මැයි 26න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 120 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 6වෙනි පරි. 19-24 ඡේ. 104වෙනි පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 34-37 (විනා. 10යි)
අංක 1: නික්මයාම 34:1-16 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ‘ඔබේ රාජ්‍යය සදහටම පිහිටුවන්නෙමි’—w10 4/1 20 පි. (විනා. 5යි)
අංක 3: පණිවිඩයට හොඳින් සවන් දුන් රාහබ්—w09 8/1 24, 25 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු. සාකච්ඡාවක්. මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩම් පටන්ගැනීමෙන් ලබපු අද්දැකීම් ගැන කියන්න සබයට ආරාධනා කරන්න. 4වෙනි පිටුවේ ඇති අත්හදා බැලීමට යෝජනාව පාවිච්චි කරලා ජූනි මාසයේ පළවෙනි සතියේ බයිබල් පාඩමක් ආරම්භ කරන්න පුළුවන් විදිහ නිරූපණය කරන්න. සේවයේ හවුල් වෙන්න කියලා හැමෝටම දිරිගන්වන්න.
විනා. 10: පීඩාවලට මුහුණ දෙද්දී නිසි ආකල්පයක් පවත්වාගන්න. (1 පේතෘස් 4:13, 14) 2001 මැයි 1 ‘මුරටැඹ’ සඟරාවේ 15, 16 පිටුවල 8 හා 10-13 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත්ත දේ ගැන කියන්න සබයට ආරාධනා කරන්න.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් සබය සමඟ කරන සාකච්ඡාවක්. බයිබලයේ ගැඹුරු කාරණා දෙමව්පියන්ගෙන් ඉගෙනගැනීමෙන් ලබපු ප්‍රයෝජන ගැන කියන්න වැඩිහිටියන්ට ආරාධනා කරන්න.
ගීතිකා අංක 88 සහ යාච්ඤාව