අභියෝගාත්මක පිළිතුරක්
බ්‍රිතාන්‍යයෙහි රෝමානු කතෝලික පුවත්පතක් වන, කැතලික් හෙරල්ඩ්, වේල්ස්හි පාඨකයෙකුගෙන් ලැබුණු පහත සඳහන් ලිපිය මෑතකදී ප්‍රකාශයට පත් කළා: “එක් රාත්‍රියක යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් මගේ ගෙදරට ආවා. ඔවුන් උපුටාගනිමින් සිටි අලුත් ගිවිසුමේ විශ්වාස කටයුතුභාවය සහතික කරන්නේ, කතෝලික සභාව බව කියන්න මට පුළුවන් වුණා. මගේ පුදුමයට හේතු වෙමින් ඔවුන්ගෙන් කෙනෙක් ඊට එකඟ වුණා. ඔහු මෙහෙම කිව්වා: ‘ඔව්, ඔයගොල්ලො ඒක සහතික කරනවා, ඒත් ඔයගොල්ලා ඒක අනුගමනය කරන්නේ නෑ. යේසුස් කිව්වේ, “මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්න” කියලයි; ඒ වුණාට ඔයගොල්ලො එකිනෙකාව මරාගන්නවා. අන්තිමට සිදු වුණු යුද්ධයේදී, කතෝලිකයන් කතෝලිකයන්ව මැරුවා, ඒත් කිසිම යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් [සෙසු] සාක්ෂිකාරයෙක්ව මැරුවේ නැහැ.’ එකඟ වෙනවා ඇරෙන්න මම වෙන මොනවා කරන්නද? අපි අපි අතරේ නියම එකමුතුකම නැති කොට, අපේ ‘වෙනත් සහෝදරයන්’ එක්ක එකමුතුකමින් සිටීම සඳහා අපි යාච්ඤා කරන්නේ කොහොමද? ඔක්කොටම කලින් අපි මේ නින්දිත හැසිරීම හරිගස්සාගත යුතුයි නේද?”—යොහන් 15:12.
මෙම 20වන සියවසේ ලෝක යුද්ධ දෙකම ක්‍රිස්තියානි ලෝකයෙන් ආරම්භ වූ අතර, ජීවිත මිලියන 50 සිට 60 දක්වා ප්‍රමාණයක් බිලිගෙන තිබෙනවා. කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම යුද්ධවල කිසිම පංගුකාරකමක් දැරුවේවත්, වර්තමානයේ සිදු වෙමින් පවතින කිසිම ගැටුමකට ඔවුන් සම්බන්ධ වන්නේවත් නැති බව විශ්වාසදායක ලෙස පවසන්න පුළුවන්. මෙසේ වීමට පුළුවන් කොහොමද? ඒ ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන පහකට වැඩි ගණනක් සතු ක්‍රිස්තියානි ප්‍රේමයේ සහ එකමුතුකමේ ප්‍රබල බැම්ම නිසයි; ඒ ගැන තව තවත් සොයාබැලීම ඔබේ ප්‍රයෝජනය සඳහායි.—යෙසායා 2:4 සසඳන්න.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. National Archives photo