ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/07 1 පි.
  • “මම කැමති නැහැ”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මම කැමති නැහැ”
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ගෙවැසියා පවසන දේට අනුව කතා කරන්න
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • පූර්ණ-කාලීන සේවයේදී ප්‍රීතිය පවත්වාගන්න අයුරු
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගෙයින් ගෙට දේවසේවයේ අභියෝග ජය ගැනීම
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වචනය පිළිපැදීමෙන් සතුට ලබන්න
    2001 අපගේ රාජ්‍ය සේවාව
2007 අපගේ රාජ්‍ය සේවාව
km 1/07 1 පි.

“මම කැමති නැහැ”

1 අප දේශනා කරන සමහර ප්‍රදේශවල පොදු ප්‍රතිචාරය එයයි. එවැනි තත්වයන් හමුවේ පවා අධෛර්යය නොවී සිටින්න අපට පුළුවන් කොහොමද? එවැනි අය තුළ ශුභාරංචිය කෙරෙහි උනන්දුවක් ඇති කරන්නේ කොහොමද?

2 ප්‍රීතිය පවත්වා ගැනීම: මනුෂ්‍යයන් එවැනි ප්‍රතිචාර දක්වන්නේ ඇයි කියා අප මුලින්ම තේරුම් ගත යුතුයි. සමහරුන්ට උගන්වා තිබෙන්නේ මිනිසා පරිණාමයෙන් බිහි වූ බවයි. එමෙන්ම දෙවි කෙනෙක් නැහැ කියා විශ්වාස කරන අයද සිටිනවා. එවැනි පසුබිමක් ඇති අය බයිබලයේ තොරතුරුවල ඇති වටිනාකම නොදන්නවා වෙන්න පුළුවන්. තවත් සමහරුන් ආගම් තුළ දකින වැරදි නිසා කලකිරී සිටිනවා විය හැකියි. සමහරුන් උදාසීන ලෙස ප්‍රතිචාරය දක්වන්නේ ජීවිතයේ කිසිම බලාපොරොත්තුවක් ඔවුන්ට නැති නිසයි. (එෆී. 2:12) තම ජීවිතයේ එදිනෙදා කටයුතු ගැන වුවමනාවට වඩා කරදර වන නිසා සමහරුන් ශුභාරංචිය ගැන “කිසි තැකීමක් නොකර” සිටිනවා.—මතෙ. 24:37-39.

3 එවැනි ප්‍රතිචාර හමුවේ පවා අපගේ ප්‍රීතිය පවත්වාගන්න පුළුවන්. ඒ අපගේ සේවය තුළින් යෙහෝවා දෙවිව මහිමයට පත් වන බව මතක තබා ගැනීමෙනුයි. (1 පේතෘ 4:11) ශුභාරංචිය අගය නොකරන අයට පවා දේශනා කිරීමෙන් අපගේම ඇදහිල්ල තවත් ශක්තිමත් වෙනවා. අපගේ බල ප්‍රදේශයේ සිටින අය දෙස යෙහෝවා දෙවි බලන ආකාරයට බැලීමට වෑයම් කිරීම වැදගත්. නිනිවය නගරයේ සිටි “දකුණත සහ වමතේ වෙනස නොදන්නාවූ” මිනිසුන් ගැන යෙහෝවා දෙවිට අනුකම්පාවක් දැනුණා. (යෝනා 4:11) ඒ හා සමානව අපගේ බල ප්‍රදේශයේ සිටින ජනයාත් ශුභාරංචිය දැනගත යුතුයි! ඒ නිසා අපි ශුභාරංචිය දේශනා කිරීම නතර කරනවා වෙනුවට බයිබලයේ ඇති පණිවිඩය කෙරෙහි ඔවුන් තුළ උනන්දුවක් ඇති කිරීමට හැකි ක්‍රම සොයමු.

4 ඔවුන් උනන්දු වන දේ ගැන කතා කරන්න: ගේහිමියා උනන්දු වන විෂයක් ගැන සඳහන් කිරීමෙන් පසු ඒ සම්බන්ධව ඔහුගේ අදහස් විමසන්න. ඔහු පවසන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඉන්පසු බයිබලයේ ඊට සපයන පිළිතුර ඔහුට පෙන්වන්න. එක් සහෝදරයෙක් යම් විපතකට මුහුණ දුන් ප්‍රදේශයක දේශනා සේවයේ යද්දී සෑම නිවසකම සිටි අයට සිදු වී ඇති හානිය ගැන තම කනගාටුව පළ කළා. “ඒ එක් එක් අය ගැන මම පෞද්ගලිකව සැලකිල්ලක් පෙන්නුවා. ඊට පස්සේ හැමෝම වගේ මාත් එක්ක හොඳට කතා කරපු නිසා හුඟදෙනෙක් එක්ක සාකච්ඡා කරන්නත් පුළුවන් වුණා” කියා ඔහු පැවසුවා.

5 මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න සියල්ල දේවරාජ්‍යය මගින් විසඳයි. එමනිසා ගේහිමියා වැඩියෙන් උනන්දු වන්නේ කුමක් ගැනද කියා හඳුනාගන්න උත්සාහ කරන්න. සමහරවිට බයිබලයේ ඊට දී ඇති පිළිතුර දැනගැනීමට ඔහු සතුටු විය හැකියි. එසේ නැතිනම් ඒ ගැන “වෙන වෙලාවක” ඇසීමට ඔවුන් කැමති විය හැකියි.—ක්‍රියා 17:32.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න