් බොහෝ දෙනෙක් සෑම දිනක ම තම බාහිර රැකියාවට යන, රැක බලා ගැනීමට භාර්යාවන් සහ දරුවන් සිටින විවාහකයන් ය. සේවය කිරීමට ඔවුන් සතුටු වන අතරේ දී, ඔවුන් ව අධික ලෙස විවේචනය නොකර, ඔවුන්ගෙන් දේවල් වේගයෙන් හා බලෙන් ඉල්ලා නොසිටිමින් සභාව ඔවුනට සහයෝගය දක්වන විට, ඔවුන්ගේ සේවය වඩාත් පහසු වී විපාකදායක එකක් වෙයි.—හෙබ්‍රෙව් 13:17.
20 ප්‍රේරිත පාවුල් මෙසේ පැවසී ය: “දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානින් [පෙරමුණ ගන්නා අය, NW] සිහිකරපල්ලා: ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙයල්ලා.” (හෙබ්‍රෙව් 13:7) වැඩිමහල්ලන් ව අනුගමනය කිරීමට පාවුල් සහෝදරයන් ව දිරිගැන්වූවා නොවේ. (1 කොරින්ති 1:12) මිනිසෙකු ව අනුගමනය කිරීම දිව්‍යාණ්ඩුමය දෙයක් නොවේ. එහෙත් දේශනා සේවයේ ක්‍රියාශීලී ව සිටින, රැස්වීම්වලට නිති පතා පැමිණෙන, සභාව සමඟ යටහත් පහත් ලෙස ප්‍රේමනීය ලෙස කටයුතු කරන, දිව්‍යාණ්ඩුමය වැඩිමහල්ලෙකුගේ ඔප්පු වූ ඇදහිල්ල අනුකරණය කිරීම ඤාණවන්ත දෙයක් බව සහතික ය.
ඇදහිල්ලට සාක්ෂියක්
21. මෝසෙස්ගේ ඇදහිල්ලට සමාන ශක්තිමත් ඇදහිල්ලක් ක්‍රිස්තියානින් විදහා පාන්නේ කෙසේ ද?
21 සැබවින් ම, මිනිස් ඉතිහාසයේ වඩාත් ම පිරිහුණු මෙම කාලයේ දී, දිව්‍යාණ්ඩුමය සංවිධානයක පැවැත්ම, ශ්‍රේෂ්ඨතම දිව්යාණ්ඩුකරුවාණන්ගේ බලයට සාක්ෂියකි. (යෙසායා 2:2-5) තව ද, එදිනෙදා ජීවිතයේ ගැටලු සමඟ පොරබදන නමුත්, යෙහෝවඃ වහන්සේ තමන්ගේ පාලකයාණන් බවට කිසිවිටෙකත් අමතක නොකරන, මිලියන පහකට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත ක්‍රිස්තියානි පුරුෂයන්ගේ, ස්ත්රීන්ගේ හා දරුවන්ගේ ඇදහිල්ලට ද එය සාක්ෂියක් ය. ඇදහිලිවන්ත මෝසෙස්, ‘අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක්මෙන් ස්ථිර ව සිටි ලෙස’ වත්මන් ක්‍රිස්තියානින්ට ද ඒ හා සමාන ශක්තිමත් ඇදහිල්ලක් තිබේ. (හෙබ්‍රෙව් 11:27) දිව්යාණ්ඩුවක ජීවත්වීමට ඔවුහු වරප්‍රසාද ලැබ සිටිති, තව ද ඒ ගැන යෙහෝවඃ වහන්සේට දවස් පතා ස්තුති කරති. (ගීතාවලිය 100:4, 5) යෙහෝවඃ වහන්සේගේ ගැලවීමේ බලය ඔවුන් අද්දකිනවාත් සමඟ ම, මෙසේ හඬනගා කීමට ඔවුහු සතුටු වෙත්: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගලවනසේක.”—යෙසායා 33:22.
[පාදසටහන්වල]
a එවන් ප්‍රකාශන අතර, ශුද්ධ ලියවිලිමය මාර්ගෝපදේශ අඩංගු වී ඇති, එමෙන් ම පත් කරන ලද සභා අවේක්ෂකයන්ට හෙවත් වැඩිමහල්ලන්ට සපයා ඇති “පේ අටෙන්ෂන් ටු යෝර්සෙල්ව්ස් ඇන්ඩ් ටු ඕල් ද ෆ්ලොක් [ඔබ කෙරෙහිත් රැළේ සියල්ලන් කෙරෙහිත් අවධානය යොමු කරන්න]” පොත ද වෙයි.
බයිබලය පෙන්වන්නේ කුමක් ද?
◻ ක්‍රිස්තියානින් දිව්‍යාණ්ඩු තන්ත්රයට යටත් වන්නේ කුමන ආකාරයෙන් ද?
◻ දිව්‍යාණ්ඩු තන්ත්රය අද දින සංවිධානය වී ඇත්තේ කෙසේ ද?
◻ තම වගකීම් ඉටු කිරීමට වැඩිමහල්ලන් තමුන් ව සූදානම් කළ යුත්තේ කිනම් ආකාරවලින් ද?
◻ වැඩිමහල්ලන් විසින් අත්‍යවශ්‍යයෙන් ම වගා කොට විදහා පෑ යුතු ක්‍රිස්තියානි ගුණාංග මොනවා ද?
◻ දිව්‍යාණ්ඩු තන්ත්රයක් තුළ, බැටළුවන් සහ එඬේරුන් අතර පැවතිය යුතු සම්බන්ධතාවය කුමක් ද?
[16වන පිටුවේ පින්තූරය]
හරි දේ සහ වැරදි දේ ගැන තමන්ට ම තීරණ ගැනීමට වුවමනා වූ නිසා ආදම් සහ ඒවට පාරාදීසය අහිමි විය
[18වන පිටුවේ පින්තූරය]
වැඩිමහල්ලෙක් බැටළුවන් සමඟ යටහත් පහත් ලෙස හා ප්‍රේමනීය ලෙස කටයුතු කරයි නම්, ඔහු යහපත සඳහා සෑම විට ම බලයක් වෙයි