බයිබලයේ දෘෂ්ටිකෝණය
බයිබලය නිදහස් චින්තනයට දිරි නොදෙයිද?
ජර්මානු නිලධාරීන් විසින් වටිනා පොත් ගින්නට හෙළූ විට ගිනිදැල් අහස උසට නැඟුණි. නාට්සි ජර්මනියේ සිදුවූ සිද්ධියක්ද? එසේය, නමුත් රෝමානු කතෝලික අගරදගුරු, සියලු ජර්මන්-භාෂා බයිබල් පුළුස්සන්නට අණ කළ විට, එය වර්ෂ 1199දී සිදුවූ සිද්ධියක්ද විය හැක.
සැබවින්ම, සිතීමේ හා කථා කිරීමේ නිදහස යටපත් කිරීමේ විශ්ව සංකේතයක් වන පොත් පිළිස්සීමේ සිද්ධි බොහෝ රටවල හා බොහෝ ශතවර්ෂවලදී සිදුවී තිබේ. බොහෝ විට, එය පොලඹවා තිබෙන්නේ සිතීමේ නිදහස පොදු මිනිසා කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් බියවූ ආගමික නායකයන් විසිනි.
බුද්ධිමත්ව විවෘත ලෙස විමසීමට එරෙහිව බයිබලය දැඩි සීමා පනවා ඇතැයි අදදින බොහෝ දෙනා උපකල්පනය කිරීම පුදුමයක් නොවේ. එහෙත් ඇත්තෙන්ම එය එසේ කරයිද? සිතීමේ නිදහසෙන් වැළකී සිටීමට බයිබලය දිරිගන්වයිද?
‘ඔබේ මුළු මනසින් යෙහෝවඃවහන්සේට ප්‍රේම කරන්න’
බයිබලය මනස පාවිච්චි නොකිරීමට දිරි ගන්වන්නේ නැත. ඇත්තවශයෙන්ම, ‘අපගේ මුළු මනසින් යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීමට’ යේසුස්වහන්සේ අප එක්එක්කෙනාට දිරිගැන්වූසේක. (මාර්ක් 12:30, NW ) උන්වහන්සේට වත්මන් සිද්ධීන් (ලූක් 13:1-5), ජීවවිද්‍යාව (මතෙව් 6:26, 28; මාර්ක් 7:18, 19), කෘෂිකර්මය (මතෙව් 13:31, 32) සහ මිනිස් ස්වභාවය (මතෙව් 5:28; 6: 22-24) කෙරෙහි දැඩි උනන්දුවක් තිබූ බව උන්වහන්සේගේ දේව සේවය පෙන්නුම් කරයි. දෙවියන් වහන්සේගේ වචනයේ ඇති ප්‍රතිපත්ති සහ උන්වහන්සේ සිය සවන්දෙන්නන්ගේ පසුතලය හා සිතුවිලි හොඳින් තේරුම්ගත් බවත් එමෙන්ම බයිබලය සමඟ සිය සවන්දෙන්නන්ව එකතු කරන ආකාරය ගැනත් උන්වහන්සේ පරෙස්සමින් සිතාබැලූ බවට උන්වහන්සේගේ නිදසුන්වලින් පෙන්නුම් කරයි.
“තර්ක කිරීමේ බලය” ඇතිව දෙවියන්වහන්සේට සිය සේවය ඉදිරිපත් කරන්න යයි පාවුල් සියලු ක්‍රිස්තියානීන්ට ආයාචනා කළේය. (රෝම 12:1, NW ) ඔවුන්ගේ ‘තර්ක කිරීමෙන්, ඔවුන්ව චංචල කිරීමට, නොමඟ යවන ‘ආනුභාව ලත් ප්රකාශනවලට’ ඉඩ නොදෙන මෙන් ඔහු තෙසලෝනිකවරුන්ට දිරිගැන්වූයේය. (2 තෙසලෝනික 2:2, NW ) ග්‍රීක් හා ක්‍රීත කාව්‍ය (ක්‍රියා 17:28; තීතස් 1:12) යුධෝපකරණ හා ක්‍රියා පිළිවෙළවල් ගැන ඔහුට යම් දැනුමක් තිබුණි (එපීස 6:14-17; 2 කොරින්ති 2:14-16). තවද ඔහු ප්‍රාදේශීය සම්ප්‍රදායන් හොඳින් නිරීක්ෂණය කළේය.—ක්‍රියා 17:22, 23.
යේසුස්වහන්සේ හා පාවුල් සිතීමේ නිදහස බෙහෙවින් භුක්තිවින්දත්, ඔවුහු හරි වැරැද්ද පිළිබඳව එකම අධිකාරය තමන් බවට නොසැලකූහ. තමන්ගේම තර්ක කිරීමට අනුග්‍රහය දක්වමින් බයිබලය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, යේසුස්වහන්සේ යළි යළිත් ශුද්ධලියවිලි පදවලින් උපුටා දැක්වූසේක. උන්වහන්සේ වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත වූ මරණයෙන් පූජාවීමට විරුද්ධ වන ක්‍රියා මාර්ගයක් සලකාබැලීමට පේතෘස් උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලා සිටි විට උන්වහන්සේගේ වේගවත් හා දැඩි පිළිතුරෙන් පෙන්නුම් කරන්නේ එවන් ආකාරයට සිතීමවත් උන්වහන්සේ සලකා බැලුවේ නැති බවය. (මතෙව් 16:22, 23) එලෙසම, පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවේය: “මා ඔබ වෙත පැමිණියේ, චතුර කතිකත්වයක් හෝ දර්ශනයක් පෙන්නුම් කිරීමේ අදහසින් නොව, නමුත් දෙවියන්වහන්සේ සහතික කර ඇති දේ ඔබට පැවසීමට පමණි.’’ (1 කොරින්ති 2:1, ද ජෙරූසලම් බයිබල්) යේසුස්වහන්සේ මෙන්, ඔහුගේ තර්ක කිරීම ශක්තිමත්ව පදනම්ව තිබුණේ ශුද්ධලියවිලි මතය.—ක්‍රියා 17:2.
කෙනෙකුගේ මානසික ඉන්ද්රිය පූර්ණ ලෙස භාවිතා කිරීමට බයිබලය දිරිගන්වන නමුත් කිසිම සංයමයකින් තොරව නම් නොවේ. කෙසේවුවද, යෙහෝවඃවහන්සේට එකඟව අපගේ සිතීම තබාගැනීමේ වගකීමේ බර පැටවී තිබෙන්නේ සභාව මත නොව, එක් එක් ක්‍රිස්තියානි පුද්ගලයා මතය. මෙබැවින්, එපීසවරුන් ගණනාවක් තම ආත්මබන්ධන ක්‍රියා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර, ක්‍රිස්තියානීන් බවට පත්වූ විට, ඔවුන්ගේ පොත් පිළිස්සීමේ වගකීම පාවුල් තමා මතට ගත්තේ නැත, නමුත් “යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය.” (ක්‍රියා 19:19) තමන්ගේ පොත් පුළුස්සා දැමීමට අවශ්‍ය යයි මෙම ක්‍රිස්තියානීන්ට හැඟුණේ මන්ද?
ආරක්ෂාවීමේ පළමු ක්‍රමය
මේ උපහැරණය සලකාබලන්න. සාර්ථක යුධ ආරක්ෂාවට බොහෝවිට ආරක්ෂිත පවුරු පේළි කීපයක් ඇතුළත්වේ. මේවායින් එකක්වත් වැදගත් නොවන අතර සටනකින් තොරව අත්හැර දැමිය යුතු යයි කිසි සාර්ථක ජනරාල් කෙනෙකුට නොහැඟෙනු ඇත. පාපයට එරෙහිව ක්‍රිස්තියානි සටනකදී, ආරක්ෂාවීමේ ක්‍රම කීපයක් තිබේ.
යාකොබ් 1:14, 15හි සඳහන් වන්නේ “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය වදන්නීය,” කියාය. පාපය කරා දිවෙන පළමු පියවර වනාහි මනසේ වැරදි ආශාවක් රෝපණය කරගැනීමය. මෙබැවින්, ආරක්ෂාවීමේ පළමු ක්‍රමය වනාහි ආශාව රෝපණය කිරීමෙන් වැළකී සිටීමය—එනම් කෙනෙකුගේ සිතීම පාලනය කරගැනීමය.
සිතුවිලි හා ක්‍රියා අතර මෙම සම්බන්ධතාවේ හේතුවෙන්, බයිබලය අපට මෙසේ අවවාද කරයි: “පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකාපල්ලා.” (කොලොස්සි 3:2) ක්‍රිස්තියානීන් දුරාචාරය, ආත්මබන්ධනය හෝ ඇදහිල්ල අත්හැරීම කෙරෙහි සිත යොමු කිරීමට ප්‍රතික්ෂේප කරන විට, ඔවුන් මෙම තීරණයට එළඹේ. ඔවුන් එසේ කරන්නේ මෙම අදහස් බයිබලයේ සැබෑවන් අභිබවා යන බවට ඔප්පු විය හැකි නිසා නොව, නමුත් පාපතර ක්‍රියා මාර්ගයකට ඇද දැමිය හැකි යමකින් වැළකී සිටීමට ඔවුන් කැමති නිසාය.
‘සියල්ල විවෘතව ඇරී ඇත’
අපගේ සිතුවිල්ල පාලනය කරගත යුතු මන්දැයි යන්නට තවත් වැදගත් හේතුවක් වන්නේ යෙහෝවඃවහන්සේට අපගේ ප්‍රේමයත් අපගේ සිතුවිලි දැනගැනීමට උන්වහන්සේගේ හැකියාවට ඇති ගෞරවයත්ය. විශේෂයෙන්ම කුණුවලට හෝ දූවිල්ලට සංවේදනයක් දක්වන ආදරණීය මිත්‍රයෙකු හෝ කිට්ටු නෑයෙකු ඔබට සිටියා යයි සිතන්න. ඔබේ නිවසේ තිබෙන අමතර පිරිසිදු කිරීමට අකමැත්තෙන් ඔබ ඔබේ මිතුරාව ඔබේ නිවසට කැඳවීම නතර කර දමන්නේද? දේවල් පිරිසිදුව තබාගැනීමට අවශ්‍ය අමතර ප්රයත්නය දැරීමට ප්‍රේමය ඔබව පොලඹවන්නේ නැද්ද? අපගේ ඇතුළාන්ත සිතුවිලිවලට යෙහෝවඃවහන්සේගේ සංවේදීතාව ගැන ගීතාවලිය 44:21හි පෙන්වා ඇත: “උන්වහන්සේ සිතේ [හෘදයේ, NW ] රහස් දන්නාසේක.” පාවුල් අප එම සිතුවිලිවලට ගණන් දිය යුතු බව පැවසුවේය: “උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන් ගන්නේ උන්වහන්සේය.”—හෙබ්‍රෙව් 4:13; ගීතාවලිය 10:4; හිතෝපදේශ 6:16, 18.
මිනිසාගේ සිතුවිලි සම්බන්ධයෙන් මිනිසා දෙවියන්වහන්සේට වගකිව යුතුවීමේ වගකීම යෝබ් විසින් පිළිගන්නා ලදි. “යෝබ් . . . දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් [හෘදයෙන්, NW ] දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය.” (යෝබ් 1:5) වැරදි ක්‍රියා මාර්ගයක් ගැන වුවමනාවෙන්ම සිතීම පාපයක් ලෙස යෙහෝවඃවහන්සේ විසින් සලකනු ලැබිය හැක.—නික්මයාම 20:17 සසඳන්න.
සිතීමේ සැබෑ නිදහස
“සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වාල්කර[දීමට]” ඉලක්කයක් තබාගන්න යයි බයිබලය සෑම ක්‍රිස්තියානියෙකුටම දිරිගන්වයි. (2 කොරින්ති 10:5) මෙය අත්කරගනු ලබන්නේ ආගමික නායකයන් විසින් තැබූ සීමාවන්ගෙන් නොව, නමුත් පුද්ගලයෙකුගේ ආත්ම-දමනය පැවැත්වීම මගින් හා යෙහෝවඃවහන්සේට මෙන්ම උන්වහන්සේගේ ප්‍රතිපත්තිවලට ඔහුගේ ඇති ප්‍රේමය මගින්ය. මෙම ඉලක්කය අත්කර ගැනීමත් සමඟම සිතීමේ සැබෑ නිදහස පැමිණේ, එය දේව ප්‍රමිති මගින් පමණක් සීමාවී තිබෙන අතර අපගේ සිතුවිලිවලින් පවා අප යෙහෝවඃවහන්සේව ප්‍රසන්න කරන බව දැනගැනීමේ ප්‍රීතියෙන් එය වැඩිවී තිබේ. g94 6/8
[28 පිටුවෙහි හිමිකම් වගන්තිය]
From the book Bildersaal deutscher Geschichte