“වැඩියෙන් ඉගෙන ගැනීමට මං කැමතියි”
අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝවෙහි සිටින එක් මනුෂ්‍යයෙක්, පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියූ ලිපියක, ඉහත සඳහන ලීවේය. ඔහු මෙසේ පැහැදිලි කළේය:
“බොහෝ දෙනෙකුගේ මිම්මෙන් සලකන කල භක්තිවන්ත පුද්ගලයෙක් කියා ඔබ මාව නොසැලකුවත්, අපගේ එදිනෙදා ජීවිතයේදී අපට දකින්ටත් අසන්ටත් ලැබෙන දේවලට වඩා වැඩි යමක් තිබිය යුතු බව මම හැම විටම විශ්වාස කර ඇත්තෙමි. විශේෂිත ආගමක් කෙරෙහි නොවුවත්, ආත්මික බැඳීමක් තිබීමේ හැඟීමක් මට හැමවිටම දැනී තිබේ.
“කෙසේවෙතත්, මෑතක සිට මා බොහෝ දුරට පීඩාකාරී තත්ත්වයන්ට මැදි වී සිටින බව මට දැනී තිබෙන අතර, ඒවා සමඟ සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය අඩු බව මට හැඟෙනවා. නිවසේ සහ කාර්යාලයේදී ඇතිවන ගැටලු මගින් මගේ කාන්සාවේ මට්ටම මා මීට කලින් අද්දැක නැති ප්‍රමාණයකට වඩා වැඩි කර තිබේ. . . .
“පුදුමය කුමක්ද කිවහොත්, මම බලාපොරොත්තු සුන්භාවයේ අන්තයටම ගොස් සිටි අවස්ථාවකදී, සාප්පුවක ඔබගේ පොත්පත්වලින් එකක් මට අහම්බෙන් සම්බවුණා. ශුද්ධ වූ පියාණන්වහන්සේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් නැවුම්භාවයක් ගෙනදෙන අතර, වැඩියෙන් ඉගෙන ගැනීමට මං කැමතියි, නමුත් කා ළඟට යන්නටද කියා මම නොදනිමි.
“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සහ ඔබගේ විශ්වාසයන් ගැන වැඩියෙන් ඉගෙන ගැනීමට ඔබ විසින් මට සැපයිය හැකි ඕනෑම මඟ පෙන්වීමක් මම අතිශයින් අගය කරන්නෙමි. මා සඳහන් කළ පරිදි, බලාපොරොත්තු සුන්භාවයේ අන්තයටම ගොස් සිටි අවස්ථාවකදී ඔබගේ පොත් පත්වලින් එකක් ලැබීම මට පුදුමය—එය දිව්‍ය මඟ පෙන්වීමේ සලකුණක් විය හැකිය.”
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ බයිබලය මත පදනම් වූ විශ්වාසයන් ඉදිරිපත් කරන, පාරාදීස පොළොවක සාදාකල් ජීවත්වන්ට ඔබට හැක නම් වූ පොතක පිටපතක් මෙම තැනැත්තාට යවන ලදි. ඝන කවරයක් සහිත පිටු 256කින් සමන්විත මෙම ප්රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබ කැමති නම් නැතහොත් නොමිලයේ ගෘහ බයිබල් පාඩමකට ඔබ කැමැත්තක් දක්වන්නෙහි නම්, කරුණාකර වොච්ටවර් 711, දුම්රියපොළ පාර, වත්තල යන ලිපිනයට හෝ 5වන පිටුවේ ලයිස්තුගත කර තිබෙන සුදුසු ලිපිනයකට ලියන්න. g94 6/22