ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/10 1 පි.
  • “භය නොවන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “භය නොවන්න”
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ‘දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බය පරදන ආදරය
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවියන් ඔයාව සවිමත් කරයි
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විශ්වාසයෙන් බය පරද්දන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2010 අපගේ රාජ්‍ය සේවාව
km 10/10 1 පි.

“භය නොවන්න”

1. යෙරෙමියා මෙන් අපත් මුහුණ දිය හැකි අභියෝග මොනවාද?

1 යෙහෝවා දෙවි යෙරෙමියාව අනාගතවක්තෘවරයෙක් ලෙස පත් කළ අවස්ථාවේදී ඔහුට හැඟුණේ ඒ සඳහා තමන් සුදුසු නැති බවයි. නමුත් “භය නොවන්න” කියමින් දෙවි ඔහුව එම කාර්යය සඳහා ශක්තිමත් කළා. (යෙරෙ. 1:6-10) අද දිනත් ලැජ්ජාව හෝ තමන් ගැන එතරම් විශ්වාසයක් නැතිකම නිසා දේවසේවයේ හවුල් වීමට සමහරුන් පසුබසිනවා. ජනයා කොහොම ප්‍රතිචාරය දක්වයිද ඔවුන් අපි ගැන මොනවා හිතයිද කියා නොදන්නා නිසාත් සමහරු සේවයේ හවුල් වෙන්න මැළිකමක් දක්වනවා. එවැනි තත්වයකින් ගොඩ එන්නේ කොහොමද? ඉන් ලැබෙන ආශීර්වාද මොනවාද?

2. දේවසේවයේදී ඇති වන බිය අඩු කරගැනීමට කල්තියා සූදානම් වීම උපකාරවත් වන්නේ කොහොමද?

2 කල්තියා සූදානම් වන්න. යමක් කිරීමේදී අපිට දැනෙන භය අඩු කරගැනීම සඳහා ඊට කල්තියා සූදානම් වීම උපකාරයක්. උදාහරණයකට, දේවසේවයේදී කෙනෙක් සංවාදයට බාධා කළොත් ඊට පිළිතුරු දෙන ආකාරය කලින්ම සූදානම් වෙන්න අපට හැකියි. (හිතෝ. 15:28) ඒ වගේම පාසැලේදී හෝ දේවසේවයේදී මතු විය හැකි අභියෝගවලට මුහුණ දෙන ආකාරය පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්‍රියේදී පෙරහුරු කළ හැකියි.—1 පේතෘ. 3:15.

3. බිය මඟහරවා ගැනීමට දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම උපකාරවත් වන්නේ කොහොමද?

3 දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. බිය මඟහරවා ගැනීමට හොඳ ක්‍රමයක් නම් යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමයි. අපට උපකාර කරන බවට ඔහු සහතික වී තිබෙනවා. (යෙසා. 41:10-13) යේසුස්ද පොරොන්දු වුණේ බලාපොරොත්තු නොවූ අවස්ථාවලට අප මුහුණ දෙන විට කදිම සාක්ෂියක් දැරීම සඳහා දෙවිගේ බලය මගින් අපට උපකාර කරන බවයි. (මාක් 13:11) ඒ නිසා නොකඩවා දෙවිගේ බලයේ උපකාර අයැදින්න.—ලූක් 11:13.

4. අභියෝග හමුවේ පවා විඳදරාගනිමින් දේවසේවයේ හවුල් වීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

4 ලැබෙන ආශීර්වාද. අප දැන්තියාම දේවසේවයේදී පැමිණෙන අභියෝග විඳදරාගන්නවා නම් ඉදිරියේදී පැමිණෙන විශාල අභියෝගවලට මුහුණ දීමට අප සූදානම්. ඒ සඳහා අපි දෙවිගේ බලයෙන් පූර්ණ මුල් සියවසේ සිටි අනුගාමිකයන් විදහාපෙන්වූ ධෛර්යය හා නිර්භීතකම වර්ධනය කරගනිමු. (ක්‍රියා 4:31) දෙවිගේ උපකාර ඇතුව අපට දැනෙන බියෙන් ගොඩ එන්න උත්සාහ කරද්දී දෙවිට අපව ගලවාගත හැකි බවට වූ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා. (යෙසා. 33:2) අප කරන්නේ අපගේ ස්වර්ගික පියාණන්ව සතුටු කරන දෙයක් බව දැන සිටීමෙන් අපේ ප්‍රීතිය හා තෘප්තියද වැඩි වෙයි. (1 පේතෘ. 4:13, 14) ඒ නිසා යෙහෝවා දෙවිගේ උපකාර අපට සැමවිටම ලැබෙන බව විශ්වාස කරමින් භය නොවී දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න