ලොව වටා සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ—පිලිප්පීන සමූහාණ්ඩුව
පිලිප්පීන සමූහාණ්ඩුව සකසන්නා වූ විෂම නිවර්තන දූපත් 7,083 වනාහි යම් ප්‍රමාණයකට මුහුදට යට වූ කඳු වැටියක ඉහළ කොටස ය.a තව ද පිලිප්පීනයේ වාසය කරන 6,20,00,000දෙනා, බොහෝ දුරට ඕනෑ ම විෂයක් ගැන කථා කිරීමට කැමැත්තක් දක්වන පිරිසකි. මෙම ප්‍රියවාදී ස්වභාවයේ ප්‍රතිඵලය වී ඇත්තේ, රාජ්‍යය පිළිබඳ ව සාක්ෂි දැරීම සඳහා සාරවත් ක්ෂේත්රයක් බිහිවීම ය.
පාසලේ සාක්ෂි දැරීම
මස්බාටේ නම් දූපතේ, එක්තරා යෞවන උසස් පාසල් ශිෂ්‍යාවකට, සැබෑ ද බොරු ද යන ප්‍රශ්නෝත්තර පරීක්ෂණයක දී ඇයගේ ගුරුවරයාට හා පන්තියට සාක්ෂි දැරීමට හැකියාවක් ලැබුණි. ඇය මෙසේ වාර්තා කරන්නී ය:
“දෙන ලද ප්‍රකාශය වූයේ, ‘දෙවියන් වහන්සේ මට ප්‍රේම කරන සේක් නම්, උන් වහන්සේ මට ගැටලු ඉදිරිපත් කරන්නේ හෝ වේදනා විඳීමට මට ඉඩ හරින්නේ හෝ නැත’, යන්නයි. මගේ ගුරුවරයා අපගේ පිළිතුරු පත්‍රිකා පරීක්ෂා කළ විට, මා හැර අන් සියල්ලන් ම සැබෑ කියා පිළිතුරු දී ඇති බව ඇය දුටුවා. මා බොරු කියා පිළිතුරු සැපයුවේ ඇයි කියා පන්තියට පැහැදිලි කිරීමට මගේ ගුරුවරිය මට අවසර දුන්නා. දෙවියන් වහන්සේ වේදනා විඳීමට අවසර දී අප ව පරීක්ෂා කිරීමට ඉඩ හැරියත්, අපට ගැටලු ඇති කළේ උන් වහන්සේ නොවන බව මම පැවසුවා. මා නිතර පාසලට ගෙන යන මගේ බයිබලය පාවිච්චි කරමින්, “දෙවියන්වහන්සේ ප්‍රේමය” යයි පවසන 1 යොහන් 4:8 හි වදන් යොදා ගනිමින් මම පන්තිය සමඟ තර්ක කළා. මගේ පැහැදිලි කිරීමෙන් පසු, මගේ ගුරුවරිය ඒත්තු ගෙන සිටි අතර, සිය මේසයට තට්ටු කර, ‘මාරිලූ හරි’ යයි පැවසුවා. මෙම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ඉදිරිපත් කළේ මා විතරයි, එමෙන් ම ඉහළ ම ලකුණු ලැබුවේත් මමයි.”
රාජ්‍යයේ පණිවුඩය සෑම තැනක ම ඇත
පිලිප්පීනයේ වෙනත් කොටසක ගෙයින්-ගෙට සේවයේ නිරත වෙමින් සිටිද්දී, ස්ථාවර පුරෝගාමියෙකුට (ශුභාරංචියේ පූර්ණ-කාලීන ප්රකාශකයෙකුට) කුඩා දරුවන් තිදෙනෙක් සිටි මවක් හමු විය. එම කාන්තාව රාජ්‍යයේ පණිවුඩය කෙරෙහි තියුණු උනන්දුවක් පෙන් වූ අතර ඇය සමඟ බයිබල් පාඩමක් ආරම්භ කිරීම මෙනිසා පහසු විය. ඇය විශේෂයෙන් ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබල් පාඩම් ලබමින් සිටීම ගැන ඇයගේ ස්වාමිපුරුෂයා කැමති නොවූවත්, පාඩම දිගට ම කෙරෙන්නට විය.
වෙනත් නගරයකට තම පවුල රැගෙන යාමෙන්, සාක්ෂිකරුවන් සමඟ සිය භාර්යාවට ඇති ඇසුර නවතිනු ඇතැයි කල්පනා කළ එම පුරුෂයා එසේ කළේ ය. කෙසේ වෙතත්, ඔවුන් මෙම කාන්තාව සොයා ගත් අතර, ඇය තම බයිබල් පාඩම නැවත පටන් ගැනීමට, මොවුන්ට වැඩි කාලයක් ගත වුණේ නැත. මෙහිදී ඇයගේ පුරුෂයා කලබලයට පත් වූ බව නොකිවමනා ය. තමාගේ කෝපය ඔහු රැකියා ස්ථානයට ගෙන ගිය අතර ඔහු අලුත්වැඩියා කරමින් සිටි වාහනයේ හිමියා වෙත සිය හැඟීම් ඔහු වේගයෙන් ප්‍රකාශ කර සිටියේ ය. එම වාහන හිමියා ද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු බව එම මිනිසා දැනගෙන සිටියේ නැත.
ඔහුගේ භාර්යාව සිය බයිබල් පාඩම් දිගට ම කළේ නම්, එය මුළු පවුලට ම ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි එම සාක්ෂිකරුවා පැහැදිලි කළේ ය. බයිබල් ප්‍රතිපත්ති ඇයට නිවසේ දී ම පාවිච්චි කරන්නට පටන් ගත හැකි වේ. දේව රාජ්‍යය ගැන ඉගෙන ගැනීමෙන් ස්වාමිපුරුෂයාට ප්‍රයෝජන ලැබිය හැකි බව ද යෝජනා කරනු ලැබී ය.
මෙම සාකච්ඡාවෙන් කුමන විපාකයන් වී ද? එම මනුෂ්‍යයාගේ භාර්යාවට බයිබලය ඉගෙන ගැනීමට වැඩි නිදහසක් ලැබුන අතර, නැවතත් තමන්ගේ මුල් නිවස වෙත සිය පවුල රැගෙන යාමට ඔහු තීරණය කළේ ය. එහිදී බව්තීස්ම නොවූ රාජ්‍යය ප්‍රචාරිකාවක් වීම දක්වා එම කාන්තාව ආත්මික ප්‍රගතියක් ලැබුවා ය. ඇයගේ ස්වාමිපුරුෂයා ද බයිබල් පාඩමක් පිළිගත් අතර මුළු පවුල ම ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන්නට පටන් ගත්හ.
[පාදසටහන්වල]
a වැඩිමනත් තොරතුරු සඳහා, 1994 කැලැන්ඩර් ඔෆ් ජෙහෝවාස් විට්නසස් බලන්න.
[8වන පිටුවේ කොටුව]
රටේ ආකෘති සටහනක්
1993 සේවා වසර
සාක්ෂි දරන ඉහළ ම සංඛ්‍යාව: 1,16,576
අනුපාතය: එක් සාක්ෂිකරුවෙකුට: 549
සිහිකිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව: 3,57,388
පුරෝගාමි ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 22,705
බයිබල් පාඩම්වල සාමාන්‍යය: 94,370
බව්තීස්ම වූ සංඛ්‍යාව: 7,559
සභාවන් සංඛ්‍යාව: 3,332
ශාඛා කාර්යාලය: මැනිලා
[9වන පිටුවේ පින්තූරය]
වෙළෙඳපොළේ සාක්ෂි දැරීම කදිම ප්‍රතිඵල ගෙන එයි
[9වන පිටුවේ පින්තූරය]
මැනිලා හි පිහිටි වොච්ටවර් සමිතියේ ශාඛා කාර්යාලය