අප කළ සේවය
මෙවර සිහි කිරීමට ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම සංඛ්‍යාව වන 12,880දෙනෙක් සහභාගි වුණා! ගිය වසරට වඩා 1,357දෙනෙක් වැඩියි. තව බොහෝදෙනෙක් දෙවි ගැන ඉගෙනගැනීමට පෙලඹෙයි කියා අප සිතනවා. ‘අස්වැන්නේ ස්වාමියා අස්වැන්න නෙළීමට තවත් වැඩකරුවන්ව’ එවමින් සිටීමත් සතුටට කරුණක්. පුරෝගාමීන්ගේ සංඛ්‍යාවත් දැන් ක්‍රමානුකූලව වැඩි වෙනවා. පෙබරවාරි මාසයේදී උපකාරික පුරෝගාමීන් 221ක්, ස්ථාවර පුරෝගාමීන් 307ක් හා විශේෂ පුරෝගාමීන් 133ක් සිටියා. එම මාසයේ පුරෝගාමීන්ගේ මුළු එකතුව 661යි. මෙම සේවයේ දිගටම නියැලෙන්න.