වැඩිමහල්ලෙනි දෙවියන් වහන්සේගේ රැළ අනුකම්පාවෙන් සලකන්න!
“කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොලොක් ගුණයෙන් සිටියෙමුව.”—1 තෙසලෝනික 2:7.
ශ්‍රේෂ්ඨ එඬේරාණෝ යෙහෝවඃ වහන්සේ ය. උන් වහන්සේ ස්වකීය බැටළු ගුණැති සේවකයන්ට වැඩිමනත් සැපයුම් ලබා දෙන අතර ස්වකීය පරිශුද්ධ නාමය උදෙසා “ධර්මිෂ්ඨකමේ මාවත්වල” ඔවුන් ගෙන යන සේක. එනිසා, උන් වහන්සේගේ කැමැත්ත කරන්නවුන් නපුරු කිසිවකට භිය නොවිය යුතු අතර සහනය සඳහා සිය දයානුකම්පිත දෙවියන් වහන්සේ දෙස බැලිය හැක. ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේගේ සෑම පක්ෂපාතී සාක්ෂිකරුවෙකුට ම දෙවියන් වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ල යටතේ සුරක්ෂිත හැඟීමක් දරන්නට සාධාරණ හේතු ඇත්තේ ය.—ගීතාවලිය 23:1-4.
2 යේසුස් වහන්සේ “දෙවියන්වහන්සේගේ මහන් තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වන” සේක. (හෙබ්‍රෙව් 1:1-4) එනිසා යහපත් එඬේරාණන් වන, යේසුස් වහන්සේ ද, ප්‍රේමය හා දයානුකම්පාව විදහා පෙන්වන සේක. (යොහන් 10:14, 15) උදාහරණයක් වශයෙන්, එක් අවස්ථාවක “උන්වහන්සේ . . . මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක.”—මාර්ක් 6:34.
3 සියලු ක්‍රිස්තියානීන් ‘දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙමින් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට ප්‍රේම කළාක් මෙන් හැසිරිය’ යුතු ය. (එපීස 5:1, 2) එනිසා ඔවුන් ද ප්‍රේමනීය හා දයානුකම්පිත විය යුතු ය. විශේෂාකාරයෙන් මෙය දෙවියන් වහන්සේගේ රැළේ උපඑඬේරුන් සම්බන්ධයෙන් සැබෑ විය යුතු ය. ප්‍රේරිත පාවුල් පැවසුවේ: “දෙවියන්වහන්සේ විසින් තමන්ගේම [පුත්‍රයාණන්ගේ NW] රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ [ශුද්ධාත්මය NW] යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළ සේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙයල්ලා. මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි; නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත” යනුවෙනි.—ක්‍රියා 20:28-30.
4 කාලයාගේ ඇවෑමෙන්, අභක්තික “රෞද්‍රවූ වෘකයන්” පෙනී සිට “රැළට අනුකම්පා” නොදැක්වී ය. එහෙත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් අතර සිටින වැඩිමහල්ලන් එවන් කෲරභාවයක් ව්‍යවහාර නොකිරීම පිළිබඳ ව අපි කොතරම් සතුටු වන්නෙමු ද! එහෙත්, සහකාර ඇදහිලිවන්තයින්ට මෙම ආත්මයෙන් ආලේපලත් අවේක්ෂකයින්ගෙන් ලැබීමට බලාපොරොත්තු විය හැක්කේ කුමන ආකාරයේ සැලකිල්ලක් ද? එමෙන් ම එවන් පත්කළවුන් යෙහෝවඃ වහන්සේගේ බැටළුවන්ට මෘදු සැලකිල්ලක් පෙන්විය හැක්කේ කෙසේ ද?
රැළ කෙරෙහි අධිපතිකම් කරන්නාක් මෙන් නොව
5 ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අප ව දයානුකම්පිත ආකාරයකට සැලකීම අපට යුතු ලෙස බලාපොරොත්තු විය හැක. සිය යටත් වැසියන් කෙරෙහි නිතර අධිපතිකම් කරන්නා වූ ලෝක පාලකයන්ට ඔව්හු සමාන නොවෙති. උදාහරණයක් වශයෙන්, (පො.යු. 768-814 පාලනය කළ) ෆ්රැන්ක් ජාතික රජ වූ ශාලිමන් “සැක්සන්වරුන් ව මරණයේ වේදනා යටතේ, බව්තීස්මය ලබන්නටත්, පාස්කු උපවාස කාලය කඩ කළවුන් බරපතළ ම දඬුවම්වලට තීන්දු කළ අතර මෙය පැවැත්වීමට බල කිරීම පිණිස සෑම තැන ම බලය යෙදවී ය.” යයි වාර්තා වේ. (විලියම් ජෝන්ස්ගේ ද හිස්ටරි ඔෆ් ද ක්‍රිස්ටියන් ච-අච්) කෲර භාවයට යේසුස් වහන්සේගේ අනුගාමිකයන් අතර තැනක් නැත, මන්දයත් උන් වහන්සේ මෙසේ පැවසුවේ ය: “අන්‍යජාතීන්ගේ ආණ්ඩුකාරයන් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම් වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානයා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය. එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද අවේය.”—මතෙව් 20:25-28.
6 ‘සභාවේ නායක තනතුර ලබන්ට ආශාවන්නා වූ’ ක්‍රිස්තියානි පුරුෂයෙක් ‘යහපත් වැඩකට ආශාවන්නේ ය.’ (1 තිමෝති 3:1) අප මෙයත්, මොහොතකට කලින් හුවා දක්වන ලද යේසුස් වහන්සේගේ උපදේශයත් සලකා බලන කල, මෙම මූලික සාධක කැපී පෙනේ: (1) ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අන්‍යයන් කෙරෙහි කෲර භාවය නොපෙන්විය යුතු ය; (2) යේසුස් වහන්සේගේ අනුගාමිකයන් අතර වගකීම් දරන්නන්, ඔවුන්ගේ ස්වාමිවරුන් නොව, ඔවුන්ගේ දාසයන් විය යුතු ය; එසේ ම (3) අවේක්ෂක තනතුරක් සඳහා ආශා කරන අය එය උසස් තත්ත්වයක් ලෙස නොව, ‘යහපත් වැඩක්’ ලෙස සැලකිය යුතු ය. (හිතෝපදේශ 25:27; 1 කොරින්ති 1:31) “වැඩිමහල්ලා” යන වචනය ඕනෑ ම මනුෂ්‍යයෙකු ව, යෙහෝවඃ වහන්සේගේ වෙනත් නමස්කාරකයන් අභිබවා උසස් කරවන්නේ නැත. ඒ වෙනුවට, සභාව, සියලු වැඩිමහල්ලන් පරිශුද්ධ සේවයේ පෙරමුණ ගන්නා ආත්මීක ව මේරූ, අත්දැකීම් ලත්, එමෙන් ම නිහතමානී අය යයි කල්පනා කිරීමට හේතු ඇත. ඇත්ත වශයෙන් ම, වැඩිමහල්ලන් තමන් යෙහෝවඃ වහන්සේගේ ද, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ද, එසේ ම සහකාර ක්‍රිස්තියානීන්ගේ ද නිහතමානී දාසයන් යයි කල්පනා කළ යුතු ය.—රෝම 12:11; ගලාති 5:13; කොලොස්සි 3:24.
7 අන්‍යයන් වෙනුවෙන් නිහතමානී ව දාසකම් කිරීම, ස්වභාවයෙන් ම ඔවුන් කෙරෙහි ‘අධිපතිකම් කිරීමෙන්’ වැඩිමහල්ලෙකු ව වළක්වන්නේ ය. එමෙන් ම අපගේ අවේක්ෂකයන් පාවුල්ගේ හා සමාන ආකල්පයක් විදහා පෙන්වීම කොතරම් යහපත් ද! හෙතෙම කොරින්තියේ ක්‍රිස්තියානීන්ට පැවසුවේ මෙසේ ය: “නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව.” (2 කොරින්ති 1:24) ඒ අනුව, ප්‍රේමනීය අවේක්ෂණයක් පවත්වන්නා වූ අය, නුවුවමනා මනුෂ්‍ය රෙගුලාසිවලින් සහකාර ඇදහිලිවන්තයන් බර කරන්නට යන්නේ නැත. ඒ වෙනුවට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් අතර සිටින්නා වූ අවේක්ෂකයෝ ශුද්ධ ලියවිලිමය ප්රතිපත්තිවලින් පාලනය වන අතර, කාරුණීක, උපකාරික වූ සේවය පිරිනමති. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින්ගේ පාලක මණ්ඩලයෙන් ලැබෙන්නා වූ උපදෙස් ඉක්මනින් අදාළ කර ගැනීමෙන් ද ඔව්හු දෙවියන් වහන්සේගේ රැළට ගැඹුරු සැලකිල්ලක් දක්වති.—ක්‍රියා 15වන පරිච්ඡේදය.
8 පාවුල්ට දෙවියන් වහන්සේගේ රැළ වෙනුවෙන් මෘදු සැලකිල්ලක් තිබූ බැවින්, ඔහුට තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන්ට: “කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව. එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව” යයි කිව හැකි විය. (1 තෙසලෝනික 2:7, 8) තමාගේ ම සැලකිල්ල අභිබවා සිය දරුවන්ගේ සැලකිල්ල තබන තරමට ඔවුන්ට ප්‍රේම කරන්නා වූ කිරි මවක් හා සමාන ව පාවුල් ක්‍රියා කළේ ය. මෙය 20 වන සියවසේ වැඩිමහල්ලන් ව දෙවියන් වහන්සේගේ රැළ මෘදුකමින් සැලකීමට කොතරම් පෙළඹවිය යුතු ද!
සහනයේ හා ප්රබෝධයේ උල්පත
9 යේසුස් වහන්සේ මගින් වූ මෙම රාජ්‍ය පාලන දවස කෙරෙහි යොමු දක්වමින්, දිවැස්වර යෙසායා රජෙක් “ධර්මිෂ්ඨකමින් . . . රජකම්කරන්නේය,” එමෙන් ම “අධිපතීහුද දැහැමින් අධිපතිකම් කරන්නෝය” යයි පුරෝකථනය කළේ ය. එනිසා, වත්මන් දින දිව්‍ය රාජ්‍ය සංවිධානයේ වැඩිමහල්ලෝ ස්ථාපිත ස්වර්ගීක රාජ්‍යයේ—ඇත්ත වශයෙන් ම ආධිපත්‍ය සේවයේ—සැලකිල්ල දක්වති! මෙම වගකීම් දරන අයට යෙසායාගේ වැඩිතර පුරෝකථික වදන් අදාළ වන්නේ ය: “මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.”—යෙසායා 32:1, 2.
10 ක්‍රිස්තියානි ලෝකයේ පීඩාකාරී ආගමීක නායකයන් මෙන් නොව, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් අතර වැඩිමහල්ලෝ සහනයේ හා ප්රබෝධයේ උල්පතක් වෙති. වැඩිමහල්ලන්ගේ මණ්ඩලයන් ලෙස, ඔව්හු යෙහෝවඃ වහන්සේගේ ජනයා අතර සාමය, නිශ්චලත්වය හා සුරක්ෂිත භාවය පොළඹවති. පුද්ගලීක ව, සෑම වැඩිමහල්ලෙක් ම දෙවියන් වහන්සේගේ රැළ මෘදු භාවයෙන් සැලකීමෙන් මෙම යහපත් තත්ත්වයට දායක විය හැක.
යුක්තියෙන් හා ධර්මිෂ්ඨකමින්
11 පළමු ශත වර්ෂයේ ක්‍රිස්තියානි සභාවන් සමහරක ගැටලු පැන නැගුන ද, ඒවායෙහි පොදු තත්ත්වය සාමයෙන්, එක්සත් භාවයෙන් හා ප්‍රීතියෙන් තිබිණ. (1 කොරින්ති 1:10-12; 3:5-9; එපීස 1:2; යාකොබ් 2:1-9; 3:2-12; 4:11, 12; 1 යොහන් 1:3, 4) අද දවසේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින්ගේ සභා බොහොමයක ද, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වය, මෙන් ම පත් කරන ලද අවේක්ෂකයන්ගේ ඇදහිලිවන්ත වැඩකටයුතු නිසා යහපත් ආත්මීක තත්ත්වයක් පවති. සභා සාමය, එක්සත්භාවය මෙන් ම ප්‍රීතිය තහවුරු කිරීමට මෙම පුරුෂයෝ දිව්‍ය උපකාරය සොයන අතර, දෙවියන් වහන්සේගේ සංවිධානය සදාචාරමය වශයෙන් හා ආත්මීක වශයෙන් පවිත්‍ර ව තබා ගැනීම සඳහා කඩිසර ව වෑයම් දරති. (යෙසායා 52:11) අපවිත්‍ර සංවිධානයක් කිසිකලෙක සාමකාමී හා ප්‍රීතිමත් නොවිය හැකි අතර ඊට නිසැක ව ම දෙවියන් වහන්සේගේ අනුමැතිය හා ආශිර්වාදය නොලැබෙනු ඇත්තේ ය. උන් වහන්සේ වැරදි ක්‍රියාකාරකම් ඉවසන්නට නොහැකි, “නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස්” ඇති ව සිටින සේක. (හබක්කුක් 1:13) වෙනත් දෑ අතර එසේ නම්, වැඩිමහල්ලන් ධර්මිෂ්ඨ, ශුද්ධ ලියවිලිමය ආකාරයකට විනිශ්චයක කාරණා පිළිබඳ ව සැලකිල්ල දැක්වීම අපේක්ෂා කෙරේ. එහෙත් මෙවන් කාරණා හැසිරවීමේ දී මතක තබා ගත යුතු සමහරක් සාධක කවරේ ද?
12 එක් දෙයක් නම්, පුද්ගලීක වෙනස්කම් සම්බන්ධවන සිද්ධීන්හි දී, එක් එක් තැනැත්තා පුද්ගලීක ව කාරණා නිරාකරණය කර ගත හැකි වනු ඇත. (මතෙව් 18:15-17) වැඩිමහල්ලන් ‘අපගේ ඇදහිල්ල කෙරෙහි ස්වාමිවරුන්’ නොවන බැවින්, ඔවුන් බයිබල් නීති නැතහොත් ප්රතිපත්තිවල බරපතළ උල්ලංඝනයක් අදාළ නොවන්නා වූ සහමුලින් ම පුද්ගලීක කටයුතුවලට සම්බන්ධ වීම අපේක්ෂා නොකෙරේ. ස්වභාවික ව, පුද්ගලයෙක් ඒ පිළිබඳ ව දැන ගැනීමට ප්‍රථම “යම් වරදකට අසුවුණත්” ආත්මීක සුදුසුකම් ඇති අය “මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවා” ගත යුතු ය.—ගලාති 6:1.
13 වැඩිමහල්ලන් පක්ෂපාතී නොවී නිතර “දැහැමින්” සේවය කළ යුතු වේ. මෙසේ ඔවුන් හුදු දූසමාන ආරංචි මත නොව, වරද පිළිබඳ සාක්ෂි මත ක්‍රියා කළ යුතු ය. පාවුල් උපදෙස් දුන්නේ: “සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ නොහොත් තුන් දෙනෙකුගේ සාක්ෂිය පිට මිස නැත්නම් වැඩිමහල්ලෙකුට විරුද්ධව වරද තැබීමක් පිළි නොගනින්න” යනුවෙනි. (1 තිමෝති 5:19) යෙහෝවඃ වහන්සේගේ ප්‍රමිති අනුව, පුරාතන ඉශ්රායෙලයේ ඉතා බරපතළ පාපයක් වෙනුවෙන් චෝදනා ලද්දෙක් ‘දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් කී සාක්ෂිය පිට’ මරනු ලැබිය යුතු විය. මීට අමතර ව, චෝදිතයාට පෙනෙන හැටියට තම චෝදනා කරන්නන්ට මුහුණ දීමට අවස්ථාව ලැබුණු අතර, සාක්ෂි ප්‍රමාණවත් වූයේ නම්, ‘ඔහු මරන පිණිස පළමුකොට සාක්ෂිකාරයන්ගේ අත් ඔහු පිට තබනු ලැබී ය.’—ද්විතීය කථාව 17:6, 7.
14 විනිශ්චයක ක්‍රියාකාරකම් සඳහා සාධාරණ ශුද්ධ ලියවිලිමය පදනමක් තිබිය යුතු ය. සභා අවේක්ෂකයන් පොදු යුගයේ පළමු ශත වර්ෂයේ දියොත්‍රෙපස් හා සමාන නොවීම ගැන අප කොතරම් සතුටු වෙමු ද! හෙතෙම සංචාරක සහෝදරයන් ආගන්තුක සත්කාරයෙන් යුක්ත ව පිළිගැනීමට කැමති වූ අය ව ‘සභාවෙන් පහකරන්නට’ වැරදි ලෙස වෑයම් කළේ ය. ප්‍රේරිත යොහන් මෙය හා වෙනත් වැරදි සුළුවෙන් නොසැලකූමුත්: “මම ආවොත් ඔහු . . . කරන ක්‍රියාවන් සිහිකරවන්නෙමි.” යයි අනතුරු ඇඟවී ය. (3 යොහන් 9, 10) එනිසා වත්මන් දින විනිශ්චයක කමිටුවක් තමන් ගන්නා ඕනෑ ම නෙරපා දැමීමේ ක්‍රියාවක් වෙනුවෙන් බයිබල් ගත පදනමක් තිබෙන බවට ස්ථීර විය යුතු ය.a ඇත්ත වශයෙන් ම, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අන්‍යයන් සමඟ ක්‍රියා කිරීමේ දී සාධාරණ වීම දෙවියන් වහන්සේ අපේක්ෂා කරන සේක. ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේගේ භූමික සංවිධානයේ කටයුතු පාලනය කරන්නන් “දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ . . . සමර්ථ මනුෂ්‍යයන්” විය යුතු ය.—නික්මයාම 18:21.
15 සෑම ක්‍රිස්තියානි විනිශ්චයක කමිටුවක් ම හෘදයාංගම යාච්ඤාවෙන් යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඉල්ලා සිටිය යුතු ය. බරපතළ වැරැද්දක් කළ බවට චෝදිත සහෝදරයෙක් හෝ සහෝදරියක් සමඟ වූ රැස්වීමක් යාච්ඤාවකින් ආරම්භ විය යුතු ය. ඇත්ත වශයෙන් ම, සාකච්ඡාව පැවැත්වෙන ඕනෑ ම අවස්ථාවක දෙවියන් වහන්සේගේ උපකාරය සඳහා නිශ්චිත අවශ්‍යතාවයක් ඉදිරිපත් වන විට, යාච්ඤා කිරීම සුදුසු වනු ඇත.—යාකොබ් 5:13-18.
16 වැරදි කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනුයේ දෙවියන් වහන්සේගේ රැළේ “බැටළුවෙකු” බවත්, මෘදුකමින් සැලකිය යුතු බවත් වැඩිමහල්ලෝ දනිති. (එසකියෙල් 34:7-14 සසඳන්න.) සැබෑ බැටළුවන්ට මෘදු සැලකිල්ල අවශ්‍ය වන අතර, උන් ආරක්ෂාව පිණිස සිය එඬේරා කෙරෙහි රඳා පවතින බයාදු සත්ත්වයන් ය. එනිසා, පළාතේ සභාවන්හි සිටින සංකේතවත් බැටළුවන් ගැන කුමක් කිව හැකි ද? ඔව්හු ශ්‍රේෂ්ඨ එඬේරාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේගේ මෙන් ම යහපත් එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැලකිල්ලේ නිසැක ව සුරක්ෂිත හැඟීමෙන් සිටිති. එහෙත් රැළේ උපඑඬේරුන් යෙහෝවඃ වහන්සේගේ බැටළු ගුණැති සේවකයින්ගේ සුරක්ෂිතභාවයේ හැඟීමට මෙන් ම අභ්‍යන්තර සාමයට දායක වන ආකාරයන්ගෙන් ක්‍රියා කළ යුතු ය. ඔබ ක්‍රිස්තියානි උපඑඬේරෙක් නම්, ඔබේ සහෝදරයන් මෙන් ම සහෝදරියන් ඔබේ සැලකිල්ල යටතේ සුරක්ෂිත හා නිශ්චලත්වයේ හැඟීමෙන් සිටී ද? සැබෑවකි, වැඩිමහල්ලන් ස්ථීර ලෙස බයිබල් නීති මෙන් ම ප්‍රතිපත්ති පැවැත්විය යුතු ය. එහෙත් ඔවුන් බැටළුවන් සමඟ ප්‍රේමයෙන් ක්‍රියා කරමින් විනිශ්චයක විභාග කිරීම් සන්සුන්, ක්‍රමවත්, දයාබර මෙන් ම කාරුණීක ආකාරයකට පැවැත්වීම ශුද්ධ ලියවිලිමය වශයෙන් අවශ්‍ය කෙරේ.
17 අසම්පූර්ණ ව සිටින බැවින්, අප පවසන දෙයෙහි “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව.” (යාකොබ් 3:2) අප සෑම කෙනෙකුට ම දෙවියන් වහන්සේගේ දයාව හා ක්‍රිස්තුස් වහන්සේගේ “ශාන්තිකර පූජාව” අවශ්‍ය වන්නේ ය. (1 යොහන් 1:8–2:2; ගීතාවලිය 130:3) එනිසා ක්‍රිස්තියානි උපඑඬේරෙක් තමා ගැන නිහතමානී හැඟීමක් දැරිය යුතු ය. හෙතෙම “මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියාකරනවාට නුඹලා කැමතිද, නුඹලාත් ඔවුන්ට එසේම කරපල්ලා” යන යේසුස් වහන්සේගේ වදන් සිහි කටයුතු ය. (ලූක් 6:31) විශේෂාකාරයෙන් මෙම උපදේශය විනිශ්චයක විභාග කිරීම්වලදී අදාළ කර ගත යුතු ය. ආත්මීක ව සුදුසුකම් ලත් පුරුෂයන් වැරදි කරන්නා වූ ක්‍රිස්තියානීන් ව ‘මෘදුකමේ ආත්මයෙන් යුක්තව හරවා ගනිමින්, තමුන් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගත’ යුතු ය.—ගලාති 6:1; 1 කොරින්ති 10:12.
18 විනිශ්චයක විභාග කිරීම්වලදී වැඩිමහල්ලන් අන්‍යයන් ව කර්කශ ලෙස සලකන්නට යන්නේ නම්, මෙය මෙම පුද්ගලයින්ට හිංසාකාරී විය හැක. මානසික හෝ ශාරිරීක හානි විපාක නොවූවත්, මහත් ආත්මීක වේදනා සිදු විය හැකි අතර අවේක්ෂකයාගේ සුදුසුකම් පවා ප්‍රශ්න කරනු ලැබිය හැක. (යාකොබ් 2:13 සසඳන්න.) එනිසා, විනිශ්චයක විභාග කිරීම්වල දී, මෙන් ම වෙනත් සෑම අවස්ථාවක දී ම වැඩිමහල්ලන් දයාන්විත වෙමින්, අන්‍යයන් පැකිලීමට එරෙහි ව ප්‍රවේශම් විය යුතු ය. ඇත්ත වශයෙන් ම, සියලු ක්‍රිස්තියානීන් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු ය, මන්දයත් යේසුස් වහන්සේ මෙසේ පැවසුවේ ය: “මා කෙරේ අදහන මේ බාලයන්ගෙන් එකෙකුටවත් බාධාකරන්නෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට හොඳය.” (මාර්ක් 9:42) ඇඹරුම් ගලේ උඩු ගල කොතරම් විශාලදයත්, එය කරකැවීමට සාමාන්‍යයෙන් සත්වයෙක් අවශ්‍ය වන අතර එවන් බරක් සිය බෙල්ලේ බැඳ මුහුදට හෙළනු ලබන කවරෙක් නමුත් නොගැලවෙනු ඇත. නිසැක ව ම, එසේ නම්, වැඩිමහල්ලෙක් තමාටත්, එසේ පැකිලීමට පත් කරනු ලබන යම් පුද්ගලයෙකුටත් පවතින ආත්මීක හානියක් විපාක විය හැකි පැකිලීමකට පත් නොකිරීමට ප්‍රවේශම් විය යුතු ය.—පිලිප්පි 1:9-11.
නොකඩවා මෘදු සැලකිල්ලක් පෙන්වන්න
19 ප්‍රේරිත පේතෘස් පහත වදන් ලියූ අවස්ථාවෙහි, සහකාර අවේක්ෂකයන් රැළ රැකබලා ගත යුතු ආකාරය පෙන්වී ය: “නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලාත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, නුඹලා භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගනිල්ලා. එවිට ප්‍රධාන එඬේරාණන් ප්රකාශවන කල්හි නුඹලා තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.” (1 පේතෘස් 5:2-4) එවන් උපදෙස් අදාළ කර ගැනීමෙන් හා දෙවියන් වහන්සේගේ රැළ කෙරෙහි මෘදු සැලකිල්ල විදහා පෙන්වීමෙන් පමණක්, ආලේප ලත් අවේක්ෂකයින්ට අමරණීය ආත්ම මැවිලි ලෙස සිය ස්වර්ගීක විපාකය ලබා ගැනීමටත් භූමික බලාපොරොත්තුව ඇති වැඩිමහල්ලන්ට පැමිණෙන්නා වූ භූමික පාරාදීසයේ සදාකාලික ජීවිතය ලැබීමටත් හැකියාව ලැබෙනු ඇත.
20 යෙහෝවඃ වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යන දෙදෙනා ම ප්‍රේමනීය, කාරුණික එඬේරුන් වන සේක. මෙනිසා ක්‍රිස්තියානි උපඑඬේරුන් දිව්‍ය ප්‍රමිති ස්ථීර ව පවත්වන අතර ඔවුන් සිය බැටළු ගුණැති සහකාර ඇදහිලිවන්තයන් හා ක්‍රියා කිරීමේදී ප්‍රේමය හා කරුණාව පෙන්විය යුතු ය. නිසැක ව ම, යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාතී සාක්ෂිකරුවෝ සියලු දෙනා ම සිය විශ්වාසය ආරක්ෂා කරන්නා වූ ද, මෘදුකමින් දෙවියන් වහන්සේගේ රැළට සැලකිල්ල දක්වන්නා වූ ද මෙවන් ආත්මත්යාගශීලි වැඩිමහල්ලන්ගේ ආදර්ශමත් සේවය මහත්සේ අගය කරති. එම අගැයීම, අප අතර ප්‍රධානීන්ට කීකරු වීමෙන්, යුතු ගෞරවය සමඟින් පෙන්විය හැකි ය. w89 9/15
[පාදසටහන්වල]
a තමා නෙරපා දැමීමට වූ තීරණය ගැනීමේ දී, විනිශ්චයෙහි බරපතළ වැරැද්දක් කර ඇති බව හෙතෙම කල්පනා කරන්නේ නම්, පුද්ගලයෙකුට අභියාචනයක් කළ හැකි ය.
ඔබ සිතන්නේ කෙසේ ද?
▫ කෲර භාවයට සිය අනුගාමිකයන් අතර තැනක් නොමැති බව යේසුස් වහන්සේ පෙන් වූයේ කෙසේ ද?
▫ පාලක මණ්ඩලයෙන් උපදෙස් ලැබුණු විට වැඩිමහල්ලන් කුමක් කළ යුතු ද?
▫ යෙසායා 32:1, 2 ට අනුව වැඩිමහල්ලන් කුමක උල්පතක් විය යුතු ද?
▫ වැඩිමහල්ලන් හුදු කර්කශ ලෙස ක්‍රියා නොකළ යුතු යයි ශුද්ධ ලියවිලි පෙන්වනුයේ කෙසේ ද?
▫ ක්‍රිස්තියානි උපඑඬේරුන් රැළට සැලකිල්ල දැක්විය යුත්තේ කෙසේ ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. යෙහෝවඃ වහන්සේගේ සෑම පක්ෂපාතී සාක්ෂිකරුවෙකු ම සුරක්ෂිත හැඟීමක් දැරිය හැක්කේ මක්නිසා ද?
2. දෙවියන් වහන්සේගේ මහන් තත්ත්වයේ ප්‍රභාවය ලෙස, යේසුස් වහන්සේ කිනම් ගුණාංග විදහා පෙන්වන සේක් ද?
3. (අ) යෙහෝවඃ දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන් ක්‍රිස්තියානි උපඑඬේරුන් කිනම් ගුණාංග විදහා පෙන්විය යුතු ද? (ආ) ප්‍රේරිත පාවුල් අවේක්ෂකයින්ට කිනම් උපදේශය හා අනතුරු ඇඟවීම දුන්නේ ද?
4. (අ) කාලයාගේ ඇවෑමෙන් ක්‍රියා 20:29, 30හි පාවුල්ගේ අනතුරු ඇඟවීම පැවැත්වීමෙහිලා කුමක් සිදු වී ද? (ආ) කිනම් ප්‍රශ්න දැන් සලකා බැලීම යුතු වේ ද?
5. (අ) ලෝක ආණ්ඩුකාරයන් නිතර සිය යටත් වැසියන්ට සලකනුයේ කෙසේ ද? (ආ) කෲර භාවයට සිය අනුගාමිකයන් අතර තැනක් නොමැති බව යේසුස් වහන්සේ පෙන්වූයේ කෙසේ ද?
6. (අ) වැඩිමහල්ලන් සම්බන්ධයෙන් කිනම් මූලික සාධක කැපී පෙනෙනුයේ ද? (ආ) සභාවට වැඩිමහල්ලන්ගෙන් කුමක් බලාපොරොත්තු වීමට හේතු ඇත් ද, එමෙන් ම මෙම මනුෂ්‍යයන් තමන් ගැන කල්පනා කළ යුත්තේ කෙසේ ද?
7. (අ) වැඩිමහල්ලන් අන්‍යයන් හා ක්‍රියා කිරීමේදී 2 කොරින්ති 1:24 අදාළ කර ගත යුත්තේ කෙසේ ද? (ආ) පාලක මණ්ඩලයෙන් ලැබෙන උපදෙස් සම්බන්ධයෙන් වැඩිමහල්ලන් කළ යුත්තේ කුමක් ද?
8. සහකාර ඇදහිලිවන්තයන් කෙරෙහි පාවුල් කිනම් ආකල්පයක් දැරුවේ ද, එමෙන් ම මෙය 20වන සියවසේ වැඩිමහල්ලන්ට කෙසේ බලපෑ යුතු ද?
9. යෙසායා 32:1, 2හි යෙහෝවඃ වහන්සේගේ වත්මන් දින ජනයාගේ කිනම් තත්ත්වයක් පුරෝකථනය කරනු ලැබී ද?
10. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් අතර සෑම වැඩිමහල්ලෙක් ම කුමක මූලයක් විය යුතු ද?
11. (අ) අද දවසේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින්ගේ සභා බොහොමයක පවතින්නේ පළමු ශත වර්ෂයේ ක්‍රිස්තියානීන් අතර පැවති කිනම් පොදු තත්ත්වය ද? (ආ) අවේක්ෂකයින්ට සභාව කෙරෙහි කිනම් වගකීමක් ඇත් ද, එමෙන් ම ඒ මක්නිසා ද?
12. වැඩිමහල්ලන් බයිබල් නීති හෝ ප්‍රතිපත්ති උල්ලංගනය නොකරන්නා වූ පුද්ගලික කටයුතු කෙරෙහි සම්බන්ධ වීම අපේක්ෂා නොකෙරෙතත්, ගලාති 6:1 අනුව කුමක් කළ යුතු ද?
13. වැඩිමහල්ලන් දූසමාන ආරංචි මත නොව වරද පිළිබඳ සාක්ෂි මත ක්‍රියා කළ යුතු යයි ශුද්ධ ලියවිලි පෙන්වනුයේ කෙසේ ද?
14. (අ) දියොත්‍රෙපස් වැරදි සහගත ලෙස කරන්නට වෑයම් කළේ කුමක් ද? (ආ) වැඩිමහල්ලන් විනිශ්චයක කාරණා පවත්වන විට, දෙවියන් වහන්සේ කුමක් අපේක්ෂා කරන සේක් ද?
15. විනිශ්චයක විභාග කිරීමක දී යාච්ඤාව කිනම් කාර්යභාරයක් ඉටු කරයි ද?
16. වැඩිමහල්ලන් විනිශ්චයක විභාග කිරීම් පැවැත්විය යුත්තේ කොයි ආකරයෙන් ද, එමෙන් ම ඒ මක්නිසා ද?
17. විශේෂාකාරයෙන් විනිශ්චයක විභාග කිරීමක දී කිනම් ශුද්ධ ලියවිලිමය කරුණු වැඩිමහල්ලන් මතකයේ තබා ගත යුතු ද?
18. (අ) විනිශ්චයක විභාග කිරීමක දී වැඩිමහල්ලන් අන්‍යයන්ට කර්කශ ලෙස සලකන්නේ නම් කුමක් විපාක විය හැකි ද? (ආ) මාර්ක් 9:42 ට අනුව වැඩිමහල්ලන් මෙන් ම ක්‍රිස්තියානීන් කුමක් කිරීමට එරෙහි ව ප්‍රවේසම් විය යුතු ද?
19. පේතෘස් සහකාර වැඩිමහල්ලන්ට කිනම් උපදේශය දුන්නේ ද, එමෙන් ම ඊට යුතු ලෙස අනුකූල වීම ඔවුන්ගේ අපේක්ෂාවන් කෙරෙහි ඇති කරවනුයේ කිනම් බලපෑමක් ද?
20. (අ)ක්‍රිස්තියානි උපඑඬේරුන් සිය සහකාර ඇදහිලිවන්තයන් සමඟ ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? (ආ) ප්‍රේමනීය වැඩිමහල්ලන්ගේ ආදර්ශමත් සේවය හා මෘදු සැලකිල්ල ගැන ඔබට හැඟෙනුයේ කෙසේ ද?
විනිශ්චයක කමිටුවක් සහකාර ඇදහිලිවන්තයෙක් සමඟ එක් වන විට, හෘදයාංගම යාච්ඤාව ඉතා වැදගත් ය