සේවා රැස්වීම් වැඩසටහන
ජනවාරි 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 12
විනා. 10: සභා නිවේදන. රුධිරය එපා—වෛද්‍ය විද්‍යාව රුධිරය සම්බන්ධ අභියෝගයට මුහුණ දෙයි (ඉංග්‍රීසි භාෂාවෙන්) යන වීඩියෝ දර්ශනය නැරඹීමට සෑම කෙනෙකුවම දිරිගන්වන්න. එය ජනවාරි 22න් පටන්ගන්නා සතිය තුළ සේවා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත කොටස හා සම්බන්ධයි. එසේ නැතිනම් සේවා පත්‍රිකාවේ එම කොටස තුළ, දී ඇති යොමු සටහන් සහ වර්ෂ 2000 ඔක්තෝබර් 15 සහ 2004 ජූනි 15 යන මුරටැඹ කලාපවල පළ වූ පාඨකයන්ගෙන් ප්‍රශ්න යන ලිපිද කියවා බලන්න. 8වන පිටුවේ ඇති යෝජනා යොදාගෙන ජනවාරි 1 මුරටැඹ කලාපය සහ දෙසැම්බර් පිබිදෙව්! කලාපය ඔබේ බලප්‍රදේශයට ගැළපෙන ආකාරයකින් ඉදිරිපත් කළ හැක්කේ කෙසේද කියා නිරූපණය කරන්න. එහි එක් නිරූපණයකදී ගේහිමියා “මට වැඩ තියෙනවා” කියා සංවාදයට බාධා කරන විට සාකච්ඡාව දිගටම කරගෙන යා හැකි ආකාරය නිරූපණය කරන්න.—බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු යන පොතේ පිටු 11-12 බලන්න.
විනා. 15: දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම තුළින් ප්‍රයෝජන ගැනීම. වර්ෂ 2007 දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම යන පොත්පිංචය මත පදනම් කතාවක් සහ සාකච්ඡාවක්. සෑම දවසකටම නියමිත බයිබල් පදය කියවා එහි ඇති විස්තරය සලකා බැලීමට කෙටි වෙලාවක් වෙන් කරන්න. දිනපදය නොකඩවා සාකච්ඡා කරන එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කරන්න. ඔවුන් එය සැලැස්මකට අනුව කරන්නේ කෙසේද කියාත් ඉන් ප්‍රයෝජන ලබා ඇති ආකාරය ගැනත් අදහස් දැක්වීමට ආරාධනා කරන්න. පසුව 2007 වාර්ෂික පදයේ කෙටි හැඳින්වීමක් සමඟින් අවසන් කරන්න.
විනා. 20: රාජ්‍ය පණිවිඩය සෑම කෙනෙකුටම දන්වන්න. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම යන පොතේ 92 පිටුවේ උපමාතෘකාවේ සිට 102 පිටුවේ උපමාතෘකාව දක්වා තොරතුරු මත පදනම් කතාවක් සහ සබය සමඟ කරන සාකච්ඡාවක්. (අතිරේකය බලන්න.)
ගීතිකා අංක 165 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 93
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: ඔබට තිබෙන බාධාව කුමක්ද? 2002 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ පිටු 13-15 දක්වා ඇති තොරතුරු යොදාගෙන වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 20: “මම කැමති නැහැ.”a මෙහි හතරවන ඡේදය සාකච්ඡා කරන විට ඔබේ බලප්‍රදේශයේ සිටින මිනිසුන් මේ දිනවල වැඩි උනන්දුවක් දක්වන්නේ කුමන කාරණා ගැනද කියා සබයෙන් විමසන්න. ගේහිමියා “මම කැමති නැහැ” කියා සංවාදයට බාධා කරන විට ඥානවන්තව එය හසුරුවන ආකාරය පෙන්වන නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න.—බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු යන පොතේ 8-9 දක්වා පිටු බලන්න.
ගීතිකා අංක 135 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 224
විනා. 10: සභා නිවේදන. සභා ගිණුම් වාර්තාව කියවා ලැබුණු සම්මාදම් ගැන සඳහන් කරන්න. 8වන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන වෙනත් යෝජනා යොදාගෙන ජනවාරි 15 මුරටැඹ කලාපය සහ ජනවාරි පිබිදෙව්! කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. සඟරා මාර්ගයකදී නැවත බැලීමක් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 25: “උසස්ම ගුණයෙන් යුත් වෛද්‍ය ප්‍රතිකාර හඳුනාගනිමු.” වැඩිමහල්ලෙක් විසින් මෙහෙයවයි. සාකච්ඡාව ආරම්භයේදීම ලිපියේ සපයා ඇති ප්‍රශ්න යොදාගනිමින් රුධිරය එපා යන වීඩියෝ පටයේ ඇති තොරතුරු සබය සමඟ සාකච්ඡා කරන්න. එහි අවසාන ඡේදය කියවන්න. එමෙන්ම සඳහන් කර ඇති මුරටැඹ ලිපි නැවත හොඳින් අධ්‍යයනය කිරීමට සබය දිරිගන්වා කොටස අවසන් කරන්න.
ගීතිකා අංක 188 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 55
විනා. 10: සභා නිවේදන. ජනවාරි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තා ලබාදීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන පොත් පත් ගැන සඳහන් කරන්න. ඉන් එකක් ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 20: “ස්වාභාවික විපතකට මුහුණ දීමට ඔබ සූදානම්ද?”b මෙය වැඩිමහල්ලෙකු විසින් මෙහෙයවයි. 2005 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 3වන පිටුවේ සඳහන් තොරතුරුද ඇතුළත් කරන්න.
විනා. 15: නැවත එනවා කියා පොරොන්දු වුණොත් නොවරදවා යන්න. 1999 සැප්තැම්බර් 15 මුරටැඹ 11වන පිටුවේ සඳහන් තොරතුරු මත පදනම් කතාවක් සහ සබය සමඟ කරන සාකච්ඡාවක්. පොරොන්දු වූ ලෙසම නැවත ගොස් හමුවීම නිසා ලැබූ ප්‍රතිඵල ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 137 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 3
විනා. 10: සභා නිවේදන.
විනා. 15: මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්! කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සමහර යෞවනයන් තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියා හඳුන්වා දීමට අදිමදි කරන්නේ සම වයසේ යහළුවන් තමන්ව කොන් කරයි කියා සිතන නිසයි. කොහොමවුණත් එසේ හඳුන්වා දීමෙන් හුඟක් ප්‍රයෝජන තිබෙනවා. ගුරුවරුන් ඔබගේ විශ්වාසයන් දන්නවා නම් බොහෝ විට ඔවුන් ඒවාට ගෞරව කරයි. සදාචාර ප්‍රමිති අගය නොකරන යෞවනයන් නුසුදුසු දේවල්වල ඔබව හවුල් කරවා ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වන්න පුළුවන්. පාසැල් ක්‍රීඩා හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධව ඔබගේ ස්ථාවරය ඔවුන් තේරුම් ගනියි. එමෙන්ම ඔබ දේවසේවයේ යන විට හමුවන පන්තියේ මිතුරෙකුට සාක්ෂි දැරීමට හෝ පාසැලේදී සාක්ෂි දැරීමට ඔබට එතරම් චකිතයක් දැනෙන්නේ නැහැ. (gSN02 4/8 12 පි.) පාසැලේදී තමන්වම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් යයි හඳුන්වා දීමෙන් තමන් ලැබූ ප්‍රයෝජන ගැන අදහස් දැක්වීමට ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න. ඒ සඳහා එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කළ හැකියි.
විනා. 20: “දේවසේවයේදී සාර්ථක වීමට රහස ප්‍රේමයයි.”c 2003 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ 23වන පිටුවේ 16-17 ඡේදවල ඇති අදහස්ද ඇතුළත් කරන්න.
ගීතිකා අංක 83 සහ අවසාන යාච්ඤාව.
[Footnotes
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.