“සියලු ජාතීන්ගේ ජනයා ගෝලයන් කරන්න”
“ඒ නිසා ඔබ ගොස්, සියලු ජාතීන්ගේ ජනයා ගෝලයන් කරන්න, පියාගෙත් පුත්රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන්ව බව්තීස්ම කරන්න.” නව ලෝක පරිවර්තනය (ඉංග්රීසියෙන්), මතෙව් 28:19හි ඇති යේසුස්ගේ ආඥාවට යොමු දක්වා ඇත්තේ එලෙසයි. කෙසේවෙතත්, මෙම යොමු දැක්වීම විවේචනයට ලක් කරනු ලැබ තිබෙනවා. එක් ආගමික පත්රිකාවක් මෙසේ කියා සිටිනවා: “ග්රීක් පාඨය ඉඩ දෙන එකම පරිවර්තනය වන්නේ: ‘සියලු ජාතීන් ගෝලයන් කරන්න!’ යන්නයි.” මෙය සැබෑවක්ද?
බොහෝ බයිබල් අනුවාදයන්හි, “සියලු ජාතීන් ගෝලයන් කරන්න” යන යොමු දැක්වීම දක්නට ඇති අතර, එය ග්රීක් භාෂාවේ පදගතාර්ථ පරිවර්තනයක්. එසේ නම්, ‘සියලු ජාතීන්ගේ ජනයා ගෝලයන් කරන්න, බව්තීස්ම කරන්න’ කියා කියවද්දී, ඒ සඳහා ඇති පදනම කුමක්ද? අවට පාඨ සම්බන්ධයයි. “බව්තීස්ම කරන්න” යන කියමන පැහැදිලිවම යොමු දක්වන්නේ, පුද්ගලයන්ට මිසක ජාතීන්ට නොවෙයි. ජර්මානු විශාරද හාන්ස් බෲන්ස් මෙසේ සඳහන් කරනවා: “ ‘ඔවුන්ව’ යන [වචනය] යොමු දක්වන්නේ ජාතීන්ට නොව, (ග්රීක් භාෂාව මේ සඳහා පැහැදිලි වෙනසක් ඇති කරනවා) නමුත් ජාතීන්ට අයත් ජනයාටයි.”
තවදුරටත්, යේසුස්ගේ ආඥාව ක්රියාත්මක කළ ආකාරයත් සලකා බැලිය යුතුයි. සුළු ආසියාවේ නුවරක් වන දර්බයෙහි පාවුල් සහ බාර්ණබස්ගේ දේවසේවය සම්බන්ධයෙන් අපට කියවීමට තිබෙන්නේ මෙසේයි: “ඔව්හු ඒ නුවර ශුභාරංචිය දේශනාකොට, [සෑහෙනදෙනෙක්, NW] ගෝලයන් කර, ලුස්ත්රාවටද, ඉකෝනියටද අන්තියෝකියටද හැරී [ගියෝය].” (ක්රියා 14:21) පාවුල් සහ බාර්ණබස් ගෝලයන් කළේ, දර්බයේ නුවර නොව, නමුත් දර්බයේ සිටි ජනයාගෙන් සමහරෙකුවයි.
ඒ හා සමානව, අන්තිම කාලය සම්බන්ධයෙන් එළිදරව් පොතේ පුරෝකථනය කළේ, “සියලු ජාතීන්, ගෝත්රයන්, සෙනඟ සහ භාෂාවන් අතුරින් . . . මහත් සමූහයක්” දෙවිට සේවය කරනවා කියා මිස, සියලු ජාතීන් එසේ කරනවා කියා නොවෙයි. (එළිදරව් 7:9, NW) මේ අනුව, ‘දේවානුභාවය ලත් මුළු ලියවිල්ලේ’ විශ්වාසකටයුතු පරිවර්තනයක් හැටියට නව ලෝක පරිවර්තනය දෝෂ රහිතව නැඟී සිටිනවා.—2 තිමෝති 3:16.