ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 3/1 7 පි.
  • ඔවුන් එහෙම කරන්නේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔවුන් එහෙම කරන්නේ ඇයි?
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අපේ සහෝදරත්වය සැබෑවක් බව තහවුරු කරන සමුළු
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිස්ත්‍රික් සමුළු හැමෝටම හොඳ සාක්ෂියක්
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවිගේ සෙනඟට ප්‍රීතිමත් අවස්ථාවක් වන සමුළු
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිස්ත්‍රික් සමුළුව නමස්කාරය සඳහා ප්‍රීතිමත් අවස්ථාවක්
    2010 අපගේ රාජ්‍ය සේවාව
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 3/1 7 පි.

ඔවුන් එහෙම කරන්නේ ඇයි?

සෑම අවුරුද්දකම ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් දහස්ගණනින් සමුළුවලට එක්රැස් වෙනවා. ඒවායේදී, ඔවුන් ආශ්‍රය භුක්ති විඳින අතර, බයිබල් උපදෙස් අඩංගු විශිෂ්ට වැඩසටහනකට ඇහුම්කන් දෙනවා. සමහරුන් මෙවැනි සමුළුවලට සහභාගි වීමට මහත් වෑයමක් දරනවා. උදාහරණයක් හැටියට පසුගිය අවුරුද්දේ මලාවිහි, ඔවුන්ගේ වයස අවුරුදු හැටගණන්වල මැද භාගයේ සිටින යුවළක්, තම පුතාත්, ඔහුගේ බිරිඳත්, බබාත් සමඟ සමුළුවට සහභාගි වීමට කිලෝමීටර් 80ක් බයිසිකලය පැදගෙන ආවා. ඔවුන්ගේ ගමෙන් උදේ හයට පිටත් වූ ඔවුන්, සමුළු භූමියට ඉන් පැය 15කට පසුව පැමිණියා.

මොසැම්බික්හි, සමුළුවකට සහභාගි වීමට කණ්ඩායමක් දින තුනක් පුරා බයිසිකලයෙන් ගමන් කළා. එක් රාත්‍රියක ඔවුන් එළිමහනේ කඳවුරු ගසාගෙන ඉද්දී, සිංහයන් ගොරවන හඬ ළඟපාතින් ඇසුණා. උන් සිටින දිශාවට ඔවුන් ගිනිපෙනෙලි වීසි කළත්, එළි වන තුරුම සිංහයන් ඒ අවටම රැඳී සිටියා. එම සමුළුවටම සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටි වෙනත් සාක්ෂිකාරයෙකුට, පාරේදී සිංහයෙකුව මූණට-මූණලා හමු වුණා. සිංහයා එතැනින් යන තුරු ඔහු නොසෙල්වී නිශ්චලව සිටගෙන සිටියා. මෙම සාක්ෂිකරුවන්, තමන්ව “සිංහයාගේ කටින් මුදනු” ලැබූ ආකාරය ගැන සමුළුවේදී උද්‍යෝගයෙන් පැවසුවා.—2 තිමෝති 4:17.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් සමුළුවලට හෝ නමස්කාරය සඳහා සතිපතා සභා රැස්වීම්වලට සහභාගි වීමට පවා මහත් වෑයමක් දරනවා. ඒ ඇයි? එකට එක්රැස්වීම එතරම්ම වැදගත් ඇයි කියා තේරුම්ගන්න ඊළඟ ලිපි ඔබට උපකාර කරන්න යනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න