“නිදහසට ප්‍රේමකරන්නෝ” පළාත් සමුළුව සඳහා ඔබට ආරාධනය කෙරේ
වර්ෂ 1989 නොවැම්බරයේ සිට වෙන කවරදාටත් වඩා නිදහස නම් විෂය ප්රමුඛත්වයට පත්කර ඇත. විශේෂයෙන් නැගෙනහිර යුරෝපීය රටවල ජනයා අවුරුදු 40කට හෝ වැඩි කලකට පෙර තිබූ නිදහසට වැඩි දේශපාලන නිදහසක් භුක්ති විඳිමින් සිටිති.
නමුත් කිසි දේශපාලන නිදහසකට වඩා අතීශය වැදගත් නිදහසක් ඇත. අපට ඒ ගැන දේව වචනය වන බයිබලයෙන් කියවීමට හැක; යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වරක් මෙසේ කී සේක: “නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේය.” (යොහන් 8:32) එසේ ය, අප රෝම 6:18-22 හි කියවන පරිදි කැපවූ ක්‍රිස්තියානීන් මනුෂ්‍යා ගැන බියෙනුත් පාපයේ සහ මරණයේ වහල්භාවයෙනුත් නිදහස ලබා ඇත. “යෙහෝවඃ වහන්සේගේ ආත්මය ඇති තැන නිදහස් කම ඇත්තේ ය” කියාත් අපි කියවමු. (2 කොරින්ති 3:17) සත්‍ය වශයෙන් ම, මැවිල්ල ම පවා දූෂණයේ වහල්භාවයෙන් නිදහස ලබාගෙන, දේව දරුවන්ගේ මහිමාන්විත නිදහස ලබන බවට දේව වචනය දීප්තිමත් බලාපොරොත්තුවක් තබයි.—රෝම 8:21.
වර්තමාන කාලයේ දී කිසිවෙකු ක්‍රිස්තියානි නිදහස ලබාගැනීමට ආශාවන්නේ නම් ඔහු සැබෑ උත්සාහයක යෙදිය යුතු ය. එය කිසි ලෙසකින් බාධක අඩු මාර්ගයක් අනුගමනය කිරීම වැනි සුළු කාරණයක් නොවන්නේ ය. සාතන් වන යක්ෂයා, ඔහුගේ දුෂ්ට ලෝකය සහ අපේ ම උරුමකරගත් පව්කාර නැඹුරුවාවන්, එම නිදහස අපෙන් සොරා ගැන්මට නැඹුරු වී ඇති බලවේගයන් හමුවේ, මෙම නිදහස අඛණ්ඩ ව භුක්ති විඳීමට අතිරේක වෑයමක් දැරිය යුතු ය. ස්වකීය දෘශ්‍යමාන සංවිධානය මගින්, උන් වහන්සේගේ ශුද්ධාත්මය මගින් සහ තමන් වහන්සේගේ ආනුභාවයලත් වචනය තුළින් යෙහෝවඃ දෙවියන් වහන්සේ උපකාර සපයා ඇත.—ලූක් 11:13.
නිදහස මත ඇති ඔවුන්ගේ ග්‍රහණය ශක්තිමත් කරගැන්මට නිදහසට ප්‍රේම කරන සියල්ලන් හට උපකාර කිරීමට මෙම වසරේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පළාත් සමුළු තේමාව වන “නිදහසට ප්‍රේමකරන්නෝ” ඉතා යෝග්‍ය බව ඔප්පු කරනු ඇත. මෙම සමුළු සිකුරාදා උදෑසන 9:30ට ආරම්භ වී ඉරිදා සවස 4:00 දක්වා දින තුනක් මුළුල්ලේ පැවත්වෙනු ඇත. මෙම සමුළුවලට පැමිණෙන සියලු දෙනා ව ම ආත්මීක ව ප්‍රබෝධමත් කරවනු ලබන අතර, සසල කරවන දෙසුම්, උනන්දුව අවුස්සන සම්මුඛ සාකච්ඡා, බලපෑමෙන් යුත් නිරූපන සහ කාවදින නවීන දින නාට්‍යයක් මගින් ආත්මික ගොඩනැංවීමක් කරනු ඇත. පැරණි සහ නව මිතුරන්ගේ හද උණුසුම් කරවන ආශ්‍රයේ ප්‍රීතිය, දහස් ගණන් අන්‍යයන් සමඟ එක් ව අප රාජ්‍ය ගීතිකාවන්ට හවුල්වීමේ ප්‍රීතිය සහ හදට දැනෙන ප්‍රසිද්ධ යාච්ඤාවන්ට සහභාගිවීමේ ප්‍රීතිය ද නොසලකා හැරිය යුතු නැත.
මෙම සමුළු ආරම්භ වන විට සිකුරාදා උදෑසන ඔවුන්ගේ සූදානම් ව සිටීමෙහි බාධා කිරීමට කිසි ම කිසිවකට යෙහෝවඃ වහන්සේගේ සියලු කැප වූ සේවකයින් ඉඩ නොහරීවා. බයිබලය සහ ගීතිකා පොත ඇති ව පමණක් නොව, නමුත් සටහන් ගැනීම සඳහා පැන්සල සහ සටහන් පොත ද සමඟ පැමිණීමට සහතික වන්න. නිදහස් ජනයාගේ කොටසක් වශයෙන් ඔබගේ ආත්මික අවශ්‍යතාව ගැන සැබෑ සිහි කල්පනාවෙන් යුක්ත ව ද පැමිණෙන්න.—මතෙව් 5:3. w91 2/15