ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
එලියා සැබෑ දෙවිව උසස් කරයි
ඉශ්‍රායෙල්හි වඩාත්ම ඕනෑ කළාවූ මිනිසා ඔහුයි. රජට හසු වුණා නම්, නිසැකවම ඔහුව මරණයට පත් කරනවා. කවුද මේ ලුහුබැඳි මිනිසා? යෙහෝවාගේ ප්‍රොපේතවරයා වූ එලියා.
ආහබ් සහ ඔහුගේ මිථ්‍යාදෘෂ්ටික බිරිඳ වන යෙසෙබෙල්, බාල් වන්දනාව ඉශ්‍රායෙල්හි වැජඹෙන්න සලස්වා තිබුණා. ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා දේශය පිටට නියඟයක් ගෙනැවිත් තිබූ අතර, මේ වන විට එය සිව්වන වසරට පැමිණ තිබුණා. කෝපාවිෂ්ට වූ යෙසෙබෙල් යෙහෝවාගේ ප්‍රොපේතවරුන්ව මරණයට පත් කිරීමට කටයුතු කළත්, ආහබ්ට විශේෂයෙන්ම එලියාව ඕනෑ කළා. වසර තුනකට කලින් ආහබ්ට මෙසේ කිව්වේ එලියායි: “මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේය.” (1 රාජාවලිය 17:1) ප්‍රතිඵලය වූ නියඟය මේ දක්වාම පැවතුණා.
මෙම භයානක තත්වයේදී, යෙහෝවා විසින් එලියාට මෙසේ කිව්වා: ‘ඔබ ගොස් ආහබ් ඉදිරියේ පෙනී සිටින්න, මම භූමිය පිටට වැස්ස එවන්නෙමි.’ මහත් පෞද්ගලික අවදානමක් පවතිද්දී, එලියා යෙහෝවාගේ අණට කීකරු වුණා.—1 රාජාවලිය 18:1, 2.
විරුද්ධවාදීන් දෙදෙනෙක් මුණගැසේ
“ඉශ්‍රායෙල් කලඹන තැනැත්තා ඔබද?” එලියා දුටු සැණින් ආහබ් ඇසුවා. “මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය යෙහෝවාගේ ආඥා අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් ඔබ ඉශ්‍රායෙල් කැලඹුවේය” කියා එලියා නිර්භීතව පිළිතුරු දුන්නා. ඉන්පසු ‘බාල්ගේ ප්‍රොපේතවරුන් හාරසියපනසද අෂේරිය ප්‍රොපේතවරුන් හාරසියදෙනාද’ ඇතුළුව සියලුම ඉශ්‍රායෙල්වරුන් කර්මෙල් කන්දට රැස්විය යුතුයි කියා එලියා අණ කළා. ඉන්පසු එලියා සෙනඟ අමතා මෙසේ ඇසුවා: “ඔබ කොපමණ කල් මත දෙකක් අතරේ පනිමින් සිටින්න යනවාද?a යෙහෝවා සැබෑ දෙවි නම්, ඔහු අනුව යන්න; නමුත් බාල් දෙවි නම් ඔහු අනුව යන්න.”—1 රාජාවලිය 18:17-21, NW.
සෙනඟ නිහඬවයි සිටියේ. සමහරවිට යෙහෝවාට තනි භක්තිය දෙන්න අසමත් වීම ගැන ඔවුන්ගේ වරදසහගත බව ඔවුන්ට තේරුණා වෙන්න ඇති. (නික්මයාම 20:4, 5) එසේත් නැත්නම්, යෙහෝවා සහ බාල් අතර ඔවුන්ගේ පක්ෂපාතකම බෙදීමෙහි කිසි පාපයක් නොදැකීමට තරම් ඔවුන්ගේ හෘදය සාක්ෂි දැඩි වී තිබුණා වෙන්න ඇති. ඒ කෙසේවෙතත්, ගොන් නාම්බන් දෙදෙනෙකුව සපයන ලෙස එලියා සෙනඟට උපදෙස් දුන්නා—එකෙක් බාල් ප්‍රොපේතවරුන්ටත් අනිකා ඔහුටත්. ගොනුන් දෙදෙනාවම පූජාවට සූදානම් කළත්, ගින්දර පත්තු කරන්න බැහැ. එලියා මෙසේ කිව්වා: “ඔබ ඔබේ දෙවිගේ නාමය කියා යාච්ඤා කළ යුතුයි, මමත් යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තර දෙන සැබෑ දෙවිම සැබෑ දෙවි වන්නේය.”—1 රාජාවලිය 18:23, 24, NW.
යෙහෝවාව උසස් කරනු ලබයි
බාල් ප්‍රොපේතවරුන් “ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට [පනිමින්, NW] ඇවිද්දෝය.” මුළු උදේ වරුවෙම ඔවුන් මෙසේ කියමින් කෑගැසුවා: “අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනව.” නමුත් බාල් උත්තර දුන්නේ නැහැ. (1 රාජාවලිය 18:26) එවිට එලියා ඔවුන්ට මෙසේ කවටකම් කරන්න පටන්ගත්තා: “හයියෙන් මොරගසන්න; මක්නිසාද ඔහු දෙවිකෙනෙක!” (1 රාජාවලිය 18:27) බාල් ප්‍රොපේතවරුන් පිහි සහ හෙල්ලවලින් තමන්ව කපාගන්න පවා පටන්ගත්තා—එය ඔවුන්ගේ දෙවිවරුන්ගේ අනුකම්පාව පුබුදුවන්න මිථ්‍යාදෘෂ්ටිකයන් විසින් බොහෝවිට යොදාගත් චාරිත්‍රයක්.b—1 රාජාවලිය 18:28.
දැන් දහවල ගෙවීගොස් ඇති අතර, බාල් නමස්කාරකයන් දිගටම “ප්‍රොපේතවරුන් මෙන් හැසිරෙමින්,” [NW] සිටියා—මෙම පද සම්බන්ධයේදී මේ වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රකාශ වන්නේ, උන්මාද ආකාරයකට සහ ආත්ම-දමනයෙන් තොරව ක්‍රියා කිරීමේ අදහසක්. සවස් වරුවේදී, එලියා සියලුම ජනයාට මෙසේ කිව්වා: “මා ළඟට එන්න.” එලියා යෙහෝවාගේ පූජාසනය යළි ගොඩනඟද්දී, ඒ වටා අගලක් කපද්දී, ගොන් නාම්බාව කැබලි කරද්දී සහ යාගය සඳහා ඒවා දර සමඟ පූජාසනය මත තබද්දී, සියලුදෙනාම ඉතා ඕනෑකමින් බලා සිටියා. ඊට පසුව, ගොන් නාම්බා, පූජාසනය සහ දර, වතුරෙන් හොඳටම තෙමූ අතර, අගල වතුරෙන් (මධ්‍යධරණී මුහුදෙන් ලබාගත් වතුර බවට කිසිම සැකයක් නැහැ) පිරී ගියා. ඉන්පසු, එලියා යෙහෝවාට මෙසේ යාච්ඤා කළා: ‘ඔබ ඉශ්‍රායෙල්හි දෙවි බවද, මා ඔබගේ සේවකයා බවද, මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්න ලැබේවා. යෙහෝවා, මට උත්තර දෙන්න, යෙහෝවා වූ ඔබ සැබෑ දෙවි බවත් මේ සෙනඟගේ හෘද නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දෙන්න.’—1 රාජාවලිය 18:29-37.
එකපාරටම, අහසෙන් ගිනි බැස, “පූජාවත් දරත් ගලුත් ධුලිත් දවා අගළේ වතුරත් වියළවා” දැමුවා. බලා සිටි ජනයා ක්ෂණිකව මුණින්තලා වැටී, මෙසේ කිව්වා: ‘යෙහෝවා සැබෑ දෙවිය! යෙහෝවා සැබෑ දෙවිය!’ එලියාගේ අණ පිට, බාල් ප්‍රොපේතවරුන්ව අල්ලා, කීෂොන් ගං නිම්නය වෙත ගෙන ගොස්, එහිදී ඔවුන්ව මරා දැමුවා.—1 රාජාවලිය 18:38-40.
අප සඳහා පාඩමක්
එලියා පෙන්නුම් කළේ අධිමානුෂික වැනි වූ නිර්භීතකමක්. එහෙත්, බයිබල් ලේඛක යාකොබ් අපට සහතික කරන්නේ, “එලියා අප සමාන ගති ඇති මනුෂ්‍යයෙක්” කියායි. (යාකොබ් 5:17) ඔහු භය සහ කනස්සලු තත්වයන්ගෙන් නිදහස්ව සිටියේ නැහැ. උදාහරණයක් හැටියට, බාල් ප්‍රොපේතවරුන් අහිමි වීමේ පාඩුව නිසා පළිගන්න බවට යෙසෙබෙල් පසුව තර්ජනය කරද්දී, එලියා පලාගොස් යාච්ඤාවෙන් යෙහෝවාට මෙසේ මොරගැසුවා: “ඉතින් ඇති! දැන්, අහෝ යෙහෝවා, මාගේ ප්‍රාණය ගන්න.”—1 රාජාවලිය 19:4, NW.
මරණය මාර්ගයෙන් එලියාගේ ප්‍රාණය යෙහෝවා ගත්තේ නැහැ. ඒ වෙනුවට, ඔහු දයාන්විත ලෙස උපකාරය සැපයුවා. (1 රාජාවලිය 19:5-8) අදදින දෙවිගේ සේවකයන් විරුද්ධවාදිකම් නිසා තදබල කනස්සලුභාවයට මුහුණ දෙද්දී, යෙහෝවා ඔවුන්ටත් ඒ දේම කරන්න යන බවට නිසැක වෙන්න ඔවුන්ට පුළුවන්. සැබවින්ම ඔවුන් යෙහෝවාගේ උපකාරය පතා යාච්ඤා කරනවා නම්, ඔවුන්ව “හැම අතින්ම තෙරපනු” ලැබුවත්, “සෙලවෙන්න බැරි තරමට තද කරනු” නොලබන පිණිස, “සාමාන්‍යය ඉක්මවූ බලය” ඔවුන්ට සපයන්න ඔහුට පුළුවන්. මෙසේ, එලියා මෙන් විඳදරාගන්න ඔවුන්ට උපකාර ලැබෙන්න යනවා.—2 කොරින්ති 4:7, 8, NW.
[පාදසටහන්වල]
a බාල් නමස්කාරකයන්ගේ සම්ප්‍රදායික නැටුම, එලියා මින් අඟවන්න ඉඩ තිබෙනවා විය හැකියි කියා සමහර විශාරදයන් යෝජනා කරයි. “පනිමින්” යන වචනයේ එම භාවිතයම, බාල් ප්‍රොපේතවරුන්ගේ නැටුම විස්තර කිරීම සඳහා 1 රාජාවලිය 18:26හි [NW] යොදා තිබෙන බව සොයාගත හැකියි.
b තම ශරීරය කපාගැනීම මිනිස් පූජා පිළිබඳ චාරිත්‍රයට සම්බන්ධ බව සමහරුන් යෝජනා කරයි. ශරීරයට හිංසා පීඩා කරගැනීම හෝ ලේ වැගිරවීම යන මෙම ක්‍රියාවන් දෙකම දෙවිකෙනෙකුගේ ප්‍රසාදය ලබන්න පුළුවන් බව ඇඟවූවා.