යෙහෝවඃවහන්සේගේ ශක්තියෙන් ඛේදවාචකයක් ජයගැනීම
ස්පාඤ්ඤයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේදී, ස්පාඤ්ඤයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන්ගේ බයිලේ සභාවේ බොහෝදෙනෙක්, ඒ අසල පිහිටි සියෙරා නෙවාඩ කඳුකරයේ සුන්දර දවසක් භුක්තිවින්දෝය. එහෙත් ඔවුන් විසූ ප්‍රදේශයට කිලෝමීටර් 5ක් එහායින්, ඉදිරියට එන කාරයක් ඔවුන්ගේ බසය ගමන් කරමින් සිටි වීථිය හරහට දැම්මේ, වාහන දෙක මූණට මූණලා ගැටෙමිනි. පිපිරීමක් සිදුවීමත් සමඟම බස් රථය ගින්දරින් වැසී ගියේය. සමහර මඟීන්ට වේලාවට පැනගත හැකි වූවත්, බසයේ පසුපස සිටි බොහෝදෙනෙකුව දුමෙන් වෙළාගත් නිසා මියගියහ.
මුළුමනින්ම, සාක්ෂිකරුවන් 26දෙනෙකුගේ ජීවිත නැති වූ අතර, පූර්ණ කාලීන දේවසේවකයන් 4දෙනෙකුත් දරුවන් කිහිපදෙනෙකුත් ඊට ඇතුළත් විය—එය බයිලේ සභාවේ හතරෙන් පංගුවකට ආසන්න සංඛ්‍යාවකි. බයිලේහි නගරාධිපති වෙත එවූ විදුලි පුවතේ සියලුම ස්පාඤ්ඤ වැසියන්ගේ හැඟීම් ප්රතිනාද කරමින් ස්පාඤ්ඤයේ රජ වන හ්වාන් කර්ලොස් මෙසේ ලීවේය: “දුඃඛිත හදිසි අනතුර ගැන බලවත් සේ සංවේගයට පත් වුණෙමු. අපගේ අවංක ශෝකය සහතික ලෙස ප්‍රකාශ කරන්න. ගොදුරුවූවන්ගේ පවුල්වලට අපගේ සාතිශය ශෝකය මෙන්ම සහය මෙම වේදනාසහගත අවස්ථාවේදී පිරිනමන්න.”
අවමංගල්‍ය මෙහෙයට පැමිණි දහස් ගණන් ජනයාගේ මනස්වල තිබූ ප්රශ්නය නම්, මෙවැනි දුඃඛිත දේවල් සිදු වන්නේ ඇයි යන්නයි. ප්රත්යක්ෂ ලෙස, “කාලයත් හදිසි කාරණාත්” හේතුවෙන් මෙම හදිසි අනතුරු සිදු වන නිසා අන් අයට වගේම යෙහෝවඃවහන්සේගේ සෙනඟටද මෙවැන්නක් බලපෑ හැක. (දේශනාකාරයා 9:11, 12) කෙසේවෙතත්, ඉතා ඉක්මනින් එවැනි අනතුරු නැති කරන්ට යන බව යෙහෝවඃවහන්සේම පොරොන්දු වනසේක.—එළිදරව් 21:4, 5.
ස්පාඤ්ඤයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන්ගේ බෙතෙල් පවුලේ සාමාජිකයන් බොහෝදෙනෙක් හා රටේ වෙනත් ප්‍රදේශවලින් දහස් ගණන් සාක්ෂිකරුවෝ බයිලේ වෙතට පැමිණ, එම සහෝදරයන්ට සැනසීම සහ උපකාරය සැපයූහ. ප්‍රාදේශීය සහ දිශා අධිකාරීන්ද ඇතුළුව, බයිලේහි වැසියෝ සාක්ෂිකාර පවුල් සමඟ එකට ශෝක වූහ. මරණයෙන් දුකට පත් සාක්ෂිකරුවන්ගේ ධෛර්යය බොහෝ නිරීක්ෂකයන්ගේ සිත්ගත්තේය.
බයිලේහි නගරාධිපති ආන්ටෝන්යෝ ගෝමෙස් මෙසේ අදහස් දැක්වීය: “මම සාක්ෂිකාරයන්ව බොහෝ කාලයක් පුරා දන්නවා, මම පෞද්ගලිකව දෙවිකෙනෙකු විශ්වාස නොකළත්, ඔබේ ඇදහිල්ල අගය කරනවා. හදිසි අනතුර සිදු වූ වහාම මම සිතුවේ, ඔබේ ආගමික සහ මානුෂික බැඳීම නිසා අනිත් කණ්ඩායම්වලට වැඩිය එම ඛේදවාචකය දරාගත හැකි බවයි. මම දැක්කා මුළු ටවුමෙම අය දුකට පත් පවුල්වල අයට උදව් කරනවා. සමහරවිට මීට පෙර, එම ජනයාට ඔබලා මොන වගේ අයද, ඔබ අනුගමනය කරන්නෙ මොන ප්රතිපත්තිද යන්න ගැන වැරදි සංකල්පයක් තියෙන්න ඇති; නමුත් මම සතුටුයි කියන්න දැන් ඒවා මැකිලා ගිහිල්ලා. සාක්ෂිකාරයෙකු නොවන කෙනෙකුට තේරුම්ගැනීමට අමාරු අභ්‍යන්තර ශක්තියක් ඔබලට තියෙනවා.”
ස්පාඤ්ඤ ආණ්ඩුවේ නියෝජිතයෙකු ලෙස අවමංගල්‍ය මෙහෙයට පැමිණි පොදු ජන සේවා අමාත්‍ය හෝසෙ බෝරෙල් අවංකව කියා සිටියේ: “එක පහරකින් පවුලේ සියල්ලන්ම වාගේ නැති වී ගිය අය ගැන ඔබට කියන්ට පුළුවන් මොකක්ද? ඔවුන්ගේ ඇදහිල්ල තුළ ඔවුන් සොයාගත් සැනසිල්ල හැරෙන්ට වෙන සැනසිල්ලක් සොයාගන්ට නැහැ. . . . ඔබලට පුදුමාකාර ඇදහිල්ලක් තියෙනවා.”
‘එකිනෙකාව සනසාගනිමින් සිටින්න’
“ඔවුන්ගේ ඇදහිල්ල තුළ” ඔවුන් සොයාගත්තේ කුමක්ද? සියල්ලට ඉහළින්, “අපේ සියලු පීඩාවලදී අප සනසන,” “සෑම සැනසිල්ලේ දෙවිවූ” යෙහෝවඃවහන්සේ තුළ ඔවුහු සැනසිල්ල සොයාගත්තෝය. (2 කොරින්ති 1:3, 4) ඔවුන්ගේ දුක අභිභවා, තෙසලෝනිකවරුන්ට ලියූ පාවුල්ගේ වදන් හදට ගෙන, එකිනෙකාව සැනසීමේ ශක්තිය ලැබුවෝය. එනම්: “එකිනෙකාව සනසාගනිමින්, එකිනෙකා වර්ධනය කරගනිමින් සිටින්න.”—1 තෙසලෝනික 5:11, NW
නෑදෑයන් අටදෙනෙකු වැනි ප්‍රමාණයක් නැති වී ගිය සමහර සහෝදර සහෝදරියන්, සභාවේ වියෝදුකින් පෙළෙන අනිත් සාමාජිකයන්ව බැහැදැකීමට යෑම හද දනවන අද්දැකීමක් විය. “එකිනෙකාව දකිද්දී අපි ඇඬුවා. ඒත් කඳුළු තුළින් අපි නැවත නැඟිටීමේ බලාපොරොත්තුව මතක් කරගත් නිසා, අපට සැනසීමක් දැනුණා” යයි, තමාට සිටි දරුවන් දෙදෙනාම නැති වුණු, මුලසුන භාර අවේක්ෂක ෆ්රාන්සිස්කො සාඑස් පැහැදිලි කළේය.
“අපි අපගේ දේශනා සේවය නොසලකා හැරල නැහැ; සාක්ෂිකාරයන් නොවන, විපතින් හිතවතුන් නැති වී ගිය පවුල්වලට, ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට යන විවරණිකාව පාවිච්චි කරමින් බැහැදැකීමට විශේෂ වෑයමක් දරනවා.” ෆ්රාන්සිස්කො තවදුරටත් කියන්නේ: “පෞද්ගලිකව මට දේශනා වැඩයෙහි යෙදෙන්න ඕන වුණා; මන්ද මම දැනගෙන හිටියා අන්‍යයන්ට දේශනා කළාම මට සැනසීමක් ඇති වෙනවා කියලා. ඇත්තවශයෙන්ම, මම වැලපෙමින් ගියත්, නැවත ගෙදර ආවේ සැනසීමෙන් යුතුවයි.”
බයිලේහි වැසියෝ ඉතා සතුටුදායක ලෙස මෙම දේශනා වැඩයට ප්‍රතිචාරය දැක්වූහ. අනතුරෙන් සතියකට පසුව, දියණියන් දෙදෙනෙකුගේ සහ මුනුපුරු මිනිපිරියන් සතරදෙනෙකුගේ වියෝවෙන් ශෝකයට පත්ව සිටි එන්කාර්නා, මෑතකදී ඇය සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළ තැනැත්තියක බැහැදැකීමට ගියාය. ඊට මාස හතරකට ප්‍රථම තම ස්වාමිපුරුෂයා මියගිය එම කාන්තාවට, එන්කාර්නා විසින් ශුද්ධ ලියවිලි මත පදනම් සැනසුම ලබා දී තිබුණාය. “දැන් අපිට එක්එක්කෙනාව සනසවාගන්න සිදු වෙලා තියෙනවා,” යනුවෙන් ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට යන විවරණිකාව දිගටම සැලකිල්ලට යොමු කරමින් සිටින අතරතුර ඈ පැවසුවාය.
ලෝක ව්‍යාප්ත සහෝදරත්වය තුළින්, උපකාරය ඉක්මනින්ම ලැබිණ. “ලැබුණාවූ දහස් ගණන් ලිපි සහ විදුලි පණිවුඩ, මුළු සභාවටම මහත් ධෛර්යයක් වුණා,” යයි සභා ලේකම්, ෆ්රාන්සිස්කො කාපියා පැහැදිලි කළේය. “සෑම දිනකම ලැබෙන ලියුම් අපේ ගෙදරට ගෙන ඒම සඳහා තැපැල් කාර්යාලයෙන් වෑන් රථයක් එවීමට සිදු වුණා. සහෝදරයන්ගේ ප්‍රේමනීය සැලකිල්ල ගැන අපි ඉතා කෘතඥපූර්වක වෙනවා.”
ඛේදවාචකයෙන් මතු වන බලාපොරොත්තුව
එවැනි ඛේදවාචකයකින් කිසි හොඳක් පැමිණිය හැකිද? පුරාණ සාලමොන් රජ ලීවේ: “ප්‍රඥාවන්තයන්ගේ සිත වැලපීමේ ගෙදර . . . තිබේ.” (දේශනාකාරයා 7:4) එම ප්‍රතිපත්තියට අනුකූලව, බයිලේහි මෙම දුඃඛිත සිද්ධිය, සමහරදෙනෙකුට දෙවියන්වහන්සේ සමඟ තමන්ට ඇති සම්බන්ධතාව ගැන වඩා බරපතළ ලෙස සිතීමට සලස්වා තිබේ. එම අනතුරින් තම දරුවන් හයදෙනාගෙන් දෙදෙනෙකු අහිමි වී ගිය අභක්තික පුරුෂයෙකු වන ෆඋස්ටීනෝ තම භාර්යාව වන ඩොලොරේස්ට කීවේ: “ඔයාට කියන්න මට හොඳ ආරංචියක් තියෙනවා. අලුත් ලෝකෙදි මගේ දරුවන්ව දකින්න ඕනෙ හින්ද මම බයිබලය පාඩම් කරන්න පටන්ගන්නයි යන්නෙ.”
බයිලේහි අපේ සහෝදර සහෝදරියන් විගසින් එම දුකින් ගොඩ එන්නේ නැතත්, ඔවුහු අන්‍යයන්ව සනසමින් සැනසීම ලබාගෙන සිටිති. යෙහෝවඃවහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයේ සහ බොහෝ සහෝදර සහෝදරියන්ගේ උපකාරය තුළින් ඔවුන්ව ශක්තිමත් කර තිබේ. ඔවුන් වෙනුවෙන් අපගේ යාච්ඤා නොකඩවා, අප ස්වර්ගීය පියාණන් වෙත යන්නේය.
[26වන පිටුවේ පින්තූර]
මියගියාවූ අයගෙන් හතරදෙනෙක්