ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 11/8 14-15 පි.
  • දුප්පත්කම නිසා සොරකම සාධාරණද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුප්පත්කම නිසා සොරකම සාධාරණද?
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවි පවසන්නේ කුමක්ද?
  • දිළිඳුන්ට කළ හැකි දේ කුමක්ද?
  • සොරකම වැඩිවෙමින් පවතින්නේ මන්ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හොරෙක් වෙන්න එපා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • දිළිඳු ව සිටීමේ සදාචාරමය අභියෝගයට මුහුණ දිය යුතු ආකාරය
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සෑම අවස්ථාවකම අවංක විය යුතුද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 11/8 14-15 පි.

බයිබලයේ දෘෂ්ටිකෝණය

දුප්පත්කම නිසා සොරකම සාධාරණද?

“දුප්පත්කම, මිනිසාගේ සන්තෝෂයේ පරම සතුරෙක්; එය ඇත්තෙන්ම නිදහස නැති කර දමයි; එය සමහර සුචරිතයන් ක්‍රියාත්මක කළ නොහැකි කරවන අතර, අනිත් ඒවා ක්‍රියාත්මක කිරීම අතිශයින්ම අසීරු කරවයි.” සැමුවෙල් ජොන්සන්, 18වන-සියවසේ කර්තෘවරයෙක්.

රෝමානු රාජ්‍ය තන්ත්‍රඥ මාග්නුස් ඔරෙලියස් කාසියෝඩරස් මෙසේ පැවසුවා: “දුප්පත්කම අපරාධයේ මවයි.” මේ දෘෂ්ටීන් ඇතැම් අපරාධ දුප්පත්කමේ ස්වභාවික ප්‍රතිඵලයක් මෙන් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම අපරාධය සොරකම වූ අවස්ථාවේදී, අදදින බොහෝදෙනෙක් ඊට එකඟ වන බවක් පෙනෙන්න තිබෙනවා.

තාඩන පීඩන හා දුප්පත්කම සොරකම සාධාරණ කරනවාය යන විශ්වාසය සෑහෙන්න ප්‍රසිද්ධයි. දාහතරවන සියවසේ රොබින් හුඩ් ගැන ලියැවුණු ජනප්‍රිය ගීත කතාවන් සලකා බලන්න; එය, ධනවතුන්ගෙන් සොරාගෙන, දිළිඳුන්ගේ ප්‍රයෝජනයට බෙදා හළ නීතියේ රැහැනට අසු කරගැනීමට සිටි ජනප්‍රිය තැනැත්තෙක් ගැන විස්තර කරනවා. සියවස් ගණනක් පුරා ඔහුව සලකා තිබෙන්නේ වීරයෙකු හැටියටයි.

අදදින බොහෝදෙනෙක් උහුලන්න බැරි තරමට ආර්ථික අසීරුතාවලට ගොදුරු වී තිබෙන බව පිළිගත යුතුයි. දිනකට බිලියන 1.3ක ජනතාවක් රුපියල් පනහකට වඩා අඩු මුදලකින් ජීවත් වෙන බව මෑතකදී ලෝක බැංකුව වාර්තා කළා. තමන් ගැනම තමන් හිතන්නේ දිළිඳුන් හැටියටයි කියා එක සමීක්ෂණයකදී පිලිපීන ජාතිකයන්ගෙන් සියයට 70ක් කියා සිටියා. බ්‍රසීලයේ ජනයාගෙන් ධනවත්ම සියයට 20දෙනා, දිළිඳුම සියයට 20දෙනා මෙන් 32 ගුණයක් හම්බ කරනවා. ජීවිතය ගැටගහගන්න තම දෛනික අවශ්‍යතා සපුරාගැනීමට පමණක්ම මොනව හරි දෙයක්, සොරකම පවා කිරීමට තරම් සමහරුන්ව කලකිරවීමට එවැනි තත්වයන්ට හැකියි.

බයිබලය පැහැදිලිවම සොරකම හෙළාදකිනවා. දසපනතේ අටවන පනත මෙසේ ප්‍රකාශ කරනවා: “සොරකම් නොකරව.” (නික්මයාම 20:15) එහෙත්, බයිබලය කෙරෙහි විශ්වාසය තබන බොහෝදෙනෙක්, සොරා ශෝකජනක ආර්ථික තත්වයන් මගින් නම් පෙලඹී තිබෙන්නේ, එවිට සොරකම සාධාරණ කිරීමට නැඹුරු වෙනවා.

මෙය බරපතළ ප්‍රශ්න පැනනංවයි: දුප්පත්කම ඇත්තෙන්ම සොරකම සාධාරණ කරයිද? පුද්ගලයෙක් අන්ත ආර්ථික පරිහානියක ජීවත් වන්නේ නම් ඔහු කළ යුත්තේ කුමක්ද? රැකබලාගැනීමට ඔහුට රෝගී හෝ කුසගින්නෙන් පෙළෙන දරුවන් ඉන්නවා නම් කුමක්ද? එවැනි අවස්ථාවලදී, විශේෂයෙන්ම සොරාගත් භාණ්ඩවල අයිතිකරුට ඒවා නැති වුණාට එතරම් ගණනක් නොවනවා නම් යෙහෝවා දෙවි සොරකමට ඉඩහරිනු ඇද්ද?

දෙවි පවසන්නේ කුමක්ද?

යේසු තම පියාගේ පෞද්ගලිකත්වය පිළිබිඹු කළ බැවින්, දෙවිගේ දෘෂ්ටිකෝණය තේරුම්ගැනීමට ඔහුගේ ආදර්ශය අපට උපකාර විය හැකියි. (යොහන් 12:49) පොළොවේ සිටිද්දී, යේසු දුප්පතුන් සමඟ කටයුතු කළේ ඉමහත් දයානුකම්පාවකින්. “සමූහයන් දැක, [ඔහු] . . . ඔවුන් කෙරෙහි අනුකම්පාකළ” බව බයිබලය පවසයි. (මතෙව් 9:36) කෙසේනමුත්, මොනම තත්වයක් යටතේදීවත් ඔහු කවදාවත් සොරකමට ඉඩ දුන්නේ නෑ. එලෙසම, දෙවි දිළිඳුන් වෙත සැලකිල්ලක් දක්වා තිබුණත්, දුප්පත්කම නිසා සොරකම් කිරීම සාධාරණ දෙයක් ලෙස සලකන්නේ නෑ. දෙවි ‘අධර්මිෂ්ඨකමින් සොරකම් කිරීම ද්වේෂ කරනවා’ කියා යෙසායා 61:8හි බයිබලය අපට පවසනවා. තවද සොරු දෙවිගේ රාජ්‍යය උරුම කරගන්නේ නෑ කියා ප්‍රේරිත පාවුල් පැහැදිලිවම ප්‍රකාශ කරනවා. එබැවින් දෙවිගේ දෘෂ්ටිකෝණය සම්බන්ධයෙන් අපව සැක සහිත තත්වයක තබා නෑ.—1 කොරින්ති 6:10.

කෙසේවුවත්, “තමාට කුසගින්න දැනෙන විට, තම ප්‍රාණය සන්සිඳුවාගන්න හොරෙක් හොරකම් කළත් මනුෂ්‍යයෝ ඔහුට අවමන් නොකරති” කියා හිතෝපදේශ 6:30 [NW] පවසනවා. මේ ප්‍රකාශය සොරකමට ඉඩහැරීමක්ද? කොහෙත්ම නැහැ. සොරා තවදුරටත් තම වරදට දඬුවම් ලැබිය යුතු බවට දෙවි තවමත් ගණන් ගන්නා බව පාඨය පෙන්නුම් කරනවා. ඊළඟ පදය මෙසේ පවසනවා: “නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.”—හිතෝපදේශ 6:31.

කෑදරකමින් හෝ තම ගොදුර කරගන්න තැනැත්තාට අනතුරු කිරීමේ අභිප්‍රායෙන් සොරකම් කරන කෙනෙක් තරම්ම කුසගින්න නිසා සොරකම් කරන සොරෙක් වරදකරුවෙක් නොවිය හැකි වුවත්, දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කැමති අය කිසිම ආකාරයක සොරකමක් සම්බන්ධයෙන් වරදකරුවන් නොවිය යුතුයි. අන්ත දුප්පත්කමේ තත්වයන් යටතේදී පවා, සොරකම් කිරීම දෙවිට අගෞරවයක්. හිතෝපදේශ 30:8, 9හි එය මෙසේ දක්වනවා: “මා දිළිඳුවී සොරකම්කොට, මාගේ [දෙවිගේ] නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ්‍ය [කරන්න].” ඔව්, සොරෙක් දෙවිගේ නාමයට නින්දා කරයි. සොරකම අනාදර ක්‍රියාවක් බැවින්, ධනවත් හෝ දිළිඳු කවරෙකුට විරුද්ධව කළත් එය පාපයක්. දෙවිට හා අසල්වැසියාට ප්‍රේම කරන අයට සොරකම කවදාවත් සාධාරණ දෙයක් වෙන්නේ නෑ.—මතෙව් 22:39; රෝම 13:9, 10.

අවාසිදායක තත්වයක ඉන්න පුද්ගලයෙකුට සොරකම් කරන්න අයිතියක් තිබෙනවාය යන තර්කය තර්කානුකූල නැහැ. මෙසේ පැවසීම, හොඳින් වැඩුණු ශරීරයක් නැති ක්‍රීඩකයෙකුට ජයගැනීම සඳහා තහනම් ඖෂධ ගැනීමට අයිතියක් තිබෙනවා කියා පවසනවා හා සමානයි. ඔහු ජයගත්තත්, ඔහු යොදාගෙන තිබෙන්නේ වංක ක්‍රමයක්. ඔහු ඔවුන්ගෙන් ජයග්‍රහණය උදුරාගෙන තිබෙන්නේ අනීතික ක්‍රම මගින් බව වෙනත් අයට හැඟීම සාධාරණයි. ඉතින්, සොරෙක් සම්බන්ධයෙනුත් එසේමයි. වංක මාර්ගයකින් ඔහු ගන්නේ සෙස්සන්ට අයිති දේවල්. ඔහුගේ අවාසිදායක තත්වය ඔහු යොදාගන්නා ක්‍රමය සාධාරණ කරන්නේ නෑ.

දෙවිගේ අනුමැතිය අවශ්‍ය ඕනෑම සොරෙක් තමන්ගේ හැසිරීමේ ක්‍රියාමාර්ගය ගැන පසුතැවිලි විය යුතුයි. බයිබලය මෙසේ අවවාද කරයි: “සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන් වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.” (එපීස 4:28) අවංකවම පසුතැවිලි වන කලින් සොරුන්ව සිටි අයට, යෙහෝවා තමන්ට සමාව දෙයි කියා සහතික විය හැකියි.—එසකියෙල් 33:14-16.

දිළිඳුන්ට කළ හැකි දේ කුමක්ද?

බයිබලය මෙසේ පොරොන්දු වෙයි: ‘යෙහෝවා ධර්මිෂ්ඨයා හාමත් වෙන්ට නාරින්නේය; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය ඔහු නිෂ්ඵල කරන්නේය.’ (හිතෝපදේශ 10:3) තම ආශාවන් සන්සිඳුවාගැනීම සඳහා හිතා මතාම ඔහුගේ නීති කඩ කරන අයට දෙවි උපකාර කරන්න යන්නේ නෑ. නමුත් අවංකවම ඔහුට කීකරු වීමට වෑයම් කරන අය සඳහා ඔහුට දයානුකම්පාවක් තිබෙන අතර, අවශ්‍ය දේවල් ලබාගැනීම සඳහා ඔවුන් දරන වෑයමට ඔහු ආශීර්වාද කරාවි.—ගීතාවලිය 37:25.

තමන් දෙවිගේ ප්‍රතිපත්ති අනුගමනය කරන විට තම ජීවිත තත්වයන් වැඩිදියුණු වන බව දැනටමත් මිලියන සංඛ්‍යාතයක් සොයාගෙන තිබෙනවා. උදාහරණයක් වශයෙන්, කාර්යක්ෂම වීම සඳහා මෙන්ම සූදුව, බේබදුකම, දුම්පානය හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම වැනි දුසිරිතෙන් වැළකීම සඳහා ඇති බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන්, ඔවුන්ට ඇත්තෙන්ම අවශ්‍ය දේවලට වඩා දේවල් ලබාගැනීමට හැකි වී තිබෙනවා. (ගලාති 5:19-21) මෙයට ඔවුන් ඇදහිල්ල පැවැත්වීම අවශ්‍ය කරවන අතර, එසේ කර ඇති අය “[යෙහෝවා] යහපත්” බවත්, ඔහු කෙරෙහි විශ්වාසය තබන අයට ඇත්තෙන්ම ඔහු උපකාර කරන බවත් ඉගෙනගෙන තිබෙනවා.—ගීතාවලිය 34:8.

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

රොබින් හුඩ්: General Research Division/The New York Public Library/Astor, Lenox and Tilden Foundations

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න