ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 1/8 28-29 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • රුධිර මුදල්
  • පූජකයන්ගේ හිඟයක්
  • තවත් රුධිර ප්‍රවේශන අන්තරා
  • කැනඩාවේ ස්ථූල දරුවෝ
  • ඇස්බෙස්ටොස් පිළිබඳ අවදානම දිගටම පවතී
  • ජයග්‍රාහකයා කවුද?
  • ගැටලු ප්‍රතිකාරවලට වඩා ඉදිරියෙන්
  • කඩතොලු වූ ටින්වල ඇති ආහාර මිල දී ගැනීම
  • පහත් උපත් අනුපාතික
  • කල් පවතින යුද්ධ බලපෑම්
  • රුධිර ප්‍රවේශන—කොතරම් ආරක්ෂා සහිතද?
    ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද?
  • රුධිරය සමඟින් ජීවිතය බේරා ගැනීම—කෙසේ ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රුධිරය ගැනීම ආරක්ෂිතද අනාරක්ෂිතද?
    2006 පිබිදෙව්!
  • රක්තකාමතාව ඇති අයට දූෂිත රුධිරය දෙනු ලැබේ
    1994 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 1/8 28-29 පි.

ලෝකය දෙස බැලීම

රුධිර මුදල්

වර්ෂ 1994දී රුධිර ප්‍රවේශනයෙන් සහ රුධිර නිෂ්පාදන තුළින් පුද්ගලයන් 2,500ක් පමණ එච්අයිවීවලින් ආසාදනය වී ඇති බව ඉගෙනගත් පසු, ජර්මනියේ පොදු ජනයා මහත් භයට හා විස්මයට පත් වූහ. (පිබිදෙව්! 1994 සැප්තැම්බර් 8, 28 පිටුව බලන්න) වර්ෂ 1995 ජනවාරි මස පාර්ලිමේන්තු විවාදයකදී ෆෙඩරල් සෞඛ්‍ය කටයුතු ඒකාබද්ධ ඇමති, ගොදුරුවූවන්ගේ පීඩිත තත්වය වැඩි කිරීමට දායක වූ දෝෂවලට ඔවුන්ගෙන් “ෆෙඩරල් ආණ්ඩුවේ නාමයෙන් සමාව” ඉල්ලූ බව සුට්ඩොයිච ට්සයිටුං පත්‍රය වාර්තා කරයි. ඖෂධවේදී කර්මාන්තය සහ වෛද්‍යවරුන් මූලික වගකිව යුත්තන් බවත්, “රුධිරයෙන් ඖෂධ නිෂ්පාදනය” කරන්නෙකු වීමට බලවත් සේ වෙර දැරීමෙන් ජර්මානු රතු කුරුස සමාගම එය කෙරෙහි තිබෙන ආකල්පයට හානි පමුණුවාගෙන තිබෙන බවත් විවාදයේදී පවසන ලදි. මියගිය සැමියාගෙන් එච්අයිවී ආසාදනය වුණු එක් ස්ත්‍රියක් මෙසේ ශෝකය ප්‍රකාශ කළාය: “එවිට [ඖෂධවේදී කර්මාන්තය] මුදල් ඉපයීම පිළිබඳ සිතනවාට වඩා වැඩියෙන් සිතා තිබුණේ නම්, අඩු තරමින් රක්තකාමිතා රෝගීන් 700දෙනෙක් පමණ තවමත් ජීවතුන් අතර සිටින්ට ඉඩ කඩ තිබුණා.”

පූජකයන්ගේ හිඟයක්

කතෝලික මිෂනාරිවරුන් පිටරට යැවීම සඳහා වරක් කීර්තියක් ඉසිලූ ස්පාඤ්ඤය, දැන් ප්‍රාදේශීය අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන පූජකවරුන් ප්‍රමාණයක් සැපයීමට මහත් ආයාසයක් දරමින් සිටියි. සෑම වසරකම ස්පාඤ්ඤයේ පූජකවරුන්ගේ මුළු සංඛ්‍යාව 150කින් අඩු වන බව මැඩ්රිඩ් ප්‍රවෘත්ති පත්‍රයක් වන එල් පායිස් වාර්තා කරයි. දැනට බැඳී සිටින සෙමනේරි ශිෂ්‍යයන් 2,000දෙනාගෙන්, අනාගත එඬේර ඉල්ලුම සම්පූර්ණ කිරීමට සෑහෙන පූජකවරුන් ප්‍රමාණයක් නොසැපයෙයි කියා පල්ලි අධිකාරීහු බිය වෙති. පසුගිය වර්ෂයේ පූජකවරුන් 216දෙනෙකු පමණක් පූජාත්වරය ලැබූ අතර, මෙය 1993ට වඩා 73දෙනෙකුගෙන් අඩු විය—ස්පාඤ්ඤ පූජකයන්ගෙන් සියයට 70ක්ම වයස අවුරුදු 50ට වඩා වැඩි අය විය. අනික් අතට, මෑතකදී ස්පාඤ්ඤයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පුරෝගාමීන්ගේ ප්‍රමාණය සෑම වසරකම 300කින් පමණ වැඩි වන බව දක්නට තිබේ. සෑම මසකම අඩු තරමින් පැය 90ක්වත් රාජ්‍ය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට වැය කරන පුරෝගාමීහු ගෙවීම් නොලබන දේවසේවකයෝ වෙති.

තවත් රුධිර ප්‍රවේශන අන්තරා

ඕස්ට්‍රේලියාවේ ද කැන්බෙරා ටයිම්ස් අනුව, දූෂිත රුධිරය මාරාන්තික බැක්ටීරියා ආසාදනයක් සම්ප්‍රේෂණය කළ හැකි බවත්, මේ වන තෙක් ජීවියා ඉවත් කිරීමට නිශ්චිත මාර්ගයක් නොමැති බවත් රතු කුරුස සමාගම වෛද්‍යවරුන්ට අනතුරු අඟවා තිබේ. ද මෙඩිකල් ජර්නල් ඔෆ් ඔස්ට්‍රේලියාහි වාර්තාවට යොමු දක්වමින්, 1980 සහ 1989 අතරතුර නිව් සවුත් වේල්ස් ජනපදයේ පුද්ගලයන් හතරදෙනෙකු මෙම බැක්ටීරියා මගින් ආසාදිත රුධිරයෙන් මියගිය බව ටයිම්ස් පවසයි. මෙම ප්‍රවෘත්ති පත්‍ර ලිපිය තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය: “ප්‍රශ්නය වන්නේ යර්සිනියා එන්ටෙරෝකොලිටිකා, බැක්ටීරියාව, පූර්ණ රුධිර පැකට්ටුවල රුධිරය මිදෙන්ට ආසන්න විට පවා, ශීඝ්‍රයෙන් බෝවිය හැකිවීමය. රුධිරය දන් දීමට පෙර ආමාශයික ආසාදනයන් වැළඳී තිබූ පුද්ගලයන් කලාතුරකින් එම ජීවියා සම්ප්‍රේෂණය කළ හැකි අතර, එවිට ප්‍රවේශනයක් බලාපොරොත්තුවෙන් රුධිරය ගබඩා කර තබන විට, බෙහෙවින් බෝවී ගණනින් වැඩි විය හැක. ප්‍රවේශිත රෝගීන් ශීඝ්‍ර ධූලක කම්පනවලින් පීඩා විඳ මරණයට පත් විය හැක.”

කැනඩාවේ ස්ථූල දරුවෝ

“වෙහෙසට පත් දෙමව්පියන් ඔවුන්ගේ දරුවන්ව, සමබර නොවන, අධික ලෙස පදම් කළ සහ මේද-අධික කෑමවලින් පෝෂණය කරන බව බොහෝ පෝෂණඥයන්, ළමා චිකිත්සකයන් සහ පර්යේෂකයන්,” පවසන බව ද ග්ලෝබ් ඇන්ඩ් මේල් වාර්තා කරයි. බොහෝ අවස්ථාවල දෙමව්පියන් දෙදෙනාම රැකියා කරන විට, පවුලට එකට සිට පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීමට කාලයක් ඉතිරි වේ නම්, එය ඉතා කුඩා කාලයකි, ඇරත් ජීවිතය කලබල සහිත වේ. මෙහි ප්‍රතිඵලය? ප්‍රවීණයන්ගේ තක්සේරුව අනුව, “මේද අධික ආහාර ගැනීමෙන් හා ව්‍යායාම කිරීමේ ඌනතාවක් හේතුවෙන් කැනේඩියානු දරුවන්ගෙන් අඩු තරමින් සියයට 20ක් පමණ ස්ථූල බව” ද ග්ලෝබ් පවසයි. සමබරතාව අවශ්‍ය බව මොන්ට්‍රියෙල්හි මැක්ගිල් විශ්වවිද්‍යාලයේ භෝජන විද්‍යාව සහ පෝෂණය පිළිබඳ පාසැලේ සහකාර මහාචාර්ය වෛද්‍ය ස්ටැන් කූබෝ පවසයි. දෙමාපියන් තම [දරුවන්ගේ] ආහාර රටාවේ පස්ගෝරස, ප්‍රෝටීන්, පලතුරු, එළවළු සහ කෙඳි අඩංගු බවට ස්ථිර වීමට” අවශ්‍ය බව ඔහු පැවසුවේය. එක් සැලකිලිමත් පර්යේෂකයෙක් මෙසේ ඇසුවේය: “ඔබ ඔබගේ සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් නොවන්නේ නම්, ඔබ සැලකිලිමත් වන්නේ කුමක් ගැනද?”

ඇස්බෙස්ටොස් පිළිබඳ අවදානම දිගටම පවතී

ආරක්ෂක අධිකාරීන්ගේ වැරදි ලෙස ගණන් බැලීමක් හේතුවෙන් බ්‍රිතාන්‍ය ඉදි කිරීම් කම්කරුවන් දහස් ගණනක් ඇස්බෙස්ටොස් හා සම්බන්ධ පිළිකාවලින් මියයනු ඇති බව නිව් සයන්ටිස්ට් සඟරාව වාර්තා කරයි. වසර ගණනාවකට පෙර, 1960 ගණන්වල, ඇස්බෙස්ටොස් තන්තු සෞඛ්‍ය උවදුරක් යනුවෙන් වෛද්‍ය ප්‍රවීණයන් පවසමින් සිටි විට, බ්‍රිතාන්‍ය ආණ්ඩුව මෙම තන්තු වායු ගෝලයට එකතුවන සාන්ද්‍රණය සීමා කිරීමට කර්මාන්ත ශාලා රෙගුලාසි හඳුන්වා දුන්නේය. කෙසේවෙතත්, වැඩිම අවදානම් සහිත තත්වයක සිටින්නේ ඇස්බෙස්ටොස් හා සම්බන්ධ නිෂ්පාදන සමඟ අනාරක්ෂිත ලෙස වැඩකරන්නන් වන වඩුවන්, විදුලි කාර්මිකයන්, ජලනළ කාර්මිකයන් සහ වායු නළ කාර්මිකයන් බව දැන් පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ. පෙණහලු පිළිකා වර්ගයක් වර්ධනය වීමට වසර 30ක් ගත වන බැවින්, වැරැද්ද හෙළි වූයේ මෑතකදීය. වඩාත්ම අනතුරුදායක කවර ගොඩනැඟිලි ක්‍රියා පිළිවෙතද කවර ඇස්බෙස්ටොස් නිෂ්පාදනද කියා මේ වන තෙක් නොදන්නා කරුණකි. එහෙයින්, ඇස්බෙස්ටොස් අඩංගු ද්‍රව්‍යයක් සොයාගනු ලැබේ නම් ඉතා පරීක්ෂාකාරි විය යුතු බවත්, ද්‍රව්‍යයන් ගැන පර්යේෂණ පැවැත්විය යුතු බවත් ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයිය යුතුවා මෙන්ම, ඔවුන්ගේ සේවකයන්ටයන්ට ඒ ගැන වාර්තා කළ යුතු බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සහ ආරක්ෂා විධායක සංගමය කම්කරුවන්ට උනන්දු කරයි.

ජයග්‍රාහකයා කවුද?

“සූදු ව්‍යාපාරයේ අර්බුදයක් නොමැත,” යනුවෙන් වේජා වාර්තා කරයි. බ්‍රසීලියානුවන් ලොතරැයි සහ අනිකුත් වර්ගයේ සූදු සඳහා (එ.ජ.) ඩොලර් බිලියන 4ක් වැය කරන බව සඟරාව පවසයි. එය යෝධ ජාතික මෝටර් රථ කර්මාන්තයක වාර්ෂික ආදායමට වඩා වැඩිය! බිංගෝ ක්‍රීඩාව කෙරෙහි ආකර්ෂණය ඇති වන්නේ එහි සමාජීය අංගයන් බව පවසා තිබේ. “බිංගෝ ක්‍රීඩාවේදී වාසනාව උරගා බලන අතරතුර ආගන්තුකයන් හෝ දන්නා හඳුනන අය සමඟ කතා බහ කිරීමටත්, කමින් බොමින්, ප්‍රීති ඝෝෂා පැවැත්වීමටත් හැකියි,” යනුවෙන් සඟරාව වාර්තා කළේය. එහෙත් ජයග්‍රාහකයා කවුද? “වෙනත් කිසිදු සූදුවකින් අනුග්‍රාහකයන්ට මෙතරම් ඉහළ ලාභයක් නොලැබේ,” යනුවෙන් ගණිතඥ ඔස්වල්ඩ් ඩී සෝසා පවසා සිටී. “[බිංගෝ] වටයේ ජයග්‍රාහකයා ඔට්ටු ඇල්ලීම සඳහා වියදම් වූ මුළු මුදලින් සියයට 45ක් පමණක් ලබාගනී.

ගැටලු ප්‍රතිකාරවලට වඩා ඉදිරියෙන්

ඉන්දියානු ආණ්ඩුව ලෝකයේ විශාලතම පෝෂ්‍ය වැඩසටහනට මුදල් යොදවනවා යන කාරණයට අමතරව, එම රටේ තවමත් මිලියන 250ක ජනකායක් මන්දපෝෂණයේ විවිධාකාර මට්ටම්වලින් පීඩා විඳිති. ගන්නාවූ උත්සාහයන්ට අමතරව ඉන්දියාවේ දරුවන්ගෙන් සියයට 43.8ක් ප්‍රමාණවත් ප්‍රෝටීන ශක්ති හීන වීමෙන් මන්දපෝෂණයෙන් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වාර්තාවක් පෙන්නුම් කරයි. මීට අමතරව, මිලියන 6.6ක් සුළු වශයෙන් මන්ද බුද්ධිකකමින් සහ චාලක දුර්වලතාවලින්ද, මිලියන 2.2ක් ගලගණ්ඩජ මූර්ඛත්වයෙන්ද පීඩා විඳින අතර, සෑම වසරකම 60,000ක් විටමින් ඌනතාව හේතුකොටගෙන අන්ධයන් බවට පත් වෙති. පූර්ව-පාසැල් දරුවන් අතර සියයට 56ක් යකඩ ඌනතාවෙන් පෙළෙන අතර, ගලගණ්ඩයෙන් පෙළෙන මිලියන 40 අතර දරුවෝද සිටිති.

කඩතොලු වූ ටින්වල ඇති ආහාර මිල දී ගැනීම

“මුදල් ඉතිරි කිරීමට වෑයම් කරන ආහාර ද්‍රව්‍ය මිල දී ගන්නන්, උපද්‍රවවලට තුඩු දිය හැකි ද්‍රව්‍ය ලෙස ඉවත දැමිය යුතු ටින් ආහාර මිල දී ගන්නවා විය හැක” යයි විනිපෙග් ෆ්‍රී ප්‍රෙස් අනතුරු අඟවයි. “කඩතොලු වූ ටින් වැඩි හරියක් පිළිගත හැකිය, එහෙත් සමහරක් එසේ නොවේ,” යනුවෙන් නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පීටර් පැරිස් පැවසුවේය. “සාමාන්‍යයෙන් ටින් අසුරන්නාවූ අවස්ථාවේදී අනතුරු රහිතය; පලුදුවීම ඇති වන්නේ පසු අවස්ථාවලදීය.” නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඉවත දැමිය යුත්තේ කුමක්දැයි පිළිබඳව කෙටි ලැයිස්තුවට ඇතුළත් වූයේ දාරවල මලකඩ කා තිබුණු ටින්, ටින්වල පියනෙහි හෝ පැතිවල පහසුවෙන් පිසදා දැමිය නොහැකි ලෙස මලකඩ කා තිබීම හෝ සොලවන විට ජොර ජොර ගාන ශබ්දයක් මෙන්ම, කුමනාකාරයෙන් හෝ නෙරාගිය හෝ පිම්බුණු ටින්, කාන්දු වීම් සහිත ටින් සහ ලේබලය නැති හෝ දින පසු වූ ලේබල් සහිත ටින් යනාදියයි. ප්‍රවෘත්ති පත්‍ර වාර්තාව මෙසේ අනතුරු අඟවයි: “මුද්‍රාව කැඩුණු විට, සැල්මොනෙල්ලා සහ ස්ටැපිලොකොකුස සඳහා ටින් නියම උත්පාදන බිම් බවට පත් වේ. සෑම එකක්ම පාචනය, වමනය සහ කෙණ්ඩා පෙරළීම් ඇතිවීමට හේතු විය හැක.”

පහත් උපත් අනුපාතික

නැඟෙනහිර යුරෝපයේ බොහෝ යුවළවල් ඔවුන්ගේ මුදල් සහ රැකියා පිළිබඳ අස්ථිරභාවයේ හැඟීම් නිසා දරුවන් බිහි කිරීම කල් දමති. “අස්ථිරභාවය උපත් අනුපාතිකයේ තියුණු පහත වැටීමකට මෙන්ම, විවාහ අනුපාතිකයේද පහත වැටීමකට සහ වන්ධ්‍යකරණය දස ගුණයකට වඩා වැඩි කිරීමට මඟ පාදා තිබෙන බව,” ද නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කරයි. ප්‍රජා විද්‍යාඥයන්ට අනුව “එවන් ප්‍රපාතිත පහත වැටීමක් යුද්ධ, වසංගත හෝ සාගත කාලවල හැර වෙන කිසිදාක දැක නොතිබෙන බව,” ටයිම්ස් තවදුරටත් කියයි. මෙවන් තත්වයන් වළක්වා ගැනීම පිණිස, බිළිඳුන් ඇති කරගැනීමට අනුබලයක් ලෙස බෙල්ජියම්, ලක්සෙම්බර්ග්, හංගේරියානු, පෝලන්ත සහ පෘතුගාල ආණ්ඩු යම් කලකට ගෙවීම් සපයමින් සිටිති. වඩාත් මෑතකදී, ජර්මනියේ බ්‍රැන්ඩන්බර්ග් ජනපදයේ ආණ්ඩුව සෑම අලුත උපන් ළදරුවෙකුටම ඩොලර් 650ක් ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

කල් පවතින යුද්ධ බලපෑම්

කලින් යුගෝස්ලාවියාවේ යුද්ධයෙන් සිදු වූ අනතුරුවලට වෙඩි උණ්ඩවලින් හෝ බෝම්බවලින් මරන ලද හෝ අංගවිකල කරන ලද අයට වඩා වැඩිදෙනෙක් ඇතුළත් වෙති. මෑතකදී කරන ලද අධ්‍යයනයක් එළිදරව් කරන පරිදි “ගිනි තැබීම්, පිපිරීම් හා රසායනික කාන්දු වීම් මගින් පරිසරයට මුදා හරින ලද ටොන් සිය ගණනක විෂ ද්‍රව්‍ය හේතුවෙන් බරපතළ සෞඛ්‍ය බලපෑම් තිබෙනු ඇත,” යනුවෙන් ද මෙඩිකල් පෝස්ට් පවසයි. මෙම රසායනික සහ විෂ ලෝහ, ගංගාවන් දූෂණය කරන අතර භූගත ජල ස්කන්ධයන් පවා දූෂණය කරනවා විය හැක. පෝස්ට් අනුව, “දෙමව්පියන් විෂ සහිත ද්‍රව්‍යවලින් දූෂිත ජලය පානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, සහජයෙන්ම විකෘතිව උපදින දරුවන්ගේ සැලකිය යුතු වැඩිවීමක් තිබෙනු ඇති බව,” ප්‍රවීණයෝ අනතුරු අඟවති.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න