යෞවන අය අසති . . .
මගේ මිතුරා මාව හිර කිරීමෙන් වළක්වාලන්නේ කොහොමද?
“මගේ යාළුවා දේවල් කළේ හරියට එයාට මාව අයිතියි වගෙයි. එයා මට හැරෙන්නවත් ඉඩ දුන්නේ නැහැ.”—හාලි.
“සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය” කියා එක් නැණවත් හිතෝපදේශයක් පවසයි. (හිතෝපදේශ 18:24) එමෙන්ම එකම ස්ථිර විශ්වාසයන්, හාස්‍ය රසය හෝ උනන්දූන් ඇති මිතුරෙකු ඔබට සිටිනවා නම්, ඔබට ස්වභාවයෙන්ම එකට සිටීමට උවමනා වෙනවා. කැරලයින් නම් එක් යෞවනියක් මෙසේ පවසනවා: “දේවල් එකට කරන නිසා තමයි සභාවේ යම් යම් අය එක්ක මට කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.” යෙහෝවාගේ සාක්ෂිකාරියක් හැටියට, කැරලයින් එවැන්ජලිස්ත සේවයේ පැය 60ක් යෙදීමට එක් මාසයක් වෙන් කර තැබුවා. මෙම වැඩයේ සහය වීමට ඇගේ මිතුරු මිතුරියන් තමන්ගේ කාලසටහන් සංවිධාන කරගත්තා!
නමුත් එකට සිටීමේ ප්‍රයෝජන තිබිය හැකි අතරවාරයේදී, සමහරක් විට එය ප්‍රමාණය ඉක්මවා යෑමක් වෙන්න පුළුවන්. මුලදී සඳහන් කළ හාලිට, ඇගේ මිතුරියන්ගෙන් එක් කෙනෙක් ඈව හිර කර ඇති බවක් හැඟුණු අතර, ඇයට පමණක් නොවෙයි මෙසේ හැඟෙන්නේ. මෙසේ නිරීක්ෂණය කරයි හාලි: “ඒක වෙන ළමයින්ටත් සිද්ධ වෙනවා වගෙයි පේන්නේ. ලොකු රණ්ඩුවකින් ඉවර වෙනකං ඒගොල්ලො ඉඳිකට්ටයි නූලයි වගේ. ඊට පස්සේ ඒගොල්ලන් සති ගානකට කතා කරන්නේ නැහැ.”
ගැටලුව වන්නේ, ඔබව හිර කර ඇතැයි ඔබට හැඟෙන බවත් ඔබට ඔබේම කියල පෞද්ගලිකත්වයක් අවශ්‍ය බවත් පැවසීම පහසු දෙයක් නොවීමයි. ඔබේ මිතුරාගේ හැඟීම් ඔබ රිදවයි කියා ඔබ භය වෙන්න පුළුවන්. එමෙන්ම ඔබේ මිත්‍රත්වය ඔබ අනතුරට පාත්‍ර කරයි කියාද ඔබ භය වෙන්න පුළුවන්. කෙසේවෙතත්, මිත්‍රත්වයක් තුළ ප්‍රමාණවත් පෞද්ගලිකත්වයක් ඇතුළත් කිරීම, වේදනාව ඇති කරනවාට වඩා යහපත ඇති කිරීමට තිබෙන හැකියාව වැඩියි.
මෙය මෙසේ නිදර්ශනය කරමු: ඕස්ට්‍රේලියාවේ, සිඩ්නිහි එක් පොදු උද්‍යානයක, එක්තරා විශාල ගසක් දම්වැල්වලින් වට කිරීමට සිදු වුණා. ඇයි? මන්දයත් හමුදාවන් වැනි වූ නරඹන්නන් ක්‍රම ක්‍රමයෙන් මුල් තද කරමින් හිර කළ නිසයි. ආරක්ෂා නොකර තිබුණා නම්, ගස මැරෙන්න ඉඩ තිබුණා.
මිත්‍රත්වයන් සම්බන්ධයෙන්ද එයම සැබෑවක්. එකට වැඩියෙන් සිටීම සබඳතාවක් හිර කරන්න පුළුවන්. සාලමොන් රජු මෙසේ ලිව්වා: “නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු නුඹ ගැන වෙහෙසවී, නුඹට වෛරවෙයි.”—හිතෝපදේශ 25:17.
පෞද්ගලික කාලය හා හුදකලාව සඳහා අවශ්‍යතාව
ඇයි සාලමොන් මෙසේ පැවසුවේ? මෙයට එක් හේතුවක් නම්, අපි සියලුදෙනාටම පෞද්ගලික කාලයක් මෙන්ම හුදකලා වීම අවශ්‍ය වීමයි. යේසු ක්‍රිස්තුස්ට පවා එවැනිම අවශ්‍යතාවක් තිබුණා. ඔහු තම ගෝලයන්ට සමීපව සිටියත්, කලින් කලට “යාච්ඤාකරන පිණිස වෙන්ව” ගියා. (මතෙව් 14:23; මාර්ක් 1:35) දේවභයැති ඊසාක් පවා තනිව සිටීමට කාලය සොයාගත්තා. (උත්පත්ති 24:63) ගෙදරදී කරගෙන ඒමට දෙන වැඩ, ගෙදර දොරේ වැඩ හෝ ඔබේ පෞද්ගලික බයිබල් පාඩම වැනි දේවල් කිරීමට ඔබටත් යම් පෞද්ගලික කාලයක් අවශ්‍යයි. එමෙන්ම ඔබේ මිතුරන් ඔබේ අවශ්‍යතා ගැන සාවධානී නොවීමෙන් මේ සම්බන්ධයෙන් අඩු සැලකිල්ලක් දක්වයි නම්, ක්‍රෝධය පහසුවෙන්ම ඇවිළිය හැකියි.
එසේනම් ඔබටම යම් කාලයක් අවශ්‍ය වන විට ඔබේ මිතුරාට එය දැනගන්න සැලැස්වීමට භය වෙන්න එපා. ක්‍රිස්තියානි ප්‍රේමය “තමාගේම කාරණා සොයන්නේ [නැති]” බැවින් සැබෑ මිතුරෙක් සාමාන්‍යයෙන් දේවල් තේරුම්ගැනීමට උත්සාහ කරයි. (1 කොරින්ති 13:4, 5; හිතෝපදේශ 17:17) එක් යෞවනියක් මෙසේ ලියයි: “මගේ අවසාන විභාගෙට කලින් මගේ යාළුවෝ මට ගොඩක් සහයෝගය පෙන්නුවා වගේම මාව තේරුම්ගත්තා. මට පාඩම් කරන්න අවශ්‍ය වුණාම ඒගොල්ලන්ට යන්න පුළුවන්ද කියලා අහන්න මට එච්චර අමාරු වුණේ නැහැ. මගේ මිතුරන් එක්ක අවංක වෙන එක ලේසියි; අපි ඔක්කොමල්ලාටම වගකීම් තියෙනවා කියලා ඒගොල්ලන් දන්නවා.”
ඇත්තෙන්ම, ඔබ ඔබේ මිතුරන්ටත් එයාකාරයෙන්ම සැලකිල්ලක් දැක්වීම රන් අණින් අපේක්ෂා කරනවා. (මතෙව් 7:12) යෞවනියක් වන තමාරා මෙසේ ලියයි: “මට ගොඩක් වගකීම් තියෙන එකෙන් මට උපකාර වෙලා තියෙනවා මගේ යාළුවාටත් එයාටම කියලා කාලය අවශ්‍යයි කියන එක තේරුම්ගන්න.” එමෙන්ම තමාරාට නිවසේ වැඩ තිබෙන විට, ඇගේ මිතුරන් ඒවා ඉක්මනින් කරන්න හෝ ඒවා පසුවට කල් දමන්න කියා කියන්නේ නැහැ. ඒ වෙනුවට, තමාරා මෙසේ පවසයි: “අපිට පස්සේ දේවල් එකට කරන්න පුළුවන් වෙන්න ඒගොල්ලන් මගේ වැඩ කරගන්න මට උදව් වෙනවා.” එවැනි පරාර්ථකාමී මිතුරන් කොතරම් අගනා වස්තුවක්ද—එමෙන්ම කොතරම් අගනා අන්දමින් කාලය පරිහරණය කිරීමක්ද!
“පුළුල් වන්න”
මිත්‍රත්වය තුළට යම් පෞද්ගලිකත්වයක් ඇතුළත් කිරීම ඥානවන්ත දෙය වීමට තවත් හේතුවක් තිබෙනවා. අපි අපගේ කාලය හා චිත්තවේගයන් එකම මිත්‍රත්වයකට ආයෝජනය කරන විට, අපගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් හා වෙනත් ක්‍රිස්තියානීන් වැනි වැදගත් සබඳතාවන් නොසලකා හැරීමට අපි නැඹුරු වෙන්න පුළුවන්. ඒ අතරම අපි අපේ චිත්තවේගීය හා ආත්මික වර්ධනය සීමා කරගන්න යනවා. බයිබලය මෙසේ පවසයි: “යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.” (හිතෝපදේශ 27:17) ඔබ එක් තැනැත්තෙකු සමඟ පමණක් ඇසුරු කරන විට—විශේෂයෙන්ම එම තැනැත්තා තුල්යයෙක් වන විට, ‘පැහැපත් කරගත’ හැකි ප්‍රමාණය සීමිත බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එසේනම් ඔබේ මිතුරන් පිළිබඳව ඔබ කරන තේරීමේදී, එකම පිරිසකට අයත්ව සිටීමට, පටුවීමට හෝ තනි කරගැනීමට බයිබලය දිරිගන්වන්නේ නැහැ. එය අපට “පුළුල් වන්න” උනන්දු කරනවා. (2 කොරින්ති 6:13, NW) “ඔබට විශේෂ සබඳතාවක් තිබෙන විටදී පවා, වෙනත් මිතුරන්ව බැහැදැකීමට කාලය සොයාගැනීම වැදගත්” යයි මූඩ්ස් ඇන්ඩ් ෆීලිංස් (චිත්ත ස්වභාවයන් සහ හැඟීම්) යන පොත උපදෙස් දෙයි.
එවැනි උපදෙස් අදාළ කරගැනීම සැමවිටම පහසු නැහැ. ක්‍රිස්තියානි යෞවනයෙකු වන මයිකල් මෙසේ පවසයි: “ට්‍රොයි සහ මම හැම වෙලාවෙම දේවල් එකටයි කළේ, සභාවෙ වුණත් සමාජීයව වුණත්. අපිව වෙන් කරන්න පුළුවන් වුණේ නැහැ. ඊට පස්සේ තවත් යෞවන සාක්ෂිකාරයෙක් අපේ සභාවට මාරු වුණා. එයයි මමයි කැමති වුණා පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන් හැටියට සේවය කරන්න, ඉතින් අපි එකට කාලය ගත කරන්න පටන්ගත්තා.” ප්‍රතිඵලය? “ට්‍රොයි මාත් එක්ක කතා කරන එක නතර කළා; ඊට පස්සේ දේවල් යථා තත්වයට ගේන්න කිසිම ප්‍රතිඵලයක් නොවුණ වෑයමක යෙදුණාට පස්සේ, මම එයත් එක්ක කතා කරන එක නතර කළා. මේ විදිහට දේවල් අවුරුද්දක් විතර තිබුණා” කියා මයිකල් පවසයි. ඔහු ඔහුගේ මිත්‍රත්වය විස්තර කරන්නේ “ඊර්ෂ්‍යාවෙන් බලපැවැත්වූ” එකක් හැටියටයි.
කෙසේවුවත්, හිතකර සබඳතාවන්වල, මිතුරන් එකිනෙකාව දේපොළ හැටියට සලකන්නේ නැහැ. ඉතින් පුළුල් වීමට ඔබ දරන වෑයම්වලට මිතුරෙක් අනුමැතිය දෙන්නේ නැතිනම්, සෘජු සාකච්ඡාවක් කරන්න අවශ්‍යයි. කොටින් කියතොත් සමහරක් විට අවශ්‍ය වන්නේ ඔබ ඔහුගේ හෝ ඇගේ මිත්‍රත්වය තවමත් බෙහෙවින් අගය කරනවා යන සහතිකය පමණයි. ඔබ දේවල් මින් මත්තටත් එකට කරන්න යන බව පැහැදිලි කරන්න.
ඔබේ මිතුරාට එම අදහසට අනුව හැඩගැසෙන්න කාලයක් ගත වන බව පිළිගත යුතුයි. උදාහරණයක් හැටියට, තම කිට්ටු මිතුරිය වෙනත් අය සමඟ කාලය ගත කරන්න පටන්ගත් විට, දහසය හැවිරිදි සැනෙටාට ඊර්ෂ්‍යාවේ හැඟීම් ඇති වුණා. නමුත් “යාච්ඤාවට හා පෞද්ගලික බයිබල් පාඩමට ස්තුති වෙන්න” ඇය මේ හැඟීම් පරාජය කළ බව සැනෙටා පවසයි. මෙයාකාරයෙන් ඇයට ඇගේ මිතුරිය සමඟ කිට්ටු සබඳතාවක් පවත්වාගන්න හැකි වුණා. මයිකල්ගේ මිතුරා වූ ට්රොයිද ඊර්ෂ්‍යාවේ මුල් හැඟීම්වලින් ගොඩ ආ අතර, ඔවුන් නැවතත් හොඳ මිතුරන් බවට පත් වුණා. සමහරක් විට ඔබේ මිතුරාත් එසේම කරයි. ඇත්තෙන්ම, දිගු කාලීනව ගතහොත්, පුළුල් වීම සැලකිල්ලට බඳුන් වන සියල්ලන්ගේම යහපත සඳහායි. දාහත් හැවිරිදි ඩෙබී සොයාගෙන ඇති ආකාරයට, ඇගේ මිතුරියන් අලුත් මිත්‍රත්වයන් ඇති කරගන්නා විට, “ඒගොල්ලනුත් හුඟක් වෙලාවට මගේ යාළුවො වෙනවා.”
එහෙත් ඔබේ සබඳතාවේ ඇති මෙම වෙනස් වීම් ඔබේ මිතුරා පිළිගන්න කොහෙත්ම අකමැති වෙනවා නම් කිමෙක්ද? වෙන්ව කටයුතු කරනවා හැර වෙන කරන්න දෙයක් නොමැති වෙනවා විය හැකියි. කොහොම වුණත්, සියල්ල අවසන්යයි තීරණය කරන්න පෙර, ඇයි ඔබේ දෙමාපියන්ගෙන් මේ සම්බන්ධයෙන් අදහස් විමසන්නේ නැත්තේ? මන්දයත් බලාගෙන යන විට, දේවභයැති දෙමාපියන් ඔබේ කිට්ටුම මිතුරන් වෙනවා. පෞද්ගලිකත්වය සඳහා ඔබට ඇති අවශ්‍යතාව පාවා නොදී ඔබේ මිත්‍රත්වය බේරාගැනීමට උපකාර වන ප්‍රායෝගික යෝජනා ඔවුන්ට තියෙන්න පුළුවන්.
හරි මිතුරන් සමඟ කල් ගෙවන්න
අවධානයට යොමු විය යුතු කරුණක්: පුළුල් වීම යන්නෙන් අදහස් වන්නේ මිත්‍රයන් තෝරාගැනීම පිළිබඳ ඔබ කරන තේරීමේදී අනුවණ වීම නොවෙයි. මිත්‍රත්වය සම්බන්ධයෙන් ලියවුණු පොතක් මෙසේ පවසනවා: “ඔබ ගොඩක් කාලය ගත කරන අය මෙන් වෙන එක සාමාන්‍යයි. සමහර විට මේ දෙය ඔබ නොදැනුවත්වම වෙන්න පුළුවන්. ඔබ කොහොම සිතුවත් ඔබ ඔබේ තුල්යයන්ට සමානව සිතන්න හා ක්‍රියා කරන්න පුළුවන්. මෙයාකාරයෙන් ඔබේ තුල්‍ය කණ්ඩායම ඔබව පාලනය කරනවා වෙන්න පුළුවන්.” මෙසේ පවසද්දී බයිබලය මෙම කරුණම වසර දහස් ගණනකට පෙර ගෙනහැර දැක්වුවා: “ඥාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥාණවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.”—හිතෝපදේශ 13:20.
ඔබ පාසැලේ හෝ රැකියාවේ සිටින විට, යෙහෝවාට සේවය කරන්න උනන්දුවක් නොදක්වන අය සමඟ කල් ගෙවන්න ඔබට සිදු වෙන්න පුළුවන්. නමුත් කිට්ටු ආශ්‍රිතයන්ව තෝරාගැනීමේදී, බයිබලයේ අවවාදය මතක තබාගන්න: “නරක ආශ්‍රිතයන් හොඳ චරිත විනාශ කරයි.”—1 කොරින්ති 15:33, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්.
ඕනෑම මනුෂ්‍ය මිත්‍රත්වයකට වඩා වැදගත් වන මිත්‍රත්වය වන්නේ අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවි සමඟ අපට ඇති මිත්‍රත්වය බවත් මතක තබාගන්න. ඉහත සඳහන් කළ ඩෙබීට, මිතුරන් කිහිපදෙනෙක් ඉන්නවා. නමුත් ඇගේ අවවාදය වන්නේ “යෙහෝවා මුල් තැනට එන බවට වග බලාගන්න” යන්නයි. ඇදහිලිවන්ත ආබ්‍රහම් එසේ කළ අතර, යෙහෝවා ඔහුට විශේෂයෙන්ම “මාගේ මිත්‍රයා” කියා ඇමතුවා. (යෙසායා 41:8) මෙයද සලකා බලන්න: ඔබ යෙහෝවාට ප්‍රේම කරන මිතුරන් සඳහා කාලය දීම ගැන යෙහෝවා ඊර්ෂ්‍යා නොවෙයි, ඇත්තෙන්ම ඔහු එයට දිරි දෙයි. ඔහු ඇත්තෙන්ම කොපමණ සැබෑ මිතුරෙක්ද!
[24වන පිටුවේ පින්තූරය]
පෞද්ගලික කාලය සඳහා වෙනත් අයට ඇති අවශ්‍යතාව සැබෑ මිතුරන් හඳුනාගනී