ලෝකය දෙස බැලීම
“පල්ලිය සඳහා මහත් වේදනාවේ මූලාශ්‍රයක්”
දෙවන ජුවාම් පාවුලු, නැගෙනහිර කැනඩාවේ බිෂොප්වරුන්ගේ සභාව අමතද්දී, පූජකයන් විසින් කරනු ලබන ලිංගික දූෂණ වෙත සිය අවධානය යොමු කළේය. ලොසේවාටොරේ රොමානෝ පුවත්පතේ වාර්තා වූ පරිදි, “එම පූජක සාමාජිකයන් විසින් ඇති කර තිබෙන නින්දාව හා මේ සම්බන්ධයෙන් අසමත්වී තිබෙන පූජක නිකායන් කැනඩාවේ පල්ලියට මහත් වේදනාවේ මූලාශ්‍රයක් වී තිබේ,” යයි පාප්වරයා කැනඩාවේ නායක දේවගැතියන්ට පැවසීය. “නොමනා ලිංගික හැසිරීමට ගොදුරු වී ඇති අය සඳහා මෙන්ම නොමනා ලිංගික හැසිරීමේ වරද සහිතබවෙන් පෙළෙන්නන් සඳහා,” ඔහු යාච්ඤා කර තිබෙන බවද ඔහු පැවසීය. පූජකයන් අනිවාර්යයෙන්ම බ්‍රහ්මචාරීව සිටීම අවලංගු කිරීම පූජකයන් විසින් නොමනා ලිංගික හැසිරීමේ සම්බන්ධයෙන් වූ නින්දාව අඩු කිරීමටද, පාප්වරයා විසින් සඳහන් කළ “පූජකයන්ගේ හිඟය හෝ අසමාන බෙදාහැරීම” විසඳීමටද හැකි යයි සමහරු විශ්වාස කරති. එහෙත් IIවන ජුවාම් පාවුලු පවසන අන්දමට, “අදදින බ්‍රහ්මචාරිත්වයෙන් වැළකී සිටීමේදී ඇතුළත්ව තිබෙන අසීරුතා, එහි වටිනාකම හා යෝග්‍යතාව සම්බන්ධයෙන් පල්ලියේ ස්ථිර විශ්වාසය පෙරළීමට ප්‍රමාණවත් හේතුවක් නොවේ.”
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවන්නේ මන්ද?
“අපගේ ගැටලුවලින් ඕනෑම එකක් නිරාකරණය කිරීමට හැකි කුඩා පෙත්තක් නවීන ඖෂධ විද්‍යාවේ තිබෙන බවට බොහෝ දෙනා විශ්වාස කරති. පුද්ගලයෙකුට නින්ද නොයයි නම්, ඔහු කුඩා පෙත්තක් ගනියි. වැඩ කරන ස්ථානයේදී සිය කාර්යයන් දියුණු කිරීමට ඔහුට වුවමනා නම්, ඔහු තවත් එකක් ගනියි,” යයි බ්‍රසීලියානු සඟරාවක් වන වෙජාහි සඳහන් පරිදි, සැවෝ පවුලෝහි පොලිස්පති, අල්බර්ටූ කොරාස්සා පැහැදිලි කරයි. “එවැනි සංස්කෘතීන් මගින් යෞවනයන්ට බලපෑම් කරන බව සිතීම තර්කානුකූලය.” ඔහු තවදුරටත් මෙසේ පවසයි: “මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්ගෙන් සියයට අසූවකට බරපතළ පවුල් ගැටලු තිබේ. ඔවුන් පැමිණෙන්නේ සිය අදහස් ප්‍රකාශ කිරීමට කොහෙත්ම ඉඩනොදෙන හෝ දේවල් කිරීමට වුවමනාවට වඩා ඉඩදෙන පවුලකින් හෝ නැතහොත් පියෙකු නැති නිවසකිනි.” එහෙත් මත්ද්‍රව්‍යයෙන් යෞවනයන්ව ආරක්ෂා කරගැනීමට දෙමව්පියන්ට හැක්කේ කෙසේද? කොරාස්සා මෙසේ පවසයි: “එය හැඟීමට බර දෙයක් මෙන් පෙනිය හැකි නමුත්, දරුවන්ට ප්‍රේමය ඇති හා හොඳින් කථාබස් කරන ඉතා-සමබර නිවසක, මත්ද්‍රව්‍යයට ඇතුළුවීමට ඉඩක් නැත.”
“වඩාත්ම ප්‍රචණ්ඩකාරි රට”
“ලෝකයෙහි වඩාත්ම ප්‍රචණ්ඩකාරි ජාතිය අමෙරිකාවයි,” යයි ඈන් ලැන්ඩර්ස් නමැති පුවත්පත් වාර්තාකාරියක් ලියන්නීය. “එක් දහස් නවසිය අනූවේදී, අත් තුවක්කුවලින් ඕස්ට්‍රේලියාවේ 10දෙනෙකුද, මහා බ්‍රිතාන්‍යයේ 22ක්ද, කැනඩාවේ 68ක්ද, එක්සත් ජනපදයේ 10,567ක්ද ඝාතනය කෙරිණ.” එය ආයුධවලින් වැඩියෙන්ම සන්නද්ධ රටද වේ. එහි ජනයාහට මිලියන 200කට වඩා යුද අවි—එනම් ජනාවාසි මිලියන 255න් සෑම කෙනාටම එක බැගින් පමණ—සතුව ඇත. පාසැල්, ප්‍රචණ්ඩත්වයෙන් නිදහස්වී නැත. සියලුම උසස් පාසැල්වල ශිෂ්‍යයන්ගෙන් සියයට 20කට ආසන්නව යම් ආකාරයක අවියක් රැගෙන යති. සරසවි පාසැල්වල හෝ ඒ අසල සෑම වසරකම අපරාධ මිලියන තුනක් තරම්වත් සිදුවේ. සෑම දවසකම ගුරුවරුන් 40ක් ශාරීරිකව පහර ලබන අතර, ශරීරයට හානි පැමිණවීමට 900දෙනෙක් පමණ තර්ජනයට ලක්වේ. ජාතික අධ්‍යාපන ආයතනයට අනුව, ශිෂ්‍යයන් 1,00,000ක් සෑම දිනකම පාසැලට තුවක්කු රැගෙන එන අතර, යම් දිනකදී ළමුන් 40ක් යුද අවි මගින් ඝාතනයට හෝ අනතුරට ලක් වෙනවා දක්නට තිබේ. “ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් අපගේ ඉවසීම පුදුමසහගත එකක් වන අතර, පාසැල් හුදෙක් ඒ බව පිළිබිඹු කරන්නක් පමණකි,” යයි මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ ජෝන් ඊ. රික්ටර්ස් පවසයි. දොළොස්වන-ශ්‍රේණියේ ශිෂ්‍යයන් ලවා රචනාවක් ලිවීමෙන් කලින් සියයට 10කින් පමණක් සාර්ථකත්වය ලබා තිබූ ඉංග්‍රීසි ගුරුවරයෙක්, ඔවුන්ට “මගේ ප්‍රියතම අවිය,” යන විෂය පැවරූ විට සියයට-100ක සාර්ථකත්වයක් ලැබීය.
පල්ලියේ උභතෝකෝටික ප්‍රශ්නය
පල්ලියේ බ්‍රහ්මචාරිත්වයේ නීතිය ලිහිල් කොට වයඹ ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට විවාහක පූජකයන්ට ඉඩහරින්න යයි බටහිර කැනඩාවේ බිෂොප්වරුන් වතිකානුවෙන් ඉල්ලා ඇත. උතුරු ප්‍රදේශවල පූජක හිඟයත්, සංස්කෘතික හේතු නිසාත්, සිය ඉල්ලීම යුක්තිසහගත යයි බිෂොප්වරුන්ට හැඟෙයි. “ඉන්යුට් හා ඩැනෙ ජනයාට, සිය සංස්කෘතියෙහි පවුල් ප්‍රමිතියක් තිබේ. එනම් මිනිසෙකු විවාහ වී, පවුලක් ගොඩ නගා, වැඩිමහල්ලෙකු බවට පත්වෙනවා නම් මිස, ‘ඔහු නායකයෙකු නොවන අතර ජනයා ඔහුට සවන් නොදෙන’ බව,” යයි “ඩෙනිස් ක්‍රොටො බිෂොප්” “පවසන” බවට ද ටොරොන්ටෝ ස්ටාර් වාර්තා කරයි. දෙවන ජුවාම් පාවුලු පාප් හා වෙනත් වතිකානු නිලධාරීන් බිෂොප්ගේ ආයාචනයට අවධානය යොමු කළත්, කිසි වෙනසක් සිදු නොවනු ඇත. “ජනයාව ක්‍රිස්තු ධර්මයට හරවා ගැනීම සඳහා පත්කර සිටින වතිකානු සමූහයේ නායක, කාර්දිනල් ජෝසෙෆ් ටෝම්කෝ, “කැනඩාවට පමණක් විශේෂයක් කිරීම සන්නිවේදන මාධ්‍යයේ අවධානයට යොමු වනු ඇති අතර අප්‍රිකාවෙන්, දකුණු අමෙරිකාවෙන් හා අනෙක් තැන්වලින් ඉල්ලීම් ගලා ඒමට මාර්ගය විවෘත වනු ඇතැයි” යන බිය පළ කළේ යයි ස්ටාර් පවසයි.
විෂාදය වැඩිවේ
“රටවල් නවයක 43,000දෙනෙකු සමඟ කරන ලද සම්මුඛ පරීක්ෂණ ඇතුළත් අධ්‍යයන දොළහක් වෙන් වෙන්ව කරනු ලැබ, මෙමගින් ලෝකයෙන් වැඩි කොටසක 20වන ශතවර්ෂයේදී සැලකිය යුතු අන්දමින් වෙනස් නොවී විෂාදය බලවත්ව වැඩිවී ඇති බවට අඟවමින් අමෙරිකානුවන්ගේ කලින් පර්යේෂණ ස්ථිර කර තිබේ යයි ද හාර්වඩ් මෙන්ටල් හෙල්ත් ලෙටර් යන පුවත් ලිපියේ සඳහන්වේ. “එක් දහස් නවසිය පහට පෙර අයගෙන් පටන්ගෙන 1955 පසු අයගෙන් අවසන් කරමින්, උපන් දශකය මගින් තීරණය කරමින්” පුරවැසියන්ව “කණ්ඩායම්වලට” කොටස් කිරීමෙන් පසු, සෑම අධ්‍යයනයක්ම වාගේ පෙන්නුම් කළේ “පසු කාලේ උපන් ජනයා සිය ජීවිතවලදී යම් කලක බරපතළ ලෙස විෂාදයට පත්වී සිටි බවට වැඩි ඉඩක් තිබිය හැකි” බවය. අධ්‍යයනයන්ගෙන් වැඩි හරියක්ම ශතවර්ෂය පුරා බලවත් විෂාදයෙහි නොවෙනස් වැඩිවීමක්ද පෙන්නුම් කළේය.
ළමුන්ව සෞඛ්‍යසම්පන්නව තැබීම
“සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ආහාර හිඟකම හා රෝග නිසා මන්දපෝෂණයෙන් පෙළෙන පෙර පාසැල් ළමුන් මිලියන 230ක් නැතහොත් සියයට 43ක් වැඩීම අතින් බාධාවකට ලක්වී සිටිති,” යයි එ.ජ. පුවත් මුදාහැරීමක් පවසයි. වර්ෂ 1993දී මන්දපෝෂණය නිසා කෙළින්ම හෝ බෝවෙන රෝගවල සංඝට්ටනය මගින් එය දරුණුවීමේ හේතුවෙන් ළමුන් මිලියන හතරක් මියගිය බවට ගණන් බලා ඇත. පිළිතුර කුමක්ද? “සියලු බිළිඳුන්ට උපතේ සිට මාස 4-6 දක්වා තනිකර මව් කිරි දීමට” ජගත් සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. ඉන්පසු, වසර 2කට හා ඊට වැඩියෙන් යෝග්‍ය හා අමතර අනුපූරක ආහාර දෙන අතරතුර, ළමුන්ට නොකඩවා මව්-කිරි දිය යුතුය.” මව්-කිරි බොන බිළිඳුන්ගේ වැඩීම ඇණහිටින බව සිතමින් කලින්ම වෙනත් ආහාර නොදෙන ලෙසට මව්වරුන්ට හා සෞඛ්‍ය-සේවා සපයන්නන්ට උනන්දු කොට තිබේ, මෙසේ සිදුවිය හැක්කේ මව් කිරි දෙනවිට දරුවා වැඩෙන ආකාරය වරදවා තේරුම් ගැනීමෙනි. මෙය බිළිඳුන්ට අනතුරුදායක විය හැකි අතර මන්දපෝෂණයට හා රෝගවලට දායක විය හැක, විශේෂයෙන්ම දෙන වෙනත් ආහාර දූෂිත හා පෝෂ්‍ය ගුණයෙන් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී මෙය සිදුවිය හැක.
අදදින වහල්කම
“කිසිවෙකු වහල්කමට හෝ දාසකමට තබානොගත යුතුයි,” කියා මානව අයිතිවාසිකම් පිළිබඳ සර්ව ලෝක ප්‍රකාශයේ සඳහන් කළත්, මිලියන සිය ගණන් ජනතාව වහලුන් වශයෙන් වේදනා විඳිති. “යූඑන් ක්‍රොනිකල් සඟරාව හුවා දක්වන්නේ, වහල්-වෙළඳාමේ යුගය,” එනම් 16වන ශතවර්ෂයේ සිට 18වන ශතවර්ෂයේදී වහලුන්ගේ සේවකයන්ගේ ගණනටත් වඩා අදදින වහල්කම වැනි ක්‍රියාවලට යටත්වී සිටින අයවලුන්ගේ ගණන වැඩි බවය. අදදින වහල්කමේ තැතිගන්වන එක් පැත්තක් වන්නේ ගොදුරුවන බොහෝ දෙනෙකු ළමුන් වීමය. වසර-හත-සිට-දහය දක්වා ළමෝ දිනකට පැය 12 සිට 14 බැගින් කර්මාන්තශාලාවල වෙහෙසී වැඩ කරති. අනෙක් අය නිවාසවල සේවකයන්, ගණිකාවන් හෝ සොල්දාදුවන් වශයෙන් වහල් සේවයේ යෙදෙති. “වැඩි මුදලක් නොයන නිසාත්,” ළමුන් “පැමිණිලි කිරීමට ඉතා භය නිසාත් ළමා සේවකයන් සඳහා ඉමහත් ඉල්ලුමක් තිබේ,” යයි මිනිස් අයිතිවාසිකම් සඳහා එ.ජ. මධ්‍යස්ථානය වාර්තා කරයි. වහල්කමට උග්‍ර “නවීන යථාර්ථයක්” තිබෙන බවට එ.ජ. සටහන් කරයි.
තරබාරුකම සඳහා සූත්‍රය
පෙර පාසැල් ළමුන් දිනකට රූපවාහිනිය නැරඹීමට ගත කරන පැය ගණන, ළමා වියේ පසු කලකදී ශරීරයේ මේදය වැඩි කිරීමකට කෙළින්ම සම්බන්ධ වී ඇතැයි බොස්ටන් වෛද්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය. මන්රෝ ප්‍රොක්ටර් ප්‍රකාශ කරයි. ආරම්භයේදී, වයස තුන හා පහ අතර පෙර පාසැල් ළමුන් 97ක් පිළිබඳ වර්ෂ-හතරක අධ්‍යයනයක් වෛද්‍ය ප්‍රොක්ටර් කළේය. වාර්ෂිකව දරුවන්ගේ ශරීරය පුරා මස්ගොබවල ප්‍රමාණය මනිමින්, දෙමව්පියෝ තම දරුවන්ගේ දිනපතා රූපවාහිනිය නැරඹීමේ පැය ගණන සෝදිසි කළහ. කැනඩාවේ ද මෙඩිකල් පෝස්ට් ඔෆ් පුවත්පත වාර්තා කළ පරිදි, “සෑම දරුවෙකුම දවසකට පැය දෙකක සාමාන්‍යයක් රූපවාහිනිය ඉදිරියේ සිටියේය. දිනකට රූපවාහිනිය නැරඹූ සෑම අතිරේක පැයකටම, ත්‍රිශීර්ෂ මස්ගොබවල වෙනස්වීම මි.මි. 0.8කින් වැඩිවුණු අතර මස්ගොබවල මුළු වෙනස්වීම මි.මි. 4.1කින් වැඩිවිය.” රූපවාහිනිය නැරඹීම මගින් ශාරීරික ක්‍රියාකාරකම අඩු කිරීමට මඟ පාදන අතර පරිවෘත්තීය ක්‍රියාවලි අනුපාතය අඩු කර, අක්‍රියාශීලීව සිටින අතරතුරේදී ඉහළ-කැලරි ප්‍රමාණයේ ආහාර වෙනුවෙන් දැන්වීම්වලට ළමුන්ව අනාවරණය කොට ඔවුන්ට ඒවා අනුභව කිරීමට මඟපාදන බවට වෛද්‍ය. ප්‍රොක්ටර් නිගමනය කරයි.
නිවාඩු ගහණ දූපත
“දැනට ශ්‍රී ලංකාවේ පවතින ලෝක වාර්තාවක් විය හැකි දින 365න් වැඩ-නොකරන දින 174න් දින අඩු කරන මෙන් [ලෝක] බැංකුව හා [අන්තර්ජාතික මූල්‍ය අරමුදල] රජයෙන් ඉල්ලා සිටියි,” යයි දි ඉකොනමිස්ට් පවසයි. “රටේ ජනතාව අවුරුද්දෙන් භාගයක්ම වාගේ නිවාඩු පිට සිටින විට රට දියුණු විය හැක්කේ කෙසේද?” නිවාඩු දින වැඩිවීමෙන් ශ්‍රී ලංකාවේ ජාතීන් හා ආගම් මිශ්‍රණයක් පිළිබිඹු වේ. ලෞකික නිවාඩු දින 5ට අමතරව, බෞද්ධ, මුස්ලිම් හා ක්‍රිස්තියානි ඇදහිලිවලට ආගමික නිවාඩු 20ක් තිබේ. සිවිල් සේවකයන්ට සෑම වර්ෂයකම අතිරේක නිවාඩු දින 45ක් ලැබේ—බොහෝ පෞද්ගලික ව්‍යාපාරද ඊට සමාන වේ. එහෙත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැඩි වර්ධනය වෙමින් පවතියි. “ආර්ථිකයේ හරය කෘෂිකර්මය වන අතර එය රඳා පවතින්නේ අස්වැන්න නෙළන කාලයේදී දූපත හරහා වේගයෙන් හමා යන මෝසම් දෙක මතය,” යයි දි ඉකොනමිස්ට් සඟරාව සඳහන් කරයි. “මෝසම් වැසි නිවාඩු ගන්නේ නැත.”
වෙරිමතින් ඇවිදීම
“බීමත්කම හා රියපැදවීම මිශ්‍ර කර නොගන්න,” යයි දැන්වීම්වල පවසන අතර, වෙරිමතින් රියපදවන්නන් කෙරෙහි දැඩි දඬුවම් පමුණුවයි. වැඩි අවධානය යොමු වී ඇත්තේ බීමත් රියදුරන්ට වුවත්, බීමත්ව ඇවිදීම කෙරෙහි යොමු වී ඇත්තේ සුළු අවධානයකි. ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂක පරිපාලනය පවසන අන්දමට, 1992දී මෝටර් රථ මගින් එක්සත් ජනපදයේ පයින් ගමන් කරන්නන් 5,546ක් මරණයට පත් කළ අතර, එම පයින් ගමන් කරන්නන්ගෙන් තුනෙන් එකකට වඩා බීමත්ව සිටියහ. වාහන-සම්බන්ධ මරණවලින් සියයට 14ක් සඳහා ඔවුන් වගකිව යුතු විය. වයස 14ට වැඩි අයගෙන් සියයට 36ක් පමණ රිය පදවමින් සිටියා නම් බීමත්ව රිය පැදවූ බවට සාක්ෂි සඳහා රුධිරයේ මත්පැන් මට්ටම ඉහළ ප්‍රමාණයකින් තිබුණි. එම මරණ වළක්වාගන්නේ කෙසේද හා වඩාත්ම අවදානමෙහි සිටින්නේ කවුද යන්න ගැන දැනට දන්නේ ස්වල්පයක් පමණි. g94 5/22