ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 ජූලි 31 පි.
  • ඉක්මනටම ගිහින් ප්‍රශ්නේ විසඳගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉක්මනටම ගිහින් ප්‍රශ්නේ විසඳගන්න
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • මගේ හොඳම යාළුවා තරහා වුණේ ඇයි?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • යෙහෝවඃ වහන්සේ ඔබ දන්නා හඳුනන කෙනෙක් ද නැතහොත් ඔබගේ මිත්‍රයා ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මට මිත්‍රත්වයන් දිගටම පවත්වාගත නොහැක්කේ මන්ද?
    1996 පිබිදෙව්!
  • “මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 ජූලි 31 පි.
සහෝදරියක් තවත් සහෝදරියකගෙන් අවංකවම සමාව ඉල්ලනවා.

ඉක්මනටම ගිහින් ප්‍රශ්නේ විසඳගන්න

සහෝදරයෙක් නැත්නම් සහෝදරියක් ඔයාගේ හිත රිද්දලාද? ඒ නිසා ඔයාලා අතරේ තිබ්බ යාළුකම දැන් පලුදු වෙලාද? එහෙමනම් ප්‍රශ්නේ විසඳගන්න ඔයා ඉක්මනටම පියවර ගන්න ඕනේ. එහෙම කරද්දී ඔයාගේ අරමුණ වෙන්න ඕනෙ බිඳුණු යාළුකම ආයේ හදාගන්න එකයි.a

උදාහරණෙකට අස්ථියක් බිඳුණොත් ඒකට ඉක්මනටම ප්‍රතිකාර කරන්න ඕනේ. එතකොට දැනෙන වේදනාව ටිකෙන් ටික අඩු වෙයි. ඒත් අස්ථියට ඉක්මනින්ම ප්‍රතිකාර කළේ නැත්නම් වේදනාව දිගටම තියෙයි. ඊටත් වඩා නරකම දේ තමයි ජීවිත කාලේ පුරාම අස්ථියත් ඇද වෙලාම තියෙයි. ඒක කලින් වගේ හරියට වැඩ කරන එකකුත් නැහැ.

බිඳුණු අස්ථියකට වගේ බිඳුණු යාළුකමකටත් ඉක්මන් ප්‍රතිකාර ඕනේ. නැත්නම් පලුදු වුණ යාළුකම නිසා ඇති වෙන වේදනාව දිගටම තියෙයි. හිත ඇතුළේ තියෙන අමනාපයත් පැසවයි. අන්තිමට යාළුවාවත් නැති වෙයි. යේසුස් කිව්වා “ඉක්මනින්ම එයාව හම්බ වෙලා ප්‍රශ්නය විසඳගන්න” කියලා. (මතෙ. 5:25) ඉතින් කල් දාන්නේ නැතුව යාළුවාව හම්බ වෙන්න. මේ කාරණේ ගැන ඔයාට දැනෙන හැම දේම එයාට ආදරෙන් කියන්න. ඒත් එහෙම කරන එක අමාරු වෙන්න පුළුවන් ඇයි? හේතු දෙකක් ගැන අපි බලමු.

(1) ප්‍රශ්නේ ආයේ ඇදලා අරන් ඒ ගැන කතා කරන්න අකමැති නිසා අපි ඒ වෙනුවෙන් කිසිම දෙයක් නොකර ඉන්නවා.b පේන විදිහට යුවෝදියා සහ සින්ටිකීත් එයාලා අතරේ තිබ්බ ප්‍රශ්නේ විසඳගත්තේ නැහැ. ඒක කොච්චර කාලයක් ඇදුණාද කියනවා නම් ගව් ගාණක් ඈත රෝමයේ හිටපු පාවුල්ටත් ඒ ගැන ආරංචි වුණා. ඉතින් එයා ඒ දෙන්නාට කිව්වා ඒ ප්‍රශ්නේ විසඳගෙන එක්සත්ව ඉන්න කියලා. (ෆිලි. 4:2) එයාලා නිහතමානියි නම්, විවෘතව අදහස් හුවමාරු කරගත්තා නම්, ඇත්තටම සමාව දුන්නා නම් එයාලට පුළුවන්කමක් තිබ්බා ආයෙත් යාළුවෝ වෙන්න.

(2) ‘එයා තමයි ඉස්සෙල්ලාම මගෙන් සමාව ඉල්ලන්න ඕනෙ’ කියලා හිතන නිසා. මතක තියාගන්න, ඔයාට ඕනෙ නැති වෙච්ච යාළුකම ආයේ ශක්තිමත් කරගන්න මිසක් කවුද හරි කවුද වැරදි කියලා ඔප්පු කරන්න නෙවෙයි. දොස්තර කෙනෙක් වුණත් කැඩුණ අස්ථියකට ප්‍රතිකාර කරලා ඉන්නවා මිසක් ඒක කැඩුණේ කොහොමද කියලා හොයහොය ඉන්නේ නැහැනේ. ඒ වගේ ඔයාත් ඔයාගේ යාළුවා එක්ක කතා කරද්දී මේ ප්‍රශ්නෙට මුල් වුණේ කවුද කියලා හොයහොය ඉන්න එපා. ඒ වෙනුවට ඔයා අවධානය දෙන්න ඕනෙ ඔයාලාගේ යාළුකම කොච්චර වටිනවාද, ඒක ආයේ ඇති කරගන්න දැන් මොනවාද කරන්න ඕනෙ කියන එකටයි.

සහෝදරයෙක් එක්ක ඔයාටත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳගන්න අරමුණින් අදම ගිහින් එයා එක්ක කතා කළොත් නරකද? බයිබලේ කියනවා “ඉර බහින්න කලින් ඒ කේන්තිය නැති කරගන්න” කියලා. (එෆී. 4:26) ඒ විදිහට බිඳුණු බැඳීම ආයේ හදාගන්න ඔයාලා මහන්සි වෙද්දී ඔයාලට පුළුවන් “එක්සත්කම රැකගන්න අරමුණින් එකිනෙකා එක්ක සමාදානයෙන් ඉන්න.”—එෆී. 4:1-3.

a පුංචි පුංචි අමනාපකම් ඔයාලා අතරේම කතා කරලා, සමාව දීලා ඒක ඉවරයක් කරගන්න. (මතෙ. 5:23, 24) හැබැයි ප්‍රශ්නේ බරපතළයි නම් වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න ඔයාට පුළුවන්. (මතෙ. 18:17) හැබැයි ඒක කරන්න ඕනෙ මතෙව් 18:15, 16 කියලා තියෙන දේවල් කළාට පස්සේ.

b කෙනෙක් ඔයාගේ හිත රිද්දුවත් තාමත් ඔයාලා හොඳ යාළුවෝ වගේ ඉන්නවා නම් ඔයාට පුළුවන් වෙච්ච දේ අමතක කරලා දාන්න.—හිතෝ. 26:20.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න