ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hf 3 කොටස 1-3 කොටස්
  • ප්‍රශ්න විසඳගන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න විසඳගන්නේ කොහොමද?
  • ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1 හිතේ තද කරගෙන ඉන්නේ නැතුව කියන්න
  • 2 ඇහුම්කන් දීලා එයාව තේරුම්ගන්න
  • 3 කතා කරගත්ත විදිහට කරන්න
  • ගැටලු විසඳාගැනීම
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය බිඳෙන්න දෙන්න එපා
    ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • සතුටින් පිරි යුග දිවියකට හොඳම ඔවදන් දෙවියන්ගෙන්
    ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
තව තොරතුරු
ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
hf 3 කොටස 1-3 කොටස්
භාර්යාව තමන්ට හැඟෙන විදිහ කියද්දී ස්වාමිපුරුෂයා අහගෙන ඉන්නවා

3වෙනි කොටස

ප්‍රශ්න විසඳගන්නේ කොහොමද?

“එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න. මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.”—1 පේතෘස් 4:8

පවුල් පසුබිම් දෙකක හැඳුණු වැඩුණු, වෙනස් විදිහට හිතන දෙන්නෙක් විවාහ වෙලා එක වහලක් යට ජීවත් වෙද්දී ප්‍රශ්න ගැටලු ඇති වෙන එක පුදුමයක් නෙමෙයි. ඔය දෙන්නාගේ පෞද්ගලිකත්වයන් ගැටුණේ නැතත් බලාපොරොත්තු නොවුණු සිදුවීම් නිසාත් වෙනත් හේතු නිසාත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

හුඟක් අය බලන්නේ ප්‍රශ්නවලින් පැනලා යන්න. ඒත් බයිබලයේ කියන්නේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න කියලයි. (මතෙව් 5:23, 24) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්තොත් ප්‍රශ්න විසඳගන්න ඔය දෙන්නට පුළුවන්.

1 හිතේ තද කරගෙන ඉන්නේ නැතුව කියන්න

බයිබලයේ මෙහෙම කියනවා: “කතා කිරීමට කාලයක් ඇත.” (දේශනාකාරයා 3:1, 7) ප්‍රශ්නේ ගැන කතා කරන්න වෙලාව හොයාගන්න. ඔයාට හිතෙන දේ, හැඟෙන දේ හංගන්නේ නැතුව එයාට කියන්න. එහෙම කරද්දී ‘සත්‍යය කතා කරන’ එක වැදගත්. (එෆීස 4:25) කොයි තරම් දුක හිතුණත් කේන්ති ගියත් එකට එක කියන්න එපා. සණ්ඩුසරුවල් කරන්න එපා. හිත රිද්දවගෙන ලොකු රණ්ඩුවකින් නතර වෙන්න තිබුණු දෙයක් හිත හොඳින් කතාබහ කරලා විසඳගන්න සන්සුන්ව කතා කළොත් පුළුවන්.—හිතෝපදේශ 15:4; 26:20.

සමහරවිට එයා කියන දේට ඔයා එකඟ නැතුව ඇති. ඒත් කලබල වෙලා හිත රිදෙන දෙයක් කියන්න එපා. එයාට ආදරෙන්, ගෞරවයෙන් සලකන්න ඔයා අරන් තියෙන අදිටන නැති කරගන්න එපා. (කොලොස්සි 4:6) කල් දාන්නේ නැතුව ප්‍රශ්නේ විසඳගන්න. තරහා වෙලා කතා නොකර නම් ඉන්න එපා.—එෆීස 4:26.

විවාහක යුවළක් ප්‍රශ්නය ගැන සාකච්ඡා කරයි

මෙහෙම කරලා බලන්න:

  • ප්‍රශ්නේ ගැන කතා කරන්න සුදුසු වෙලාවක් දාගන්න

  • එයා කතා කරද්දී මැද්දෙන් පැනලා කතා කරන්න එපා. ඔයාගේ වෙලාව එනකල් ඉන්න

2 ඇහුම්කන් දීලා එයාව තේරුම්ගන්න

බයිබලයේ මෙහෙම කියනවා: “එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.” (රෝම 12:10) එයා කතා කරද්දී ඔයා අහගෙන ඉන්න විදිහත් හුඟක් වැදගත්. “අනුකම්පාව පෙන්වමින් නිහතමානීව” එයා කියන්න හදන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න බලන්න. (1 පේතෘස් 3:8; යාකොබ් 1:19) අහගෙන ඉන්නවා වගේ මවාපාන්න එපා. එයා කතා කරන්න හදද්දී පුළුවන් නම් ඔයා කරකර ඉන්න වැඩේ ටිකක් නවත්වලා එයාට අවධානය දෙන්න. නැත්නම් වෙන වෙලාවක කතා කරමුද කියලා ආදරෙන් අහන්න. එයා දිහා හතුරෙක් විදිහට බලන්නේ නැතුව හොඳම යාළුවා විදිහට බැලුවොත් ඔයා ‘අමනාප වෙන්න ඉක්මන් වෙන්නේ නැහැ.’—දේශනාකාරයා 7:9.

මෙහෙම කරලා බලන්න:

  • එයා කියන දේට ඔයා අකමැති වුණත් ඒ දේවල් වැඩක් නැහැ කියලා මනසෙන් බාධකයක් දාගන්න එපා. එයා කියන දේවලිනුත් ගන්න පුළුවන් දෙයක් ඇති කියන ආකල්පයෙන් ඇහුම්කන් දෙන්න

  • කියන වචනවලට වඩා එයා කියන්න හදන දේ තේරුම්ගන්න. කතා කරද්දී එයාගේ කටහඬ, මූණේ ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න

3 කතා කරගත්ත විදිහට කරන්න

බයිබලයේ මෙහෙම කියනවා: “වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙයි. එහෙත් කතාවටම වැටුණොත් අත් වන්නේ අගහිඟකම් පමණි.” (හිතෝපදේශ 14:23) කතාබහ කරලා විසඳුමකට එන එක විතරක් මදි. කතා කරගත්ත විදිහට කරන්නත් ඕනේ. ඒක හිතන තරම් ලේසි නැහැ. ඒත් අමාරුවෙන් හරි කළොත් ප්‍රයෝජන ඔය දෙන්නටමයි. (හිතෝපදේශ 10:4) දෙන්නා එකතු වෙලා වැඩ කරද්දී “හොඳ ප්‍රතිඵල ලැබෙනවා” නියතයි.—දේශනාකාරයා 4:9.

මෙහෙම කරලා බලන්න:

  • කරන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතලා තීරණයකට එන්න

  • කතා කරගත්ත විදිහටම ඔයා කරනවද කියලා කාලෙන් කාලෙට හිතලා බලන්න

එකතු වෙලා ප්‍රශ්නෙට පහර දෙන්න

දෙන්නා එකතු වෙලා වැඩ කළොත් පවුල් ජීවිතේ වදයක් කරගන්නේ නැතුව සතුට පිරුණු එකක් කරගන්න පුළුවන් වෙනවා. (හිතෝපදේශ 24:3) පරණ කුණු ගොඩවල් ඇදලා ගන්නේ නැතුව ඒවා අමතක කරලා දාන්න. ඉස්සරහා ගැන හිතලා වැඩ කරන්න. (හිතෝපදේශ 17:9) දෙන්නා සහයෝගයෙන්, බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන වැඩ කළොත් එන ඕනම ප්‍රශ්නයක් විසඳගන්න ඔය දෙන්නට පුළුවන්.

මේ ගැන හිතන්න

  • මම එයාත් එක්ක ඉක්මනටම කතා කරලා විසඳගන්න ඕනෙ මොන ප්‍රශ්නෙද?

  • ප්‍රශ්නේ ගැන එයාට හැඟෙන විදිහ තේරුම්ගන්න මං මොනවද කරන්න ඕනේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න