ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 ජූලි 30-31 පි.
  • අධ්‍යයනය තව රසවත් කරගන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධ්‍යයනය තව රසවත් කරගන්නේ කොහොමද?
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • අපි සාර්ථක ජීවිතයක් ගත කරනවාට දෙවි කැමතියි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොෂුවා 1:9 - “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • අධ්‍යයනය—ප්‍රීතිදායක මෙන්ම ප්‍රතිඵල ගෙන දෙන්නකි
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රයෝජන ලැබෙන විදිහට බයිබලය කියවන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 ජූලි 30-31 පි.
පහන් එළියෙන් යොෂුවා නීතිය කියවනවා

අධ්‍යයනය තව රසවත් කරගන්නේ කොහොමද?

යොෂුවා නීතිය කියවනවා; යෙරිකෝවේ පවුර කඩාගෙන වැටුණත් රාහබ්ගේ නිවස බේරෙනවා; යොෂුවා අත් දෙක උස්සලා යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා

ඊශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට අරන් යන වගකීම පැවරුණේ යොෂුවාට. ඒ පැවරුමේදී එයාට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසයි දෙවි යොෂුවාව දිරිගැන්නුවේ “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න” කියලා. නීතියේ සඳහන් දේවල් කියවලා ඒවාට කීකරු වුණොත් යොෂුවාට ඥානවන්ත තීරණ ගන්න වගේම ඔහුගේ පැවරුම සාර්ථකව කරන්න පුළුවන් වෙනවා කියලා දෙවි කිව්වා.—යොෂු. 1:7, 8.

අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක” නිසා අපිටත් හුඟක් ප්‍රශ්න, අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. (2 තිමෝ. 3:1) ඒවා ජය ගන්න නම් දෙවි යොෂුවාට කරන්න කියපු දේ අපිත් කරන්න ඕනේ. ඒ කියන්නේ දිනපතාම බයිබලය කියවලා ඒකෙන් ඉගෙනගන්න දේවල් අපි අදාළ කරගන්න ඕනේ.

ඒත් අපෙන් සමහරදෙනෙක් අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. තවත් අය අධ්‍යයනය කරන්න ආස නැහැ. ඒ කොහොමවුණත් අධ්‍යයනය කියන්නේ අපි කරන්නම ඕනෙ දෙයක්. ඔයාට ප්‍රයෝජනවත් වෙන විදිහට, රසවත් විදිහට බයිබලය අධ්‍යයනය කරන්න “මේ යෝජනා අත්හදා බලන්න” කියන කොටුවේ තියෙන තොරතුරු උදව් වෙයි.

ගීතිකාකරු මෙහෙම කිව්වා. “ඔබේ ආඥාවලට අනුව ජීවිතය ගත කිරීමට මට උපකාර කරන්න. මන්ද ඔබේ ආඥා පිළිපැදීමෙන් මම මහත් සතුටක් ලබන්නෙමි.” (ගීතා. 119:35) ඔයාටත් පුළුවන් දෙවිගේ වචනය අධ්‍යයනය කරලා සතුටක් ලබන්න. දිගටම එහෙම කරද්දී බයිබලයේ තියෙන වටිනා මැණික් හොයාගන්න ඔයාට පුළුවන් වෙයි.

යොෂුවාට තිබුණා වගේ පැවරුමක් ඔයාට නැතත් ජීවිතේ හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න ඔයාටත් වෙනවා. ඔයාත් යොෂුවා වගේ බයිබලය අධ්‍යයනය කරලා ඒකේ සඳහන් දේවලට කීකරු වෙන්න. එහෙම කරනවා නම් ඥානවන්ත තීරණ ගන්නත් ජීවිතේ සාර්ථක කරගන්නත් ඔයාට පුළුවන්.

මේ යෝජනා අත්හදා බලන්න

  • කෙනෙක් යාච්ඤා කරනවා

    අධ්‍යයනය කරන්න කලින් යාච්ඤා කරන්න. බයිබලේ තියෙන්නේ දෙවිගේ අදහස්. දෙවි ඒවා ලිව්වේ ඔයාගේ ප්‍රයෝජනයට. ඒ නිසා ඔයා කියවන දේ තේරුම්ගන්න, ඒවා මතක තියාගන්න, ඒවා අදාළ කරගන්න උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න.—එස්රා 7:10.

  • කෙනෙක් එයාගෙන්ම ප්‍රශ්න අහගන්නවා

    බයිබලේ සහ බයිබලේ මත පදනම් ප්‍රකාශන කියවද්දී ඔයාගෙන්ම මේ වගේ ප්‍රශ්න අහගන්න. ‘මේ කොටසෙන් යෙහෝවා දෙවි ගැන මට ඉගෙනගන්න පුළුවන් මොනවාද? බයිබලේ තේමාවට මේ කොටස සම්බන්ධ වෙන්නේ කොහොමද? තව කෙනෙකුට උදව් කරන්න මේ තොරතුරු මට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?’

  • කෙනෙක් කල්පනා කරනවා

    අධ්‍යයනය කරන තොරතුරු ගැන හොඳින් හිතන්න. කොටසක් කියෙව්වාට පස්සේ ඒ ගැන හිතන්න. ‘මේ ගැන මට හැඟෙන්නේ කොහොමද? එහෙම හැඟෙන්නේ ඇයි? ඒ වගේ දේකට මං මුහුණ දීලා තියෙනවාද? දැන් මුහුණ දෙමින් ඉන්නවාද? අනාගතේදී මුහුණ දෙන්න වෙයිද? මේ බයිබල් ප්‍රතිපත්ති, උපදෙස් මට අදාළ කරගන්න පුළුවන් කොහොමද?’ (යෝබ් 23:5; ගීතා. 49:3) සමහර දේවල් කරන්න එපා කියලා දෙවි කිව්වේ ඇයි කියලා පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද කියලා හිතන්න. ඔයා කියවපු සිද්ධියේ ඉන්න කෙනා වෙනස් විදිහකට වැඩ කළා නම් එයාට මොන වගේ ප්‍රතිඵල ලැබෙයිද කියලත් හිතන්න.—ද්වි. 32:28, 29.

  • කෙනෙක් බයිබලේ තියෙන වාර්තා හිතින් මවාගන්නවා

    දේවල් හිතින් මවාගන්න තියෙන හැකියාව පාවිච්චි කරන්න. උදාහරණෙකට යෝසෙප්ව එයාගේ සහෝදරයන් විකුණපු සිද්ධිය කියවද්දී ඒක හිතින් මවාගන්න ඔයාට පුළුවන්ද? (උත්. 37:18-28) ඔයාට මොනවාද පේන්නේ? ඔයාට එයාලා කියන දේවල් ඇහෙනවාද? ඒ අවට තියෙන ගඳ සුවඳ දැනෙනවාද? එතන ඉන්න කෙනෙක් වෙනුවට ඔයා එතන ඉන්නවා කියලා හිතන්න. ඒ වෙලාවේ ඔයා මොනවා හිතයිද? කොහොම හැඟෙයිද? ඒ විදිහට අධ්‍යයනය කරන එක හරිම රසවත්.

  • කෙනෙක් අධ්‍යයනය සඳහා දීලා තියෙන දේවල් පාවිච්චි කරනවා

    බයිබලේ තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න උදව්වක් විදිහට සංවිධානය දීලා තියෙන දේවල් පාවිච්චි කරන්න. මුද්‍රිත මාධ්‍යයෙන් හරි ඔන්ලයින් හරි ඔයාගේ භාෂාවෙන් ඒ දේවල් තියෙනවාද? ඒවා හොඳින් පාවිච්චි කරන විදිහ ඉගෙනගන්න. දන්නේ නැත්නම් අනිත් අයගෙන් උදව් ගන්න. ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන ප්‍රකාශනය උදව් වෙනවා යම් විෂයක් ගැන පළ වෙලා තියෙන ලිපි, බයිබල් පදයක් තේරුම්ගන්න උදව් වෙන ලිපි හොයාගන්න. ‘නව ලොව පරිවර්තනයේ’ උපග්‍රන්ථය සහ ‘දේවවචනය අධ්‍යයනයට’ කියන පොත පාවිච්චි කරලා බයිබලේ සඳහන් ස්ථාන, දේවල් සිද්ධ වුණ කාලයන්, මිනුම් සහ තවත් හුඟක් දේවල් ගැන තොරතුරු දැනගන්න පුළුවන්.

  • කෙනෙක් ප්‍රධාන කරුණු සාරංශ කරනවා

    ප්‍රධාන කරුණු සාරාංශ කරන්න. ඒක ඔයා අධ්‍යයනය කරපු තොරතුරු මතක තියාගන්න උදව්වක්. ඒ තොරතුරු අනිත් අය එක්කත් කතා කරන්න. සේවයේදී ඒවා පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම කරද්දී ප්‍රධාන කරුණු මතක තියාගන්න පුළුවන් වෙනවා වගේම ඔයාගේ අධ්‍යයනයෙන් අනිත් අයත් ප්‍රයෝජන ලබයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න