ඇයි ඔවුන් සමාව අයැදිමින් සිටින්නේ?
පල්ලි තම වැරදිවලට පසුතැවිලි වී තමන්ව වරදෙන් මුදවාගන්නවා යන අදහස අද ඊයේ ඇති වූවක් නෙවෙයි. ආගම පිළිබඳ ශබ්දකෝෂයක් වන රේලිජෝනි ඒ මිටි (ආගම් සහ මිථ්‍යාවන්) පවසන්නේ, මුල් සභාව අදහස් කළ අඛණ්ඩතාව මධ්‍යතන යුගවල සිටි ජනයාව වශී කළ අතර, බොහෝදෙනෙකුව ප්‍රතිසංස්කරණය සඳහා මඟ පෑදුවා කියායි.
වර්ෂ 1523දී, මාටින් ලූත’ රෝමයෙන් කැඩී යෑමෙන් පසු, VIවන ඒඩ්‍රියන් පාප් නියුරම්බ’ග්හි මන්ත්‍රණ සභාවට මෙම පණිවිඩය යැවීමෙන් බෙදීම සුව කිරීමට වෑයම් කළා: “වර්ෂ ගණනාවක් පුරා පිළිකුලට හේතු වන දේවල් පාප්ගේ පදවිය වටා එක්රොක් වූ බව අපි හොඳින්ම දනිමු . . . සමහරවිට මේ සියලුම නපුරු දේවල මූලාරම්භය විය හැකි රෝමයේ පාප්ගේ පාලනය යටතේ ඇති ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීමට මූලිකව අපි මුළු අවධානය යොදන්නෙමු.” කෙසේවෙතත්, මේ පිළිගැනීම, අසමඟිය සුව කිරීමටවත් පාප්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දූෂණයට එරෙහිව ජයගැනීමටවත් හැකි වී නැහැ.
ඉතා මෑතකදී, යුදෙව්වන්ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිහැඬියාව සභා විසින් විවේචනයට ලක් කර තිබෙනවා. යුද්ධයේ පැතිගැනීම සම්බන්ධයෙන් තම සාමාජිකයන්ව අධෛර්යය නොකිරීම ගැන පවා ඔවුන්ට දෝෂාරෝපණය කර තිබෙනවා. වර්ෂ 1941දී, IIවන ලෝක සංග්‍රාමය ඇවිළෙනවාත් සමඟම, ප්රිමෝ මාට්සෝලාරි නම් පූජකයෙක් මෙසේ ප්‍රශ්න කළා: “මතභේදයට අඩුවෙන් තුඩු දෙන මූලධර්ම සම්බන්ධයෙන්, වතිකානුව දැඩි ලෙස ක්‍රියා කරන්න පුරුදුව සිටි අතර, තවමත් එසේම කරන්නා සේ කතෝලික ඉගැන්වීම්වල බිඳවැටීම සම්බන්ධයෙන්ද එය දැඩි ලෙස ක්‍රියා නොකරන්නේ ඇයි?” මූලධර්ම භයානකකමින් අඩු වන්නේ කුමකට වඩාද? පූජකයා කතා කරමින් සිටින්නේ, එම කාලයේදී ශිෂ්ටාචාරය කැබලිවලට ඉරාදමමින් තිබූ දේශානුරාගය අවුස්සන ජාත්‍යාලය ගැනයි.
කෙසේවෙතත්, යථාර්ථය වන්නේ, ඉතා මෑතක් වන තුරු, ආගම් විසින් වරද පිළිගැනීම නීතියට වඩා විකල්පයව තිබීමයි. කතෝලික සභාව ‘පුනරුත්ථාපනය’ කළ යුතුයයි කියා සිටි සමහරෙකුට ප්‍රතිචාරය දක්වමින් XVIවන ග්‍රෙගරි පාප් වර්ෂ 1832දී මෙසේ කිව්වා: “සභාව පලුදු වීමට ඉඩ තිබෙනවා කියා සැලකිය හැකි නිසා යම් ‘යළි පිහිටුවීමක් සහ පුනරුත්ථාපනයක්’ යෝජනා කිරීම [සභාවේ] ආරක්ෂාව සහ වර්ධනයට නොගැළපෙන මෙන්ම හානිකර දෙයක් බව ප්‍රත්‍යක්ෂයි.” කොහෙත්ම නොසලකා හැරීමට නොහැකිව තිබෙන මේ පලුදු මොනවාද? ඒවා විස්තර කිරීමට විවිධ ව්‍යූහයන් ඈඳාගත්තා. උදාහරණයක් හැටියට, සමහර දේවධර්මාධරයන්, සභාව තවමත් පරිශුද්ධ සහ පව්කාර බව කියා සිටිනවා. සභාව ශුද්ධයයි එයම කියා සිටිනවා—මන්ද, එය දෙවි විසින් වරදින් ආරක්ෂා කර තිබෙනවා. එහෙත් එහි සාමාජිකයන් පව්කාරයි. මෙලෙස, පල්ලියේ නාමයෙන් දාමරික ක්‍රියා සිදු කළ විට, සභාව ඊට වගකිව යුතු නැහැ; නමුත් සභාවේ සාමාජිකයන් ඊට වගකිව යුතුයි. මෙය තර්කානුකූලද? මෙසේ ලියූ රෝමානු කතෝලික දේවධර්මාධර හාන්ස් ක්යුංට අනුව එය එසේ නෙවෙයි: “අසම්පූර්ණ සභා සාමාජිකයන්ගෙන් වෙන් වුණු සම්පූර්ණ සභාවක් තියෙන්න පුළුවන් කියන එක ඇත්තක් නෙවෙයි.” ඔහු මෙසේ පැහැදිලි කළා: “පව්වලින් තොර කිසිම සභාවක් නැහැ.”
ක්‍රිස්තියානි ලෝකයේ වත්පිළිවෙත් සහ සදාචාර ස්ථාවරත්වය
පල්ලි දැන් සමාව අයැද සිටින්න මඟ පෑදුවේ කිනම් සිදුවීම්ද කියා ඔබ සිතන්න ඉඩ තිබෙනවා. මුලින්ම, විවිධ නිකායන් අතර ඇති “අතීත බෙදීම්” සඳහා රෙපරමාදුවන් සහ ඕතඩොක්ස්වරුන් වගකීම භාරගත්තා. මෙය සිදු කළේ 1927දී, ස්විට්සර්ලන්තයේ ලෝසාන්හි පැවති “ඇදහිල්ල සහ විනය” නමැති ක්‍රිස්තියානි ලෝකයට අයත් සම්මේලනයේදීයි. කල්යත්ම, රෝමානු කතෝලික සභාවත් එයම අනුගමනය කළා. විශේෂයෙන්ම, IIවන වතිකානුවේa පටන්, පාප්වරුන් ඇතුළු උසස් පෙළේ නායක දේවගැතිවරුන් ක්‍රිස්තියානි ලෝකය තුළ සිදු වූ බෙදීම් ගැන වැඩි වැඩියෙන් නොකඩවාම සමාව අයැද තිබෙනවා. කිනම් අරමුණක් උදෙසාද? පෙනෙන විදිහට, ඔවුන්ට ක්‍රිස්තියානි ලෝකය තුළ තවදුරටත් එක්සත්කම අවශ්‍යව තිබෙනවා. දෙවන ජුවාම් පාවුලුගේ “ ‘මේය’ කුල්ප’ ව්‍යාපෘතියට උපායක් තිබෙනවා, ඒ ක්‍රිස්තියානි ලෝකයේ වත්පිළිවෙත්ය” කියා කතෝලික ඉතිහාසඥ නිකෝලිනෝ සාරාලෙ සඳහන් කරනවා.
කෙසේවෙතත්, ක්‍රිස්තියානි ලෝකයේ වත්පිළිවෙත්වලට වඩා යමක් ඊට ඇතුළත්. අදදින ක්‍රිස්තියානි ලෝකයේ ජන අප්‍රිය ඉතිහාසය ප්‍රසිද්ධ වී තිබෙනවා. “කතෝලික ආගමට මේ මහත් ඉතිහාසය නිකම්ම නොසලකා හරින්න බැහැ” කියා දේවධර්මාධර හාන්ස් උර්ස් ෆෝන් බාල්ටාසාර් පවසනවා. “පාප් අයිති සභාව විසින්ම කරල තියෙන දේවල් සහ කරන්න ඉඩහැරල තියෙන දේවල් මේ කාලයේදී, ස්ථිරවම අපිට අනුමත කරන්න බැහැ.” මේ නිසා, “සමාව අයැදින්න පුළුවන් . . . වන විදිහට, සභාවේ අඳුරුම පිටු පැහැදිලි කිරීමට” පාප් කොමිසමක් පත් කර තිබෙනවා. එසේනම්, ආත්ම-විවේචනයක යෙදීමට සභාවට ඇති කැමැත්තට තවත් හේතුවක් වන්නේ, එහි සදාචාර ස්ථාවරත්වය යළිත් ලබාගැනීමට ආශාවක් පෙන්වීමටයි.
සමානාකාරයෙන්, සමාව අයැදීම සඳහා සභාවේ ඉල්ලීම ගැන අදහස් දක්වද්දී, ඉතිහාසඥ ආල්බෙර්තෝ මෙලෝනි මෙසේ ලියනවා: “සමහර අවස්ථාවල සභාව ඉල්ලන්නේ, වගකීම පිළිබඳ චෝදනාවන්ගෙන් තාවකාලික සහනයක්; එයයි යථාර්ථය.” ඔව්, කතෝලික සභාව මහජනයාගේ ප්‍රසාදය දිනාගැනීමේ අටියෙන් අතීත පව්වල බරින් නිදහස් වීමට උත්සාහ කරන බවයි පෙනෙන්නේ. අවංකවම කියනවා නම්, දෙවි සමඟ සාමය ඇති කරගන්න හදනවාට වඩා ලෝකය සමඟ එසේ කරගැනීම ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වෙන බව පෙනෙනවා කියා කිව යුතුයි.
එවන් හැසිරීමක් ඉශ්රායෙල්හි මුල් රජ වූ සාවුල්ව අපගේ මතකයට ගෙනෙනවා. (1 සාමුවෙල් 15:1-12) ඔහු බරපතළ වරදක් කර, එය හෙළි වූ විට, ප්‍රථමයෙන් තමාව සාධාරණීකරණය කරගන්න උත්සාහ ගත්තා—ඔහුගේ වරද ගැන දෙවිගේ ඇදහිලිවන්ත ප්‍රොපේතවරයෙක් වන සාමුවෙල් ඉදිරියේ නිදහසට කරුණු කිව්වා. (1 සාමුවෙල් 15:13-21) අවසානයේදී, සාමුවෙල් ඉදිරියේ රජු මෙසේ පිළිගත්තා: “මම පව්කෙළෙමි. . . . [යෙහෝවාගේ] ආඥාව . . . කඩකෙළෙමි.” (1 සාමුවෙල් 15:24, 25) ඔව්, ඔහු ඔහුගේ වරද පිළිගත්තා. නමුත්, සාමුවෙල්ට කී ඔහුගේ ඊළඟ වචන, ඔහුගේ මනසේ ගැඹුරේ රැඳී තිබූ දේ හෙළි කළා: “මම පව්කෙළෙමි. එහෙත් දැනට මගේ සෙනගගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල්වරුන්ද ඉදිරියේදී මට ගෞරවය” දෙන්න. (1 සාමුවෙල් 15:30) පෙනෙන විදිහට ඔහු දෙවි සමඟ සමගි වෙනවාට වඩා ඉශ්රායෙල් සමඟ තිබෙන ස්ථාවරය ගැන සැලකිලිමත් වුණා. මෙය සාවුල්ට දෙවිගේ සමාව ලැබීමට හේතු වුණේ නැහැ. සභාවන් එවැනිම ආකල්පයක් විදහාපෑම, ඒවාට දෙවිගෙන් සමාව ලැබීමට හේතු වෙයි කියා ඔබ සිතනවාද?
සියලුදෙනාම එකඟ නොවේ
සභාව ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතුයි කියා සියලුදෙනාම එකඟ වන්නේ නැහැ. උදාහරණයක් හැටියට, වහල්භාවය සම්බන්ධයෙන් හෝ හස් සහ කැල්වින් වැනි පුනරුත්ථාපන “මිථ්‍යාදෘෂ්ටිකයන්” සඳහා ඔවුන්ගේ පාප් සමාව අයැද සිටිද්දී, රෝමානු කතෝලිකයන් ගණනාවකට අපහසුතාව දැනෙනවා. වතිකානු ආරංචි මාර්ගවලට අනුව, කතෝලික ධර්මයේ සහස්ර වර්ෂ ඉතිහාසය පිළිබඳ, “හෘදය සාක්ෂි විමසුමක්” කරමින් කාදිනල්වරුන්ට යැවූ ලියවිල්ල, 1994 ජූනි මාසයේදී පැවැත්වූ කාදිනල්වරුන්ගේ රැස්වීමේදී ඔවුන් විසින් විවේචනය කළා. කෙසේවෙතත්, තීරණය සාමාන්‍ය පත්‍රයක් ලෙස ඉදිරිපත් කරන්න පාප්ට ඕනෑ වූ අතර, ඉතාලි ජාතික ජාකෝමෝ බිෆි කාදිනල්වරයා උපදේශක සටහනක් යවමින් මෙසේ තරයේ පැවසුවා: “සභාවට පව් නැත.” කෙසේවෙතත්, ඔහු මෙසේ පිළිගන්නවා: “පසුගිය ශතවර්ෂවල සභාවේ වැරදි සඳහා සමාව අයැදීම . . . සභාව ගැන වඩා හොඳ හැඟීමක් දේවි.”
“පව්වලට පාපෝච්චාරණය කිරීම කතෝලික සභාවේ වැඩියෙන්ම මතභේදයට තුඩු දෙන විෂයන්ගෙන් එකක්” කියා වතිකානු ප්‍රකාශක ලුඊජි ආකාත්තොලි පවසනවා. “පාප් මිෂනාරිවරුන්ගේ වැරදි භාරගන්නා විට, අවංකව වැඩ කරන මිෂනාරිවරු ඊට අමනාප වෙනවා.” තවදුරටත්, රෝමානු කතෝලික පුවත්පත් කලාවේදියෙක් මෙසේ ලිව්වා: “සභාවේ ඉතිහාසය ගැන පාප්ට එතරම්ම භයක් තිබෙනවා නම්, තුන්වන සහස්ර වර්ෂයකට සැබෑ ලෙසම මඟ පෙන්වීම දීමට ‘මව සහ ගුරුවරිය’ වන ‘මානුෂික අයිතිවාසිකම්’ පිළිබඳ වීරවරියක් හැටියට එම සභාවම දැන් ඉදිරිපත් කරන්නේ කෙසේද කියා තේරුම්ගන්න අපහසුයි.”
වෙන ආකාරයක පෙලඹවීමකට වඩා වරද හසු වෙයි යන භයෙන් පසුතැවිලි වීමට එරෙහිව බයිබලය අනතුරු අඟවනවා. එවන් පසුතැවිලි වීමක් පසුතැවිලි වන තැනැත්තාව වෙනස් වීමකට මඟ පාදන්නේ වැඩි කාලයකට නෙවෙයි. (2 කොරින්ති 7:8-11 සසඳන්න.) දෙවිගේ ඇස් හමුයෙහි වටිනාකම ඇති පසුතැවිල්ල, “පසුතැවිල්ලට සුදුසු ඵල” සමඟ මුසුව තිබෙනවා—එනම්, අවංක පසුතැවිල්ලේ සාක්ෂි ඇතුව තිබෙනවා.—ලූක් 3:8.
පසුතැවිලි වන සහ පාපෝච්චාරණය කරන පුද්ගලයා වැරදි ක්‍රියා අතහැර, නවතා දැමිය යුතුයි කියා බයිබලය පවසනවා. (හිතෝපදේශ 28:13) මෙය සිදු වී තිබෙනවාද? රෝමානු කතෝලික සභාව සහ වෙනත් සභා වැරදිවලට පාපෝච්චාරණය කළාට පසු, මෑතකදී විශාල “ක්‍රිස්තියානි” ජනගහනයක් අයත් මධ්‍යම අප්‍රිකාවේ සහ නැඟෙනහිර යුරෝපයේ සිදු වූ ගැටුම්වලදී සිදු වුණේ කුමක්ද? සභාව සාමයේ බලවේගයක් ලෙස ක්‍රියා කළාද? ඔවුන්ගේ සභා සාමාජිකයන් සිදු කරන දාමරිකකම්වලට විරුද්ධව සියලුම සභා නායකයන් එක්සත්ව නැඟී සිටිනවාද? නැහැ. ඇයි, සමහර ආගමික දේවගැතියන් මිනිමැරුම්වලට පවා හවුල් වී තිබෙනවා!
දිව්‍ය විනිශ්චය
පාප්ගේ මේය’ කුල්ප ගැන කතා කරද්දී, බිෆි කාදිනල්වරයා උපහාසාත්මකව මෙසේ පැවසුවා: “අතීතයේදී කළ පව්වලට විශ්වනීය විනිශ්චයක් එන තුරු අපි සියලුදෙනාම බලාගෙන ඉන්න එක හොඳ නැද්ද?” සියලු මනුෂ්‍යවර්ගයාගේ විනිශ්චය ඉතා ආසන්නයි. ආගම්වල ඉතිහාසයේ අඳුරු පිටු ගැන යෙහෝවා දෙවි හොඳින් දන්නවා. ඉතා ඉක්මනින් වරදකරුවන්ගෙන් ඔහු ගණන් ගන්න යනවා. (එළිදරව් 18:4-8) මේ අතරවාරයේදී, ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි සමාව අයැදින ලේ වරදින්, මිනිමරු නොඉවසුම්ගතියෙන් සහ වෙනත් අපරාධවලින් දූෂිත නොවූ ආකාරයක නමස්කාරයක් සොයාගත හැකිද? ඔව්.
අප එය කරන්නේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස් සඳහන් කළ නීතිය අදාළ කිරීමෙන්: “ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය.” සමහර ආගම් අමතක කරන්න කැමති ඉතිහාස වාර්තාව යේසුස් පැවසූ “බොරු අනාගතවක්තෘවරුන්” පමණක් නොව, නමුත් “හොඳ ඵල” නිපදවන අයව හඳුනාගන්නත් අපට උපකාර කරනවා. (මතෙව් 7:15-20) මොවුන් කව්ද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබටම එය සොයාගන්න අප ඔබට ආරාධනා කරනවා. ලෝකයේ තත්වයක් ආරක්ෂා කරන්න සොයමින් සිටිනවාට වඩා අදදින දෙවිගේ වචනය අනුගමනය කරන්න ඇත්තෙන්ම උත්සාහ කරන්නේ කව්ද කියා බලන්න.—ක්‍රියා 17:11.
[පාදසටහන]
a වර්ෂ 1962-65 දක්වා සැසිවාර හතරකින් රෝමයේදී පැවැත්වූ ක්‍රිස්තියානි ලෝකයට අයත් 21වන මන්ත්‍රණ සභාව.
[5වන පිටුවේ පින්තූරය]
පල්ලි මෙවන් අතිශයින් දුෂ්ට ක්‍රියා සඳහා සමාව අයැදිමින් සිටිනවා
[හිමිකම් විස්තර]
The Complete Encyclopedia of Illustration/J. G. Heck