ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/10 13-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔවුන් කළ දේ නිවැරදිද?
  • යේසුස්ගේ නියෝජිතයෙක් වූ පේතෘස් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 12/10 13-31 පි.

පවුලේ සැමට

ඔවුන් කළ දේ නිවැරදිද?

ගණන් කතාව 13:1, 2, 25-33; 14:3, 6-12 දක්වා කියවන්න. දැන් පින්තූරය දෙස බලා ඔබේ පිළිතුරු පහත ලියන්න.

1. දේශය බැලීමට ගිය පුරුෂයන්ගෙන් දසදෙනෙක් නරක ආරංචි ගෙනාවේ ඇයි?

.....

2. ඔවුන්ගේ නරක ආරංචි නිසා සිදු වුණේ කුමක්ද?

හෝඩුවාව: ගණන් කතාව 14:26-38 කියවන්න.

.....

3. ජයග්‍රහණය ලබන බවට යොෂුවාට සහ කාලෙබ්ට එතරම් විශ්වාසයක් තිබුණේ ඇයි?

.....

සාකච්ඡා කිරීමට:

ඔබේ පවුලේ අයත් යම් දුෂ්කරතාවලට මුහුණ දෙන විට ඔබටත් යොෂුවා හා කාලෙබ් වගේ වෙන්න පුළුවන් කොහොමද?

යේසුස්ගේ නියෝජිතයෙක් වූ පේතෘස් ගැන ඔබ දන්නේ කුමක්ද?

4. බයිබලයේ පේතෘස්ව හඳුන්වා තිබෙන නම් පහ මොනවාද?

හෝඩුවාව: මතෙව් 10:2; 16:16; යොහන් 1:42; ක්‍රියා 15:14 කියවන්න.

.....

5. පේතෘස් විවාහ වූ කෙනෙක්ද?

හෝඩුවාව: 1 කොරින්ති 9:5 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

පේතෘස් ගැන කියවා ඇති වාර්තාවලින් ඔබ කැමති වාර්තාව විස්තර කරන්න. ඔබ කැමති ඔහුගේ කුමන ගුණාංගවලටද? එම ගුණාංග ඔබට අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

7වන පිටුව අපේ අසල්වැසියන් සමඟ අප කතා කළ යුත්තේ මොනවාද? එෆීස 4:...

8වන පිටුව සත්‍යය ඔබට කුමක් ලබා දෙයිද? යොහන් 8:...

11වන පිටුව අන්තිම සතුරාට සිදු වන්නේ කුමක්ද? 1 කොරින්ති 15:...

24වන පිටුව ඔබ පලා දුවන්න අවශ්‍ය කුමකින්ද? 1 කොරින්ති 6:...

● පිළිතුරු 13වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. යෙහෝවා දෙවිව විශ්වාස කරනවා වෙනුවට ඔවුන් මිනිසුන්ට බිය වූ නිසයි.—ගණන් කතාව 14:3, 11.

2. යොෂුවා හා කාලෙබ් හැර වයස අවුරුදු 20ට වැඩි සියලුදෙනාම පාළුකරයේදී මිය ගියා.

3. යෙහෝවා දෙවි ඔවුන් සමඟ සිටිනවා කියා ඔවුන් විශ්වාස කළා.—ගණන් කතාව 14:9.

4. සීමොන්, පේතෘස්, සීමොන් පේතෘස්, සීෆස් සහ සිමියොන්.

5. ඔව්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න