ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 11/8 28-29 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඉන්දියාවේ එච්අයිවී විශේෂය
  • සිම්බාබ්වේහි නියං සහනාධාර
  • පොදු මූලාරම්භයන්?
  • අවුරුදු 100ක් පරණ ගින්න නිවීම
  • අධිරුධිර පීඩනය සහ මතකය නැතිවීම
  • අදහස් හුවමාරු කිරීමේ පරතරය
  • මාර්ග අනතුරු—ඇයි?
  • සාගර කොල්ලකෑම
  • අහම්බෙන් සොයාගත් ග්‍රහලෝකය
  • වී ගොවියන්ට පුදුමයක්
  • ආගම සහ දේශපාලනය අතර අප්‍රසාදය
  • ඒඩ්ස් රෝගයට එරෙහි සටනේ සාර්ථක ප්‍රතිඵල
    2004 පිබිදෙව්!
  • ඒඩ්ස් පැතිරෙයි අප්‍රිකාවේ
    2002 පිබිදෙව්!
  • ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාරයක් වහාම අවශ්‍යයි!
    2004 පිබිදෙව්!
1996 පිබිදෙව්!
g96 11/8 28-29 පි.

ලෝකය දෙස බැලීම

ඉන්දියාවේ එච්අයිවී විශේෂය

ඉන්දියාවේ පූනෙහි ඒඩ්ස් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් හාවඩ් සරසවියේ ඒඩ්ස් ආයතනයේ වෛද්‍ය මැක්ස් එසෙක්ස් යටතේ සිටින පර්යේෂකයන් කණ්ඩායමකගේ සහයෝගය ඇතුව, ඉන්දියාවේ ඉතාමත් පොදු එච්අයිවී විශේෂය සොයාගෙන ඇත. මෙය එච්අයිවී-1සී යනුවෙන් හඳුන්වන අතර, යුරෝපයේ සහ අමෙරිකාවේ පොදුවේ පවතින එච්අයිවී-1බීවලට වඩා පස්ගුණයක සිට දහගුණයකටත් වඩා වැඩියෙන් බෝවෙන බව විශ්වාස කෙරේ. ඉන්ඩියන් එක්ස්ප්‍රෙස්ට අනුව ලෝකයේ අනිකුත් බොහෝ ප්‍රදේශවලට වඩා ඉන්දියාවේ එච්අයිවී පැතිරෙන වේගය ඉතා ඉහළ බව පෙනීයයි කියා වෛද්‍ය එසෙක්ස් ප්‍රකාශ කරයි. නාශක කිහිපයක් ඒඩ්ස් වළක්වන බවට බලාපොරොත්තු පහළ කළත්, වෛද්‍ය වී. රාමලිංගස්වාමි දකින්නේ, එච්අයිවී-1සී සඳහා මේ කිසිවකින් පලක් නොවන බවයි.

සිම්බාබ්වේහි නියං සහනාධාර

මෑත වර්ෂවලදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ආපදාවෙන් පීඩිත ප්‍රදේශවලට බොහෝවිට සහනාධාර සපයා ඇත. රටේ බොහෝ ප්‍රදේශ නියඟය නිසා මහත් බලපෑමට ලක්ව ඇති සිම්බාබ්වේ වැනි දියුණු වෙමින් පවතින දේශවලට ඔවුන්ගේ ක්‍රිස්තියානි ස්ප්‍රීතුව විශේෂයෙන්ම අවශ්‍ය කෙරේ. මේ අරමුණ සඳහා විශාල ප්‍රමාණවලින් ආහාර සහ ඇඳුම් පැළඳුම් ප්‍රේමනීය ලෙස සම්මාදම් කරනු ලැබූ අතර, සිම්බාබ්වේහි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලය විසින් ඈත ප්‍රදේශවල සිටි සාක්ෂිකරුවන්ට සහ ඔවුන්ගේ මිතුරන්ට අවශ්‍ය මෙම ද්‍රව්‍යයන් සාර්ථකව බෙදාහරින ලදි. ආහාර සහ ඇඳුම්වලට අමතරව, සිම්බාබ්වේහි සාක්ෂිකරුවන් විසින් ඩොලර් 7,500ක් (එ.ජ.) සහ වොච්ටවර් සමිතිය තවත් ඩොලර් 20,500ක්ද මේ සහනාධාර මෙහෙය සඳහා කැප කරන ලදි. සමිතිය සහ බලපෑමට ලක් වූ සාක්ෂිකරුවෝ ඔවුන්ගේ සහෝදරයන් දැක්වූ ත්‍යාගශීලී ප්‍රේමය සඳහා ගැඹුරු ලෙස කෘතගුණ පුදති.

පොදු මූලාරම්භයන්?

පැරීසියේ ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන්ට අනුව, ලා චිවිල්ටා කාටොලිකා නම් බලගතු ජේසු නිකායික ජර්නලයක ලිපියක් කියා සිටින්නේ, “මුස්ලිම් කෝරානය, හින්දු වේද සහ බගවද්-ගීත, චීන ටඕවාදීන් සහ ජපන් ෂින්ටොවාදීන්ගේ ශුද්ධ ග්‍රන්ථ වැනි නානාවිධ කෘතීන් තුළින් දෙවියන්වහන්සේ කතා කරන්ට ඇති” කියාය. එම ලිපිය යෝජනා කරන්නේ, මෙම ලියවිලි සහ අනිකුත් ලියවිලි, “නියෝජනය කරන්නේ නිකම්ම සාහිත්‍යය හෝ දර්ශනවාදය නොව, නමුත් ඊටත් වඩා ‘එළිදරව්වකි’—එනම් මනුෂ්‍යයන් ලවා දෙවියන්වහන්සේ කතා කිරීමක්” කියාය. මෙම ජර්නලය වතිකානු බලධාරීන් විසින් නිරවද්‍යතාව සඳහා අනියම් ලෙස පරීක්ෂා කරනු ලබන බැවින්, මෙම මත පාප් විසිනුත් දරනවාද යන්න පිළිබඳ ප්‍රශ්න මතු විය. ට්‍රිබියුන් තවදුරටත් නිරීක්ෂණය කළ දෙයක් නම්, දෙවන ජුවාම් පාවුලු පාප් ඔහුගේ ක්‍රොසිං ද ත්‍රෙෂෝල්ඩ් ඔෆ් හෝප් යන පොතේ සඳහන් කළේ, කතෝලික පල්ලිය, අනිකුත් ආගම්වල ඉගැන්වීම් සහ පල්ලියේ ඉගැන්වීම් අතර පොදු ආරම්භයක් ඇති ඒවා සොයමින් සිටි බවයි.

අවුරුදු 100ක් පරණ ගින්න නිවීම

අවුරුදු 100කට පෙර, චීනයේ භාවිත නොකළ ගල් අඟුරු ආකරයක් ගිනිගත් අතර, එය මෑතක් වන තුරු දැවෙමින් පැවතිණ. ගින්න වර්ග කිලෝමීටර 6ක් පමණ දුරකට පැතිර ගිය අතර, ගල් අඟුරු ටොන් 3,00,000ක් පමණ වාර්ෂිකව දහනය විය. මෙම විශාල ගින්න නිවීමට අවුරුදු ගණනාවක් පුරා දැරූ වෑයම් අසාර්ථක වී ඇත. කෙසේවෙතත්, වාර්තා වී ඇති ආකාරයට අවසානයෙහි ගිනිනිවන්නන් ගින්න නිවීමෙහි සාර්ථක වී ඇත. ගිනි ජාලය නිවීමට ගිනිනිවන්නන් විසින් කළේ, පුපුරන ද්‍රව්‍ය දමා වළවල් හාරා ගිනිදැල්ල මත වැලි, ගල් සහ වතුර දැමීමයි.

අධිරුධිර පීඩනය සහ මතකය නැතිවීම

“නව අධ්‍යයනයන් පෙන්වන්නේ, අධිරුධිර පීඩනය ඇති මැදිවියේ මිනිසුන්ට ඔවුන්ගේ 70 ගණන් වයසට පැමිණෙන විට ඔවුන් හානි වූ මතකය, විනිශ්චය සහ ඒකාග්‍රතාවෙන් පෙළෙන” බව සයිකොලජි ටුඩේ වාර්තා කරයි. සන්‍යස්ත රුධිර පීඩනයේ අගය ඒකක දහයකින් වැඩි වෙන්න වෙන්න මොළයේ ක්‍රියාකාරිත්වයේ ක්ෂය වීම සියයට 9කින් වැඩි වන බව පෙනේයයි පර්යේෂක කණ්ඩායමක් සොයාගත්තේය. “අධිරුධිර පීඩනය හදිසි හෘදයාබාධ ඇති කරන බව අපි දන්නවා,” අධ්‍යයනයේ අධ්‍යක්ෂිකාව වන ලේනෝර් ලෞනර්, පීඑච්.ඩී. පවසන අතර ඇය එකතු කරන්නේ: “එය අඩු කරන්න මේක තවත් හේතුවක්ය” කියාය.

අදහස් හුවමාරු කිරීමේ පරතරය

ඕස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන්හි පුවත්පතක් වන, ද කුරියර්-මේල් වාර්තා කරන්නේ, මහා විද්‍යාලයට යන නහඹරයන්, තම පියවරුන් සමඟ කතා කළත් බරපතළ සාකච්ඡාවක යෙදෙන්නේ කලාතුරකින් බව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූ බවයි. මෙම සමීක්ෂණය පෙන්නුම් කළේ, බොහෝ නහඹරයන් තම පියවරුන් සමඟ විනාඩි 15කටත් අඩු කාලයක් ගත කළත්, තම මව්වරුන් සමඟ පැයකට ආසන්න කාලයක් කතා කිරීමේ නිරත වන බවය. දෙමාපියන් සදාචාරය ගැන තම දරුවන්ට කතා කරන්නේ හෝ ඔවුන් නරඹන රූපවාහිනී වැඩසටහන් හෝ වීඩියෝ දර්ශන පිළිබඳ සොයා බලන්නේ කලාතුරකිනි. පියපුතු අතර යම් සාකච්ඡාවක් වුවොත් එය කාර් ගැන හෝ ක්‍රීඩා වැනි සැහැල්ලු දේවල් ගැන පමණක්ය. මව සමඟ වැඩියෙන් කතා කළේ, මිතුරන්, පාසැල සහ සමාජ සැලසුම් වැනි දේවල් ගැන වුවත් බරපතළ කාරණා ගැන නම් ඉතා කලාතුරකිනි. බොහෝ අවස්ථාවල පියා සහ දියණිය අතර සාකච්ඡා සීමා වුණේ, එකිනෙකා සමඟ විහිළු තහළු කරගැනීමටය.

මාර්ග අනතුරු—ඇයි?

බ්‍රසීලයේ, ප්‍රවාහණ අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ අධ්‍යයන වාර්තාවක් පෙන්වූයේ, මාර්ග අනතුරු සියයට 90ක් සිදු වන්නේ, රියැදුරු වරද හෝ නොසැලකිලිමත්කම නිසා බවයි. වාර්තාවට අනුව, හොඳ කාලගුණික තත්වයන් යටතේ හෝ එක එල්ලේ ඇති මහාමාර්ග ඔස්සේ ගමන් කරන විට රියැදුරන් ඕනෑවට වඩා තමන්ව විශ්වාස කරන බවද සඳහන් වේ. වාර්තාව තවදුරටත් හෙළි කරන්නේ, දුර්වල තත්වයේ මාර්ග සහ දෝෂ සහිත කාර් රථ අනතුරු සඳහා හේතු වන අතර, ඒ හේතුවෙන් බ්‍රසීලයේ සෑම වර්ෂයකම මරණ 25,000ක් සහ හානි 3,50,000ක් සිදු වන බවයි.

සාගර කොල්ලකෑම

නිව් සයන්ටිස්ට් වාර්තා කරන්නේ, “ප්‍රතිඵල ගැන කොහෙත්ම නොසලකා අලුත් සහ ලාභදායි විය හැකි ඖෂධ සෙවීමට ඖෂධ පිළියෙළ කරන හා විකුණන සමාගම්වල සිටින, වාණිජ වාසි තකා ජීව වස්තු සොයන මිනිසුන් සාගරයෙන් ඕනෑවට වඩා ජීව වස්තූන් ලබාගනිමින් උමතු තරඟයක යෙදෙන” බවය. ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ සාගර ජෛව රසායන විද්‍යාඥ, මේරි ගාසන්ට අනුව, එකතු කරගන්නා සාම්පල්වලින් සියයට 98ක් විසි කරනු ලබන්නේ වැඩිදුර විශ්ලේෂණය නොකරය. උදාහරණයක් හැටියට, ඒකෝර්න් පණුවන් කිලෝග්‍රෑම් 450ක් හා ඉස්පන්ජි කිලෝග්‍රෑම් 2,400කින්, පිළිකා-විරෝධී ද්‍රව්‍ය ලැබුණේ එක මිලිග්‍රෑමයක් පමණි; කළු පැහැති පිළිකා ගෙඩිවලට ප්‍රතිකාර කිරීමට යොදාගැනෙන පෙප්ටයිඩ් මිලිග්‍රෑම් 10ක් සඳහා, මුහුදු හාවුන් කිලෝග්‍රෑම් 1,600ක් අවශ්‍ය විය; එමෙන්ම අධ්‍යයනය සඳහා සිගුආටොක්සින් නමැති ද්‍රව්‍යයෙන් මිලිග්‍රෑම් 0.35ක් වෙන් කරගැනීමට මොරේ ආඳාගේ අක්මා කොටස් කිලෝග්‍රෑම් 847ක්ම අවශ්‍ය විය. “කොපමණ ප්‍රයෝජනවත් වුවත්, අප එය නැති කර දමන්නේ නැති බවට ස්ථිරවම දන්නවා නම් හැර—සාගරයෙන් නිකම්ම විශාල ප්‍රමාණයෙන් ජීව වස්තූන් ඉවත් කළ නොහැක,” යයි ගාසන් පැවසුවාය.

අහම්බෙන් සොයාගත් ග්‍රහලෝකය

එංගලන්තයේ ගමක් වන බ්‍රැඩ්ෆීල්ඩ්හි පදිංචි ආධුනික තාරකා ශාස්ත්‍රඥයෙකු වන ජෝජ් සැලට් මෑතකදී තම වත්තේ මඩුවක සවි කර ඇති දූරේක්ෂකයකින් කුඩා ග්‍රහලෝකයක් සොයාගත්තේය. “ඒක නං සම්පූර්ණයෙන්ම අහම්බෙන් වෙච්ච දෙයක්,” යයි ඔහු පිළිගනියි. “මම ඡායාරූපයක් ගෙන එය ළං කර බැලූ විට, ග්‍රහයා රාමුව හරහා හෙමින් ගමන් කරන බව දකින්න ලැබුණා.” සැලට් එක, ලෙස හඳුන්වන මෙම ග්‍රහයාගේ විෂ්කම්භය කිලෝමීටර් 30ක් පමණ වන අතර, පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 600ක් පමණ එහායින් පිහිටා තිබේ. එහි කක්ෂය බුද සහ බ්‍රහස්පති යන ග්‍රහයන් අතර පවතී. ලන්ඩන්හි, ද ටයිම්ස් වාර්තා කරන ආකාරයට, පාවිච්චි කරන සෙන්ටිමීටර් 30ක විෂ්කම්භයකින් යුත් කාචයක් සමන්විත දූරේක්ෂය පරිගණකයකින් පාලනය වන එකක් වන අතර ඩොලර් 7,000ක් වටී; නමුත්, හබල් දූරේක්ෂයෙහි යොදාගන්නා මෘදුකාංගවලින් එය සමන්විතය. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ එවැනි කුඩා ග්‍රහයන් නොහොත් ක්ෂුද්‍ර ග්‍රහයන් දහස් ගණනක් තිබිය හැක.

වී ගොවියන්ට පුදුමයක්

වර්ෂ ගණනාවක් පුරා ආසියාවේ වී ගොවියෝ, කන්නයේ මුල් කාලයේදීම, ගොයම් වගාව මහත් සේ විනාශ කරන කොළ කොඩ කරන පණුවන්ගේ පිලව් විනාශ කිරීමට ඔවුන්ගේ වගාවට බහුල වශයෙන් බෙහෙත් ඉසිති. මෑතකදී කරන ලද අත්හදාබැලීම් යෝජනා කරන්නේ, නෙළාගත හැකි, වී අස්වනු ප්‍රමාණයට බලපෑමක් නොමැතිව, ගොයම් පැළවල ශාක පත්‍රවලින් භාගයක් දක්වා ප්‍රමාණයක් නැති වී යා හැකි බවයි. ආසියානු ගොවියන් පාවිච්චි කරන කෘමිනාශකවලින් සියයට 30 සිට 50 දක්වා ප්‍රමාණයක් වැය වන මුල් ඉසීම නොකිරීමට වියට්නාමීය ගොවීන්ට ඒත්තුගන්වනු ලැබූ අතර, ඔවුන් සොයාගත්තේ, වගා අස්වැන්නට කිසිදු හානියක් සිදු වී නැති බවයි.

ආගම සහ දේශපාලනය අතර අප්‍රසාදය

දි ඕස්ට්‍රේලියන් පුවත්පතට අනුව, “සාමාන්‍ය ඕස්ට්‍රේලියානු යෞවනයෙකුට” දේශපාලනය හෝ ආගම කෙරෙහි සැබෑ උනන්දුවක් නොමැත. මෙම නිගමනයට එළඹීමට අවුරුදු 13 සහ 16 අතර ශිෂ්‍යයන් සමඟ සමීක්ෂණය සකස් කළේ, සිඩ්නි විශ්වවිද්‍යාලයේ දේශක ආචාර්ය ජෙනිෆර් බෝස්ය. මෙම යෞවනයන්ගේ ප්‍රමුඛතා මෙලෙස අවරෝහණ ක්‍රමයට දක්වා ඇත්තේ වැදගත්කම අනුවයි: “කිට්ටු මිතුරන් ඇතුව සිටීම, හොඳ අධ්‍යාපනයක් ලැබීම, සුරක්ෂිත රැකියාවක් ඇතුව සිටීම, මගේ හැකියාවන් දියුණු කරගැනීම, මගේ පවුලට ළංව සිටීම, අනාගත පරම්පරා වෙනුවෙන් පොළොව ආරක්ෂා කිරීම, සතුන්ව ආරක්ෂා කිරීම, කදිම නිවසක් ඇතුව සිටීම, අනික් රටවල සංචාරය කිරීම, බොහෝ මුදල් රැස් කිරීම, දූෂණය නැවැත්වීමට යමක් කිරීම, විවාහ වීම, අවාසනාවන්ත අයට උපකාර කිරීම, මගේ රටට උදව් කිරීම, සමාජය වෙනුවෙන් වැදගත් යමක් කිරීම, අන්‍යයන් කෙරෙහි යම් බලපෑමක් කිරීම.” ලැයිස්තුගත කළ ගුණයන් 18න් වැදගත්කමින් අඩු දෙක වූයේ, “මගේ ආගමේ මූල ධර්ම අනුගමනය කිරීම” සහ “දේශපාලනය තුළ ක්‍රියාශීලීව සිටීම” යන්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න