අගෝස්තු 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 9න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 21-22
අංක 1: 1 රාජාවලිය 22:1-12
අංක 2: දුෂ්ටකම, ලෝක ව්‍යාප්ත දුක් වේදනා: ලොව පුරා ඇති ගැටලුවලට විසඳුම මිනිසුන්ගෙන් නොවේ. (11ඈ බයිබල් විෂයන්)
අංක 3: එලියාගේ ආදර්ශයෙන් යාච්ඤාව ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? (යාකො. 5:18)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: පරිණාමය විද්‍යාවට එකඟද? වර්ෂ 2006 සැප්තැම්බර් පිබිදෙව්! 13-20 දක්වා පිටු මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්. පාසැලේදී හෝ වෙනත් අවස්ථාවලදී සාක්ෂි දැරීමට මෙය උපයෝගී කරගත් ආකාරය පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: ඔබේ ඉලක්ක මොනවාද? වර්ෂ 2007 මාර්තු රාජ්‍ය සේවාවේ 6වන පිටුවේ 6-10 දක්වා ඡේද මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්. පූර්ණකාලීන දේවසේවය සඳහා ඉලක්ක තබාගැනීමට දෙමාපියන් හෝ වෙනත් අය උනන්දු කළ ආකාරය ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: “දේවසේවකයන් සඳහා සැපයුමක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ඊළඟ චාරිකා එක්රැස්වීමේ දින දන්නවා නම් ඒ ගැන නිවේදනය කරන්න. මෑතකදී පැවැත්වූ එක්රැස්වීමකින් තමා ලද ප්‍රයෝජන ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.