පෙරමුණ ගන්නන්ට කීකරු වන්න
“නුඹලාගේ ප්‍රධානියෝ [නුඹලා අතර පෙරමුණ ගන්නෝ NW] ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. . . . ඔවුන්ට කීකරුව යටත්වෙයල්ලා.”—හෙබ්‍රෙව් 13:17.
යෙහෝවඃ වහන්සේ මෙම ‘අන්තීම කාලයේ’ ස්වකීය සංවිධානය සඳහා අවේක්ෂකයන් සපයා ඇත. (දානියෙල් 12:4) ඔවුන් බැටළුවන් වැනි අයට සැලකිල්ල දැක්වීමෙහි පෙරමුණ ගන්නා අතර ඔවුන්ගේ අවේක්ෂණය ප්‍රබෝධවත් කරවන සුළු ය. (යෙසායා 32:1, 2) මීට අමතර ව, දෙවියන් වහන්සේගේ රැළට මෘදුකමින් සැලකිල්ල දක්වන්නා වූ වැඩිමහල්ලන්ගේ ප්‍රේමනීය අවේක්ෂණය, සාතන් හා මෙම දුෂ්ට දේවල පිළිවෙළින් ආරක්ෂාවක් ලෙස ක්‍රියා කරයි.—ක්‍රියා 20:28-30; 1 පේතෘස් 5:8; 1 යොහන් 5:19.
2 එහෙත් ඔබ වැඩිමහල්ලන් ගැන කල්පනා කරනුයේ කෙසේ ද? ඔබගේ හෘදයෙහි, ඔබ: ‘මෙම සභාවේ කිසි වැඩිමහල්ලෙක් කෙරෙහි මට විශ්වාසයක් නැති නිසා, මට ගැටලුවක් ඇති වුනත්, මම කිසි විටෙක තවත් වැඩිමහල්ලෙක් වෙතට යන්නේ නැහැ,’ යයි පවසනවා ද? ඔබට දැනෙනුයේ එසේ නම්, ඔබ ඔවුන්ගේ අසම්පූර්ණකම් වඩාත් අවධාරණය කරනවා විය හැකි ද? පුරාතන කොරින්තියේ සමහරෙක් ප්‍රේරිත පාවුල් ගැන කීවේ මෙසේ ය: “ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුය.” එහෙත් දෙවියන් වහන්සේ පාවුල් ව සේවයක් සඳහා පත්කළ අතර ඔහු ව “අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්” ලෙස පාවිච්චි කළ සේක. (2 කොරින්ති 10:10; රෝම 11:13; 1 තිමෝති 1:12) එසේ නම්, ඔබටත්, “ලෝකයේ හොඳ ම වැඩිමහල්ලන්ගේ මණ්ඩලය අපට ඉන්නවා. අවශ්‍ය වන විට උපකාරය දීමට ඔවුන් මෙහි ම ඉන්නවා.” යයි පැවසූ සහෝදරිය හා සමාන ව හැඟිය යුතු යයි බලාපොරොත්තු වේ.
ඔවුන්ට කීකරු විය යුත්තේ මක්නිසා ද?
3 ක්‍රිස්තියානි උපඑඬේරුන් ශ්‍රේෂ්ඨ එඬේරාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් සපයා ඇති බැවින්, අප ඔවුන් ගැන කෙසේ කල්පනා කළ යුතු යයි උන් වහන්සේ අපේක්ෂා කරන සේක්දැයි ඔබ සිතන්නෙහි ද? නිසැක ව ම, දෙවියන් වහන්සේ අප යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන්ගේ පාලක මණ්ඩලයේ අවේක්ෂණය යටතේ ප්‍රේමනීය අවේක්ෂකයන්ගෙන් ලැබුවාවූ බයිබලය මත පදනම් මගපෙන්වීම අනුගමනය කිරීම බලාපොරොත්තු වන සේක. එවිට, ‘ස්වාමීන් වහන්සේ අපේ ආත්මය සමඟ සිටිනු ඇත,’ අප සාමය භුක්ති විඳිනු ඇත, එමෙන් ම අප ආත්මික අන්දමින් වර්ධනය කරනු ලබනවා ඇත.—2 තිමෝති 4:22; සසඳන්න ක්‍රියා 9:31; 15:23-32.
4 පාවුල්: “දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් [පෙරමුණ ගන්නන් NW] සිහිකරපල්ලා; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙයල්ලා.” යයි ආයාචනා කළේ ය. (හෙබ්‍රෙව් 13:7) මුල් ක්‍රිස්තියානීන් අතර ප්‍රේරිතයන් මූලික ව පෙරමුණ ගනු ලැබී ය. අද දවසේ, අප අතර පෙරමුණ ගන්නා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන්ගේ පාලක මණ්ඩලය සකසන්නා වූ අය, වෙනත් ආලේප ලත් අවේක්ෂකයන්, මෙන් ම ‘මහත් සමූහයේ’ අය අපට නිරීක්ෂණය කළ හැක. (එළිදරව් 7:9) අප ඔවුන්ගේ කටහඬේ ගුණාංග, ඉරියව්, නොඑසේ නම් මානුෂික විශේෂ ලක්ෂණ අනුකරණය කිරීමට ආයාචනා නොලැබුවත්, ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීමෙන් අපට අපගේ හැසිරීම යහපත් කරවීමට හැකි විය යුතු ය.
5 පොළොව මත අද දින ආත්මීක අවශ්‍යතාවයන් රැකබලා ගැනීමේ මූලික වගකීම ‘විශ්වාසවූ නුවණ ඇති දාසයාට’ පවරනු ලැබ ඇත. එහි නියෝජිත පාලක මණ්ඩලය මූලිකත්වය ගෙන ලෝක ව්‍යාප්ත රාජ්‍ය දේශනා කිරීමේ වැඩය සම්බන්ධීකරණය කරයි. (මතෙව් 24:14, 45-47) විශේෂාකාරයෙන් මෙම ආත්මයෙන් ආලේපලත් වැඩිමහල්ලන් ආත්මීක පාලකයන් ලෙස කල්පනා කළ හැකි ය, මන්දයත් හෙබ්‍රෙව් 13:7: “නුඹ පාලනය කරන්නන් ගැන නුඹ සිහි ඇතිව සිටින්න” යනුවෙන් ද ඉදිරිපත් කර ඇති නිසා ය. (කිංඩම් ඉන්ටලීනියර්) සභාවන් 60,000කටත් වැඩියෙන් එසේ ම රාජ්‍ය ප්‍රචාරකයන් 35,00,000කටත් වැඩියෙන් සිටිය දී, පාලක මණ්ඩලය සකසන්නා වූ වැඩිමහල්ලන් 12 දෙනාට ‘ස්වාමීන් වහන්සේගේ මෙහෙයෙහි’ කිරීමට බොහෝ දෑ ඇත. (1 කොරින්ති 15:58) දෙවියන් වහන්සේ විසින් දෙන ලද පැවරුම ගැන කල්පනා කිරීමේ දී, පළමු ශත වර්ෂයේ පාලක මණ්ඩලය මුල් ක්‍රිස්තියානීන්ගේ සහයෝගය ලැබුවා සේ ම, ඔව්හු ද අපගේ පූර්ණ සහයෝගය ලැබීමට යෝග්‍ය ව සිටිති.—ක්‍රියා 15:1, 2.
6 අවේක්ෂකයෝ සභාවේ ආත්මීක අවශ්‍යතා සඳහා සැලකිල්ල දැක්වීමට ආත්මයෙන් ආලේප ලබා සිටිති. (ක්‍රියා 20:28, NW) ඔව්හු සභා ක්ෂේත්රයෙහි රාජ්‍ය පණිවුඩය දේශනා කෙරෙන බවට වගබලා ගනිති. මෙම ශුද්ධ ලියවිලිමය වශයෙන් සුදුසුකම් ලබා සිටින පුරුෂයෝ, ආත්මික මගපෙන්වීම ප්‍රේමනීය ආකාරයකින් සපයති. සිය ආත්මික සහෝදරයන් මෙන් ම සහෝදරියන් දෙවියන් වහන්සේ ඉදිරියේ අන්තීමය දක්වා සුදුසු ලෙස ගමන් කරනු පිණිස ඔව්හු ඔවුනට අනුශාසනා දෙති, සැනසිල්ල දෙති, එමෙන් ම සාක්ෂි දරති. (1 තෙසලෝනික 2:7, 8, 11, 12) යමෙක් එය තේරුම් ගැනීමට පෙරාතුව වැරදි පියවරක් ගන්නේ නම්, මොව්හු ඔහු ව “මෘදුකමේ ආත්මයෙන් යුක්තව” යළි සකස් කිරීමට උත්සහ දරති.—ගලාති 6:1.
7 මෙවන් ප්‍රේමනීය වැඩිමහල්ලන් සමඟ සහයෝගී වීමට අපගේ හෘදයන් පොළඹවනු ලැබේ. මෙය පාවුල් ලියූ ලෙසින් උචිත වූ දෙයකි: “නුඹලාගේ ප්‍රධානියෝ [පෙරමුණ ගන්නෝ NW] ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙයල්ලා.” (හෙබ්‍රෙව් 13:17) අප මෙම උපදේශය තේරුම් ගත යුත්තේ කෙසේ ද?
8 අප ව ආත්මික වශයෙන් පාලනය කරන්නා වූ අයට කීකරු වීමට පාවුල් අපට තදින් අවවාද කරයි. අප මෙම උපඑඬේරුන්ට ‘යටත් වීම’ සඳහා කීකරු විය යුතු ය. ඒ මක්නිසා ද? හේතුව ‘ඔවුන් අපගේ ආත්ම’ නොහොත් දෙවියන් වහන්සේට කැප කරන ලද ජීවිත ‘ගැන රැකබලා සිටින’ නිසා ය. තවද ඔවුන් “රැකබලා” සිටිනුයේ කෙසේ ද? මෙහි අ.ගෲ.ප්නේʹඕ නම් ග්‍රීක වදනේ වර්තමානයේ ක්‍රියාකාරී ව පවතින හඟවනය පදගත අර්ථයෙන් අදහස් කරනුයේ වැඩිමහල්ලන් “නින්දෙන් වැළකී සිටින” බව ය. මෙය ජන ශුන්‍ය තැනක සිටින එඬේරුන් රාත්‍රි කාලයේ අනතුරුවලින් සිය රැළ රැකගැනීම සඳහා නොනිදා සිටීම අපට මතක් කරයි. වැඩිමහල්ලෝ ඇතැම් අවස්ථාවල දෙවියන් වහන්සේගේ රැළ පිළිබඳ ව යාච්ඤා පුර්වක සැලකිල්ල දැක්වීමෙහි නොඑසේ නම් සහකාර ඇදහිලිවන්තයන්ට ආත්මික සහය සැපයීමෙහි නිදාගත නොහැකි රාත්‍රීන් ගත කරති. අප ඔවුන්ගේ ඇදහිලිවන්ත සේවාව කොතරම් අගය කළ යුතු ද! නිසැක ව ම, යූද්ගේ දවසේ සිටි ‘අධිපතිකම සුළු කර, උත්තමයන්ට,’ දෙවියන් වහන්සේ විසින් ඔවුන් කෙරෙහි පවරන ලද මහිමය, නොහොත් ගෞරවය ඇති ව සිටි ආලේප ලත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට ‘නින්දා කළ’ ‘අභක්තිකයන්’ වන්නට අපට උවමනාවක් නැත.—යූද් 3, 4, 8.
9 අප ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට කීකරු එමෙන් ම යටහත්වීමට අසමත් වන්නේ නම් යෙහෝවඃ වහන්සේ අසතුටු වනු ඇත. මෙය ඔවුන්ට ද කටයුතු දුෂ්කර කරවනු ඇති අතර අපට ආත්මික ලෙස හානි පැමිණවිය හැක. අප සහයෝගී නොවී සිටියේ නම්, වැඩිමහල්ලන් සුසුම්ලමින් ඇතැම් විට අපගේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල ප්‍රීතිය නොමැතිකමෙහි විපාක විය හැකි අධෛර්යමත් ස්ප්රීතුවකින් සිය යුතුකම් ඉටු කරනු ඇත. එහෙත් අපගේ කීකරුකම හා යටහත්කම දිව්‍ය හැසිරීම පොළඹවන අතර අපගේ ඇදහිල්ල ශක්තිමත් කරයි. ‘ස්වාමීන්වහන්සේ අපි පෙන්වන ස්ප්‍රීතුව සමඟ සිටින’ අතර ප්‍රීතිය එවන් සාමුහික, සාමකාමී හා එක්සත් වාතාවරණයක ශස්‍ය වන්නේ ය.—2 තිමෝති 4:22; ගීතාවලිය 133:1.
10 සභා වැඩිමහල්ලන්ට අපගේ කීකරු හා යටහත් වීම, අප මනුෂ්‍යයන් සතුටු කරන්නන් වන බව අදහස් කරන්නේ නැත. එය ශුද්ධ ලියවිලිවලට එකඟ නොවනු ඇත, මන්දයත් පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානි වහලුන්ට කියනු ලැබුවේ “නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ NW] මෙන් සිතින් කරපල්ලා” යනුවෙනි. (කොලොස්සි 3:22; එපීස 6:5, 6) ‘යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩ කරන වැඩිමහල්ලෝ’ ඔවුන්ගේ ඉගැන්වීම මූලික ව දෙවියන් වහන්සේගේ වචනය මත පදනම් ව පවතින බැවින්, ගෞරව ලබන්ට වටින්නෝ ය. පාවුල් ලීවාක් මෙන්: “යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා. මක්නිසාද: ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියාද වැඩකරන්නාට තමාගේ කුලිය ලැබෙන්ට යුතුය කියාද ලියවිල්ලෙහි කියා තිබේ.”—1 තිමෝති 5:17, 18.
11 මොහොතකට කලින් හුවා දක්වන ලද පාවුල්ගේ වදන්, අන්‍යයන්ගේ ආත්මික සැලකිල්ල බලාගන්නා වූ අයට ද්‍රව්‍යමය උපකාරය යුතු ලෙස දිය හැකි බව අඟවයි. කෙසේ නමුත්, වැඩිමහල්ලන් වැටුපක් ලැබිය යුතු යයි මෙය අදහස් නොකරන අතර “දෙගුණයක් ගෞරව” ලැබීම වැඩිමහල්ලෙක් විසින් නිසැක ව ම බලෙන් ලබා ගන්නා යමක් නොවේ ය. එය සභාවේ සාමාජිකයන්ගෙන් නිරායාසයෙන් ලැබෙන දෙයක් වනමුත් හෙතෙම සිය පත්වීම, බලය හෝ ද්‍රව්‍යමය වස්තු අත්කර ගැනීමට පාවිච්චි කළ යුතු නොවේ. හෙතෙම තමාගේම මහිමය නොසෙවිය යුතු ය, නොඑසේ නම් ද්‍රව්‍යමය ලාභ ප්‍රයෝජනය පිණිස වඩාත් සමෘධිමත් අය ආශ්‍රය කරමින් අන්‍යයන් නොසලකා හැරිය යුතු නැත. (හිතෝපදේශ 25:27; 29:23; යූදස් 16) ඒ වෙනුවට, අවේක්ෂකයෙක් දෙවියන් වහන්සේගේ රැළ ‘සතුටු සිතකින්, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්’ රැක බලා ගත යුතු ය.—1 පේතෘස් 5:2.
12 දෙවියන් වහන්සේ ම වැඩිමහල්ලන් සපයා ඇති බව අප සිහි කරන්නේ නම්, පෙරමුණ ගන්නා අයට කීකරු වීමට එසේ ම ගෞරව කිරීමට අපට උපකාරයක් වනු ඇත. (එපීස 4:7-13) මෙම මනුෂ්‍යයන් ආත්මයෙන් පත්කර ඇති නිසාත්, දෙවියන් වහන්සේගේ සංවිධානය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන්ගේ ජීවිතවල වැදගත් තැනක් ගන්නා නිසාත්, නිසැක ව ම දිව්‍ය රාජ්‍ය සැකැසුම්වලට අපගේ කෘතඥතාව හා ගෞරවය නිරූපනය කිරීමට අවශ්‍ය ව ඇත. මීට අමතර ව, අප අතර පෙරමුණ ගන්නා අයට කීකරු වීමෙහි හා යටහත් වීමෙහි අප අනගි ආදර්ශයක් තබන්නේ නම්, අලුත් අයට මෙම ආකල්පය වර්ධනය කිරීමට ද අපට සහය විය හැකි ය.
ඔවුන්ගේ සේවය අගය කළ යුත්තේ මක්නිසා ද?
13 ලෝකයේ, නායකත්වය ප්‍රතික්ෂේප කිරීමට නැඹුරුවාවක් ඇත. එක්තරා කථිකාචාර්යවරයෙක් පැවසූ ලෙසින්: “වර්ධනය වන්නා වූ අධ්‍යාපන මට්ටම, හැකියාවන් කොතරම් වැඩි දියුණු කර ඇත්දයත්, අනුගාමිකයෝ මගපෙන්වීමට අපහසු පමණට අතීශයින් විවේචනාත්මක වී සිටිති.” එහෙත් ස්වාධීන ව කල්පනා කිරීමේ ස්වභාවයක් දෙවියන් වහන්සේගේ සංවිධානයේ නොපවතින අතර අප අතර පෙරමුණ ගන්නා අය කෙරෙහි විශ්වාසය තැබීමට අපට සාධාරණ හේතු ඇත. උදාහරණයක් වශයෙන්, ශුද්ධ ලියවිලිමය අවශ්‍යතා සපුරාලන අය පමණක් වැඩිමහල්ලන් ලෙස පත් කරනු ලැබේ. (1 තිමෝති 3:1-7) දයාන්විත, ප්‍රේමනීය, මෙන් ම උපකාරශීලී වීමට මොව්හු පුහුණු කරනු ලැබ සිටිනමුත් යෙහෝවඃ වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිති පැවැත්වීමෙහි ස්ථීර ව සිටිති. වැඩිමහල්ලෝ ‘සාරවත් ගුරුකමින් අවවාදකරන්ට පුළුවන්වන පිණිස ඉගැන්වීම් තදින් අල්ලාගෙන’ ශුද්ධ ලියවිලිමය සත්‍යයන්ට අනුකූල වෙති. (තීතස් 1:5-9) ඇත්ත වශයෙන්, අප සියල්ලන් ම අසම්පූර්ණ ව සිටින බැවින්, අප ඔවුන්ගේ මානුෂීක අසම්පූර්ණකම් ලොකු කොට දැක්විය යුතු නැත. (1 රාජාවලිය 8:46; රෝම 5:12) ඔවුන්ගේ සීමාන්තිකයන් ගැන කලකිරී ඔවුන්ගේ උපදෙස් සුළු කොට සලකනු වෙනුවට, අපි බයිබලය මත පදනම් වැඩිමහල්ලන්ගේ මගපෙන්වීම දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ලෙස පිළිගනිමු.
14 අගේ කොට සැලකිය හැකි මනුෂ්‍යයෙකු වන පාවුල්: “මම විශ්වාසයෙකැයි ගණන්ගෙන තමන්වහන්සේගේ සේවයට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා පත් කළ බැවින් මට බලය දුන්නාවූ උන්වහන්සේට ස්තූතිකරමි.” යයි පැවසී ය. (1 තිමෝති 1:12) එම සේවයට, නොහොත් මෙහෙයට දේශනා කාර්යය මෙන් ම සහකාර ඇදහිලිවන්තයන්ට සේවය කිරීම ඇතුළත් විය. අවේක්ෂකයෙකුට එඬේරෙක් ලෙස සේවය කිරීමට ශුද්ධාත්මයෙන් පැවරුමක් තිබුණ ද, මෙය ඔහුට තමා අන්‍යයන්ට වඩා උසස් යයි කල්පනා කරන්නට සැලැස්විය යුතු නොවේ, මන්දයත් ඔහුත් බැටළු ගුණැති අයගෙන් සමන්විත දෙවියන් වහන්සේගේ රැළේ කොටසක් වන නිසා ය. (1 පේතෘස් 5:4) ඒ වෙනුවට, සභාවේ හිස වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ රැළේ සාමාජිකයන්ට මෙහෙවර කිරීමට ඔහු සුදුසු යයි ගණන් ගැනීම ගැනත්, දෙවියන් වහන්සේ යම් පමණ දැනගැන්ම, ප්‍රඥාව මෙන් ම අවබෝධය ලබා දීමෙන් ඔහු ව සුදුස්සෙක් කරවීම ගැනත්, හෙතෙම කෘතඥ විය යුතු ය. (2 කොරින්ති 3:5) දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද වරප්රසාදයන් වෙනුවෙන් කෘතඥ වීමට වැඩිමහල්ලෙකුට හේතු ඇති බැවින්, සභාවේ අනෙක් සාමාජිකයන් මෙම සේවය, නොහොත් මෙහෙවර අගය කළ යුතු ය.
15 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් මෙම අන්තීම දවස්වල දෙවියන් වහන්සේ ගොඩනගා ඇත්තා වූ සංවිධානයට කෘතඥ වන අතර එම අගැයීම වැඩිමහල්ලන්ට ගෞරවය කිරීමට ද අප ව පොළඹවන්නේ ය. අපගේ ප්‍රයෝජනය පිණිස ඔවුන් කරන්නා වූ සැකැසුම් සමඟ පූර්ණ ලෙස සහයෝගී වීමට අප සතුටු විය යුතු ය. පාවුල් පැවසුවේ: “තවද සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන, ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට” සලකන්න කියා ය. (1 තෙසලෝනික 5:12, 13) මෙම උපදේශය අදාළ කර ගැනීම ප්‍රීතිය මෙන් ම යෙහෝවඃ වහන්සේගේ ආශිර්වාදය ගෙනෙනු ඇත.
උපදෙස් අදාළ කර ගැනීමට ඉක්මන් වන්න
16 ‘සියලු ආකාර බලය ඇතුව අවවාදකොට, තරවටුකරපන්න,’ යයි පාවුල් තීතස්ට අවවාද කළේ ය. (තීතස් 2:15) සමානාකාරයෙන්, දෙවියන් වහන්සේගේ නියෝජිතයෝ අද දවසේ බයිබල් ප්‍රතිපත්ති හා නීති වෙත අපට මග පෙන්වති. යෙහෝවඃ වහන්සේගේ සංවිධානයේ මෙන් ම පත් කරන ලද වැඩිමහල්ලන්ගේ උපදෙස් හා මගපෙන්වීම අදාළ කර ගැනීමට වූ පුනරුක්තී අවවාදය පිළිගැනීමට සාධාරණ හේතු ඇත.
17 මෙය පැහැදිලි කරන්නට: වැඩිමහල්ලන් “ස්වාමීන්වහන්සේ තුළ” විවාහ වන්නට වූ බයිබල් උපදේශය අනුගමනය කිරීමට ක්‍රිස්තියානියෙකුට අවවාද කළ හැක. (1කොරින්ති 7:39; ද්විතීය කථාව 7:3, 4) ඔවුන් විදේශී භාර්යාවන් ගැනීමෙන් සිය හෘදය මිථ්‍යා දෙවිවරුන් කෙරෙහිත්, යෙහෝවඃ වහන්සේගෙන් ඉවතටත්, නැඹුරු කළා වූ සාලමොන් රජ පවා බරපතළ ලෙස වැරදි කළාක් මෙන්, බව්තීස්ම නොලත් කෙනෙකු විවාහ කර ගැනීම බරපතළ ගැටලුවලට තුඩු දිය හැකි බව හුවා දැක්විය හැක. (1 රාජාවලිය 11:1-6) සිය මිථ්‍යා භාර්යාවන් අත්හැර දැමීමට එස්රා යුදෙව් පුරුෂයන්ට සැලැස් වූ අතර, නෙහෙමියා අභක්තිකයන් විවාහ කර ගන්නන් ‘මහත් නපුර කොට දෙවියන් වහන්සේට විරුද්ධව වරද කරන’ බව පැවසී ය. (නෙහෙමියා 13:23-27; එස්රා 10:10-14; 1982, මාර්තු 15, ද වොච්ටවර් හි 31වන පිටුවත්, 1986, නොවැම්බර් 15වන දින පිටු 26-30ත් බලන්න.) මෙවන් ප්‍රේමනීය වැඩිමහල්ලන් විසින් දෙනු ලබන එවන් ශුද්ධ ලියවිලිමය උපදෙස් අදාළ කර ගැනීමෙන් ආශිර්වාද මෙන් ම යෙහෝවඃ වහන්සේ ප්‍රසන්න කිරීමේ සතුට විපාක වන්නේ ය.
18 වැඩිමහල්ලන්ගේ විනිශ්චයක තීරණවලට ගරු කිරීම ද සුදුසු ය. කොරින්තියේ ක්‍රිස්තියානීන්ට පාවුල් “සහෝදරයෙකැයි කියනලද කෙනෙක් වේශ්‍යාකම්කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමඟ සමාගම්” නොපවත්වන්නැයි කීවේ ය. ඔවුන් එම ‘දුෂ්ටයා තමන් අතරෙන් පහකළ’ යුතු විය. (1 කොරින්ති 5:9-13) එහෙත් ඔබගේ ඥාතීන්ගෙන් අයෙක් නෙරපා දමනු ලැබුවේ නම් ඔබ ක්‍රියා කරනු ඇත්තේ කෙසේ ද? පවුලේ කාරණා ගැන සැලකිලිමත් වීමට සීමිත ආශ්‍රයක් තබා ගැනීමට අවශ්‍ය ව තිබිය හැකි වුවත්, නෙරපා දමන ලද ඥාතියා සමඟ සියලු ශුද්ධ ලියවිලිමය ආශ්‍රයන් නැවැත්වීමට සිදුවනවා ඇත. (වර්ෂ 1988, අප්‍රියෙල් 15වන දින ද වොච්ටවර් හි පිටු 26-31 බලන්න.) නිසැකව ම, දෙවියන් වහන්සේට මෙන් ම උන් වහන්සේගේ සංවිධානයට ඇති පක්ෂපාතිත්වය, අවේක්ෂකයන්ගේ විනිශ්චයක තීරණවලට ගරු කිරීමට අප ව පෙළඹවිය යුතු ය.
19 ජීවනයට යන පටු පාරේ සිටීම පහසු නැත. එසේ කරන්නට නම්, අප දෙවියන් වහන්සේගේ වචනයේ ඇති එමෙන් ම ස්වකීය සංවිධානයේ එඬේර වගකීම පවරා ඇත්තවුන්ගේ මගපෙන්වීම අනුගමනය කළ යුතු ය. (මතෙව් 7:13, 14) අප එක් නගරයක සිට තවෙකකට රියකින් ගමන් කරමින් සිටිය දී, වැරදි දිශාවකට හැරුනේ නම්, අපගේ ගමන් මග නිවැරදි කර ගැනුමට ක්‍රියා කළ යුතු ය. එසේ නොවන්නට අපට අපගේ නියමිත ස්ථානයට ළඟා විය නොහැක. සමානාකාරයෙන් වැඩිමහල්ලන් අප ඇතැම් විට විවාහ වීමේ බලාපොරොත්තුවෙන් අභක්තිකයෙකු හා ඇසුරු කිරීමෙන්, අත්මීක වශයෙන් වැරදි දෙසට, ගමන් කරන බව පෙන්නුවොත්, අප වහා ඔවුන්ගේ ශුද්ධ ලියවිලිමය උපදෙස් අදාළ කර ගත යුතු ය. මෙය අප ඇත්ත වශයෙන් ම “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ NW] කෙරෙහි විශ්වාස” කරන බව පෙන්වීමට එක් ක්‍රමයක් වනු ඇත.—හිතෝපදේශ 3:5, 6.
කුඩා කාරණාවල දී පවා ගෞරව කරන්න
20 අප කුඩා කාරණාවලදී පවා වැඩිමහල්ලන්ගේ මගපෙන්වීමට ගෞරවය පෙන්විය යුතු ය. මෙනිසා අපට පහත සඳහන් ප්‍රශ්න අපෙන් ම ඇසිය හැකි ය: ‘වැඩිමහල්ලන් රෝගී අය බැහැදැකීමට නැතහොත් අලුත් අය ක්ෂේත්‍ර සේවයේ පුහුණු කිරීමට කියන විට මා සහයෝගී වන්නෙම් ද? මා එකහෙළා රැස්වීම්වලට ලැබෙන පැවරුම් පිළිගෙන ඒවා හොඳින් සූදානම් කරන්නෙම් ද? සමුළුවලදී ආසන වෙන්කර තැබීම, අපගේ ඇඳුම් විලාසිතා යනාදිය ගැන වැඩිමහල්ලන් මගපෙන්වීම් දෙන විට මා අනුකූල වන්නෙම් ද? ඔවුන් රාජ්‍ය ශාලාව පවිත්‍ර කරන ලෙස, පමාවකින් තොර ව ක්ෂේත්‍ර සේවාව වාර්තා කරන ලෙස, නොඑසේ නම් කල් ඇති ව රැස්වීම්වලට පැමිණෙන ලෙස අපට කියන විට, මා සහයෝගී වන්නෙම් ද?
21 සභා අවේක්ෂකයන් අපගේ සහයෝගය අගය කරන අතර එය මහත් යහපතක් සඳහා හේතු වන්නේ ය. ඇත්ත වශයෙන් ම, අප කුඩා කාරණාවල දී පවා ගෞරවනීය හා සහයෝගී ව වීම, “ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි.” යන යේසුස් වහන්සේගේ වදන් මතකයට නැගෙයි. (ලූක් 16:10) නිසැක ව ම, අපට ඇදහිලිවන්ත යයි සලකනු ලැබීමට අවශ්‍ය ව ඇත.
ප්‍රේමනීය අවේක්ෂකත්වයට ප්‍රතිචාරය දක්වමින් සිටින්න
22 විශ්වාස වූ දාසයා මෙන් ම සභාවේ වැඩිමහල්ලන්ගේ ප්‍රේමනීය අවේක්ෂණයෙන් විපාක වන්නා වූ ප්‍රයෝජන, යෙහෝවඃ වහන්සේ ස්වකීය භූමික සංවිධානයට අතීශයින් ආශිර්වාද කරන බව සනාථ කරයි. මීට අමතර ව, වැඩිමහල්ලන්ගෙන් වූ පුහුණු මගපෙන්වීම ඔවුන්ගේ හැකියාවන් මිශ්‍ර කරන අතර අප අතර එක්සත්භාවය පොළඹවයි. එය රාජ්‍ය සැලකිලි ඉදිරියට ගෙන යාමට හොඳ සූදානමක් ඇති එමෙන් ම සාර්ථක වූ වෑයමක ප්‍රතිඵල ද වන්නේ ය. ඇත්ත වශයෙන් ම, පෙරමුණ ගන්නා අයගේ අවේක්ෂකත්වයට අපගේ අගැයීමෙන් යුත් ප්‍රතිචාරයේ එක් ඒකාන්ත විපාකයක් වනුයේ දෙවියන් වහන්සේ අපගේ දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කාර්යය ආශිර්වාද කිරීම ය. (මතෙව් 28:19, 20) වැඩිමහල්ලන් සමඟ සහයෝගී වීම අලුත් දේවල පිළිවෙළේ සදාකාලික ජීවිතය සඳහා ද අප ව සූදානම් කරනු ඇත.
23 අප යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන බැවින්, උන් වහන්සේට කීකරු වීම අප්‍රසන්න යුතුකමක් නොවේ. ප්‍රේරිත යොහන් ලීවේ මෙසේ ය: “ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීම ය. උන්වහන්සේගේ ආඥ බර නැත.” (1 යොහන් 5:3) පක්ෂපාතී ක්‍රිස්තියානීහු ප්‍රීතියෙන් යෙහෝවඃ වහන්සේගේ ආඥාවලට කීකරු වන අතර උන් වහන්සේ සභා අවේක්ෂකත්වය පවරා ඇත්තවුන් සමඟ සහයෝගී වීමට ද පෙළඹී සිටිති. දෙවියන් වහන්සේගේ සංවිධානයේ සිටීමටත්, ‘මනුෂ්‍ය තෑගි’ ඇති ව සිටීමටත් අප කොතරම් ස්තූතිවන්ත විය යුතු ද! (එපීස 4:8) දෙවියන් වහන්සේ ස්වකීය ජනයාට මගපෙන්වන බවට වූ පූර්ණ විශ්වාසය ඇති ව, එසේ නම්, අපි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් අතර පෙරමුණ ගැනීමට භාග්‍ය ලැබුවා වූ අයට නිතර කීකරු වෙමු. w89 9/15
ඔබ විස්තර කරන්නේ කෙසේ ද?
▫ ඔබ අතර පෙරමුණ ගන්නන්ට කීකරු විය යුත්තේ මක්නිසා ද?
▫ වෙහෙසා වැඩ කරන වැඩිමහල්ලන් විසින් පිරිනමනු ලබන සේවය සම්බන්ධයෙන් අප තුළ තිබිය යුත්තේ කිනම් ආකල්පයක් ද?
▫ වැඩිමහල්ලන් විසින් දෙනු ලබන උපදෙස් අදාළ කර ගැනුමට ඉක්මන් විය යුත්තේ මක්නිසා ද?
▫ ප්‍රේමනීය අවේක්ෂණයට අපගේ අගයැති ප්‍රතිචාරයෙන් ලැබෙනුයේ කිනම් විපාකයන් ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. ක්‍රිස්තියානි අවේක්ෂකයන්ගේ වැඩෙන් අප ප්‍රයෝජන ලබනුයේ කෙසේ ද?
2. සමහරෙක් ප්‍රේරිත පාවුල් ගැන කල්පනා කළේ කෙසේ ද, එහෙත් වැඩිමහල්ලන් කෙරෙහි කිනම් ආකල්පයක් උචිත වේ ද?
3. ස්වාමීන් වහන්සේ අපගේ ආත්මය සමඟ සිටින්නට නම්, අප ක්‍රිස්තියානි උපඑඬේරුන් ව කල්පනා කළ යුත්තේ කෙසේ ද?
4. අපට පුද්ගලීක ව හෙබ්‍රෙව් 13:7 අදාළ කර ගත හැක්කේ කෙසේ ද?
5. පොළොව මත අද දින, ක්‍රිස්තියානි සභාවන්ට සැලකීමේ මූලික වගකීම පවරනු ලැබ ඇත්තේ කවරෙකුට ද, එමෙන් ම ඔවුනට ලැබීමට උචිත ව ඇත්තේ කුමක් ද?
6. යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ ප්‍රයෝජනය පිණිස වැඩිමහල්ලන් විසින් කරනු ලබන සමහරක් දේවල් මොනවා ද?
7. හෙබ්‍රෙව් 13:17 හි පාවුල් කිනම් උපදේශයක් දුන්නෙහි ද?
8, 9. (අ) හෙබ්‍රෙව් 13:17ට අනුව පෙරමුණ ගන්නන්ට අප කීකරු විය යුත්තේ මක්නිසා ද? (ආ) අපගේ කීකරුකමටත් යටහත්කමටත් කිනම් යහපත් බලපෑමක් තිබිය හැකි ද?
10. පළමුවෙනි තිමෝති 5:17ට අනුව, යහපත් ආකාරයකට ප්‍රධානකම් කරන්නන් ගෞරව ලබන්ට යුතු වනුයේ මක්නිසා ද?
11. වැඩිමහල්ලෙකුට “දෙගුණයක් ගෞරව” ලැබෙනුයේ කෙසේ ද, එහෙත් හෙතෙම වැළැක්විය යුත්තේ කුමක් ද?
12. අප අතර පෙරමුණ ගන්නා අයට කීකරු වීමට අපට උපකාරය ලැබෙනුයේ කුමක් සිතේ දැරීමෙන් ද?
13. (අ) ලෝකයේ හා දෙවියන් වහන්සේගේ සංවිධානයේ නායකත්වය පිළිබඳ කිනම් පරස්පර විරෝධී කල්පනාවක් පවතී ද? (ආ) අප අතර පෙරමුණ ගන්නා අය ගැන විශ්වාස කිරීමට අපට කිනම් සාධාරණ හේතු ඇත් ද? (ඇ) වෙහෙසා වැඩ කරන වැඩිමහල්ලන්ගේ අසම්පූර්ණකම් ලොකු කොට දැක්වීම වෙනුවට අප කුමක් කළ යුතු ද?
14. පළමුවෙනි තිමෝති 1:12 අනුව වැඩිමහල්ලෙක් තමාට පවරන ලද සේවය ගැන කල්පනා කළ යුත්තේ කෙසේ ද?
15. පළමුවෙනි තෙසලෝනික 5:12, 13 හි පාවුල්ගේ උපදේශයේ මූලික හරය කුමක් වී ද?
16, 17. විවාහය පිළිබඳ ව වැඩිමහල්ලන් කුමන උපදේශයක් දිය හැකි ද, එමෙන් ම එය අනුගමනය කිරීමෙන් කුමක් විපාක විය හැකි ද?
18. පාවුල් 1 කොරින්ති 5:9-13 හි ලියූ දෙය සැලකීමේ දී, පවුලේ සාමාජිකයෙක් නෙරපා දමනු ලැබූ විට අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේ ද?
19. අප ආත්මික වශයෙන් වැරදි පාරේ ගමන් කරන බව වැඩිමහල්ලන් පෙන්නුවොත් අප කුමක් කළ යුතු ද?
20. අපගෙන් කිනම් ප්‍රශ්න ඇසීම, කුඩා කාරණාවල දී පවා අප වැඩිමහල්ලන්ගේ මගපෙන්වීමට ගෞරව කරන බව පෙන්වීමට අපට උපකාර කරනු ඇත් ද?
21. වැඩිමහල්ලන්ට වූ අපගේ ගෞරවය යේසුස් වහන්සේගේ කිනම් වචන අපගේ මතකයට ගෙන ආ හැකි ද?
22. විශ්වාසවූ දාසයා සහ සභා වැඩිමහල්ලන්ගේ ප්‍රේමනීය අවේක්ෂකත්වයෙන් විපාක වන්නා වූ සමහර ප්‍රයෝජන මොනවා ද?
23. පළමුවෙනි යොහන් 5:3 අනුව අප කුමක් කිරීමට පෙළඹීම් ලැබිය යුතු ද?
පාවුල් ශුභාරංචිය දේශනා කිරීමටත් සහකාර ඇදහිලිවන්තයන්ට සේවය කිරීමටත් සතුටු වූයේ ය. වැඩිමහල්ලෙක් හැටියට, ඔබ දෙවියන් වහන්සේ විසින් දෙන ලද ඔබේ සේවයේ වරප්රසාදයන් සඳහා කෘතඥ වන්නෙහි ද?
ඔබ රැස්වීම් සඳහා වූ ඔබේ පැවරුම් පිළිගැනීමෙන්, රාජ්‍ය ශාලාව පවිත්‍ර කිරීමට උපකාර කිරීමෙන්, ප්‍රමාදයෙන් තොරව ඔබගේ ක්ෂේත්‍ර සේවාව වාර්තා කිරීමෙන් මෙන් ම වෙනත් ආකාරයන්ගෙන් වැඩිමහල්ලන් සමඟ සහයෝගී වන්නෙහි ද?