ප්‍රශ්න පෙට්ටිය
◼ අවබෝධයෙන් වැඩ කරන වැඩිහිටියන් වෙන්න දරුවන්ට උදව් කරන්නේ කොහොමද?
දරුවන්ට ‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දෙන්නත් දෙවි සිතන ආකාරයට සිතන්න උගන්වන්නත්’ දෙමව්පියන් ලොකු වෙහෙසක් දරනවා. (එෆී. 6:4) උදාහරණයකට ඔවුන් දරුවන් එක්ක උදෙන්ම දිනපදය සාකච්ඡා කරනවා. පවුලේ නමස්කාරයේදිත් වෙන අවස්ථාවලදිත් පවුලේ අය එකතු වෙලා අපේ වීඩියෝ බලලා ඒ ගැන කතා කරනවා. ‘යොවුන් සිතේ ගැටලු’ යටතේ එන ලිපි සාකච්ඡා කරනවා. බයිබල් සිද්ධීන් රඟ දක්වනවා. සේවයේ යන්න කලින් පෙරහුරු කරනවා. මේ දේවල් ප්‍රයෝජනවත්. ඒත් දරුවන් “අවබෝධයෙන් ක්‍රියා කරන” අය වෙන්නේ ඔවුන්ට බයිබලයේ තියෙන ගැඹුරු කාරණා කියලා දුන්නොත් විතරයි.—හෙබ්‍රෙ. 6:1.
අපි බයිබල් ශිෂ්‍යයන් එක්ක මුලින්ම ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් පාඩම් කරන්නේ ඔවුන්ට බයිබලයේ මූලික ඉගැන්වීම් ගැන දැනුමක් ලබා දෙන්නයි. ඊළඟට ‘දෙවිගේ ප්‍රේමය’ පොතෙන් පාඩම් කරන්නේ එදිනෙදා ජීවිතයට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න විදිහ කියලා දෙන්නයි. මේ පොත් දෙකම සාකච්ඡා කරන එක යේසුස් තුළ “මුල් ඇද ශක්තිමත්ව පිහිටා සිටින්න” ශිෂ්‍යයන්ට උදව් වෙනවා. (කොලො. 2:6, 7) එහෙමනම් ඒ පොත් දෙක අපේ දරුවන් එක්කත් සාකච්ඡා කරන එක වැදගත් නැද්ද? ඒ අයත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන ඉගෙනගන්න ඕනේ. ඒ වගේම දේවරාජ්‍යය ගැනත් කෙනෙක් මැරුණාම වෙන දේ ගැනත් දෙවි දුෂ්ටකම්වලට ඉඩ ඇරලා තියෙන හේතුව ගැනත් දැනගන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ කියලා තේරුම්ගන්නත් යෙහෝවා දෙවි ගැන සත්‍යය උගන්වන්නේ සාක්ෂිකරුවන් විතරයි කියලා දරුවන් ඒත්තුගන්නත් ඕනේ. බයිබල් ප්‍රතිපත්ති තේරුම් අරගෙන “වටහාගැනීමේ හැකියාව” දියුණු කරගන්නේ කොහොමද කියලත් දරුවන් ඉගෙනගන්න අවශ්‍යයි. (හෙබ්‍රෙ. 5:14) එහෙම කරන්න උදව් කරද්දී දරුවගේ වයස වගේම අවබෝධ කරගන්න පුළුවන් ප්‍රමාණය ගැන දෙමව්පියන් හිතන්න ඕනේ. කොහොමවුණත් බයිබලයේ තියෙන ගැඹුරු කාරණා පුංචි වයසේ ඉඳන්ම ඉගෙනගන්න හුඟක් දරුවන්ට හැකියාව තියෙනවා.—ලූක් 2:42, 46, 47.
අපේ වෙබ් අඩවියේ (www.jw.org/si) ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත පදනම් කරගෙන අධ්‍යයනය සඳහා අමතර තොරතුරු ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ට උගන්වන්න දෙමව්පියන්ට ඒවා උපකාර වෙයි. බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න. ‘දෙවිගේ ප්‍රේමය’ පොත පදනම් කරගෙනත් අධ්‍යයනය සඳහා අමතර තොරතුරු ඇතුළත් කරනවා. වෙබ් අඩවියේ තියෙන ඒ තොරතුරු පවුලේ නමස්කාරයට ඇතුළත් කරනවද, දරුවෙක් එක්ක කරන පාඩමට ඇතුළත් කරනවද නැත්නම් පෞද්ගලික අධ්‍යයනය කරන්න දරුවන්ව පුහුණු කරද්දී පාවිච්චි කරනවද කියලා දෙමව්පියන්ට තීරණය කරන්න පුළුවන්.