ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 1/8 30 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 1996 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 1/8 30 පි.

අපගේ පාඨකයන්ගෙන්

සංවාදය “කොන්වර්සේෂන් ඉස් ඇන් ආර්ට්” (සංවාදය කලාවකි) (1995 අප්‍රියෙල් 8, එවේක්!) යන ලිපියට ඔබට ස්තුතියි. මා බොහෝ කලක් සිට ලජ්ජාශීලීභාවය සමඟ පොර බදමින් සිට තිබෙනවා. එහෙත් මෙම ගැටලුව තිබෙන්නේ මට පමණක් නොවන බව මට දැන් අවබෝධ වෙනවා. මම ඔබගේ යෝජනා හොඳින් ක්‍රියාවට නංවන්නම්.

ඒ. එල්., එක්සත් ජනපදය

මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවේ ලිපි කියවීමට වූ ඔබගේ යෝජනාව සැබවින්ම ඵලදායකයි. එසේ කරන විට කතා කිරීමට කොතරම් දේවල් තිබෙනවාද කියා දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වේවි!

වී. එම්. ජේ., එක්සත් ජනපදය

ගාල් කඳවුර “මයි හේට් ටර්න්ඩ් ටු ලව්” (මගේ වෛරය ප්‍රේමයට හැරුණා) (1995 ජනවාරි 8 එවේක්!) යන ලිපිය මගේ ආශ්‍රිතයෙක් කියවා තිබුණා. එම ලිපිය පවසන ආකාරයට “ආර්බෙයිට් මාඛ්ට් ෆ්‍රෙයි” (වැඩ නිදහසට මඟ පාදයි) යන දැන්වීම බූඛන්වාල්ට් කඳවුරේ නොතිබුණු බව ඔහු පවසනවා.

එච්. ජේ. සෙඩ්., ජර්මනිය

කරුණාකර සිදු වූ වරදට සමාවන්න. බූඛන්වාල්ට් කඳවුරේ ඇතුල් වන ස්ථානයේ ඇති දැන්වීම අදදිනත් දක්නට තිබේ, ඇත්තෙන්ම දැන්වීම මෙයයි, “යේඩම් ඩාස් සයිනෙ” (එකිනෙකා තම තමාගේ සුදුසුකම් අනුව). “ආර්බෙයිට් මාඛ්ට් ෆ්‍රෙයි” යන දැන්වීම තිබුණේ, ඖෂ්විට්ස් සහ සාක්සන්හව්සන් කඳවුරුවලය.—සංස්.

ස්වේච්ඡතාව “ඕටිසම්—මීටිං ද චැලෙන්ජර්ස් ඔෆ් ඒ පස්ලිං ඩිස්ඕඩර්” (ස්වේච්ඡතාව—ව්‍යාකූල කරවන ආබාධයක අභියෝගවලට මුහුණ දීම) (1995 පෙබරවාරි 8, එවේක්!) යන ලිපියට ඔබට බොහොම ස්තුතියි. අවසාන වශයෙන්, මගේ දුව පීඩා විඳින රෝගය කුමක්ද කියා මට දැන් තේරුම්ගන්න පුළුවන් වන අතර, මෙය ඇය ඇති දැඩි කිරීමේදී මා කළ යම් දෙයක ප්‍රතිඵලයක් නොවන බව මා දන්නවා. යෙහෝවඃවහන්සේට මා කරන සේවය ඇගේ තත්වය සමඟ කටයුතු කිරීමට මට ශක්තිය දෙනවා.

එම්. එච්., ස්විට්සර්ලන්තය

මුතුන්මිත්තන්ගෙන් ශාපයක් හෝ පෙර කළ ක්‍රියාවලට විපාකයක් වැනි බොහෝ මිථ්‍යා විශ්වාස ස්වේච්ඡතාවට ආරූඪ කර තිබෙනවා. ඔබ ලියා තිබෙන දේවල් මෙම ආබාධය සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි වටහාගැනීමක් ලබාගැනීමට උපකාර කරාවි. එවැනි අධ්‍යාපනික ලිපි සඳහා ඔබට ස්තුතියි.

එම්. ඒ., නයිජීරියාව

උඩවැඩියා මල් මා උඩවැඩියා මල්වලට බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක්! ඇත්තටම කියනවා නම්, මගේ වත්තේ උඩවැඩියා මල් තිබෙන අතර, ඒ මල්වල පින්තූරු රාශියක්ද මට තිබෙනවා. “ඉන් සර්ච් ඔෆ් ඕකිඩ්ස් ඉන් යෝරෝප්” (යුරෝපයේ උඩවැඩියා මල් සොයමින්) (1995 ජනවාරි 22, එවේක්!) යන ලිපිය පළ කළාට ඔබට ස්තුතියි. මෙම විෂය සම්බන්ධයෙන් ඔබ පළ කරන අවසාන ලිපිය මෙය නොවේවි කියා මම බලාපොරොත්තු වෙනවා.

ආර්. එම්., පිලිපීනය

ආරක්ෂා සහිත රිය පැදවීම මා අවුරුදු 40ගණන්වල මැදභාගයේ සිටින අතර, මීමැස්මොර රෝගය නිසා මට කිසිදිනකවත් රිය පැදවීමට අවසර ලැබුණේ නැහැ. මොළයේ ශල්‍යකර්මයකින් පසුව, රිය පැදවීමේ බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට මගේ ස්නායු විශේෂඥයාගෙන් මට අවසර ලැබුණා! “ආ යූ ඒ සේෆ් ඩ්‍රයිවර්” (ඔබ පරෙස්සමින් රිය පදවන්නෙක්ද?) (1995 පෙබරවාරි 8, එවේක්!) යන ලිපිය රිය පදවන විට හරි ආකල්පය ඇතුව සිටීමේ වැදගත්කම අගය කිරීමට මට උපකාර කළා. මගේ බලපත්‍රය ලැබුණු විගසින්ම එම ලිපිය පිට වුණා!

ජී. එස්., එක්සත් ජනපදය

සමාව නොලැබිය හැකි පාපය “යෞවන අය අසති . . . මා කර තිබෙන්නේ සමාව නොලැබිය හැකි පාපයද?” (1995 මාර්තු 8) යන ලිපියට ඔබට ස්තුතියි. මමත් ස්වයංවින්දනය නමැති අපවිත්‍ර පුරුද්ද සමඟ පොර බදන නිසා, මෙම ලිපිය කියවීමේදී මගේ ඇස් කඳුළින් පිරුණා. වැඩිමහල්ලෙකු සමඟ කතා කිරීමේ ධෛර්යය තිබුණු, එම ලිපියේ සඳහන් මාර්කෝ සහ ආල්බෙර්ටෝගේ ආදර්ශය මා අනුගමනය කළා. මෙය මට බෙහෙවින් උපකාර කළා.

ඒ. එම්. සී., බ්‍රසීලය

ස්වයංවින්දනය යනු යෞවන ක්‍රිස්තියානියෙක්ට තිබිය හැකි දුෂ්කරම සටන්වලින් එකක්. මට බොහෝ වර ඉමහත් දුකක් සහ අධෛර්යයබවක් හැඟී තිබෙනවා. මෙම සටනෙන් ජයගැනීමට දිගටම උත්සාහ කිරීමට මෙම ලිපිය මට දිරිගන්වා තිබෙනවා.

එෆ්. ජී. එම්., මෙක්සිකෝව

මා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි යෞවන පුරුෂයා සමඟ මා සල්ලාලකමේ යෙදුණා; එය අපගේ සම්බන්ධය විනාශ කළා. මා බලවත් ලෙස කලකිරීමට පත් වුණ අතර, මම බොහෝ කඳුළින් යුක්තව දින සහ රාත්‍රි ගත කළා. මට සැබවින්ම සමාව නොලැබෙනු ඇති බව මා සිතුවා. මෙම ලිපි කියවීමෙන් යෙහෝවඃවහන්සේ කෙරෙහි සහ සමාව දී අමතක කර දැමීමට වූ උන්වහන්සේ සතු හැකියාව කෙරෙහි මගේ ඇදහිල්ල නැවත ගොඩනැංවූවා.

එල්. සී., ඕස්ට්‍රේලියාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න