අපගේ පාඨකයන්ගෙන්
තර්ජනයට ලක් ග්‍රහයා මා ලියන්නේ “තර්ජනයට ලක් අපේ ග්‍රහයා—එය බේරාගත හැකිද?” (1996 මාර්තු 8) යන ලිපි මාලාව සම්බන්ධයෙනි. දිරිගන්වන යමක් කියවීමට ලැබීම හොඳ දෙයකි. මාලාවේ තුන්වන ලිපිය අපට පාරාදීසයක ජීවත්වීමේ බලාපොරොත්තුවක් දී ඇත; එහිදී අපට පරිසර පද්ධතිය හෝ ඕසෝන් ස්තරයේ සිදුරු සම්බන්ධයෙන් කරදර වීමට අවශ්‍ය වන එකක් නෑ! මගේ පවුලේ අය හා මිත්‍රයන් සමඟ එම පාරාදීසයේ ජීවත්වීමට මම බලාපොරොත්තු වෙමි.
ඒ. සී., එක්සත් ජනපදය
වන නාශනය, ජල හිඟය සහ අන්තරාවට ලක් සත්ව විශේෂ වැනි ගැටලු සම්බන්ධයෙන් විස්තර කෙරෙන 8 හා 9වන පිටුවල තිබෙන කොටුවේ ඇති තොරතුරුවලට අපි කැමැත්තක් දැක්වීමු. අපේ ග්‍රහයා වැටී ඇති දරුණු තත්වය සම්බන්ධයෙන් එම ලිපි අපට අවබෝධයක් ලබා දිණ. මෙම බරපතළ ගැටලුවට එකම විසඳුම තිබෙන්නේ අපේ මැවුම්කරුවාණන් ළඟ බව දැනගැනීමට ලැබීම අප තුළ ආරක්ෂාවේ හැඟීමක් ඇති කරවයි.
ඕ. පී. සහ එෆ්. ජේ. ඕ., ස්පාඤ්ඤය
ජෙසිකාගේ වාර්තාව මා 1996 මාර්තු 8 කලාපයේ “ජෙසිකාගේ වාර්තාව” කියවා අවසන් කළේ මේ දැන්ය. එය මට මහත් දිරිගැන්වීමක් වූවා! ආදර්ශවත් යෞවනියක ප්‍රීතියෙන් හා ඇදහිලිවන්තව යෙහෝවඃවහන්සේට සේවය කරනවා දැකීමට ලැබීම මට ආඩම්බරයකි. ලැබෙන සෑම ප්‍රස්තාවකදීම සාක්ෂියක් දැරීම අවශ්‍ය බව ජෙසිකාගේ කතන්දරයෙන් මට සිහිගන්වයි.
ඒ. එච්., එක්සත් ජනපදය
ජීවිතයේ අරමුණක් සොයාගත්තා “මම ඉලක්කයක් නොමැතිව සිටියා නමුත් ජීවිතයේ අරමුණක් සොයාගත්තා” යන (1996 මාර්තු 8) ලිපිය ඇත්තෙන්ම මගේ හෘදයෙහි මහත් බලපෑමක් ඇති කළේය. මා එය කියෙවූ විට, මට මාවම දැකගත හැකි විය. අනාගතය පිළිබඳව අඳුරු බලාපොරොත්තුවක් ඇතුව මමද ඉලක්කයක් නොමැතිව කාලය ගත කරමින් සිටියෙමි. එහෙත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවට යෑමට මට ආරාධනයක් ලැබුණ අතර, බයිබල් පාඩමක්ද ඇරඹුවෙමි. යෙහෝවඃවහන්සේ මට පෙන්වා තිබෙන චමත්කාරජනක බලාපොරොත්තුව දැකීමට අන්‍යයන්ට උපකාර කරමින්, දැන් මම සතුටින් පූර්ණකාලීන දේශනා වැඩයෙහි හවුල් වෙමින් සිටින්නෙමි.
සී. ආර්., එක්සත් ජනපදය
වඳභාවයට ප්‍රතිකාර “ලෝකය දෙස බැලීම” යන්නෙහි “වඳ යුවළයන්ට අලුත් බලාපොරොත්තුවක්?” පිළිබඳ කරුණු වෙත මගේ අවධානය යොමු විය. (1995 දෙසැම්බර් 8) මා එය ජීවවිද්‍යාඥවරියකට පෙන්වූ අතර, ඇය කියා සිටියේ සියුම් නික්ෂේපනයක් මගින් “කාන්තාවකගේ” ඩිම්බ සෛලයක් මත තනි ශුක්‍රාණු සෛලයක් පතිත කිරීම සම්බන්ධයෙන් එහි දී ඇති විස්තරය ඇය කෙදිනකවත් අසා නැති බවය.
ඊ. කේ., ජර්මනිය
අපේ මෙම කරුණු පදනම් වූයේ ප්‍රංශ ප්‍රවෘත්ති ආයතනයක් වන ෆ්‍රාන්ස්-ප්‍රෙස් සමඟ ඩෙන්මාර්ක් ජාතික වෛද්‍යාචාරී ඇන්ඩර්ස් න්‍යූබෝ ඇන්ඩර්සන් කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසූ වාර්තාවක් මතය. අභාග්‍යයකට, ඇතැම් කරුණු නිවැරදිව වාර්තා කර නොතිබිණ. සියුම් ලෙස ශුක්‍රාණු තැන්පත් කර ගැබ්ගැන්වීම ඇත්තෙන්ම සිදු කෙරෙන්නේ ජීවමාන ශරීරයෙන් පිටත, එනම් ස්ත්‍රී ශරීරයෙන් පිටත බව වෛද්‍ය. ඇන්ඩර්සන් “පිබිදෙව්!” වෙත පැවසුවේය. ඉන්පසු සංසේචිත ඩිම්බය ස්ත්‍රිය තුළට ඇතුල් කරනු ලැබේ. නිර්නාමික දායකයෙකුගෙන් ලබාගන්නවාට වඩා, ‘පුරුෂයාගේම ශුක්‍රාණුවක් පාවිච්චි කිරීමට එම ක්‍රියාවලිය සමත් බවත්, මෙලෙස සංවේදී සදාචාර සහ ආගමික ප්‍රශ්න මඟහැරීමටද හැකි බවත්’ අපි නිවැරදි ලෙස ප්‍රකාශ කළෙමු. කාරණය එසේව තිබෙන බැවින්, මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි යුවළකට පෞද්ගලික තීරණයක් ගැනීමට සිදු වේ. (1981 ජූනි 1 “ද වොච්ටවර්” 31වන පිටුව බලන්න.)—සංස්.
වරදකට හසු වූ මිතුරෙක් මා ලියන්නේ “යෞවන අය අසති . . . මිතුරෙක් වරදකට හසු වූවොත් මා කුමක් කළ යුතුද?” නම් ලිපිය සම්බන්ධයෙනි. (1996 අප්‍රියෙල් 8) මගේ හොඳම යෙහෙළියකව මීට වසරකට පෙර සභා ඇසුරෙන් ඉවත් කරනු ලැබීය. මට දැඩි දුකක් දැනිණ. මා ඇයට ප්‍රමාණවත් උපකාරයක් සැපයුවේවත්, ඇය සමඟ ප්‍රමාණවත් කාලයක් ගත කළේවත්, කල්‍යාණ මිතුරියක වූවේවත් නැතැයි මට හැඟිණ. ඇය සත්‍යය අත්හැර යෑම මගේ වරදක් නොවන බව මා කියෙවූ විට, මා පිට පැටවී තිබූ මහත් බරකින් නිදහස් වූ බවක් මට හැඟිණ!
එල්. ටී., එක්සත් ජනපදය
මගේ අද්දැකීම ගැන කතා කරනවා නම්, “සැකකටයුතු ජීවන රටාවක් අනුගමනය කිරීමට” පටන්ගත් තැනැත්තී, මගේ මිතුරිය පමණක් නොව, හිලව් කළ නොහැකි මගේ දයාබර මවත් විය. අන්තිමේදී මා වැඩිමහල්ලන් වෙත ගොස් ඇගේ තත්වය පැහැදිලි කළ අතර, ඇයව සභා ඇසුරෙන් ඉවත් කරනු ලැබීය. වැඩිමහල්ලන්ට පැවසීම සම්බන්ධයෙන් මම මටම දොස් කීවෙමි. වැරදි ලෙස මා තුළ ඇති වී තිබෙන වරදකාරි හැඟීම්වලට එරෙහිව සටන් කිරීම සඳහා ලිපියේ තිබෙන යෝජනා අදාළ කරගැනීමට දැන් මට වුවමනාය.
අයි. වයි., ජපානය