පාඨකයන්ගෙන් ප්‍රශ්න
කිං ජේම්ස් වර්ෂන් බයිබල් පරිවර්තනයේ, 1 පේතෘස් 2:9හි ආලේප ලත් ක්‍රිස්තියානීන්ව “තෝරාගත් පරම්පරාවක්” ලෙස හඳුන්වා තිබේ. මතෙව් 24:34හි වාර්තා කර තිබෙන, යේසුස්වහන්සේ යොදා තිබෙන “පරම්පරාව” පිළිබඳ අප දරන දෘෂ්ටිය කෙරෙහි මෙය බලපෑමක් ඇති කළ යුතුද?
ඇතැම් පරිවර්තනවල “පරම්පරාව” යන වදන මෙම ඡේද දෙකෙහිම දක්නට තිබේ. කිං ජේම්ස් වර්ෂන් බයිබල් පරිවර්තනයට අනුව ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය: “නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ මවිතා ලෝකයට නුඹලා කැඳවූ තැනැන්වහන්සේගේ උත්කෘෂ්ටතාව දක්වන පිණිස නුඹලා තෝරාගත් පරම්පරාවක්ද රාජකීය පූජක සමූහයක්ද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය.” තවද යේසුස්වහන්සේ මෙසේ පුරෝකථනය කළසේක: “සැබවක් නුඹලාට කියමි, මේ සියල්ල සිදුවනතෙක් මේ පරම්පරාව පහවනොයන්නේය.”—1 පේතෘස් 2:9; මතෙව් 24:34.
මීට පෙර ඡේදයේ ප්‍රේරිත පේතෘස් ජීʹනොස් නම් ග්‍රීක් වදන යෙදූ අතර, යේසුස්වහන්සේගේ ප්‍රකාශය සඳහන් පාඨයේ, ජෙ·නෙ·ආʹ යන වදන අපට දකින්ට තිබේ. මෙම ග්‍රීක් වදන් දෙකම එක සමාන ලෙස පෙනෙන්ට තිබෙන අතර, ඒවා පොදු මූලයකට සම්බන්ධ වී තිබුණත්, ඒවා එකිනෙකට වෙනස් වදන් වන අතර, ඒවාට වෙනස් අර්ථයන්ද තිබේ. නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්—විත් රෙෆරන්සස් යන බයිබල් පරිවර්තනයේ, 1 පේතෘස් 2:9හි පාද සටහනක මෙසේ සඳහන් වෙයි: “ ‘වංශය.’ ග්‍රීක්, ජීʹනොස්; ජෙ·නෙ·ආʹ ට වඩා වෙනස්ය, මතෙ. 24:34හි පරිදි ‘පරම්පරාව’ ය.” මීට අනුරූප පාද සටහනක් මතෙව් 24:34 සඳහා සොයාගැනීමට තිබේ.
මෙම පාද සටහන් පෙන්නුම් කරන පරිදි, ජීʹනොස් නම් වදන, උචිත ලෙස සිංහල පරිවර්තනවල පොදුවේ දක්නට තිබෙන ආකාරයට, “වංශය” නම් සිංහල වදනින් පරිවර්තන කර තිබේ. පේතෘස්, 1 පේතෘස් 2:9හි යෙසායා 61:6හි සඳහන් අනාවැකිය, ස්වර්ගීය බලාපොරොත්තුවක් ඇති ආලේප ලත් ක්‍රිස්තියානීන්ට අදාළ කළේය. මොවුන් බොහෝ ජාතීන්ගෙන් සහ ගෝත්‍රවලින් ගනු ලබන අතර, ඔවුන් ආත්මික ඉශ්‍රායෙල් ජාතියේ කොටස් වන බැවින්, ඔවුන්ගේ ස්වාභාවික පසුතලයන් සලකනු ලබන්නේ නැත. (රෝම 10:12; ගලාති 3:28, 29; 6:16; එළිදරව් 5:9, 10) ඔවුන් ආත්මික අර්ථයෙන් විශිෂ්ට කණ්ඩායමක් වන බව පේතෘස් හඳුන්වා දුන්නේය—එනම්, “තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද” ලෙසය.
එහෙත් මතෙව් 24:34හි යේසුස්වහන්සේගේ වදන්වල ග්‍රීක් පාඨයේ, ජෙ·නෙ·ආʹ යන වදන අපට සොයාගැනීමට තිබේ. යේසුස්වහන්සේ යම් නිශ්චිත කාලපරිච්ඡේදයක ජීවත්ව සිටියාවූ ජනකායකට මිස, කිසිම මනුෂ්‍ය “වංශයකට” යොමු දක්වමින් නොසිටිය බව පුළුල් ලෙස පිළිගනු ලබන දෙයකි.
වසර සියයකට පමණ පෙර, වොච් ටවර් සමිතියේ පළමු සභාපති චාල්ස් ටී. රසල්, මෙය මෙසේ ලිවීමෙන් පැහැදිලි කළේය: “ ‘පරම්පරාව’ සහ ‘වංශය’ යන මෙම වදන්, පොදු මූලයකින් හෝ පටන්ගැන්මකින් පැමිණි බව කියා සිටීමට හැකි වුවත්, ඒවා එක සමාන නොවේ; තවද ශුද්ධ ලියවිලිමය වශයෙන් එය යොදාගෙන තිබෙන ආකාරයෙන්ද එම වදන් දෙකම අතිශයින් වෙනස්ය. . . . මෙම අනාවැකිය වාර්තා කර තිබෙන වාර්තාවන් තුනේම, වංශය අදහස් නොකරන නමුත්, පරම්පරාව නමැති අපගේ සිංහල වදනේ අර්ථයම ඇති සම්පූර්ණයෙන්ම වෙනත් ග්‍රීක් වදනක් (ජෙනෙආ) යෙදීමට අපගේ ස්වාමීන්වහන්සේ නැඹුරු වී ඇත. මෙම ග්‍රීක් වදන (ජෙනෙආ) යොදා තිබෙන වෙනත් ස්ථානවලට අනුව, මෙහි අර්ථය වංශය නොවන බව ඔප්පු වන අතර, එය සමකාලීනව ජීවත්ව සිටින ජනයාට යොමු දක්වයි.”—ද ඩේ ඔෆ් වෙන්ජන්ස් (පළිගැනීමේ දවස), 602-3 පිටු
වඩාත් මෑතකදී, බයිබල් පරිවර්තකයන් සඳහා සැලසුම් කර තිබෙන, මතෙව් සුවිශේෂයට අත්පොත (ඉංග්‍රීසියෙන් පමණි) (1988), මෙසේ සඳහන් කළේය: “[නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්හි] මේ පරම්පරාව, වචනානුසාරයෙන් පරිවර්තනය කර තිබුණත්, එහි පාද සටහනේ, ‘හෝ වංශය’ ලෙසත් සඳහන් කර ඇත. තවද, එක් අලුත් තෙස්තමේන්තුවේ විශාරදයෙක් මෙසේ විශ්වාස කරන පරිදි, ‘මතෙව් අදහස් කළේ, යේසුස්වහන්සේගෙන් පසුව ඇති පළමු පරම්පරාව පමණක් නොව, නමුත් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නාවූ සියලුම යුදා ආගමික පරම්පරාවන් බවය.’ කෙසේවෙතත්, මෙම නිගමන සනාථ කිරීම සඳහා කිසි භාෂාමය සාක්ෂියක් නොමැති අතර, පැහැදිලි අර්ථය නැති කිරීමට ගන්නාවූ ක්‍රියාමාර්ගයන් ලෙස සලකා ඒවා නොසලකා හැරිය යුතුය. එහි මුල් පසුබිමට අනුව එම යොමු දැක්වීම, යේසුස්වහන්සේගේම සමකාලීනයන්ට පමණක් විය.
පිටු 10 සිට 15හි සාකච්ඡා කර ඇති පරිදි, යේසුස්වහන්සේ තම කාලයේ සිටියාවූ උන්වහන්සේව ප්‍රතික්ෂේප කළාවූ සමකාලීනයන්ව හෙළා දුටුසේක. (ලූක් 9:41; 11:32; 17:25) එම පරම්පරාව විස්තර කිරීම සඳහා උන්වහන්සේ “නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ,” “ඇදහිලි නැති හිතුවක්කාර” සහ “කාමමිථ්‍යාචාරිකවූ පාපිෂ්ඨවූ” වැනි විශේෂණ පද බොහෝවිට යොදාගත්සේක. (මතෙව් 12:39; 17:17; මාර්ක් 8:38) යේසුස්වහන්සේ “පරම්පරාව” යන යෙදුම අන්තිම වතාවට භාවිත කළ විට, උන්වහන්සේ ඔලීව කන්දේ, ප්‍රේරිතයන් හතරදෙනෙකු සමඟ සිටිසේක. (මාර්ක් 13:3) තවමත් ආත්මයෙන් ආලේප නොකරන ලද සහ ක්‍රිස්තියානි සභාවකට අයිතිව නොසිටි, ඒ මනුෂ්‍යයන්, සැබවින්ම, ‘පරම්පරාවකට’ හෝ මනුෂ්‍ය වංශයකට ඇතුළත් නොවීය. කෙසේවෙතත් ඔවුහු, උන්වහන්සේගේ සමකාලීනයන්ට යොමු දැක්වීම සඳහා භාවිත කළ “පරම්පරාව” නම් යේසුස්වහන්සේගේ යෙදුම සමඟ හුරුපුරුදුව සිටියෝය. එනිසා උන්වහන්සේ අවසාන වතාවට “මේ පරම්පරාව” යයි සඳහන් කළ විට, උන්වහන්සේගේ සිතෙහි කුමක් තිබුණාද කියා ඔවුන් වටහාගන්ට ඇති බව තර්කානුකූලය.a එහි සිටි ප්‍රේරිත පේතෘස් ඉන්පසුව යුදෙව්වරුන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය: “මේ වංක පරම්පරාවෙන් ගැළවියල්ලා.”—ක්‍රියා 2:40.
මෙම අනුශාසනාවේම (යුද්ධ, භූමිකම්පා සහ සාගත වැනි), යේසුස්වහන්සේ පුරෝකථනය කළ බොහෝ දේවල් උන්වහන්සේගේ මෙම අනාවැකි ප්‍රකාශ කිරීම සහ පො.යු. 70 යෙරුසලමේ විනාශය අතර කාලපරිච්ඡේදය තුළ ඉටුවූ බවට සාක්ෂි අප බොහෝවිට පළ කර තිබේ. සියලුම ඒවා නොව නමුත් බොහෝ ඒවාය. නිදසුනක් වශයෙන්, රෝමවරුන් යෙරුසලමට පහරදීමෙන් පසුව (පො.යු. 66-70), “මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ” දර්ශනය වී, “පොළොවේ සියලු ගෝත්‍රයෝ” තමන්ටම පහර ගසාගත් බවට කිසිදු සාක්ෂියක් නොමැත. (මතෙව් 24:30) මෙබැවින්, පො.යු. 33 සහ පො.යු. 70 අතර සිදුවූ එම ඉටුවීම, හුදෙක් මූලික එකක් වුවා විය යුතු අතර, එය යේසුස්වහන්සේ යොමු දක්වමින් සිටි සම්පූර්ණ හෝ මහ-පරිමාණයේ ඉටුවීම නොවීය.
ද ජුවිෂ් වෝර් නම් ජොසීෆස්ගේ කෘතියේ, තම පරිවර්තනයේ හැඳින්වීමේදී, ජී. ඒ. විලයම්සන් මෙසේ ලියයි: “මතෙව් පවසන පරිදි, ගෝලයෝ, දේවමාලිගාවේ විනාශය සම්බන්ධයෙන් සහ උන්වහන්සේගේම අවසාන ඊම ගැන, ප්‍රශ්න දෙකක් [යේසුස්වහන්සේගෙන්] අසා තිබුණෝය—තවද උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙකක් දුන්සේක, එනම් එහි පළමු කොටස, ජොසීෆස් විසින් හොඳින් විස්තර කර ඇති, විචිත්‍රනීය ලෙස පුරෝකථනය කර තිබුණු, සිදුවීමට නියම වී ඇති සිද්ධීන් විය.”
එසේය, එහි මූලික ඉටුවීමේදී “මේ පරම්පරාව” ප්‍රත්‍යක්ෂ ලෙසින් අනික් අවස්ථාවලදී මෙන්, නොඇදහිලිකාර යුදෙව්වන්ගේ සමකාලීන පරම්පරාව අදහස් කළේය. යේසුස්වහන්සේ පුරෝකථනය කළ දේ නොඅද්දකිමින්, එම “පරම්පරාව” පහවී නොයන්නේය. විලියම්සන් සඳහන් කළ පරිදි, ඇසින් දුටු සාක්කිකරුවෙකු වූ ඉතිහාසඥ ජොසීෆස් විස්තර කළාක් මෙන්, යෙරුසලමේ විනාශය දක්වා දිවගිය දශක තුළ මෙය සැබෑ බව ඔප්පු වී තිබේ.
දෙවන නොහොත් විශාල ඉටුවීමේදී, “මේ පරම්පරාව” තර්කානුකූල ලෙස සමකාලීනව ජීවත්ව සිටි ජනයාද වනු ඇත. දහසයවන පිටුවෙන් ආරම්භ වන ලිපිය සනාථ කරන පරිදි, නියමිත වසර ගණනාවකට සීමා වූ “පරම්පරාවක්” පිළිබඳව යේසුස්වහන්සේ සඳහන් කරමින් සිටි බව, අප නිගමනය කිරීම අනවශ්‍යය.
ඊට පටහැනිව, “පරම්පරාව” යන්නෙන් අඟවනු ලබන යම් කාලයක් සම්බන්ධයෙන්, මූලික කරුණු දෙකක් කිව හැක. (1) නියමිත වසර (දශකය හෝ සියවස) ගණනක් අදහස් කරන කාල නියම කිරීමකට සමානව, නියමිත වසර ගණනකට සීමිත වූ කාලපරිච්ඡේදයක් ලෙස, මිනිස් පරම්පරාවක් සැලකිය නොහැක. (2) පරම්පරාවක සිටින ජනයා, දිර්ඝ කලකට නොව, නමුත් සාපේක්ෂ වශයෙන් කෙටි කාලයකට ජීවත් වෙති.
එබැවින්, යේසුස්වහන්සේ ‘මේ පරම්පරාවට’ යොමු දක්වනවා ප්‍රේරිතයන්ට ඇසූණු විට, ඔවුන් කුමක් සිතනු ඇද්ද? සිදුවීම සිදු වූ පසු ලබන නුවණේ ප්‍රයෝජන හේතුකොටගෙන “මහත් පීඩාව” තුළ යෙරුසලමේ විනාශය අවුරුදු 37කට පසුව සිදුවූ බව අප දැන සිටියත්, යේසුස්වහන්සේට සවන් දෙමින් සිටි ප්‍රේරිතයෝ ඒ බව නොදැන සිටියහ. ඒ වෙනුවට, “පරම්පරාව” යන්නෙන් උන්වහන්සේ සඳහන් කළ විට, දීර්ඝ කාලපරිච්ඡේදයක් පිළිබඳ අදහසක් නොව නමුත්, සාපේක්ෂ වශයෙන් සීමිත කාලපරිච්ඡේදයක් තුළ ජීවත්වන මනුෂ්‍ය කොටසක් බව ඔවුන්ට වැටහෙන්ට ඇත. අපගේ තත්වය සම්බන්ධයෙන්ද කාරණය එසේමය. එසේනම්, යේසුස්වහන්සේ ඉන්පසුව පවසන වචන කොතරම් උචිතද: “ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත. එබැවින් නුඹලාත් සෑදී සිටපල්ලා. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක.”—මතෙව් 24:36, 44.
[පාදසටහන්වල]
a “මේ පරම්පරාව” යන ප්‍රකාශය තුළ, හූʹටොස් යන නිදර්ශක සර්ව නාමයේ රූපකයක්, “මේ” යන සිංහල වචනයට හොඳින් අනුරූප වේ. මෙය කථිකයා ඉදිරියෙහි දැන් පවතින යම් දෙයකට හෝ ඊට පෙර පැවති දෙයකට යොමු දැක්විය හැක. එහෙත් එයට වෙනත් අර්ථයන්ද තිබිය හැක. එක්සිජෙටිකල් ඩික්ෂනරි ඔෆ් ද නිව් ටෙස්ටමන්ට් (1991) මෙසේ සඳහන් කරයි: “[හූʹටොස්] යන වචනය වත්මන් කාරණයක් අඟවයි. මෙසේ [අයොන් හූʹටොස්] ‘දැනට පවතින ලෝකය’ . . . වන අතර, [ජෙනෙආʹ හෞටේ] ‘දැන් ජීවත්වන පරම්පරාව’ ය, (උදා., මතෙ. 12:41පා., 45; 24:34).” මහාචාර්ය ජෝර්ජ් බී. වයිනර් මෙසේ ලියයි: “සමහර අවස්ථාවලදී, [හූʹටොස්] නම් සර්ව නාමය, ආසන්නව ඇති නාම පදයට නොව නමුත්, වඩා දුරින් ඇති නාම පදයට යොමු දක්වයි, එනම් ප්‍රධාන උක්තය වශයෙන් ලේඛකයාගේ මනසට වඩා ආසන්න සහ ඔහුගේ සිතිවිලිවලට වඩාත් බලපවත්වන පදයකටය.”—ඒ ග්‍රැමර් ඔෆ් ද ඉඩියම් ඔෆ් ද නිව් ටෙස්ටමන්ට්, 7වන සංස්කරණය, 1897.