යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ඔයා සූදානම්ද?
ස්වාභාවික විපතක් ඇති වුණොත් ඒකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද? භූමිකම්පා, සුළිසුළං, ලැව්ගිනි, ගංවතුර, නායයෑම් වගේ දේවල් එකපාරටම ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් නිසා ලොකු විනාශයක් වෙන්නත් පුළුවන්. ත්‍රස්ත ප්‍රහාර, කෝලහල සහ වසංගත හිතන්නේ නැති වෙලාවක ඕනම පළාතක ඇති වෙන්න ඉඩ තියෙනවා. (දේශ 9:11) අපේ පළාතේ නම් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ කියලා හිතන එක සුදුසු නැහැ.
හදිසියේ ඇති වෙන විපතකට හොඳින් මුහුණ දෙන්න අපි හැමෝම සූදානමින් ඉන්න ඕනේ. (හිතෝ 22:3) යෙහෝවා දෙවියන්ගේ සංවිධානය හදිසි විපතක් ඇති වුණාම අපිට අවශ්‍ය උදව් ලබා දෙනවා තමයි. ඒත් විපතකට කලින්ම සූදානම් වෙන වගකීම අපි එක් එක් කෙනා සතුයි කියලා අපි මතක තියාගන්න ඕනේ.—ගලා 6:5.
‘ස්වාභාවික විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගෙන ඉන්න එක විපතකට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන්නේ කොහොමද?
පහත සඳහන් දේවල් වැදගත් වෙන්නේ ඇයි?
• විපතකට කලිනුත් අතරතුරත් පසුවත් වැඩිමහල්ලන් එක්ක හොඳ අදහස් හුවමාරුවක් පවත්වගැනීම.
• හදිසි අවස්ථාවකදී ඕන කරන දේවල් තියෙන බෑග් එකක් ලෑස්ති කිරීම.—g17.5 6
• ඇති වෙන්න පුළුවන් විපත් ගැනත් එහෙම වුණොත් කරන්න ඕන දේවල් ගැනත් කතා කරගැනීම.
විපතකදී අනිත් අයට උදව් කරන්න පුළුවන් ක්‍රම තුනක් මොනවාද?