ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/10 32 පි.
  • මමත් ඒකෙන් ඉගෙනගන්නවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මමත් ඒකෙන් ඉගෙනගන්නවා
  • 2010 පිබිදෙව්!
2010 පිබිදෙව්!
g 12/10 32 පි.

මමත් ඒකෙන් ඉගෙනගන්නවා

● එක්සත් ජනපදයේ ජීවත් වන අවුරුදු 30ක් වයසැති මවක් මෙසේ පවසනවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පළ කරන සෑම ප්‍රකාශනයකින්ම අපි හැමෝම ප්‍රයෝජන ගන්නවා. දරුවන් තුන්දෙනා මගේ බයිබල් කතන්දර පොත කියවනවාට මම හරිම ආසයි. ඒගොල්ලන් ඉගෙනගන්නකොට මමත් ඒකෙන් ඉගෙනගන්නවා.”

මෙම පොතේ සඳහන් බයිබල් සිද්ධීන්, සිදු වූ අනුපිළිවෙළට සකස් කර තිබීම සිත්ගන්නා කරුණක්. “නපුරු රජෙක් ඊජිප්තුව පාලනය කරයි,” “ළදරු මෝසස් බේරුණු හැටි,” “මෝසස් පලා යන්න හේතුව,” “මෝසස් හා ආරොන් ඵාරාවෝ හමු වෙයි,” “වසංගත 10,” “රතු මුහුද හරහා යෑම” වැනි සිදුවීම් මෙම පොතේ 2වන කොටසට ඇතුළත් කර තිබෙනවා.

“යේසුස්ගේ උපතේ සිට මරණය දක්වා” විස්තර කරන්නේ මෙහි 6වන කොටසෙයි. යේසුස්ව බැලීමට පැමිණියේ රජවරුන් නොව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් බවත් ඔවුන්ට මඟ පෙන්වූයේ දෙවි නොවන බවත් ඔබ දන්නවාද? ඔවුන් පැමිණියේ ගවමඩුවට නොව “නිවසට” බවත් ඒ වන විට යේසුස් බිලිඳෙකු නොවන බවත් ඔබ දැන සිටියාද? මේවාට නිවැරදි පිළිතුරු මෙම පොතේ “යේසුස් මඩුවක ඉපදෙයි,” “තාරකාවක් මිනිසුන්ට මඟ පෙන්වයි” යන පාඩම්වලින් ඔබට දැනගත හැකියි.—මතෙව් 2:1, 11, 12.

මගේ බයිබල් කතන්දර පොතෙන් ඔබේ දරුවන්ට මෙන්ම ඔබටත් බොහෝ දේවල් ඉගෙනගන්න හැකි වේවි. බයිබලයේ විවිධ සිදුවීම් මෙන්ම පුද්ගලයන් ගැන මෙම පොතේ කතන්දර 116කින් ඉගෙනගත හැකියි. මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න