ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 ජූලි 32 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • වැඩිමහල්ලෙනි දෙවියන් වහන්සේගේ රැළ අනුකම්පාවෙන් සලකන්න!
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සභාවේ සාමය සහ පවිත්‍රකම පවත්වාගැනීම
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේගේ බැටළුවන්ට මුදු මොළොක් සැලකිල්ල අවශ්‍යය
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 ජූලි 32 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

විවාහ වෙලා නැති දෙන්නෙක් සාධාරණ හේතුවක් නැතුව තනියම එකම තැනක රෑ ගත කළොත් ඒ දෙන්නා පාපයක් කළා කියන්න ඒක සාක්ෂියක්ද? ඒ වෙනුවෙන් විනිශ්චය කමිටුවක් පත් කරන්න ඕනේද?

ගෙයක් ඉස්සරහා කාර් දෙකක් රෑ නවත්තලා තියෙනවා

ඔව්. දෙන්නෙක් සාධාරණ හේතුවක් නැතුව තනියම එකම තැනක රෑ ගත කළොත් එයාලා අනාචාරයේ යෙදුණා කියන්න ඒක ප්‍රබල සාක්ෂියක්. සාධාරණ හේතු තියෙනවා නම් මිසක ඒ වෙනුවෙන් විනිශ්චය කමිටුවක් පත් කරන්න ඕනේ.—1 කොරි. 6:18.

වැඩිමහල් මණ්ඩලය විනිශ්චය කමිටුවක් පිහිටුවන්න ඕනෙද නැද්ද කියලා තීරණය කරන්න කලින් සිද්ධියට අදාළ කාරණා ගැන හොයලා බලන්න ඕනේ. උදාහරණෙකට ඒ දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවාද? ඒ දෙන්නාට දෙන්නා හැසිරෙන විදිහ ගැන වැඩිමහල්ලන් මීට කලින් උපදෙස් දීලා තියෙනවාද? එයාලා එහෙම තනියම රෑ ගත කළේ ඇයි? ඒක කලින්ම සැලසුම් කරලා කරපු දෙයක්ද? එකම තැන ඉන්නේ නැතුව ඕනෙ නම් වෙන වෙනම ඉන්න එයාලට අවස්ථාව තිබුණාද? නැත්නම් එහෙම ඉන්න වුණේ බලාපොරොත්තු වුණේ නැති හදිසි අවස්ථාවකට එයාලා මුහුණ දීපු නිසාද? (දේශ. 9:11) එයාලා නිදාගත්තේ එකටද නැත්නම් වෙන වෙනමද? එක සිද්ධියක් තව සිද්ධියකට වඩා වෙනස් වෙන්න පුළුවන් නිසා තීරණයක් ගන්න කලින් හොයලා බලන්න ඕනෙ තවත් තොරතුරු තියෙන්න පුළුවන්.

සිද්ධියට අදාළ හැම කාරණයක් ගැනම හොයලා බැලුවාට පස්සේ වැඩිමහල් මණ්ඩලය විනිශ්චය කමිටුවක් පිහිටුවනවාද නැද්ද කියන තීරණය ගන්නවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න