ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 11/1 29 පි.
  • කෑම පාර්සලයක් සාක්ෂිදරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කෑම පාර්සලයක් සාක්ෂිදරයි
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පවුලේ බැඳීම ශක්තිමත් කරගන්න කදිම අවස්ථාවක්
    2010 පිබිදෙව්!
  • සුන්බුන් මැද සහනාධාර සැපයීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දස දෙසින්
    2011 පිබිදෙව්!
  • පොළොව දෙදරා යයි ප්‍රේමය මතු වෙයි
    2010 පිබිදෙව්!
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 11/1 29 පි.

කෑම පාර්සලයක් සාක්ෂිදරයි

පසුගිය ජනවාරි මාසයේදී, ජපානයේ කෝබේ නගරයේ සිදුවූ භූමිකම්පාවට පසු දිනවලදී, එය බලපෑ ප්‍රදේශයේ සිටි මනුෂ්‍යයන්හට ආහාර සොයාගැනීම දුෂ්කර කාර්යයක් විය. කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්හට ආහාර අඩුවක් නොතිබීම ගැන, තම කරුණාවන්ත මිත්‍රයන්ගේ උපකාරයට ස්තුතිවන්ත විය යුතුය. භූමිකම්පාව සිදුවී දින දෙක තුනකට පසුව, අසල්වැසි සභාවන්, බත්වලින් සාදන ලද පිඬු සැපයුවේය. ඉක්මනින්ම කෑම පාර්සල් සැපයීමට, සැලකිලිමත් මිත්‍රයෝ පටන්ගත්තෝය. බොහෝදෙනෙක්, එයට ගොදුරු වූ අයට සැලකිල්ල දක්වන බවට ප්‍රකාශ කරමින්, කෑම පාර්සල් සමඟ කුඩා ලිපි එවූහ. එම කුඩා ලිපි කියවීමෙන්, ඔවුන්ගේ නෙතින් ගැලූ කඳුළින් සෑම ආහාර වේලක්ම “ලුණෙන් රසවත් වූ” බව එම කෑම පාර්සල් ලැබූ අය පැවසූහ.

අවශ්‍යතාව තිබුණු වෙනත් අය සමඟ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ තම ආහාර බෙදාගත්හ. එක් සාක්ෂිකරුවෙකු තම රැකියා ස්ථානයේ හවුලේ වැඩ කරන, සාක්ෂිකරුවෙකු නොවන කෙනෙකු සමඟ මෝටර් රථයක ගමන් කරන අවස්ථාවකදී තම දවල් ආහාරය ගැනීමට සිදුවිය. එනිසා ඔහුට ලැබුණාවූ කෑම පාර්සලයක්, ඔහු ඒ තැනැත්තා සමඟ බෙදාගත්තේය.

“ඔබ මෙම කෑම පාර්සලය මිල දී ගත්තේ කොහෙන්ද?” කියා ඔහුගේ හවුල් සේවකයා ඇසුවේය. සාක්ෂිකරුවන්ගේ සහනාධාර කටයුතු ගැන එම සහෝදරයා ඔහුට පැහැදිලි කළේය. “මම දවස් ගණනාවකටම එළවළු කෑවේ නැහැ. මම මෙයින් ටිකක් ඉතුරු කර මගේ පවුලේ අයට රැගෙන යනවා,” යයි අගය කිරීමකින් යුතුව පැවසුවේය.

මෙය සිදුවූ තුන්වන අවස්ථාවේදී, එම හවුල් සේවකයා සාක්ෂිකරුවාට යෙන් 3,000ක්, (රුපියල් 1,750ක් පමණ) දී, මෙසේ ප්‍රකාශ කළේය: “මම ඔබගේ ක්‍රියාකාරකම් ගැන හොඳින් දන්නා නිසා, ඔබගේ සේවය සඳහා සම්මාදම් කිරීමට මට කරුණාකර ඉඩහරින්න. මා සමඟ ඔබගේ දවල් ආහාරය බෙදාගැනීම මම අගය කරනවා. සැබවින්ම ඔබගේ මිත්‍රයන් සියලුදෙනාම ඉතා හොඳ පුද්ගලයෝ.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න