ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 8/8 28-29 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මානසික ගැටලු වැඩි වේ
  • එකඟ වූ විෂයක්
  • සංරක්ෂණය ගැන කිසි සැලකිල්ලක් නැත
  • “බයිබලය වාරණය නොකළ යුතුය”
  • දේශගුණික විපත්ති වැළැක්වීම
  • “පවුල නැවත ගොඩනඟන්න”
  • කැෆේන් දරුවෝ
  • සතුන්ට ඇල්මක් දක්වන්නන්ට සිහිගැන්වීමක්
  • ඉටු නොකරන ලද පොරොන්දු
  • ගෝන්නුන් සමග කටයුතු කිරීම
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලොවම වෙළාගත් මානසික රෝග
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ‘මානසික සෞඛ්‍යය දරුණුය’
    1999 පිබිදෙව්!
  • ආදරණීය සැලකිල්ල ලැබීමට වටිනා අපගේ දරු සම්පත
    2000 පිබිදෙව්!
1996 පිබිදෙව්!
g96 8/8 28-29 පි.

ලෝකය දෙස බැලීම

මානසික ගැටලු වැඩි වේ

“සංවර්ධනය වෙමින් පවතින රටවල මානසික සෞඛ්‍ය ගැටලු තැතිගන්වන මට්ටමක පවතිනවා” යයි සමස්ත ලෝක සෞඛ්‍ය ප්‍රවීණයන්ගේ කණ්ඩායමක් විසින් අනතුරු අඟවා තිබෙන බව ෆර්ස්ට් කෝල් ෆෝර් චිල්ඩ්‍රන් නමැති සඟරාව ප්‍රකාශ කරයි. “යුද්ධය, ස්වාභාවික විපත්ති, ස්ත්‍රීන් හා දරුවන්ට කරන අනිසි හිරිහැර මෙන්ම ඝාතන සහ වෙනස් වෙමින් පවතින ජන විකාශන, දේශපාලන මෙන්ම ආර්ථික තත්වයන් නිසා ඇති වූ” මානසික රෝග ගණනාවක ඉහළ අනුපාත හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයෝ වාර්තා කළහ. ඊට අමතරව, පහත් ආදායමක් ලබන සමාජවල මානසික ඌන වර්ධනයේ හා අපස්මාර රෝගයේ අනුපාත, තුන්ගුණයේ සිට පස්ගුණය දක්වා අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබූ බව සොයාගනු ලැබූ අතර, යෞවනයන් අතර මරණවලට ප්‍රධාන හේතුවක් වශයෙන් සියදිවි නසාගැනීම කැපීපෙනෙන්ට විය. කණ්ඩායමේ මූලිකත්වය දැරූ වෛද්‍ය ආතර් ක්ලයින්මන් සඳහන් කළ පරිදි, මානසික සෞඛ්‍යයට ජාත්‍යන්තර අවධානය යොමු කළ යුතු වේ. “මානසික සෞඛ්‍යය නඟාසිටුවා එය පවත්වාගැනීම සඳහා අවශ්‍ය ආයෝජනය වෙන් කිරීමට දිළිඳු මෙන්ම ධනවත් රටවල් එක සමාන ලෙසින් අසමත් වී ඇත” යයි ඔහු පැවසුවේය.

එකඟ වූ විෂයක්

“පෙර සෝවියට් දේශයට අයත් කසාක්හස්තානය, ටාජිකිස්තානය, ටර්ක්මෙනස්තානය සහ උස්බෙකිස්තානය නමැති, ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනරජ හතරක, රුසියානු ඔර්තඩොක්ස් සහ මුස්ලිම් නායකයන් මධ්‍යම ආසියාවේ බලපෑම් කරන ආගම් හා අලුත් ආගමික කණ්ඩායම් සීමා කිරීමට පෙර නොදුටුවිරූ අන්තර් ඇදහිලි ගිවිසුමක් කර ඇති” බව ක්‍රිස්ටියැනිටි ටුඩේ නමැති සඟරාව සඳහන් කරයි. ආගමික නායකයෝ උස්බෙකිස්තානයෙහි අගනුවර වන ටැෂ්කෙන්ට්හිදී හමු වී, “එවැන්ජලිස්ත ක්‍රිස්තියානීන්ගේ, බැප්තිස්තවරුන්ගේ, මෝර්මන්වරුන්ගේ සහ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ බලපෑම නතර කිරීමට ගිවිසගත්හ,” යනුවෙන් එම වාර්තාව සඳහන් කරයි.

සංරක්ෂණය ගැන කිසි සැලකිල්ලක් නැත

එංගලන්තයේ ලෙස්ටෂයර්හි ජලාශයක, විරල පක්ෂියෙකු වන ගෙල රතු දිය-වටුවෙක් දක්නට ලැබූ නිසා, බ්‍රිතාන්‍ය පුරා වෙසෙන පක්ෂි නිරීක්ෂකයෝ ඌව බලන්ට පැමිණියහ. එහෙත් අඩි හතරක් දිගැති පයික් මත්ස්‍යයෙක් සංචාරය කරන එම පක්ෂියාව එකපාරටම ගිල දමද්දී ඔවුහු තැතිගෙන බලා සිටියහ. “එය හරියට ජෝස් චිත්‍රපටියෙන් දර්ශනයක් වගේ වුණා,” යනුවෙන් එක් පක්ෂි නිරීක්ෂකයෙක් පැවසුවේය. “එක් මොහොතකදී පක්ෂියා ජලාශයේ පීනමින් සිටියා—ඊළඟ මොහොතේදී දත් ගැටෙන සහ වතුර කැළඹෙන ශබ්දයක් ඇහුණා, ඒත් එක්කම ඌ අතුරුදහන් වුණා.” “එම විරල පක්ෂියා ලෙස්ටෂයර්හි ජලාශයට පැමිණි බව ඔප්පු කිරීමට ඉතුරු වුණේ පිහාටු ටිකක් විතරයි,” යනුවෙන් රෝයිටර්ස් වාර්තාව සඳහන් කරයි.

“බයිබලය වාරණය නොකළ යුතුය”

මෙම සිරස්තලය යටතේ ද වීක්එන්ඩ් ඔස්ට්‍රේලියන් පුවත්පතේ කතුවැකියක “වර්තමාන අවශ්‍යතාවලට සරිලන සේ බයිබලයේ කොටස් නැවත අර්ථකථනය කිරීමට සහ සකස් කිරීමට දරන වෑයම්” හෙළා දකින ලදි. නව පරිවර්තන බොහොමයක් “පුරාණ පාඨවල අලුත් සොයාගැනීම් හා ඓතිහාසික සොයාගැනීම්වලින් ප්‍රයෝජන ලබාගනිමින් පාණ්ඩිත්‍ය කෘතීන් බවට පත්ව තිබුණත්” එම කතුවැකිය “පරිවර්තනය කිරීමේ කාර්යය අර්ථකථනය කිරීම සමග පටලවාගැනීමට” එරෙහිව අවවාද කළේය. විවාදයට භාජන වූයේ, යුදෙව්වන්ට විරුද්ධ වීමේ ඕනෑම හැඟීමක් මඟහැරීමේ අටියෙන්, ක්‍රිස්තියානීන්ගේ සහ යුදෙව්වන්ගේ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කළ, පූජක පක්ෂය හා ගුරුවරුන් සඳහා වූ මාර්ග දර්ශකයන්ය. යේසුස්වහන්සේගේ පරීක්ෂා සහ මරණය සම්බන්ධයෙන් භාවිත කරනු ලබන “යුදෙව්වන්” වැනි ප්‍රකාශයන්, “යෙරුසලමේ ඇතැම් වැසියන්” ලෙසටද, “ඵරිසිවරුන්” යන යෙදුම “ඇතැම් ආගමික නායකයන්” ලෙසටද මාරු කරනු ලැබේ. එම කතුවැකිය තවදුරටත් මෙසේ සඳහන් කළේය: “නව ගිවිසුමේ ලේඛන වනාහි, මත ඉදිරිපත් කිරීමක් නොවේ. . . . එම වදන්වලට ඇඟිලි ගැසීම සහ පාඨයන් වෙනස් කිරීම වනාහි පහසුවෙන් නොහික්මුණු ආකාරයකින් සිදු විය හැකි අතර, ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිත විස්තරය වංක ආකාරයකින් ඉදිරිපත් කිරීමකට මඟ පෑදිය හැකිය. උන්වහන්සේගේ ජීවිතය හා ගෙතුණු සමාජය පිළිබඳ වාර්තාව උන්වහන්සේ ජීවත් වූ කාලයට අනුකූල විය යුතුයි.”

දේශගුණික විපත්ති වැළැක්වීම

වහා ක්‍රියා කළොත් මිසක, නැත්නම් ඊළඟ වසර 25 සිට 30 ඇතුළත පෘථිවියේ දේශගුණය මහත් ව්‍යසනයකට මුහුණ දෙනු ඇති බවට ජර්මනියේ විද්‍යාත්මක උපදේශක මණ්ඩලය අනතුරු අඟවයි. “දේශගුණයට හානිදායක වන කාබන් ඩයොක්සයිඩ් (CO2) මුදාහැරීම, ලෝක ව්‍යාප්තව සමස්තයක් වශයෙන් වසරකට සියයට එකකින්වත් අඩු කරන ලෙසට ප්‍රවීණයෝ බල කර ඉල්ලා සිටිති,” යනුවෙන් සූට්ඩොයිච ට්සයිටුං පුවත්පත වාර්තා කරයි. “උෂ්ණත්වයේ වැඩිවීම දශකයකට සෙල්සියස් අංශක 0.2ට වඩා ඉහළ නැඟීමට ඉඩ නෑරිය යුතුය.” ලෝකයේ දේශගුණයෙන් සියයට 80ක හානියට වගකිව යුතු මූලික වරදකරුවන් කාර්මික ලෝකයේ රටවල්ය. නිදසුනක් හැටියට, ජර්මානු වැසියෙක්, සාමාන්‍යයක් වශයෙන් ඉන්දියානු වැසියෙකුට වඩා 20ගුණයක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. පස සේදී යෑම, පිරිසිදු ජලයේ ඌනතාව මෙන්ම ශාක හා සත්ව වර්ග තුරන්වීම, මිනිසා විසින් ඇති කරනු ලබන වෙනත් ප්‍රබල පාරිසරික ගැටලු වශයෙන් සඳහන් කරනු ලැබේ.

“පවුල නැවත ගොඩනඟන්න”

දරුවන් නොසලකා හැරීම හා ඔවුන් කෙරෙහි සාහසික වීම වැඩි වෙමින් පවතී, යනුවෙන් බ්‍රසීලියානු පුවත්පතක් වන ඕ එස්ටාඩෝ ඩ සාඌං පාඌලූ වාර්තා කරයි. සමාජ ආර්ථික ගැටලු හේතුකාරකයක් විය හැකි වුවත්, දරුවන්ට අනිසි අන්දමින් සැලකීම දිළිඳු සමාජයන්ට පමණක් සීමා වූ දෙයක් නොවේ. බාල හා නහඹර වියේ අය සඳහා තොරතුරු මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරිනිය, ලීයා ෂූන්කේරාට අනුව, ‘ධනවතුන් හා දිළිඳුන් අතර කිසි වෙනසක් නැත—පැල්පත් හෝ නිවාස සංකීර්ණ අවට සිටින සියලුදෙනාටම දරුවන් අඬන ශබ්දය ඇසෙයි; මන්දිරවල බිත්ති නිසා අඬන ශබ්දය පිට නොවේ.’ පවුල් සබඳතා ශක්තිමත් කිරීම වනාහි ගැටලුවට එරෙහිව සටන් කිරීමට තිබෙන හොඳම ක්‍රමය බව එස්.ඕ.එස්. සංවිධානයේ අධ්‍යක්ෂක පාවූලෝ වික්ටෝ සාපීයෙන්සේට හැඟෙයි. “ප්‍රේමය හෝ ස්නේහය කිසිසේත් නොලැබෙන ආයතනයකට දරුවෙකු දැමීමෙන් කිසිවක් ඉටු වන්නේ නැහැ,” යයි ඔහු පැවසුවේය. “දරුවන්ට ගෙදරදී ස්නේහය හා ප්‍රේමය ලැබෙන පරිදි පවුල නැවත ගොඩනඟා ගැනීමට සහයවීම අවශ්‍ය වේ.”

කැෆේන් දරුවෝ

අවධානය යොමු නොකරන, නොසන්සුන්, සිත පහසුවෙන් වෙන අතකට යොමු වන සහ ආවේගික ලක්ෂණ ඇති දරුවන්, අධික කැෆේන් ප්‍රමාණයක් ගැනීම නිසා එසේ පීඩා විඳිනවා විය හැකි බව ටෆ්ට්ස් යූනිවර්සිටි ඩයට් ඇන්ඩ් නියූට්‍රීෂන් ලෙටර් පවසයි. කිලෝග්‍රෑම් 18ක් බර දරුවෙකුට, “කෝලා බෝතලයක් හා ශීත කළ තේ කෝප්ප භාගයක් පමණක්,” වැඩිහිටියෙකු පානය කරන “කෝපි කෝප්ප තුනකට සමාන වේ.” “කැෆේන් වැඩි ප්‍රමාණයක් ගැනීමේ රෝග ලක්ෂණ බොහොමයක්, ඌන අවධාන/අතික්‍රියාශීලී වීමේ අක්‍රමිකතාව වැනි තත්වයන්හි ලක්ෂණවලට සමාන” බව, හොෆ්ස්ට්‍රා විශ්වවිද්‍යාලයේ, මනෝවිද්‍යාව පිළිබඳ වෛද්‍ය මිචල් ශාර් කළ පර්යේෂණවලට එම ලිපිය යොමු දක්වයි. “ඔබගේ දඟකාර නොසන්සුන් හාදයාට එවන් ගැටලුවක් තිබෙන බව තීරණය කිරීමට කලින්, කලබලකාරි ස්වභාවයට විසඳුම, කෝලා සහ තේ ගැනීමේ ප්‍රමාණය සීමා කිරීම තරම් සරල දෙයක් බව ඔබට සමහරවිට සොයාගත හැකි වේ,” යනුවෙන් එය තවදුරටත් සඳහන් කළේය.

සතුන්ට ඇල්මක් දක්වන්නන්ට සිහිගැන්වීමක්

ඔබ සතුන්ට ඇල්මක් දක්වන කෙනෙක්ද? එසේනම්, මිත්‍රවීමට කැමති බල්ලෙකු ඔබගේ මුහුණ හෝ දෑත් ලෙව කා තිබෙනවා වන්ට පුළුවන. කෙසේවෙතත්, මැනිටෝබා විශ්වවිද්‍යාලයේ පරපෝෂිතයන් පිළිබඳ විද්‍යාඥයෙකු වන ලේන් ග්‍රේහැම් පවසන පරිදි, එසේ කිරීමෙන් කීට පරපෝෂිතයන් හෝ වට පණුවන් ඔබේ ඇඟට ඇතුල්වීමට ඉඩ කඩ තිබේ. “ඔබේ බල්ලාගේ කට ඔබේ කටට නුවමනා සේ කිට්ටු වීමට ඉඩ නෑරීම හොඳම දෙයයි,” කියා විනිපෙග් ෆ්‍රී ප්‍රෙස් වාර්තා කරයි. බල්ලෝ තම දිවෙන් තමන්ව පිරිසිදු කරගනිති. උන්ගේ දිව්වල ගොරෝසු මතුපිටක් තිබෙන බැවින් එහි අසූචිවල විෂබීජ ඇතුළු බොහෝ දේ රැඳේ. බලු පැටවුන් “විෂබීජ පිරිච්ච ලෝම ගුලි වීමට ප්‍රසිද්ධයි,” යනුවෙන් එම පුවත්පත සඳහන් කළේය. අසනීප වීමට තිබෙන ඉඩ කඩ ඉතා අඩු වුවත්, “බොහෝ වෙලාවක් බල්ලන්ට ලෙව කෑමට ඉඩහැරීමෙන් පසුව, ආරක්ෂාව සඳහා, ඔබගෙත් කුඩා දරුවන්ගෙත් දෑත් සහ මුහුණ සෝදන්න” යයි අවවාද කරයි.

ඉටු නොකරන ලද පොරොන්දු

“ඊට කලින් පැවති හැම වෛද්‍ය විපර්යාසයකටම සමානව, වඩාත් දීප්තිමත් අනාගතයක් සඳහා දසුනක් ඇතුව ජාන චිකිත්සා ක්ෂේත්‍රය ඇරඹීය” යනුවෙන් ටයිම් සඟරාව සඳහන් කරයි. “කෝෂ්ඨ තන්තුමතාව, පේශී දුෂ්පෝෂණය සහ දෑකැති හැඩැති සෛල නීරක්තිය වැනි ආවේනික අක්‍රමිකතා සුව කිරීමට පර්යේෂකයන් පොරොන්දු වූයේ, පිළිගත් ඖෂධවලින් නොව, නමුත් ජාන පාලනය කිරීමේ ආශ්චර්යයෙන් දෝෂ සහිත ජාන වෙනුවට ඒවායේ ප්‍රතිරූප තැන්පත් කිරීමෙනි.” එහෙත් දැන්, මිනිසුන් මත මුල්ම පරීක්ෂණ පවත්වා වසර පහකට පසුවත්, එමෙන්ම චිකිත්සාගාර පරීක්ෂණ 100කට මිනිසුන් 600ක් පමණ ඇතුළත් කිරීමෙන් පසුවත්, ඒකාන්ත ප්‍රතිඵල කිසිවක් ලැබී නැත. “එතරම් පරීක්ෂණ පැවැත්වීමෙන් හා එතරම් පුරසාරම් දෙඩීමෙන් පසුව පවා, එක් රෝගියෙකුටවත් ජාන චිකිත්සාවෙන් සුවයක් හෝ සහනයක් ලැබී තිබෙන බවට තවමත් කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැති” බව ටයිම් සඟරාව පවසයි. ඇත්තවශයෙන්ම, ආබාධිත සෛල තුළට ජාන ඇතුළත් කිරීමට ඇති හොඳම ක්‍රමය කුමක්ද කියාවත්, ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය මගින් ඒවා ප්‍රතික්ෂේප කිරීමෙන් වළක්වන්නේ කෙසේද කියාවත් පර්යේෂකයෝ තවමත් නොදනිති. “යමකින් ප්‍රයෝජනයක් තිබෙන බවට සාධක නැති විට, එය නිෂ්ප්‍රයෝජන” බව ඇරිසෝනාහි විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥ රොබර්ට් එර්ක්සන් පවසයි.

ගෝන්නුන් සමග කටයුතු කිරීම

“ස්වීඩනයේ පොලීසියට වාර්තා කර තිබෙන මහාමාර්ග අනතුරුවලින් අඩක්, වන සත්වයන් හැප්පීමට සම්බන්ධ වේ,” යනුවෙන් නිව් සයන්ටිස්ට් වාර්තා කරයි. එවන් හැප්පීම් හේතුවෙන් ස්වීඩන ජාතිකයෝ 12ත් 15ත් අතර සංඛ්‍යාවක් සෑම වසරකම මියයති. විශේෂ සැලකිල්ලට ලක් වී තිබෙන්නේ යුරෝපීය ගෝන්නුන්ය, උන්ට බරින් කිලෝග්‍රෑම් 800ක් දක්වා වර්ධනය විය හැකි අතර, කාර්වලට සහජ බියක් උන්ට නොමැත. අසල්වැසි ෆින්ලන්තයේ, ‘මහාමාර්ග අනතුරු සඳහා, ප්‍රධාන හේතු කාරකය මත්පැන් වූ අතර, දෙවැන්න’’ ගෝන්නුන් බව නියූස්වීක් සඳහන් කරයි. මෙම ගැටලුවට සාර්ථකව මුහුණ දීමට උපකාර කිරීම සඳහා, ස්වීඩනයේ සාබ් නම් වූ කාර් සමාගම, තම කාර්වල සුරක්ෂිතභාවය පරීක්ෂා කිරීම සඳහා, බොරු ගෝන්නුන් භාවිත කරමින් අනතුරු පරීක්ෂා පවත්වයි. එමෙන්ම වාහන තදබදය තිබෙන මහාමාර්ග යටින් ගමන් කිරීම සඳහා, ගෝන්නුන්ට පාරවල් ගොඩනැඟීමට ෆින්ලන්තයේ නිලධාරීහු ඩොලර් මිලියන 22ක් වෙන් කර ඇත්තාහ. ‘ගෝනුන්ට උමඟෙන් එහා දැකගැනීමට ඉන් හැකි වන අතර, උන්ගේ ප්‍රියතම පැළෑටි ඒවායේ හිටවා තිබෙනු ඇත,’ යයි නියූස්වීක් පවසයි. “සංසර්ග කාලයේදී, ගෝනා පාර පනින්නේ දෙපැත්ත නොබලාය.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න