අධ්‍යයනයට යෝජනාවක්!
දිරිගැන්වෙන විදිහට අදහස් දෙන්න
රැස්වීම්වලදී අපේ සහෝදර සහෝදරියන්ව අපේ අදහස්වලින් දිරිගන්වන්න අපිට විශේෂ අවස්ථාවක් තියෙනවා. (හෙබ්‍රෙ. 10:24, 25) අනිත් අයව දිරිගැන්වෙන විදිහේ අදහස් දෙන්න ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද?
යෙහෝවාට යාච්ඤා කරන්න. ඔහුව ගෞරවයට පත් වෙන විදිහේ, අනිත් අයව දිරිගැන්වෙන විදිහේ අදහස් ලෑස්ති කරගන්න උදව් කරන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න.—ගීතා. 35:18.
ඡේදේ තියෙන දේ එහෙම් පිටින්ම කියවන්න එපා. ඔයාගේ වචනවලින්ම අදහස් දෙද්දී යෙහෝවා ගැන ඔයාගේ හිතේ තියෙන විශ්වාසේ අනිත් අයට දැනෙයි.
කෙටියෙන් කියන්න. ඔයාගේ අදහස් කෙටි, සරල ඒවා වෙන තරමට අනිත් අයට ලැබෙන ප්‍රයෝජනත් වැඩියි. හුඟදෙනෙක්ට අදහස් දෙන්න අවස්ථාවත් ලැබෙයි.—හිතෝ. 10:19.
හොඳ පැති ගැන කියන්න. සභාවේ අයට උපදෙස් දෙන විදිහේ, එයාලව විවේචනය කරන විදිහේ අදහස් දෙන්න එපා.
රැස්වීමේදී අදහසක් දෙන්න ඔයාට අවස්ථාවක් ලැබුණේ නැතත් අනිත් අයව දිරිගන්වන්න ඔයාට පුළුවන්. ඒකට අනිත් අය දෙන අදහස්වලට හොඳට ඇහුම්කන් දීලා ඒ ගැන කියලා එයාලව අගය කරන්න.—හිතෝ. 10:21.