2014 ජූනි 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 76 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 7වෙනි පරි. 1-6 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 38-40 (විනා. 10යි)
අංක 1: නික්මයාම 40:20-38 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අවංක පසුතැවිල්ලට සමාව දෙන දෙවි—w10 5/1 30 පි. (විනා. 5යි)
අංක 3: ‘දෙවිව අත් නොහරින කෙනෙකුව දෙවිත් අත් නොහරියි’—w10 6/1 26 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ජූනි මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කරන්න පුළුවන් විදිහ නිරූපණය කරන්න. ඊටපස්සේ ඒ යෝජනා දෙක මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න. සඟරාවල තියෙන තොරතුරුවලට හොඳින් හුරු වෙන්න කියලත් උද්යෝගයෙන් ඒවා බෙදන්න කියලත් උනන්දු කරමින් අවසන් කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට හැඳින්වීම හොඳින් සූදානම් කරගන්න” යන ලිපියේ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන කියන්නත් ආරාධනා කරන්න.
ගීතිකා අංක 44 සහ යාච්ඤාව